
“පුතේ අපි වෙන දවසක ගනිමු අද මා ගාව මේව ගන්න සල්ලි නෑ “ ...
“නෑ ! .මට අද මේක ඕනමයි “
ගෙදරට ඕන කරන අඩුම කුඩුම ටික ගන්න අතරේ අම්ම කෙනෙක්ගෙයි , පොඩි කොළු පැටියෙක්ගෙයි දෙබසක් කණට වැටුන .
පොඩි එකා මොකක්දෝ පෙට්ටියක් උස්සෙගන , බදාගෙන ඒක ඉල්ලනව , පේන විදියට සෙල්ලම් බඩුවක් , ..
“මම කිව්වනේ ! අද බැහැ . , වෙන දවසක තමයි ගන්න පුළුවන් . ඔයාට එන්න බැරි නම් ඉන්න මම යනවා “ අම්ම පොඩි සැරක් පෙන්නල ටික දුරකට ගියා .
පොඩි එකාගේ ලොකු යුද්දේ !