පාසල් කාළයේ සුන්දරබව |
අද මගේ පරණ යාළුවෙක් මුණ ගැහුණ , වසර විස්සකට විතර පස්සේ ...මුලින්ම ඔහු මා දිහා බලාගෙන හිටිය ...මටත් ටිකක් මතකයි වගේ ..ඒත් හරියට මතක නැහැ වගේත් ....මම ටිකක් හිනා වෙලා මගේ රාජකාරි කටයුත්තට යන්න ගියා...“මේ මහේෂ් අයිය නේද .....“ , පුදුමයි , දැන් අවුරුදු දහහතරක ඉඳළ මගේ නම කවුරුත් දන්නේ “නිශාන්ත “ යන නමින් , “හරි , එහෙනම් මේ මම හිතපු කෙනා තමයි ..“
“ මේ කතළුවේ ජයේ නේද ? ...“ මම ටිකක් අවිශ්වාසයත් , මතකයත් කැටිවූ ස්වරයකින් ඇහුවා ...“ ඔව් මහේෂ් අයියා ...මම ජයේ ..., කොච්චර කාළෙකට පස්සේද ? ....මං හිතන්නේ අනූදෙකේ , තුනෙන් පස්සේ විතර .....“ මට මගේ පාසලේ උසස්පෙළ කාළය මතකයේ ඇඳී ගියා ....“
“ඔව් මල්ලි , කොහොමද ? ඔයා දැන් කොහෙද ඉන්නේ ? ....මොනවද කරන්නේ ...? ......ඒක නෙවි මොකද මේ ඉස්පිරිතාලේ ....“
බර වැඩියී ඊ ඊ ඊ ඊ ඊ |
“දැන් මම business කරනවා.... wife , teach කරනවා ..මගේ කොලෙස්ටරෝල වැඩියිනේ ....ඒකට clinic ආවා ..“
“ඇත්තටම , ඔය වයසට කොලෙස්ටරෝල් වැඩි උනාද ? ...reports කොහොමද ? වෙන ලෙඩ මොනවහරි තියෙනවා ?“ මගේ හිතේ ප්‍රශ්න වැලක් ! .... හැබැයි ජයේ හුඟක් තරබාරුවෙලා ....
“පහුගිය දවසක පොඩි පපුවේ අමාරුවක් හැදිල hospital admit කළානේ ....ඒවෙලාවේ තමයි හොයාගෙන තිබුණේ ...කීයද කියලනම් දන්නෑ .... ඒ වුනාට මාසෙකට සැරයක් clinic එන්න කිව්ව ...අපේ තාත්තත් නැති වුනානේ heart attack එකකින් , ... අපේ wife ත් ටිකක් බයවෙලා ... ඉතින් clinic එන්නම එපායෑ“
“ඒක නෙවි ..ඇත්තටම මොකක්ද මේ කොලෙස්ටරෝල් කියන්නනේ .අපේ ගමෙත් කිප දෙනෙක්ම clinic ඇවිත් තිබුණ කොලෙස්ටරෝල් වලට “
ඔන්න ඉතින් මට හොඳ අවස්ථාව තව කතාවකට මුල පුරන්න ...
ඔන්න ඉතින් මට හොඳ අවස්ථාව තව කතාවකට මුල පුරන්න ...
night shift වැඩි cholesterol ෆැක්ටරිය |
මොනවද මේ කොලෙස්ටරෝල් ..., කොලෙස්ටරෝල් කියන්නේ අපේ ඇඟට අවශ්‍ය ඒ වගේම අපේ ඇඟේම නිපදවෙන රසායනික ද්‍රව්‍යයක් ...අපේ ඇඟේ තියෙන fat එහෙම නැත්නම් මේදය තවත් සංයෝග කිහිපයක් එක්ක (steroids) එක්ක එකතු වෙලා තමයි මේවා හැදෙන්නේ ...
මේවා හදන factory එක තමයි අක්මාව ...ඔය අනෙක් ෆැක්ටරි වගේ නෙවෙයි ...මේ නිශ්පාදනය වැඩි පුර කෙරෙන්නේ රෑට ...night shift එකට , 70-80% විතර එහෙම හැදෙනවා ..“
“ඉතිරිය ? “
“ඉතිරිය ? “
“අපි තව කොලෙස්ටරෝල් අපේ ඇඟට ආනයනය කරනවා අපේ කටෙන් ....ඒ මස් , බිත්තර , සම්පුර්ණ යොදය සහිත කිරි වලින් ....ඒවායේ කොලෙස්ටරෝල් තියෙනවා ..හැබැයි මම හැමදාමත් වගේ මතක් කරන දේ තමයි ..මේ හැම දේකදිම අපි ප්‍රමාණය දැනගෙන වැඩ කළාම අනතුරු අඩුයි ...එහෙම නැතිව මේක කියවපු ගමන් මස් කෑල්ලක් වත් කන්නැතුව(කනවානම් ..) ඉන්න කියන එක නොවෙයි ..මොකද අපි මේ ආහාර නොගත්තත් අපේ ඇඟ ඇතුලේ කොලෙස්ටරෝල් නිපදවෙනවානේ ....මේ ආහාර වැඩිපුර ගැනීම නිසා ඒ කොලෙස්ටරෝල් නිශ්පාදනය වැඩි වෙනවා .එච්චරයි ...වැඩියෙන් cholesterol තියෙන ආහාර විදියට කුකුළු මස් , කුකුළු බිත්තර , හරක් මස්( විශේෂයෙන්ම පීකුදු) , සත්ව කිරි වලින් තැනූ බටර් වගේ දේවල් පර්යේෂකයො හොයාගෙන තිබෙනවා ..
“මේ මොන විදියට වුනත් අපේ ඇඟට කොලෙස්ටරෝල් නැතිව බැහැ ...අපේ ඇඟේ හැම සෛලයකම කොලෙස්ටරෝල් ගියෙනවා ..ඒ විතරක් නොවෙයි ඊස්ට්‍රජන් කියන ස්ත්‍රී ලිංගිකත්වයට වැදගත් හොමෝනය , පිරිමි බව රැක දෙන ටෙසටොස්ටෙරෝන් හෝමෝනය ....ඒ විතරක් නොවෙයි අපේ දත් , ඇට , හයි කරන විටමින් ඩී වලටත් කොලෙස්ටරෝල් අත්‍යවශ්‍ය යි ...“
“එතකොට මොකක්ද මේක වැඩි වුනාම වෙන්නේ ....?
“මෙහෙමයි ...මේ අපි පොදුවේ කොලෙස්ටරෝල් කිවුවට ඒකෙ වර්ග ගණනාවක් තියෙනවා ...සමහර වර්ග වලට පුළුවන් අපේ ලේ නහර ඇතුලේ පාප්පයක් වගේ ඇලෙන්න ..එතකොට මොකද වෙන්නේ ..අර ලේ ගෙනියන්න තියෙන ඉඩ අඩු වෙලා තැනේ හැටියට heart attack එකක් එහෙම නැතිනම් අංශභාගය වගේ තත්ත්වවයක් ඇතිවෙන්න පුළුවන් ...“
“ආ....එහෙනම් ඒකයි මම බය කළේ ...? අපේ තාත්තත් නැතිවුනේ heart attack එකකින්නේ ...සමහර විට තාත්තටත් තියෙන්න ඇති නේද ? ,“
“ඔව් , වෙන්න පුළුවන් ..මෙහි එක් අවස්ථාවක් තියෙනවා පරම්පරාවෙන් ඉදිරියට යාහැකි තත්ත්වයක් අපි ඒකට කියන්නේ Hypercholesterolemia කියලා ,“
“එතකොට අර ...දොස්තර මහත්තයා කිව්වේ Report එකේ තුනක් හොඳයි ..තවම එකක් හොඳ නැහැ කියලා ...“
හොඳ H සුරඟන |
මෙහමයි ..ඔය කොලෙසටරෝල් කිව්වට ඒක ලේ වල ඉන්නේ වර්ග කිහිපයක් විදියට ,
එකක් තමයි H.D.L(high density lipoprotein cholesterol) , අනෙක් L.D.L (low density lipoprotein cholesterol)
මේ දෙන්නගෙන් අර H තිබුණ එක්කෙනා අපට හොඳයි H.D.L , (හොඳයි -H අපි මතක තියාගන්න ලේසියට කියමු “හොඳ දඟ ළමයා“ කියලා) ඒ කිවවේ එයානම් රුධිර වාහිනි වල ගෑවිලා තියෙන කොලෙස්ටරෝල් පාප්ප ඉවත් කරන්නත් උදව් වෙනවා ...
නරකම එක්කෙනා තමයි L.D.L (low density lipoprotein cholesterol විහිළුවට වගේ කියමු “ලොකු දඟ ළමයා“ කියලා , කොහොමත් ලොකු ළමයා හරිම දඟයිනේ , අපේ ලොකූ තරහවේද මන්දා ?)) එයා තමයි අපේ ලේ නහර block කරළා අපිට මරණිය අනතුරු ඇති කරන්නේ .
ඔය රිපෝට් එකේ මෙයාලට අමතරව Triglycerides කියන වර්ගය ගැනත් ඇති විස්තර එම සංයෝගයත් අපේ ලේ නහර පටු කරන්නට උදව් වෙනවා ...“
“එතකොට දොස්තර මහත්තය , මොකක්ද 200ට අඩුවෙන් ිතියාගන්න කිව්වේ ...“
“ඔය රිපෝට් එකේ ඇති total cholestarol කියල අගයක් ..ඒක ඩෙසි ලීටරයකට මිලිග්‍රෑම් 200ට අඩුවෙන්
පවතින එක තමයි අපේ ශරීරයට හොඳ ....ඔක්කොම කිව්වොත් අපිට මෙහෙම කියන්න පුළුවන් ..
L.D.L. ගැන කිව්වොත් ......
පවතින එක තමයි අපේ ශරීරයට හොඳ ....ඔක්කොම කිව්වොත් අපිට මෙහෙම කියන්න පුළුවන් ..
L.D.L. ගැන කිව්වොත් ......
LDL Cholesterol (mg/dl) | තත්ත්වය |
100ට අඩුයි | හුඟක්ම හොඳ තත්ත්වය |
100 - 129 | නරකම නැහැ |
130 - 159 | වැට උඩ ඉන්න තතත්වය |
160 - 189 | වැඩියි |
190 හෝ වැඩි | වැඩියි , හොඳටම වැඩියි අනතුරුදායකයි |
H.D.L ගැන කිව්වොත්
HDL Cholesterol | තත්ත්වය |
60 හෝ වැඩි | හුඟක්ම හොඳ තත්ත්වය |
40ට අඩුවීම | හෘදයාබාධ සඳහා අවදානම් තත්ත්වය |
එතකොට අර Triglycerides වල තත්ත්වය කොහොමද ?
Triglycerides | තත්ත්වය |
150ට අඩු | හොඳයි |
150 - 199 | වැට උඩ ඉන්න තත්ත්වය |
200 - 499 | වැඩියි |
500 or higher | හුඟක් අනතුරු දායක තත්ත්වයක ඉන්නේ |
අපි දැන් බලමු total cholesterol ගැනත්
Total Cholesterol | තත්තවය |
200ට අඩු | හොඳයි |
200 - 239 | වැට උඩ - බෙහෙත් ගන්න එක හොඳයි |
240 and above | හුඟක් අනතුරු දායකයි ... |
කොහොම වුනත් අවුරුදු 30 විතර වුනාට පස්සේ වත් අවුරුද්දකට සැරයක් විතර මේ ටෙස්ට් එක මේකට කියන්නේ ලිපිඩ් ප්‍රොෆයිල් ටෙස්ට් එක කරවගගෙන වෛද්‍යවරයෙක්ට පෙන්නගන්න එක කාටත් හොඳයි.
“එතකොට අයියේ ..මේ ..තෙල් කන එක ගැන මොකද තත්ත්වේ ? “
කොලෙස්ටරෝල් මාරයා එළවන්නට සූරයා |
“කෙහොම වුනත් අළුත් එලවළු , විශේෂයෙන්ම කෙඳි තියෙන පළා ,කැරට් ,බතල වගේ අල ජාති , එලවළු වලට පුළුවන් අපේ බඩවැල් වලින් තෙල් ඇඟට උරාගන්න එක අඩු කරන්න සුදුළූනුත් ස්වභාවිකව ගන්න පුළුවන්නම් එයත් හොඳ ආහාරමය ප්‍රතිකාරයක්ලු
ලාබායි බැදපු කොලෙස්ටරෝල් .....ලාබායී |
,
...ඒ කියන්නේ කොලෙස්ටරෝල් අඩු කරගන්න අපට පුළුවන් ..අළුත් එලවළු , පළතුරු ඒ වගේම අළුත් මාළු ආහාරයට ගත්තොත් ....
හැබැයි ඔය කඩේ තියෙන රෝල්ස් , බයිට්ස් වගේ කෑම අඩු කරගන්න පුළුවන් නම් තමා හොඳ ...මොකද ඔය කඩවල බැදුම් කරන්නේ එකම තෙල් තාච්චියෙන් ...ඔය තෙල් බැද බැද වැඩි වාර ගණනක් පාචිච්චි කරන එක හොඳ නැහැ ...මොකද ඒකෙන් කොළෙස්ටරෝල් වැඩිකරන trans-fat කියන සංයෝගය ඇති වෙන බව සොයාගෙන තියෙනවා ...“
එතකොට බිත්තර එහෙම ..
“සතියකට බිත්තර එකක් දෙකක් කෑවට කිසිම ප්‍රශ්නයක් නැහැ ... හැබැයි අර මුලින් කීව වගේ හොඳට එළවළුත් එක්කම ....“
“දොස්තර මහත්තය කිව්ව , මේ පෙති අනිවාර්යෙන්ම රෑටම බොන්න කියල ..ඇයි ඒ ?,
“මම අර මුලින් කිවවේ , අපේ ඇඟ ඇතුලේ කොලෙස්ටරෝල් හදන ෆැක්ටරි එකේ වැඩ වැඩිවෙන්නේ රෑට , ඔය දීල තියෙන Vastatin නම අගට එන බෙහෙත කරන්නේ ඒ වෙලාවටම ඒ නිශ්පාන ක්‍රියවලිය කඩල දාල කොලෙස්ටරෝල් හැදෙන එක අඩු කිරීම ,ඒකයි අනිවාර්යයෙන්ම රෑට ගන්න කියල කියන්නේ “
“මේ ප්‍රශ්නෙන් ගැලවෙන්නම බැරිද ? ......“
ඇවිදීම හොඳ බෙහෙතක් |
....අනෙක කඩෙන් කන්නේ නැතිව ගෙදරින් එලවළු එක්ක බතක් කන්න පුරුදු වෙන්න ..සිගරට් බොනවා නම් ඒ ගැනත් ටිකක් හිතන්න , මොකද සිගරට් වලටත් පුළුවන් අර L.D.L. පාප්පේ වගේම ලේ නහර බ්ලොක් කරන්න ......ටිකක් කරදර වගේ දැනුනට එතකොට ජීවිතේට කරදර අඩුයි ..“
“කතාවෙන් කතාව හුඟ වෙලාවක් ගියා වගේ , එහෙනම් මල්ලි දැන් යන්න , කරාපිටියේ bus stand එකෙන්ම කතළුවට බස් එකක් ගත හැකි ....ඕන වෙලාවක මට කතා කරන්න .....“
“කොච්චර දෙයක්ද මහේෂ් අයියේ ....ඒක නෙවි ..මතකද ...ඉස්කොළෙ අර වතුර ටැංකිය ගාව අපි දෙන්න පෙරළි පෙරළි ගහ ගත්ත හැටි .....ඒ කාළේ මතක් වෙනකොටත් ආසයි නේද ?“
“අනෙක් එදත් “දඟ ළමයි“ වෙච්ච අපි දෙන්නට කෙළෙස්ටරෝල් උදව් උනා අපේ හයිය පෙන්නන්න ....අදත් උදව් වුනා කාළෙකට පස්සේ හමු වෙන්න ..නේද අයියා ...“
“අනෙක් එදත් “දඟ ළමයි“ වෙච්ච අපි දෙන්නට කෙළෙස්ටරෝල් උදව් උනා අපේ හයිය පෙන්නන්න ....අදත් උදව් වුනා කාළෙකට පස්සේ හමු වෙන්න ..නේද අයියා ...“
කොයි තරමි මහන්සි වුනත් ඒ සුන්දර පාසල් කාළයේ සොඳුරු ස්මරණයන් සිතින් රසවිඳිමින් මම ආයෙත් මගේ පුරුදු රාජකාරි ස්ථානයට ගොඩ වැදුනා.
“මම ඔයාට ගොඩාක් ආදරෙයි දැන්නම් මගේ “හොඳ දඟ ළමයෝ H.D.L......“.
“මම ඔයාට ගොඩාක් ආදරෙයි දැන්නම් මගේ “හොඳ දඟ ළමයෝ H.D.L......“.
හෙටත් හමුවෙමු .......
ස්තුතියි , දැනුවත් කළාට , ඔබේ වෙහෙස හරිම සාර්ථකයි ....
ReplyDeleteසරලව ලියවෙච්ච හොඳ දැනුවත් කිරීමක්. කොලෙස්ටරෝල් පරීක්ෂණයට සුදානම් වීම ගැනත් කියන්න . බොහෝ තැන් වල වරද්දන දෙයක්. දොස්තර කියනවා එක වෙලාවක් . නර්ස් තව වෙලාවක් . විශේෂයෙන් වෙන රටවල ඉන්න අයට. මට වුන දෙයක් . හෝ චි මින් වල ක්ලිනික් එකකදී .
ReplyDeleteස්තුතියි , cholesterol profile කියන පරීක්ෂණය කරන්නට නම් පැය 12ක් fasting ඉන්න එක තමා වඩාත්ම නිවැරදි සහ මධ්‍ය්සථ අගය , නමුත් හදිසි අවස්ථා වලදි එය පැ 9-14 දක්වා කියල කියනවා , එත් වඩාත් නිවැරදිම ප්‍රථිපල ලබා ගන්නට නම් පැය 12ක් fasting ඉන්නම වෙනවා (දැනට පවතින විද්‍යාගාර තාක්ෂණ පහසුකම් මත) ..
ReplyDelete//මොකද ඔය කඩවල බැදුම් කරන්නේ එකම තෙල් තාච්චියෙන් ...ඔය තෙල් බැද බැද වැඩි වාර ගණනක් පාචිච්චි කරන එක හොඳ නැහැ ..මොකද ඒකෙන් කොළෙස්ටරෝල් වැඩිකරන trans-fat කියන සංයෝගය ඇති වෙන බව සොයාගෙන තියෙනවා .//
ReplyDeleteමා අසා තියෙනවා සමහර මහාපරිමානයේ කෑම කඩවලින් අඩු ගානට මේ කීපවරක් බැදපු තෙල් ගන්නවලු මේ කඩල බයිට්...වඩේ එහෙම හදන අය..
ස්තුතියි ගිම්හානි ..ඔබේ දායකත්වයට ..ඇත්තටම මම දැනගෙන නොසිටි කරුණක් එය ...කෙසේවෙතත් ...මෙලෙස කිහිපවර තෙල් ඉහළ උශ්නත්වයන්ට රත්වීම මගින් මේ trans-fat කියන “ගන්දබ්බ මේද වර්ගය“ ඇතිවන බව සොයාගෙන තිබෙනවා
ReplyDeleteඔව් ඒක සත්යක්. බලන්න සමහර කඩල වඩේ එහෙම බදින පොඩි කරත්ත ලගින් යනකොට සුවද හරියට ලොකු හොටෙල් එකක් ලගින් යනව වගේ නේද??
ReplyDeleteඒක නම් ඇත්ත , හරිම සුවඳයි , ඒකනේ අපේ පොඩ්ඩොත් ඇදිල යන්නනේ ඒ පැත්තට ..
ReplyDeleteස්තිතුයි ඔබේ සක්‍රිය දායකත්වයට
Very good one and keep writing it's nice of you and worried about others that a good thing in this type of world ----- FRED
ReplyDeleteThank you very much for your comment ,Yes Mr.Fred ; we must do some thing to our world , to our people , because I think it is the human nature .... thanks ..
ReplyDeleteමම පසුගිය දවස් වල පෝස්ට් නොදැක්ක නිසා හිතුවා මේක නතර වෙලා කියලා . මොනවම හේතුවක් නිසාවත් මේ කරන මෙහෙවර නම් නතර කරන්න එපා.
ReplyDeleteමම දැකපු ලංකාවේ ඈයො නම් ජීවත් වෙන්නේ ඔය ජන්ක් ෆූඩ් වලින්. එයාලට ඔය ඔය තෙල් පිරුනු අපිරිසිදු කෑම නොකෑවාම නින්ද යන්නේ නෑ වගේ..
අනික මම දැකපු තව දෙයක් තමයි ලංකාවේ බොහොමයක් අය ඔය ටෙස්ට් එකක් එහෙම කරලාම නෑ. අන්න ඒ පැත්තට මිනිස්සු යොමු කරගන්න පුළුවන් නම් ගොඩාක් ලෙඩ වලට නිවැරදි ප්‍රථිකාර කරන්න අපිට හැකිවේවි නේද?
@ Il mondo di una povera pazza
ReplyDeleteඔබට බොහොම ස්තුතියි , මම දිගටම post දැම්මා හැබැයි ඊයේ පෙරේද ටිකක් ප්‍රමාද වෙල තමයි post කරන්න වුනේ ...
ඔබ කියනදේ ඇත්තම ඇත්ත අපේ බොහෝ දෙමාපියන් තම දරුවන්ට මේ රස පුරුදු කරළා පස්සේ කියනවා “අනේ අපේ ළමයි වෙන මොනවත් කන්නෑ “ කියල .. වරද කාගෙද ?
අනෙක ඔබේ දෙවන යෝජනාව ඉතා ඉහළින් මම පිළිගන්නවා ...
ස්තුතියි , රැඳී සිටිනවාට ..හැකි නම් ඔබේ මිතුරු මිතුරිනවත් මේ ගැන දැනුවත් කරන්න...
කොලෙස්ටෙරෝල් වලට දැන් ගොඩාක් දෙනා කාබරන්කා ගෙඩි කනවා මා අසා තියෙනෙවා. එහි සත්‍යතාවයක් තිබේද?
ReplyDeleteදැනට අපට දැන ගන්නට ලැබී ඇති තොරතුරු අනුව (බටහිර වෛද්‍ය විද්‍යාත්මක) ඒ පිළිබඳව නිසි විද්‍යාත්මක පර්යේෂණයක් හෝ පර්යේෂණ වාර්තාවක් නැති බව මගේ දැනුමයි ...නමුත් එහි යම් සත්‍යතාවයක ඇතැයි සිතිය හැක්කේ කාබරන්කා කන හෝ යුෂ බොන විට කෙඳි fibers ප්‍රමාණයක් ආහාර මාර්ගයට ඇතුළු වන අතර , එම කෙඳි මඟින් ආහාරයේ ඇති තෙල් , සීනි ආදාය උරා ගැනීම ප්‍රමාද කරයි ..එවිට ලේ වල අධික සීනි හෝ තෙල් රැස් වීම අඩු වන අතර එය කොලෙස්ටරෝල් නිශ්පාදනය වැඩිවීම පාළනය කරනු ඇතැයි විශ්වාස කළ හැක .. ඔනෑම කෙඳි සහිත පළතුරු එළවළු මඟින් ද සිදු වනුයේ මෙම උරා ගැනීමේ ක්‍රියාව ප්‍රමාද කරමින් දේහය තුල කොලෙස්ටරෝල් නිශ්පාදන වීම යම් තරමකට පාළනය කිරීමයි , ස්තුතියි ... මා නොදන්නා බොහෝ දේ ඔබගෙන් දැන ගන්නට ලැබුණා...
ReplyDeleteහැමදාමත් වගේ අපේ එදිනෙදා ජීවිතයට වැදගත් වෙන ලිපියක්.මේ කරන සේවය නම් ගොඩක් වටිනවා.ඔබතුමාට හැකි නම් මස්/මාලු කන එක ගැන තියෙන හොද නරක ගැන ලිපියක් ලියන්න.ඒ වගේමයි ව්‍යායාම කරනා එක ගැනත් පුලුන්වන් නම් ලියන්න.
ReplyDeleteස්තුතියි ඔබට ....ඔව් ඔබ සැමගේ ඉල්ලීම් අනිවාර්යයෙන්ම වරින් වර ඉදිරිපත් කරනවා ...රැඳී ඉන්න ...දැනුම ඔබේ මිතුරන් අතරේ බෙදා දෙන්න
ReplyDeleteමස් මාළු කෑම සම්බන්ධව නම් මා හටත් ගැටළු තියෙනෙවා.
ReplyDeleteමොකද සමහර වෛද්‍යවරුන් කියන්නෙ මස් මාලු නොකෑවාට ප්‍රශ්නයක් නෑ කියල. නමුත් ශල්‍යකර්මයක් එහෙම කලාම කියන්නෙ මස් මාලු හොදට කන්න ඕන කියල.
මෙයත් අද ප්‍රජාවේ හොඳ මාතෘකාවක් , මෙහෙමයි ...අපිට සත්ව මාංශ හෙවත් මස් මාළු වලින් ලැබෙන වැදගත්ම දේ තමයි එහි පවතින ප්‍රෝටීන් වර්ග ..එය අපේ දේහයේ ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරාලීමේ වැදගත් තැනක් ගන්නවා ...ඒත් මාංශමය නොවන සත්ව ආහාර වන කිරි බිත්තර වැනි දේ මඟිනුත් එම අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන් ..කෙසේ වෙතත් සමහර විටමින් බහුලව පවතින්නේ සත්ව මාංශය ආහාර තුල පමණයි ..උදාහරණයක් ලෙසට Vitamin B12 , එක කිසිසේත්ම ශාඛ ආහාර වල නැහැ , එම නිසා ශාඛමය ආහාර පමණක් ගන්නා supervegans කණ්ඩායම් තුල මෙම විටමින් ඌනතා මත නිරත්කිය වැනි තත්ත්ව ඇතිවීමේ අවදානමක් පවතින බව හඳුනාගෙන තිබුණා...එත් මෙම විටමින් බී 12 අපේ ඇඟ ඇතුළෙත් යම් ප්‍රමාණයකට නිශ්පාදනය වෙනවා බැක්ටීරියා මඟින් ..එලෙස හෝ කෘතිම ඖෂධ ලෙස එම හිඟකම සපුරා ගන්නට පුළුවන් නම් මස් මාළු නොකෑවාට කමක් නැහැ කියන්න පුළුවන් ...ඒත් උපතේ සිට මේදක්වාම සත්ව ආහාර නොගත්තා නම් එය තරමක ගැටළුවක් වෙන්න පුළුවන් , මොකද අර අපි කී විටමින් නිශ්පාදනය කරන බැක්ටීරියාවන් ඔවුන්ගේ දේහය තුල අඩු හෝ නැතිවෙන්නමත් පුළුවන් ..එතකොට අනිවාර්යෙන්ම එම විටමින් කෘතිමය ලබා ගන්න වෙනවා ...
ReplyDeleteස්තුතියි ඔබට
්\\ඒත් මාංශමය නොවන සත්ව ආහාර වන කිරි බිත්තර වැනි දේ මඟිනුත් එම අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්\\
ReplyDeleteතවදුරටත් බොහෝ ශාඛමය ආහාර වලත් බොංචි , සෝයා , කඩළ ..මෙම ප්‍රෝටීන් අඩංගු වෙනවා ...ඒත ශල්‍යකර්මයකට පස්සේ අපේ ඇඟේ ප්‍රෝටීන අවශ්‍යතාවය වැඩි වෙනවා ..මොකද අර කැපුම .. කුවාලය ඉක්මණින් හොඳ කරන්න වගේම ප්‍රතිශක්තිය හොඳින් පවත්වා ගන්නත් ප්‍රෝටීන වැදගත් ඒකයි වෛද්‍යවරයා එසේ ප්‍රකාශ කරන්නේ ..
//උදාහරණයක් ලෙසට Vitamin B12 , එක කිසිසේත්ම ශාඛ ආහාර වල නැහැ //,
ReplyDeleteඉහත කරුන මා දැන නොසිටි එකක්. ඉතාමත් ස්තූති අපිව දැනුවත් කරනවාට. මේ ටිකට අපි බොහෝ දේ දැනගත්තා.අනගි සේවයක් .
අපට කිසිම කෙනෙක් මේ අවස්ථාව ලබා දී නැහැ මීට පෙර ..ඔබතුමාත් වෙදගෙදරිනුත් කරන මේ සේවය හරිම අගෙයි.
දැනුම තියෙන අය බොහෝයි...නමුත්..නොමිලේ දැනුම බෙදාදෙන්නට තියෙන අකමැතිකමයි ප්‍රශ්නෙ..හැමදේම මුදල් මතයි..
ස්තුතියි ...මගේ අරමුණත් මෙම දැනුම සමාජගත කිරීම , එමඟින් අපේ සෞඛ්‍ය සේවය තලට වක්‍රානුකූල යහපත් බලපෑමක් කරන්නට පුළුවන්. මොකද අද අපේ රටේ බොහෝ දෙනා තම සෞඛ්‍යය පිළිබඳ අවධානය යොමු කරන්නේ ලෙඩ වුනාම විතරයි ..ඊට පස්සේ දෙන ඕන දෙයක් ගිලිනවා එච්චරයි ...වෙද ගෙදර මඟින් කෙරෙන කාර්යයත් අප සැමගේ ගෞරවයට ලක්විය යුතුමයි ..
ReplyDeleteසර්.,කොලෙස්ටරෝල් පාලනයට ගන්න බෙහෙත් වකුගඩු වලට හානිකරදායකද???
ReplyDelete-Chiran ,
ReplyDeleteචිරාන් , හැම ඖෂධයකම යම් හානිකර පැත්තකුත් තියෙනවා , විශේෂයෙන්ම අක්මාවට යම් බලපැමක් තියෙනවා ...නමුත් ඒ බලපෑමට වඩා පවතින සෞඛ්‍ය ගැටළු වැඩි නම් ඒ ඖෂධය ගන්න ඕනමයි ... ස්තුතියි චිරාන් ..