2013/08/19

එන්න සතුටට එක්වන්න !

අද සොඳුරු සුව අසපුවට විශේෂ දිනයක් , ඒ සොඳුරු සුව අසපුව වෙත පැමිණි පිරිස 50,000ක් ලෙසින් සටහන් වුනා නිසාවෙනි. මීට වසර දෙකකට පෙර “හෙදකම අද සහ හෙට...“ යන ලිපියෙන් ඇරඹූණ මෙම බ්ලොග් පිටුව මේ වන විට ලිපි 141ක් සිංහල බ්ලොග් පරිශ්‍රයට එක් කර තිබෙන අතර ඉන්  බහුතරයක් ලිපි සෞඛ්‍යය සහ ලෙඩ රෝග ගැන කතා බහ කළ සටහන් වේ. එම ලිපි තුලින් යම් පිරිසක් , සුළු හෝ ප්‍රයෝජනයක් ලබා ගන්නට ඇතැයි මට විශ්වාස කළ හැකි සළකුණු සටහන් තබා ඇති හෙයින්  , මේ වසර දෙක පුරා මේ වෙනුවෙන් වැය කළ කාළය නිස්කාරණේ “කාළය කාදැමීමක්“ නොවන බව  හැඟේ. 
ඒ හැඟුමම සතුටකි.


එන්න ,එම  සතුටට එක්වන්න .මක් නිසාද ඔබ සතුටේ හිමිකරුවකු වන නිසාවෙනි .

මෙතෙක් සොඳුරු සුව අසපුව සමඟ රැඳී සිටි , දිරිමත් කළ අඩුපාඩු පෙන්වා දුන් ඔබ සැමට මගේ ගෞරව පුර්වක ස්තුතිය පිරිනමමි.එමෙන්ම මේ වෙනුවෙන් කාළය මිඩංගු කරන්නට ඉඩ හසර ලබා දුන් මා ප්‍රිය බිරිඳ මෙන්ම , මගේ කෙළි පැටවුන් දෙදෙනාටත් මගේ තුති පුදන්නට සුදුසුම මොහොතයි මේ .

එසේ නම් , අදට සමුගනිමි , සුව සතුට පිරි දිනයක් ඔබ සැමට !.

පසුගිය මාසයක කාළය තුල සොඳුරු සුව අසපුව වෙත පැමිණි ඔබගේ අදහස් , අනුව සැකසුණූ සරළ සමික්ෂණයකින් ලබා ගත් , යම් අයුරකින් වැදගත් වේ යැයි සිතිය හැකි සටහන් කිහිපයක් මේ සමඟ ...




19 comments:

  1. 50000 ක් නෙවෙයි 500000 දෙනා විසින් කියවිය යුතු අඩවියක් මේ. ඔබ ලබාදෙන සෞඛ්‍යදානය ඉහලින්ම අගය කරනවා. ඉදිරියට යන්නට මගෙන් සුබපැතුම්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  2. විශේෂයෙන්ම අපි දන්නේ ලෙඩක් දුකක් වුණාම තමයි අපි ලෙඩවෙලා ඉන්නේ කියලා. එතකොට තමයි හිත්න්නෙ මොකක්ද මේ හැදුන ලෙඩේ කියලා. පූර්ව දැනුමක් අවබෝධයක් තිබුණානම් ඒක වලක්වාගන්න පුළුවන්.

    ඕබේ සොදුරු සුව අසපුවෙන් කලේ ඒ පූර්ව දැනුම ලබා දීමයි. එය ඉහළින්ම අගය කරමි.

    තවත් දිගු කාලයක් ඒ දැනුම වින්දනාත්මක අයුරින් ලබා දෙන්න ඔබට සුබ පැතුම්

    ReplyDelete
  3. ඔබගේ මේ මෙහෙවර අගය කරනවා. මේ කාර්‍යය දිගටම කරගෙන යන්නට සුබ පතනවා..!

    ReplyDelete
  4. ඔබ කරන මේ සුවිශේෂී මෙහෙවර ඉතාමත් අගේ කරනවා . ඇත්තටම කියනවනම් බොහොම පිණක්. මගේ හෝ මගේ හිතවතෙකුගේ අසනීප පිලිබඳ ගැටළු ඇතිවූ අවස්ථාවල ඔබ වෛද්‍යවරයෙක් ලඟට යන්නට පෙර දුන් උපදෙස් බොහොම වටිනවා . බ්ලොග් අවකාශයේ මෙවැනි මෙහෙවරක් කරන එකම බ්ලොග් කරුවා ඔබයි . මෙවැනි මෙහෙවරක් කිරීමට ඇප කැප කරන ඔබ , මනෝ අක්කා හා සුරතල් දරු දෙදෙනාටත් අනේක වාරයක් ස්තූතියි .

    ReplyDelete
  5. හදපිරි සුබපැතුම්..! :)

    ReplyDelete
  6. හදපිරි සුබපැතුම්..! :)

    ReplyDelete
  7. ගොඩාක් කල් ගොඩාක් ලිපි ලියන්න ශක්තිය ලැබේවා

    ReplyDelete
  8. මගෙත් උණුසුම් සුභ පැතුම් අයියා.. ඇත්තටම මේ කරන්නේ සෑහෙන සමාජ මෙහෙවරක්... තව තවත් මෙවැනි ලිපි ලියන්නට ශක්තිය ධෛර්ය්‍ය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
  9. මේ මෙහෙවර දිගුකල් පැවතේවා !

    ReplyDelete
  10. ********** ස්තුතිය ලබැඳි මිතුර , මිතුරිය ...ඔබ සැමගේ අදහස් තුති පෙරදැරිව පිළිගනිමිත් , තවදුරටත් “සොඳුරු සුව අසපුව“ සමඟින් රැඳෙන්නට ආරාධනාවක්ද කරනවා .*************

    ReplyDelete
  11. ඔබගේ බ්ලොග් එකෙන් සිංහල බ්ලොග් අවකාශයට වෙන සේවය ඉතා ඉහලයි

    ReplyDelete
  12. ඔබගේ වටිනා කාලය සහ ශ්‍රමය අන් අයගේ යහපත සඳහා යෙදවීම ගැන ඔබට ස්තූතිවන්ත වෙමි.

    ReplyDelete
  13. ජය වේවා..!
    මමනම් එන්නෙ දැනුමක් ලබන්න.

    ReplyDelete
  14. ********** ස්තුතිය ලබැඳි මිතුර , මිතුරිය ...ඔබ සැමගේ අදහස් තුති පෙරදැරිව පිළිගනිමිත් , තවදුරටත් “සොඳුරු සුව අසපුව“ සමඟින් රැඳෙන්නට ආරාධනාවක්ද කරනවා .*************

    ReplyDelete
  15. හැම විටම මෙහි එන්ට නොහැකි වුවත්.. හැකි හැම විටම ඔබගේ ලිපි කියවනවා.. ඔබ කරන්නේ අගනා මෙහෙවරක්.. ඉදිරි ගමනට සුබ පතනවා.. හදවතින්ම..

    ReplyDelete
  16. ********** ස්තුතිය ලබැඳි මිතුර , මිතුරිය ...ඔබ සැමගේ අදහස් තුති පෙරදැරිව පිළිගනිමිත් , තවදුරටත් “සොඳුරු සුව අසපුව“ සමඟින් රැඳෙන්නට ආරාධනාවක්ද කරනවා .*************

    ReplyDelete
  17. උණුසුම් සුභපැතුම් සමග ගොඩාක් පිං !!! මහේෂ් මහත්මයා මේ කරන කාර්යය ගොඩක් වටිනවා... ඒ වගේම අර ප්‍රස්ථාර සටහන් ටිකත් හරි අගෙයි... 71% ක් දෙනා දැනුමක් ලබාගන්න සිංහල බ්ලොග් කියවනවා කියලා දැනගන්න ලැබීමත් සතුටක් !!!

    මේ හොඳ වැඩ දිගින් දිගටම කරගෙන යන්න ධෛර්යය ලැබේවා !! ජය

    ReplyDelete
  18. ********** ස්තුතිය ලබැඳි මිතුර , මිතුරිය ...ඔබ සැමගේ අදහස් තුති පෙරදැරිව පිළිගනිමිත් , තවදුරටත් “සොඳුරු සුව අසපුව“ සමඟින් රැඳෙන්නට ආරාධනාවක්ද කරනවා .*************

    ReplyDelete
  19. සුභ පැතුම් මහේෂ්..
    දිගටම ලියන්න..අපි දිගටම එනවා..

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)