![]() |
පිංතුරය ගත්තේ සිංදු ඇනෝ ගේ පිටුවෙන් |
2015/06/11
171) ඇටේ දමා කටේ බේර ගන්න පනේ
කාළෙකට පස්සෙ , මතක විදියට සොඳුරු සුව අසපුවට ලිපියක් එක් කරන්නේ මාස දෙකකින් විතර. විවිධාකාර වෙනසවීම් , අවිවේකය , වගේ කාරණාවන් ගණනාවක් මේ ප්රමාදයට හේතුවුනා. ඒත කාළෙකට පස්සේ “සිංහල බ්ලොග් පරිශ්රයට“ ඇවිත් බලත්දි හිතට සතුටක් වගේම පුංචි දුකකුත් ඇති වුනා . සතුටනම් .... අළුත් බ්ලොග් ගණනාවක් එක්වී තිබීම , දුක නම් තිබුණු බොහොම රසවත් , නිර්මාණශිලී වගේම දැනුමක් ලබා ගන්නට තිබුණු බ්ලොග් ගණනාවක් යාවත්කාලීන වන බවක් පෙනෙන්නට නොතිබීම .
කෙසේ වෙතත් නිවාඩුවක් ලැබුණු දවසේ පුළුවන් සටහන් ටිකක් කියවගෙන යත්දි විශේෂ යමක් ඇස ගැටුන , ඒ අපේ රටේ දක්ෂ වයලීන වාදකයෙක් වුනු රුවන් වීරසේකර සංගීතවේදියා රෝගාතුරව සිටින බව . තව දුරටත් මේ ගැන කියවත්දි දැන ගන්නට ලැබුණෙ ඔහු දියවැඩියා කෝමා තත්තවයෙන් තවමත් පෙළෙන බව (පුවත් පත් වාර්තා අනුව) .
ලිපි වර්ගය
Hypoglycaemic coma,
දියවැඩියාව
Subscribe to:
Posts (Atom)