
හැම සති අන්තයක වගේම මේ සති අන්තයෙත් ටිකක් ඈත ලස්සන පරිසරයකට ගියා. ගමන ටිකක් දුර උනත් , ඒ සුන්දරත්වය නම් ඉහළයි. කෙල්ලො දෙන්නටත් ඇති කියන්න දඟලන්න පුළුවන් තැනක්. ආපු වෙලාවේ ඉඳළ දැඟලිල්ල ,
“තාත්තී , මේ trail දිගේ යමුද ? ලස්සනයි වගේ පහළට යත්දි“ පොඩ්ඩි හරි කළබළේ .
“පොඩී , තවම ඔය පාර සුද්ද කරල හදල නැහැනේ , මොක්කු ඉන්නවද දන්නෑ “ අම්මගෙන් උත්තරේ ලැබුණ.
“අනේ අපි යමු කෝ, මං ඉස්සර වෙන්නම් ,නේද අක්කේ“