2017/08/16

213) වඳ දෙන “තිසරපටේ උද්දාමය“

දවසේ වැඩකටයුතු නිමාවුනාම විනාඩි කිහිපයක් මුහුණූ පොත මත එහා මෙහා දුවමින් අද දවසේ අහන්න දකින්න නොලැබුණූ අළුත් ප්‍රවෘත්ති  , රස කතා වගේම සුන්දර ගී කිහිපයකත් රස විඳින එක දැන ජීවතේ එක අංගයක් වෙලා.  පහුගිය දවසක ඒ විදියට එහා මෙහි යත්දි හමුවුනු මේ තරුණූ නිර්මාණකරුවන් ගැන මුලින්ම මෙ කියවන ඔබ දැනුවත් කරල ඉන්න හිතුනා . සමහර  විට ඔබ දැනටමත් මොවුන්ගේ දක්ෂතා දැකල විඳල ඇති.




ඔය වගේ වටින දේ අතරේ , බේරේ වැවේ ඉඳන් රටේ මිනිසුන් ගොනාට අන්දන “වීරයන්“ , “අම්මලා අප්පලා මාමලගේ “ හිස් කතාත් දකින්නට ලැබෙනවා. ඒ අස්සේ දැන් ටික කළක සිට අමුතුම උපදෙස් වගයක් පැතිරෙනව දැක්කා. ඒ , කාන්තා යට ඇඳුම් වල ඇතුළු පැත්තේ ඇති “වඳ“ ක්‍රීම වර්ග , කාන්තා පාසල් ළඟ අඩු මිලට ඇති “වඳ පෙති“ මිශ්‍රකළ මිල අඩු කෑම .. මේ සමහර අවස්ථා වල එම “රසායනිකය“ දේහ ගතවී කාන්තාව “වඳ බවට“ පත්වන ආකාරය “(අ)විද්‍යාත්මකව“ විස්තර කරල තිබුණා , ඒ පැහැදිලි කිරීමේ රසායනික විද්‍යාපද , අකුරු සහ වෛද්‍ය විද්‍යාවට අදාල පද කිහිපයක් තිබුණ නිසාදෝ , ලබා දී ප්‍රතිචාර අති “විශිෂ්ටයි“ . මෙන්න මේ අමුතු වඳ බෙහෙත ගැන වද වෙත අපෙ රටේ සමහරු  , මේ පිටුව වෙත යොමු කරන ලිංගික ගැටළු , තාවකාළික ගැබ් ගැනීම් වලක්වන ඖෂධ වර්ග ගන්න විදිය , වාර ගණන , දවස ගණනේම ගත්තෝත් වෙන දේ අහන ආකාරය දැක්කම මට හිතුනේ , ඔහොම වඳ බෙහෙත් කවලම් කළ කෑම කඩයක් තිබුණොත් , කඩේ පිරිසෙන්න සෙනඟ පිරේවි කියල.


මේ “වඳ බෙහෙත් “ නොවේ
කෙසේ වෙතත් ඔය වඳ කතාව ඔස්සේ ලිපියක් ලියන්න හිතුනේ , කියවන එක් අයෙක් හරි දැනුවත් වෙයි , අඩුම තරමේ දහයේ පන්තියේ ඉගෙන ගත්දේ හරි මතක් වෙයි කියල හිතාගෙන.

අැත්තටම මොකක්ද මේ “වඳ“ වීම කියන්නෙ ? ලොකු කතාවක් කෙටියෙන්ම කිව්වොත් , සාමාන්‍යෙයන් අනාරාක්ෂාකාරී ලිංගික එක්වීමක් ඔස්සේ ගැබ් ගැනීමක් ඇතිවිය  හැති වයසේ කාන්තාවක් වසරක් තුල එවන් අනාරක්ෂිත ලිංගික එක්වීම් වෙලත් දරු පිළිසිඳ ගැනීමක් නොවුනා නම් දැන් පොඩි ප්‍රශ්නාර්තයක් ඇය හෝ ඔහු “අසරුභාවයට“ පත්වූ අයෙක් දැයි. මේ පැහැදිලි කිරීමේ පුංචි වෙනස්කම් කරන අවස්ථා තිබුණත් , සාරාංශය එය.

මෙසේ “අසරුබවට/වඳබවට“ පත්වීම සඳහා කාන්තාවගේ ප්‍රජනක පද්ධතියේ ඇතිවන ව්‍යුහමය / රසායනික විකෘතිවිම් , රෝග තත්ත්ව වගේම පිරිමියගේ එවන්ම ගැටළුත් බලපාන්න පුළුවන් . ඒ වගේම දෙදෙනාගේ වයස , කායික , මානසික තත්ත්වයත් ඒවගේම වැදගත්. දැන් මම “වඳ භාවය ගැන“ කතා කරන්න යන්නේ නැහැ , මොකද මේ ගැන දිග ලිපියක් මීට කළකට පෙර ලිවූවා මතකවයි . කියවන්න කැමැත්තන්ට “ ලිපි මල්ල “ පිටුවට ගිහින් කියවන්න පුළුවන්. මම කතා කරන්න හදන්නෙ මේ වඳබව කෘතිමව ඇති කරන ක්‍රම ගැන , “වඳ කරවන“ ක්‍රම ගැන. මොකද අපේ රටේ පැතිරෙනවා කියන මේ වඳපෙති , වඳ බෙහෙත් රිංගවපු තනපට යට ඇඳුම් මේ කතාවට හේතු වුනු නිසා.

දැනට පිළිගත් බටහිර  වෛද්‍යවිද්‍යාත්මක ප්‍රතිකාර තුල “වඳ“ බෙහෙත් කියා කිසිවක් හඳුන්වා දීල නැහැ. ඒ කියන්නේ යට ඇඳුමක ගාල , කන ඉස්සෝ වඩේ එකට දාල කවල ජීවිත කාළෙටම “වඳබව“ ඇති කරන්න පුළුවන් බෙහෙතක් / රසායනිකයක් ඖෂධයක් වශයෙන් යොදා ගැනෙන්නෙ නැහැ. ඒ වෙනුවෙට ඇත්තේ ප්‍රතිසන්ධිරෝධනය කරන ඖෂධ හෝ ක්‍රම සහ ඇති වුනු කළලයක් හෝ ගර්භයක් විනාශකර හැකි රසායනික හෝ වෙනත් ක්‍රම හෝ වඳභාවය  ඇතිකරවන ශල්‍යමය/ සහ ආශ්‍රිත චිකිත්සීය ක්‍රම පමණයි . හැබැයි මේ එක්ක වත් ඇඟේ ගාල , අතුල්ලල , කටේ ගාල කරන්න ලේසි නැහැ.

මේ අතුරින් ප්‍රධානවම භාවිත කෙරෙන වෛද්‍යවිද්‍යාත්මක වන්ධ්‍යකරන පිළීවෙත් ආකාර තුනක් දකින්න පුළුවන්. ඒ තමයි ,


    1. Tube ligation මෙහිදී කෙරෙන්නෙ කළලයක් ඇති කිරීමට හේතුවන ප්‍රධාන සෛල දෙකෙන් කාන්තා දායකත්වය ලබා දෙන ඩිම්බ සෛලය , ගර්භාෂය වෙත් ළඟා වන ( ශුක්‍රාණුවක් සමඟ එක්වන ස්ථානයට ළඟා වන) පාරවල් දෙක වන පැලෝපීය නාල දෙක , කපා ගැට ගසා දැමීමක් . දැන් ගර්භාෂය තුලට ශ්‍රක්‍රාණු ගමන් කළත් , කාන්තාව ඩිම්බ නිශ්පාදනය කළත් මේ දෙන්නට එකතු වෙන්න ක්‍රමයක් නැහැ. ඒ කියන්නෙ දැන් එය “වඳභාවයට“ පත් කරල. මේක උදරය ඔස්සෙ යන උපකරණයක් හරහා පැයකටත් අඩු කාළයකදි කරගෙන එදාම ගෙදරයන්න පුළුවන් වුනත් , මේ ක්‍රමයට “වඳවෙන්න“ කාන්තා පර්ශවයේ වගේම පිරිමි පාර්ශවයේ කැමැත්ත , දැනුවත් බව අවශ්‍යයි. ප්‍රතිකාර කණ්ඩායම වාර ගණනක් ඔස්සෙ දැනුවත් කිරීම් පැහැදිලි කිරීම් කරල තමයි මෙම “වඳ සැත්කම“ කර දෙන්නේ.
    2. Tube implant : මෙහිදීත් කෙරෙන්නේ පෙර කී “පාර වහන එක“ , අර පැලෝපීය බටේ ඇතුලට කම්බි කොයිල් එකක් වගේ පුංචි වෛදළු උපකරණයක් තැන්පත් කරල , ක්‍රමයෙන් ඒ වටේ වහන එක තමයි මේ ක්‍රමය. පාර හොඳටම වැහිලා වැඩේ සාර්ථක වෙන්න මාස තුනක් විතර ගියත් ඊට පස්සේ “වඳම“ තමයි.
    3. Vasectomy : මේ කෙරෙන්නේ පිරිමි අයට , වෘෂණ කෝෂ වල ඉඳළ ශිශ්ණය ඔස්සේ ශුක්‍රාණු ගෙනෙන බටය / පාර කපල වහල දාන එකයි මෙතැනදි වෙන්නේ. දැන් ලිංගිකව එක්වුනත් , කාන්තාව ඩිම්බ සෛල ගෙනාවත් , එයත් එක්ක එකතු වෙන්න ශුක්‍රාණු සෛල එන්න විදියයක් නැහැ. “පාර වසා ඇත“ දැන් ඉතින් එයත් “වඳම“ තමයි. 
මේ තමයි දැනට තිබෙන “වඳකරන“ වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම . මීට අමතරව ගැබ්ගැනීම් තාවකාළිකව වලක්වන , සීමා කරන බාධාකරන කොන්ඩම , ලූප , ස්පොන්ජ් වගේ කන්ට්‍රාෙසෙප්ටිව්ස් තිබෙනවා. හැබැයි ඒව “වඳ බෙහෙත්“ නෙවෙයි. මොකද ඒ බෙහෙත් ගන්න එක නවත්තල ආයෙත් ලිංගික එක්වීමක් වුනොත් ගැබ් ගැනීමක් වෙන්න පුළුවන්.

මේ නිසා අර කඩේ ඇඳුම්වල “වඳ ක්‍රීම්“, මේ කඩේ “කෑම වල “ වඳබෙහෙත් කතා නිකං “හිස් උද්දාමයන් ඇති කරවන රැළි මවන කතා“ විතරයි. අවාසනාවට මෙ සරළ දේ තේරුම් නොගන්න , නැත්තනම් දැනගත්තත් නොදන්නවා සේ ඉඳිමින් අර උද්දාමයේ  සුව විඳින්න කැමැත්තෝ කෙතරම් ඉන්නවද කියල හිතෙනවා මුහුණුපොතේ යත්දි. හැබැයි මේ “වඳ පෙති“ ගැන උද්දාම වන සමහර තරුණයන් , තම පෙම්වතියන්ට ගිල්ලන  “හදිසි ගැබ්ගැනීම් වලක්වන පෙති“ ECP ( නැත්නම් පොස්ටිනෝ)  ප්‍රමාණය ගැන එන ප්‍රශ්න දිහා බැලුවම නම් හිතෙන්නෙ , මේ අයට කොයිතරම්ම හදිස්සිද කියල.  

ඇත්තටම “වඳ වීමේ අවදානමක් තිබෙන“ බෙහෙත් නැත්ද?
තිබෙනවා, නැත්තෙම නැහැ. ඒ අතරින් perfluorinated කියන රසායනික කාණ්ඩය මුලින්ම ඉන්නවා. අපේ ඇඳුම්, ප්ලාස්ටික් බෝතල් , ආහාර ඇසුරුම් කරන ඇසුරුම් වගේ දේවල් වල මෙම රසායනිකය යම් තරමකට තිබෙනවා. නමුත් අනවශ්‍ය ලෙස මෛ රසායනිකයට සෘජුවම ගොදුරු වුනේ නැත්නම් එහෙම අවදානමක් නැහැ. අනෙක මේ  අවදානම ඇඳුම් අඳින , කෑම කන හැමෝටම පොදුයි. එක ජාතියකට අදාල නැහැ.

මීට අමතරව කෑම උයන්න ගන්න Non-stick භාජන වලින්, ප්ලාස්ටික භාජන වල තිබෙන BPA කියන රසායනික සංයෝගය , සමහර කෘෂි රසායනික වර්ග අධික වශයෙන් දේහ ගත වීම වඳභාවය තාවකාළිකව හෝ ස්ථිරව ඇති කරන්න අවදානමක් තිබෙනව. නමුත් ඒ අවදානම පොදු දෙයක් , ඒ වගේම ප්‍රාෙයෝගිකව අඩු අවදානමක්.අනෙක් හැමෝටම පොදු අවදානමක්.

එතකොට කෑනසර් ඩ්‍රග්ස් ? ඔව් පිළිකා නාශක ප්‍රතිකාර ලෙස ලබා දෙන සමහර ඖෂධ වගේම විකරණ ප්‍රතිකාර නිසාත් “වඳ වීමේ“ (තාවකාළිකව හෝ ස්ථිරව)  යම් අවදානවමක් තිබෙනවා. නමුත් ඒ සඳහා ඖෂධ හෝ විකිරණ ප්‍රතිකාරය ඉතා ඉහළ අධි මාත්‍රාවකින් ලබා දිය යුතුමයි. ඒක නිකං යට ඇඳුමක ගාල , කොත්තුවට දාල කරන්න බැහැ. අනෙක ඔබ නිතර ගන්න වේදනානාශක පෙති වුනත් අධිකව ගත්තොත් “වඳ වෙන්න“ අවදානමක් තිබෙනවා (මේ ගැන 216 ලිපිය) . ඒත් මේ  කීව ඖෂධ  කිසිවක් මේ කියන තරම්ම ලේසියෙන් කෙනෙක්ගේ ඇඟට “නොදැනුවත්ව“ ඇතුළු කරන්න බැහැ. 

කෙසේ වෙතත් මා මේ ලීවේ අද දවසේ බටහිර වෛද්‍ය විද්‍යාත්මක තත්ත්වය අනුව , ඊට එහා වෙනස් ක්‍රමයක් ඇත්නම් මා ඒ පිළිබඳව වැටහීමක් නැහැ. කෙසේ වෙතත් , එවන් ක්‍රම ඇත්තේ නම් දන්න කෙනෙක් අදාල “වඳ බෙහෙතේ“ වල ක්‍රියාකාරීත්වය පැහැදිලි කර කොමෙන්ටුවත් දමතොත් අගය කරනවා. 


නැවත හමුවෙමු. සුව සතුට පිරි දිනයක්!

( මේ ලිපි පෙළම “කතා නොකරන කතා“ (https://healthinsinhala.wordpress.com/)  ලෙසින් wordpress තුල ඔබට කියවන්න පුළුවන්)

10 comments:

  1. ඔබගේ ලිපිය හැමදාමත් වගේ වැදගත් වෙයි,විදුහුරුයි! කරුණාකර පිළිකාව කලින් හඳුනාගැනීමට ඇති හැකියාව හා ඒ සඳහා උපයෝගී කරගත හැකි පරීක්ෂාවන්(ලංකාව වැනි රටක අඩු වියදමකින්)විස්තර කළ හැකිනම් එය බොහෝ සේ ප්‍රයෝජනවත් වෙයි.මක් නිසාද යත් මෙහි ඒ පිළිබඳව පැතිරී ඇති මතිමතාන්තර බොහෝමයි.රෝගීන් අසරණයි!
    පුවත්පතකින් උපුටා දක්වන පහත ලිපිය ඒ සඳහා උදාහරණයක් ලෙස දක්වමි.

    වෛද්යය චාන්දනී වික්රූමාරච්චි - පාරම්පරික දේශීය වෛද්යර විද්යාළව තුළ තිබෙනවා පිළිකාව සම්බන්ධයෙන් කළ පර්යේෂණ. ඒ පර්යේෂණ සඳහා අවශ්යප දත්ත ලබාගෙන තිබෙන්නේ අත්දැකීම් මගින්. ඉපැරැණි වෛද්යයවරු තමන් හමුවට එන රෝගීන් පිළිබඳ රෝග නිශ්චය කළේ නාඩි බැලීමෙන් සහ ශරීරය පිටතින් පරීක්ෂාේ කිරීමෙනි. ඒ කාලයේ X රේ, බයොප්සි වැනි දේවල් නැති බව ඔබ දන්නවා. එහෙත් රෝග නිශ්චය නිසි ලෙස සිදු වුණා. මා පාරම්පරික වෛද්ය වරියක්‌ හැටියට අවුරුදු 30 ක පළපුරුද්දක්‌ තිබෙන කෙනෙක්‌. ඒ කාලය තුළ මා පරීක්ෂා‍ කළ පිළිකා රෝගීන් ඇසුරෙන් දැනගත් කරුණු කිහිපයක්‌ කියන්නම්. කිසියම් කෙනෙකුගේ පාදයේ මහපට ඇඟිල්ලට පසුව තිබෙන ඇඟිල්ලේ හිටි ගමන් හිරිවැටෙනවා නම්, ඇදුම් කනවානම්, එහෙමත් නැත්නම් විදුලි සැරක්‌ වැදෙනවා වැනි ගතියක්‌ ඇති වෙනවා නම් එය පිළිකා සෛල වර්ධනයක මූලික ලක්ෂ ණ වෙන්නට පුළුවන්. මා ප්රටතිකාර කළ පිළිකා රෝගීන් විශාල ප්රෛමාණයකින් ප්රෂශ්න කළ විට දැන ගන්නට ලැබුණා ඔවුන්ට මේ රෝග ලක්ෂ ණ තිබූ බව. මේ රෝග ලක්ෂනණ නිතිපතා හට ගන්නෙ නැහැ. සමහර විට මෙය මාසයකට සැරයක්‌ එන රෝග ලක්ෂ්ණයක්‌ විය හැකියි. එහෙමත් නැත්නම් තුන් මාසයකට සැරයක්‌ ඇතිවනවා විය හැකියි.

    ඒ එක්‌කම තවත් රෝග ලක්ෂඇණයක්‌ තිබෙනවා. ඒ තමයි ශරීරයේ තැන තැන හිටි හැටියේම ඉන්නන් හා උපන් ලප හට ගැනීම. ආගන්තුක ගැටිති ඇති වීම. එය පිළිකා සෛල සිරුරේ තිබෙන බවට පෙර නිමිත්තක්‌. ඉහත සඳහන් රෝග ලක්ෂ ණ තිබෙනවා නම් වහාම කළ යුත්තේ සුදුසු වෛද්යනවරයකු හමුවී වෛද්යර පරීක්ෂෂණයකට භාජන වීමයි.

    ප්ර්ශ්නය - මොළයේ පිළිකාවල වර්ධනයක්‌ පසුගිය කාලයේ ඇතිවුණාද?

    වෛද්යේ චාන්දනී වික්රෂමාරච්චි - මෙහිදී මොළයේ පිළිකාව සහ මොළයේ අර්බුද (Tumor) අතර වෙනස වටහා ගත යුතුයි. අර්බුදයක්‌ හෙවත් ටියුමරයක්‌ පිළිකාවක්‌ තරම්ම බරපතළ නැහැ. මොළයේ පිළිකාවල වර්ධනයක්‌ සිදුවුණාදැයි ඔබ අසන ප්රවශ්නයට උත්තරය වන්නේ එසේ සිදුවෙලා නම් එයට හේතුව මානසික ආතතිය සහ පාරිසරික හේතු ඕනෑ තරම් අද අප අවට තිබෙන බවයි.

    ප්ර ශ්නය - මොළයේ පිළිකාවක රෝග ලක්ෂුණ මොනවද?

    වෛද්යි චාන්දනී වික්රමමාරච්චි - ප්රෑධානතම ලක්ෂ ණය තමයි හිසේ වේදනාව. මොළයේ පිළිකාව තිබෙන රෝගීන් 96% ක්‌ කරන පැමිණිල්ල තමයි මේ හිසේ වේදනාව. මෙය හිසේ එක තැනක, එක විදියක එක වේදනාවක්‌ නොව හිසේ විවිධ තැන්වල විවිධ විදියට එන වේදනාවක්‌. මේ වේදනාව එක්‌කම ඔක්‌කාරය සහ වමනය හට ගන්නවා. එහි ප්රේතිඵලයක්‌ වශයෙන් යටි බඩ රිදෙනවා. මෙවැනි රෝග ලක්ෂවණවලදී ශාක සාර ඖෂධ 20 - 30 අතර ප්රෙමාණයක්‌ අන්තර්ගත වන කසාය වර්ග අප නියම කරනවා. එසේම මහා හරි නමැති පාරම්පරික තෙල් වර්ගය හිසට දමා සම්බාහනය කරනවා.

    (වෛද්ය චාන්දනී වික්රමමාරච්චි සමගින් සාකච්ඡා කර සකස්‌ කළ ආත්රියිටිස්‌ රෝගය පිළිබඳ ලිපි පෙළෙහි අවසන් කොටස ලබන 6 වැනි ඉරිදා මේ තීරුවෙහි පළවේ. මොළයේ පිළිකාව සම්බන්ධ ලිපි පෙළෙහි ඊළඟ කොටස්‌ 13 වැනි ඉරිදා සිට පිළිවෙළින් පළවනු ඇත.)

    නොමිලේ විස්‌තර සඳහා
    0713464276/ 0759061771
    අංකයට කතා කරන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහස් දැක්වීම වෙනුවෙන්.
      ඔව් පිළිකා පිළිබඳ “වැරදි මත“ නම් ඉතා ජනප්‍රිය ලෙස පැතිරෙනවා. මේ ආශ්‍රිත තත්ත්ව වලට ප්‍රතිකාර කළ හැකි වෙනත් වෛද්‍යක්‍රම වල දක්ෂ වෛද්‍යවරුන් ඉන්න පුළුවන් , ( උදහරණයක් පිළිගත් ආය්‍රර්වේද වෛද්‍යවරුන්) නමුත් මුහුණූපොත සහ ප්‍රධාන මාධ්‍ය වලින් පතුරවන්නේ මොනවාදැයි නිවරදිව තේරුම් ගැනීමයි වැදගත්. නොවෙතොත් සිදුවන්නේ අසරණ රෝගීන් වගේම , පවුලේ අයත් අසරණ වීම . මෙවන් අවාසනාවන්ත තත්ත්ව පිළිබඳව පෞදගලිකවම මම අත්දැකීම ලබල තිබෙනව , මගේ වෘත්තීය කාළ සිමාව තුල.

      පිළිකාව සහ හඳුනාගැනීම ඊට බටහිර වෛද්‍යවිද්‍යාව තුල දැනට තිබෙන ප්‍රතිකාර පිළිබඳව පෙර ලිපි කිහිපයකම කතා කළා. නමුත් ඔබේ ලබා දුන් මාතෘකාව ඔස්සෙ ඉදිරියේදි ලිපියක් ලියන්නම්.
      ලිපි මල්ල පිටුවට ගියොත් ඔබට යම් තොරතුරු ප්‍රමාණයක් දැක ගන්න පුළුවන් වේවි.
      ස්තුතියි ඔබට

      Delete
  2. විටින් විට වඳ පෙති ගැන නොයෙක් කතා අහන්න ලැබෙනවා.නොදැනුවත්කම නිසා මිනිසුන් කොපමණ මේවා විශ්වාස කරනවද රැවටෙනවාද. බොහොම වටින සරු ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහස් දැක්වීම වෙනුවෙන්.

      Delete
  3. අගනා ලිපියක්.
    අපේ ෆේස්බුක් පාවිච්චි කරන බොහෝ දෙනෙක් යම් මතයක් මොකකහරි පේජ් එකකින් පැ‍තැරෙව්වම ඉවක් බවත් නැතුව ෂෙයා කරන්නත්, ඒ කියන ඒව පිළිගන්නත් සැදී පැහැදී ඉන්නව. ඔබවැනි මේ පිළිබඳව දන්න අය එතැන සත්‍ය තත්වට කිවුවත් පිළිගන්නැති තත්වයක් තියෙන්නෙ.

    ඔහොම අදාල මාර්ග වසා දැම්මට පස්සෙ නිපදවෙන ඩිම්බ, ශුක්‍රාණු වලට මොකද වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර!
      සත්‍යයට වඩා , අද වැඩි තැනක් ලැබෙන්නේ “ආවේගයට“ නිසා කවුරුත් ඒ “තැන“ ගන්න ආසාවේ දුවන දිවිල්ල දිහා බලාගෙන , අපට කරන්න පුළුවන් වැඩේ කරන එකතමයි අරමුණ.

      සාමාන්‍යෙයන් ඩිම්බ සෛලයක් , ශුක්‍රාණුවක් එක්ක එක් නොවුනොත් , පැය 24-36ක් වගේ කාළයකදි මැරිලා නැවත ඇඟටම අවශෝෂණය වෙනවා.
      ස්තුතියි නැවතත් ඔබට

      Delete
  4. Postinor 2 tablet මාස 3ක් ඔස්සේ 3න් පාරක් පාවිච්චි කල නිසා අනාගතයේ දී දරුවන් නැති වෙයිද ?

    ReplyDelete
    Replies
    1. මේ පිළිබඳව සවිස්තර ලිපියක් මීට පෙර පළ කළ නිසා , එම ලිපිය වෙත යොමු වුවොත් අදාල විස්තර ඔබට ලබා ගත හැකි වේවි. ස්තුතියි

      Delete
  5. me sinhalaya vada karanda hadana viyaparayak..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහසට ලල නමුත් මා මේ ඉදිරිපත් කළේ “වඳ කිරීම“ පිළිබඳව දැනට ලෝකයේ බටහිර වෛද්‍ය විද්‍යාත්මකව ඇති ක්‍රම ගැන පමණයි.විවිධමත පැතිරුණත් එහි විද්‍යාතමක පදනම දැන ගැනීම මඟින් සත්‍ය අසත්‍යය පිළිබඳ යම් වැටහීමක් ඇති කරගැනීම “සියළුම ජාතීනට “ වැදගත් වේ යැයි සිතමි.

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)