2011/05/13

1st Discussion - What is Nursing , today and tomorrow හෙදකම අද සහ හෙට...

අපි අපේ පළමු සාකච්ඡාවට එක්වෙමු, මුලින්ම බලමු මාතෘකාව ගැන, What is Nursing ? ඔව් ඔබ කොහොමද මීට උත්තර දෙන්නේ ?ජීවිත රැක ගැනිමට සහය වන සේවයක් ,රෝගියාට ආධාර වන සේවයක් ,රෝගී නිරෝගී හැමට උපකාර කරන සේවයක් , .......ඔව් ඔබ ඔය වගේ විවිධ අදහස් දේවි , ඔව් අපට එක් සාධාරණ අදහසකට එන්න පුලුවන් ඒ තමයි මෙය ජිවිතයකට , ජීවිතය සුවපත්ව රැකගැනීමට උපකාරක වන මානුෂීය සේවාවක්,

කෙසේ වෙතත් මේ පිළිබද පිළිගන්නා මත කිහිපයක් අපි ටිකක් විමසලා බලමුද ?

වර්ජිනීයා හෙන්ඩර්සන් නම් හෙද න්‍යායාචාර්යවරියට අනුකූලව මේ විදියට අර්ථ ගන්වනවා , අපි ඒ ගැන මදක් විමසා බලමු ,

"The unique function of the nurse is to assist the individual, sick or well, in the performance of those activities contributing to health or its recovery (or to peaceful death) that he would perform unaided if he had the necessary strength, will or knowledge. "

මෙහිදි ද රෝගී හෝ නිරෝගී කණ්ඩායම් දෙකම වෙනුවෙන්ම හෙද සේවයේ අගය හදුන්වා දීල තියෙනව , සාරාංශයක් ලෙස ගත හොත් ඉහත කණ්ඩායම් දෙකේම සුවය ,සුවපහසුව ලබා දීමේ මූලික සහ විශිෂ්ඨ වගකීම තිබෙන්නේ හෙදියට...

අපි මදක් විමසා බලමු ඇමෙරිකානු හෙද සංගමයේ නවතම හදුන්වාදීම , ඔවුන් 2003 වසරේදී හෙදකම පිළිබද අලුත් නිර්වචනයක් දෙනවා ,

Nursing is the protection, promotion, and optimization of health and abilities, prevention of illness and injury, alleviation of suffering through the diagnosis and treatment of human response, and advocacy in the care of individuals, families, communities, and populations.

ජිවිතය වෙනුවෙන් හෙදකමේ ඇති වගකීම් සහ බැදියාවන් පිළිබද එය තවදුරටත් අර්ථදක්වනවා,....

කෙසේ වෙතත් අපේ මූල සංකල්පය Basic concept වන්නේ ජීවිතයේ සුවය වෙනුවෙන් සහයවීම help for health නේද ?...

No comments:

Post a Comment

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)