2011/06/04

7th Discussion - අඩුවිය ගැබ් ගැනීම් හෙවත් “බබාලා සිටින බබාලා“-Teenage pregnancy - පළමු පියවර

සමාජමය ගැටලුවක්
අද අපි කතා කරන්න හදන මාතෘකාවත් අපේ රටේ තවත් එක් සෞඛ්‍ය ගැටලුවක් , ඒ වගේම මේ වගේ තත්ත්ව වලක්වා ගැනීම වැදගත් වුවත් , ඒ සදහා අපේ දැනුවත් බව හරිම වැදගත් ,

අපි දන්නවා Pregnancy කියන්නේ “ගැබ් ගැනීමක්“ , නමුත් මොකක්ද මේ Teenage Pregnancy කියන විශේෂ අවස්ථාව , Dictionary එකේ දැක්වෙන විදියට කිව්වොත් “Pregnancy by a female, age 13 to 19, which is understood to occur in a girl who hasn’t completed her core education—secondary school—has few or no marketable skills, is financially dependent upon her parents and/or continues to live at home and is mentally immature" මේ කතාව කෙටියෙන් කිව්වොත් අවුරුදු 13 ත් 19ත් අතරේද ගැහැණු දරුවෙක් මවක් බවට පත්වීම , 








ඔබ මොකද හිතන්නේ මේ ගැන , අපි මේ කරුණ සමාජ විද්‍යාත්මකව වගේම වෛද්‍ය විද්‍යාත්මකව බැලුවත් අනතුරුදායක සිදුවීමක් , ඇයි ඒ අපි මුලින්ම බලමු සමාජ විද්‍යාත්මක බලපැම මොකක්ද කියල ,වයස අවුරුදු 13-19 අතර අයෙක් සමාජය දකින්නේ “මුල් හෝ මැදි යොවුන්වියේ දරුවෙක් “ ලෙසට , ඇයට සමාජයේ ආදරණීය  පිළිගැනිමක් ලැබෙන අතරේ “අධ්‍යාපනය“ වෙත යොමු විමට , යොමු කිරීම තමයි මුලික වගකීම ලෙසින් සමාජය පිළිගන්නේ , දෙමාපියන්ගේ එසේත් නැතිනම් භාරකරුවන්ගේ මුල්‍යමය සහයෝගයෙන් තමා ඇය තම සියලු කටයුතු සිදු කරන්නේ , ඒ වගේ අවස්ථාවක ඇය “මවක්“ වුනොත් සමාජයේ ඇය කෙරේ කෙබදු සැලකිල්ලක් දක්වයිද කියන එන අප දන්නවා නේද ? එයින් සිදුවන්නේ කුමක්ද ? ඇගේ අනාගතය ගොඩනගන “පාසල් අධ්‍යාපනය“ බිද වැටීම , එහිදී පාසල් හැරයාම හෝ අධ්‍යාපනය සදහා වන මානසික පසුබිම බිද වැටීමත් වෙන්න පුලුවන් , ඒ වගේම සමාජය ඇය “වැරදිකාරියක“ ලෙස හදුන්වාදීම මගින් සමාජයෙන් ඇයට ලැබිය යුතු අයිතිවාසකම් පවා බිද වැටෙන අවස්ථා තිබෙනවා ,ඒ විතරද මෙබදු අවස්ථාවක මෙම දරුවා වෙත පමණක් නොවේ , ඒ දරුවා අයත් පවුල් පරිසරය වෙතම සමාජයේ කැළැල් දැක්මක් (stigmatism) ඇති වෙනවා , දරුවා සාමජයෙන් කොන්වීමක් (social isolation) වීම මගින් ඇය මානසිකව බිද වැටීමකට ලක් වෙන්නේ හරිම ඉක්මණින් ,එහි අවසානය ඇය මානසික අවපිඩනය(Depression) කියන රෝග තත්ත්වයට ගොදුරුවීමකින් වෙන්න පුලුවන් , අවසාන ප්‍රතිපලය කුමක්ද ? සමාජයට ඵලදායී සේවාවක් කළ හැකි මිනිස් ජීවිතයක් , සමාජයට බරක් වන පුද්ගලයෙක් වීම ... ඉතින් අපි කුමක් කරමුද ? 


මෙම ලිපියේ ඉතිරි කොටසින් මෙහි වෛද්‍යවිද්‍යාත්මක කරුණු සහ වලක්වා ගැනිම සදහා කුමක් කරමුද යන්නත් , ලාංකික සමාජයට මෙය බලපානවාද යන්නත් උදාහරණත් එක්කම කතා කරමු.... ටික වේලාවකට සමුගන්නම්.

10 comments:

  1. අද තමයි මම මේ බ්ලොග් එකට ආවේ. කවුරු වුනත් ඔයා කරන්නේ හොද වැඩක්.මමත් වතාවක් මේ මාතෘකාව ගැන ලිපියක් ලියන්න අදහස් කලත් එය ලිවීම කල් ගියා.

    ReplyDelete
  2. බොහොම ස්තුතියි , ඔබට ,ඔව් මෙවගේ සමාජයට අනතුරක් විය හැකි දේ ගැනත් අපි මේ බ්ලොග් පරිසරයෙදි කතා කරමු. ඔබේ යෝජනා වෙතොත් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  3. ඔබ ඉතා වෙහෙස වී පලදායි ලිපි ලියන බව පෙනේ. කවුරුත් එළිපිට කතා නොකර මග අරින මෙවැනි දේ ගැන දැනුවත් කිරීම ඉතා හොඳයි . ජනප්‍රිය රටාවෙන් ඔබ්බට ලියවෙන ලිපි බලන අය නම් අඩුයි .එහෙත් නොසැලී දිගටම ලියන්න . ටික ටික කියවන අය වැඩි වෙයි.

    ReplyDelete
  4. ස්තුතියි , ඔබේ අදහස ගරු පෙරදැරිව පිළිගනිමි,

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. ස්තුතියි ඔබට ...

    ReplyDelete
  7. දෙවනි කොටසකින් කියල ඉවැරකරන්න පුලුවන් මාතෘකාවක්ද අප්පා

    ReplyDelete
  8. හොදයි මේ වගේ මාතෟකාව මේකාලේ ගොඩක් මේවගේ දෙවල් වෙනවනේ සමාඡය දැනුවත් කරන එක හොදයි.

    ReplyDelete
  9. හොදයි මේ මාතෘකාව මේදවස්වල මේවගේ දේවල් ගොඩක් වේනවනේ සමාඡය දැනුවත් කරන එක.

    ReplyDelete
  10. හොදයි මේ මාතෘකාව මේදවස්වල මේවගේ දේවල් ගොඩක් වේනවනේ සමාඡය දැනුවත් කරන එක.

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)