2012/01/12

ප්‍රශ්නයක් දාන්න මෙන්න තැනක් ...

තමන්ට හරි පවුලෙ කෙනෙක්ට හරි ලෙඩක් දුකක් හැදුනාම අපේ හිත් රිදෙනවා , වෙනද තිබුණු සතුට සොම්නස අඩුවෙලා වගේ දැනෙනවා ...ඒ වෙලාවට මේ ලෙඩට දුකට නිසි පිළියමක් සොයාගන්නේ කොහොමද කියන එක ගැටළුවක් වෙන්නත් පුළුවන් ..ඒ කිව්වේ “මොකක්ද මේ ලෙඩේ ?“.....කියන තැන සිට මේ තත්ත්වයට ප්‍රතිකාරය සඳහා යොමු විය යුතු කුමන වෛද්‍යවරයාටද  කියන තැන දක්වාත් ...සමහර අවස්ථාවල ප්‍රතිකාර ගත්තත් ....බෙහෙත් පාවිච්චි කරන විදිය ...නිවැරදි ක්‍රමය ...ඖෂධ වල අතුරු පල ..ඒ හානිකර තත්ත්ව අඩු කරගන්නා විදිය නොදන්නවා වෙන්නත් පුළුවන් ..දැන ගත්තත් මේ වෙලාවට ඔක්කොම පටලැවිල වගේනේ දැනෙන්නේ ...අන්න ඒ වෙලාවට පුංචි උදව්වක් දෙන්න “සොඳුරු සුව අසපුවෙන්“ තවත් පිටුවක් වෙන්කළා ..

ඔබේ  රෝග තත්ත්වය ගැන , නැත්නම් සෞඛ්‍ය ගැටළුව ගැන  ..ඊට ප්‍රතිකාර සඳහා යොමු විය යුතු කුමන වෛද්‍ය අංශයටද ?යන්න ..එහෙම නැත්නම් ඔබේ පරීක්ෂණ වල ප්‍රතිපල ගැන යම් අවබෝධයක් අවශ්‍ය වන විටක ...ඒ විතරක් නොවෙයි ..ඔබ ගන්නා ඖෂධ වල හිත කර මෙන්න අහිතකර පල ..අපල ..ඊට ගත යුතු පියවර ..ඔන්න ඔය වගේ ඔබට මතුවන සෞඛ්‍ය ගැටළු “ “සොඳුරු සුව විමසුම“ “ පිටුවට එවන්න ...නාමිකව ..නැත්නම් නිර්නාමිකව .. විස්තරාත්මකව ඔබේ ගැටළුව යොමු ක‍ළොත් ..පැය විසි හතරක් ඇතුලත ඔබට සාධාරණ පිළිතුරක් දෙන්නට උත්සාහ කරනවා ..හැබැයි මෙතැනදි ඖෂධ නියම කිරීමක් ...වෛද්‍යවරුන් නම් කිරීමක් කෙරෙන්නේ නැහැ ..ඒ වගේම වෙළඳ ප්‍රචාරාත්මක කටයුතු කෙරෙන්නෙත් නැහැ .. ඒ වගේම හදිසි තත්ත්ව emergency  situations වලදි මේ උත්තරේ එනකම් බලා ගෙන ඉන්න එක එතරම් සුදුසු වෙන එකක් නැහැ ..මොකද මේ සියල්ල කරන්නේ රැකියාව , අධ්‍යාපනය සහ පවුලේ කටයුතු කරන අතරේම වෙන නිසා ක්ෂණීක පිළිතුරු ලබා දෙන්නට අපහසු වෙන්න පුළුවන් ..ඒකත් කියන්න එපායැ නේද ?.....


ඔබේ ගැටළුව නාමිකව හෝ නිර්නාමිකව එවන්න ..එයට පිළිතුරත් එම පිටුවේම සටහන් වේවි ..සමහර විට ඒ ගැටළු සහ පිළිතුරු ලෙඩ රෝග , ප්‍රතිකාර ..බෙහෙත් හේත් ගැන ලොකු පාඩමක් වෙන්නත් පුළුවන් ...ලංකාවේ නැතත් මෙවන් “සෞඛ්‍ය උපදෙස් සැපයීමේ සේවාවන්“  දියුණු රට වල අදත් ක්‍රියාත්මකයි ..කැනඩාවේ විශේෂීත කෙටි අංකයකින් මේ සේවාව නොමිලේ ලබා ගන්න මේ පුරවැසියන්ට පුළුවන් ..(විශේෂත්වය මේකයි ...මේ සියලු උපදෙස් ..පිළිතුරු ලබා දෙන්නේ “Registered Nurse“ කෙනෙක්) ...නමුත් අපේ රටේ මේ අවස්ථාව නැති නිසා චැනල් සෙන්ටර් එකේ ..නැත්නම් රෝහලේ සායන වල නිස්කාරණේ කාළය කා දමන , ඒ වගේම ප්‍රතිකාර නිසි ලෙස ප්‍රයෝජනයට නොගන්නා කීදෙනෙක් ඇත්ද ..?

නැවතත් කියන්නට අවශ්‍ය දේ ..මේ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන අවස්ථාවක් නොවන අතර ඔබට අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහා දරන උත්සාහයක් පමණයි ....මේ සඳහා ඔබේ කායික රෝග තත්ත්වයන් පිළිබඳ ..මානසික ගැටළුකාරී තත්ත්වයන් හෝ ඒ ආශ්‍රිත පැනයන් , යොමු කරන්නට අවස්ථාව තිබෙනවා ..

එසේනම් ...දැන් “සොඳුරු සුව විමසුම“ පිටුව ඔබ වෙනුවෙන් විවෘතයි ....

මෙන්න යන මඟ....http://nursingques.blogspot.com/  තවත් ක්‍රමයක් .... මේ මෙම පිටුවේම ඉහළින් ඇති “විමසුම“  ක්ලික් කරන්න....





7 comments:

  1. මේකනම් ඉතාම හොඳ දෙයක් . හැමදාමත් අප වෙනුවෙන් යම්ක් කරන ඔබතුමාගේ තවත් හොඳ ක්‍රියාවක් .

    ReplyDelete
  2. ඇත්තෙන්ම ඔබේ අදහස පින්බර අදහසක්... ගොඩාක් පින්

    ReplyDelete
  3. නියම වැඩක් . . . . මමත් එන්නං උවමනාවක් උනොත් (නැතත් එනව තමයි)

    ReplyDelete
  4. හොඳ වැඩක් අයියේ... අපිටත් ප්‍රශ්ණ අනන්තයි...! නොදන්නා දේවල් දන්නා අයගෙන්ම අසා දැන ගන්න එපායෑ...! සුභ පැතුම් !!!

    ReplyDelete
  5. හොද වැඩක් අයියේ..දන්නා නොදන්නා දැනගන්න ආස දේවල් ගොඩක් තියෙනවා..

    ReplyDelete
  6. මොකද පෝස්ට් ගලවන්නෙ ???

    ReplyDelete
  7. නියම වැඩක් අයියේ....

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)