2017/04/28

ඔබට සුබ ගමන් !

සුබ ගමන් විචාරක මහතානණි !
(පිංතූරය ගත්තේ https://sugv.wordpress.com බ්ලොග් අඩවියෙන්)
අන්තර්ජාලයේ , සිංහල බ්ලොග් පරිශ්‍රය තුල,
හමුවූ නොදුටු මිතුරානෙණි ,
ඔබට සුබ ගමන් ! 
ඔබේ දැනුම අප සැම අතර බෙදා දුන් පින
ඔබේ ගමනට යහපතක්ම එක්කරනු ඇතැයි මම විශ්වාස කරමි ! 
සොඳුරු සුව අසපුව වෙත ඔබ තැබූ අවසන් සටහන , ඔබට ගෞරවයෙන් නැවත මෙසේ සටහන් කරමි.

6 comments:

  1. බ්ලොග් අවකාශයේ දැවැන්තයෙක් වූ විචාරක (මේජර් WMJ ගුණරත්න මහතා) මහතා අභාවප්‍රාප්ත වී ඇත. එතුමාගේ දේහය පිලිබදව අවසන් කටයුතු ලබන සදුදා (මැයි 1 දින) කුරුණෑගල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. මේ වනවිට එතුමාගේ දේහය තැන්පත් කර ඇත්තේ නොම්බර 100, දිද්දෙණිය වත්ත,පළමු පියවර, බෝයගනේ,පොතුහැර(කුරුණෑගල) යන ලිපිනයේ ඇති එතුමාගේ නිවසේයි.

    කොළඹ සිට ගමන් මාර්ගය- කොළඹ නුවර පාරේ අඹේපුස්ස හරහා කුරුණෑගල දෙසට පැමිණෙන්න. අඹේපුස්ස සිට කුරුණෑගල මාර්ගයේ කිලෝමීටර් 25 ක් පමණ පැමිණෙන විට පොතුහැර රේල්වේ ක්‍රොසිං එක හමුවේ. එය පසු කොට මීටර් 500 ක් පමණ ඉදිරියට යන විට වම් ඇත්ත පැත්තේ ලියනගේ එන්ටප්‍රයිස් නමැති බැකෝ, ඩෝසර් ආදිය විකුණන සේල් එකක් ඇත. එය පසු කොට මීටර් කිහිපයක් යන විට වම් අත පැත්තේ දිද්දෙණියවත්ත,පළමු පියවර මාර්ගය ඇත. එම මාර්ගයේ මීටර් කිහිපයක් යන විට විචාරක මහතාගේ නිවස (මේජර් ගුණරත්න) සුදුකොඩි දමා ඇති නිසා සොයාගත හැක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ තොරතුර වෙනුවෙන්.

      Delete
  2. සුභ ගමන් මගේ ජේෂ්ඨ සගයාට !!!

    ReplyDelete
  3. " දැනුම , මනුසත්කම දෙකම බෙදාදුන් නිහතමාණී සෘහද මිනිසෙක් විචාරකතුමා. "
    අත්නොහැර ලිපි කියවපු අඩවියක් " විචාරකගේ අඩවිය " දැකලා , කතාබහ නොකර තිබුනත් ( E-Mail ගණුදෙනු කිහිපයක් නම් සිදුකරා. ) හිතට තඩින් දැනුණ වෙන්වීමක් ..

    ඔහුට නිවන් සුව ලැබේවා ...!

    ReplyDelete
  4. සුභ ගමන් විචා
    ජයවේවා..!!

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)