
මුහුණූ පොතට එන හැමදවසකම වගේ, එහි මැසෙන්ජරය තුල කාගෙන් හෝ පණිවිඩක්.
“කැනඩාවට එන්න ලේසි ක්‍රම මොනවද ?“
“අයියා, මම ---- එකේ ඩිග්‍රිය කම්ප්ලීට් කරනවා , එන්න චාන්ස් එකක් තියේද“
“මම ටීචිං ඩිග්‍රිය කම්ප්ලීට කරනවා , මෙහෙ ඒජන්සියකින් කිව්වා ටොරොන්ටෝ වල වේකන්සි තියෙනව කියලා“
“ඔයා නර්ස් කෙනෙක් නේද? මේ අපටත් කැනඩාවට එන්න චාන්ස් එකක් අරන්දෙන්කෝ“
“මේ ෆේස්බුක් එකේ තිබුණූ දැන්වීමකට මගේ විස්තර යැව්වා , එයාල කියනවා රැපියල් පන්දාහන් බඳින්න කියල ඇප්ලිකේෂන් එක ඇසෙස් කරන්න, ඊට පස්සෙ ලක්ෂ හතක් ඕනලු , මේක ඇත්තක්ද “
“මේ කැනඩාවට නර්ස්ලා ගන්නවලු , පොච්චක් විස්තර එවනවද?“
“මේ අයියා, මම මෙහෙ සෙමිනා එකකට ගියා , එයාල කියනව මාස දෙකෙන් වීසා අරගෙන දෙනව කියල , එයලා ෂුවර්ද ?“
මේ වගේ නනාප්‍රකාර ප්‍රශ්න..