“සරාස් …“ …..පොඩ්ඩියි , ලොකුයි සෙල්ලම් කරන පැත්තට මොකක්දෝ විසි වුනා වගේ ඇහුනා . පත්තරේ පැත්තකින් තියල ඒ පැත්තට ගියේ මොකද වුනේ බලන්න …
මොකක්ද පොඩී …...පත්තරේද ? ….“ඔව් තාත්තේ මෙන්න …අද අපේ ඇඟටම දාල ගියා ..“ ….වෙනදට දොරකඩට පත්තරේ දාල යන කොළු පැටිය අද රෝල බ්ලේඩ් එකේ යන ගමන් දෙපැත්තේ ගෙවල් වලට පත්තරේ විසි කරගෙනම යනවා ..ඒයාටත් අද ටිකක් බිසි නැතෑ ...
“තාත්ත දන්නවද , ඒ ඉස්සර අපේ ඉස්කෝල් හිටපු යාළුවෙක් .. එයාට මාසෙට සල්ලි හම්බ කරන්න තමයි පත්තරේ බෙදන්නේ …“ අපේ පණ්ඩිත ආච්චි මට විස්තර කරනවා . මේ රටවල පාසල් සිසුන් බොහොමයක් , පාසල් වෙලාවෙන් පස්සේ ඔවුන්ට මුදල් හොයා ගන්න සුළු රැකියාවල යෙදෙන එක සාමාන්‍ය දෙයක් . ඒ අතරින් පත්තර බෙදන එක බොහොම සුලභ දෙයක් ..
“අපි පත්තරේ ගෙට නොගත්තොත් එයාට මොකද වෙන්නේ ?‘‘ වෙනද නැති ප්‍රශ්නයක් …
“එයාට මොනව වෙන්නද ? පත්තරේ කුණූ ගොඩාට එකතු වෙලා , කුණූ ගෙනියන දවසට දාගෙන යාවි , අපිට වැඩක් වෙන්නෙත් නැහැ , ඒ ළමයට වැඩක් ඇත්තෙත් නැහැ …“
“හරියට , Diabetic වලදි , යුරින් වල ෂූගර් තියෙනව වගේ නේද “ …නංගිත් එක්ක කතාව මැද්දට පැන්නේ ලොකු අක්කා ..
“ඇත්ත තමා , ඒකත් “ …..
මේ කතා එක්ක හවස් වරුවම ගෙවිලා ගියා . ලැබුණූ විවේකයේ , මගේ අළුත් බ්ලොග් එක පැත්තට ගියේ අළුත් පෝස්ට් එකක් ලියනවද කියල හිතගෙන . ඒත් ඊට ඉස්සර වෙල “සොඳුරු සුව අසපුවට“ යමක් ලියන්න තියෙන බව මතක් වුනා ….
ඒ තමයි ඊයේ දවසේ සෞඛ්‍යට සමබන්ධ ජාත්‍න්තර මාධ්‍ය වල ලොකු කතා බහක් වුනු “අනතුරු ඇඟවිමක් “ ඒක අද හවස ෙවච්ච කතාබහටත් අදාල නිසා හිතුනා ලියන්න ඒ් අවදානම ගැන …
ඒ කතාබව තමයි “ප්‍රධාන මහා මාර්ග ආශ්‍රිතව , වායු දුෂණයට තදින් ලක්වී ඇති පරිසර වල ජීවත් වන ළමුන් තුල “ Insulin Resistance ‘‘ තත්ත්වය ඇතිවීමේ හැකියාව ඉහළ බව . තව විදියකින් කීවොත් අනාගතයේ දියවැඩියාව ඇති වීමේ ලොකු අවදානමක් පවතින බව.
ජර්මන් පර්යේෂක කණ්ඩායමක් විසින් මෙවර මෙම ප්‍රතිපල ලබා දී තිබුණත් , මීට පෙර අවස්ථා කිහිපයකදි මෙම අවදානම ගැන පර්යේෂකයින් සැක පහළ කළා . ඒ සියළු පර්යේෂණ වල අවසන ඔවුන් ප්‍රකාශ කරන්නෙ , මහා මාර්ග ආශ්‍රිතව රථ වාහන වලින් පිටවන දුම් වලින් දූෂණය වූ පරිසරයේ ජීවත් වන දරුවන්ට ඉන්සියුලින් රෙසිස්ටන්ස් තත්ත්වය ඇති වීමේ අවදානම , එසේ නොවන පරිසරයක සිටින දරුවන්ට වඩා වැඩි බව , ඒ එක්කම ඔවුන් කියන තව දෙයක් , මහා මාර්ගයට මීටර් 500න් පන්සියට කිට්ටු වෙන්න වෙන්න ඒ අවදානම ක්‍රමයෙන් ඉහළ යන බව (ඔවන්ගේ ප්‍රකාශයට අනුවම කීවොත් each 500 metre decrease in distance to road increased insulin resistance by 6.7% ) .
මේ සඳහා මුලිකව හේතු විය හැකි යැයි ඔවුන් විශ්වාස කරන්නේ මෙම දූෂීත වාතයේ ඇති නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව සහ , විවිධ අංශු වර්ග (ඊයම් ,වැනි වාහන දුමේ පවතින බර අංශු වර්ග)
හැබැයි මේ පර්යේෂණ වාර්තාවේ කිසිම තැනක මේ දරුවන් දියවැඩියාව තත්ත්වයට පත්වුනාද කියල නිවැරදිව කියැවෙන්නේ නැහැ , ඒත් දියවැඩියාවට පෙර අවස්ථාවක් විදියට මතුවන ඉන්සියුලින් රෙසිස්ටන්ස් තතත්වය පිළිබඳව සංඛ්‍යා ලේඛණමය වශයෙන්ම හඳුනාගෙන තිබෙනවා .
කෙසේ වෙතත් , මේ පර්යේෂණය හරහා , අපේ හිත වලටත් පොඩි අවදානමක සේයාවක් මතුකරන බව නම් කිය්නනම ඕන , හේතුව පැය දෙක තුනක් පාරෙ ඉන්න කොට යන වාහන ප්‍රමාණය , ඒ වගේම ඒවායෙන් බොහොමයක පවතින දුර්වල නඩත්තුව වගේ සාධක නිසා කොයිතරම් වායූ දූෂණයක් ඒ අවට ක්ෂණීකව සිදු වෙනවා ඇත්ද ? …ඉතින් ඒ දූෂීත වායු වර්ග සහ ඊයම් වැනි ඇසට නොපෙනෙන අංශු වර්ග මිශ්‍ර වෙලා තිබෙන වාතය ඇඟ ඇතුලට ගන්න දරු පැටවු , තව අවුරුදු දහයක් දොළහක් මේ විදියටම “නරකම දේ ඇඟ ඇතුලට “ ගන්න වුනොත් … ? ….
දැන් මේ පෝස්ට් එක කියවන සමහර කෙනෙකුට ගැටළුවක් ඇති , මෙතන දියවැඩියාව ගැන කතා කරල නැහැ කියලත් කියනවා , ඒත් දියවැඩියාව වගේ කියලත් කියෙනව , මොකක්ද මේ හරැපේ කියලා ..
ඉන්න ..මම දැන් කතා කරන්න හදන්නේ මොකක්ද මේ ඉන්සියුලින් රෙසිස්ටන් කියන තත්ත්වය ගැන …
අපි දැනටම දන්නවනේ , අපි කන සීනී , පිටි වර්ග , පළතුරු ආමාශයේදි , බඩවැල් වලදි ජීරණය වෙලා , සරළ සීනි බවට පත්වෙලා ලේවලට උරා ගන්න බව . ඉතින් මේ සීනි දැන් ලේ නහර දිගේ ලේ එක්ක පාවෙලා ඇඟේ හැම තැනටම යනවා . එහෙම යන්නේ , අපේ ඇඟේ සෛලවලට කන්න , මේ සීනි ඕන කරන නිසා . මේ විදියට ලේ එක්ක පාවෙලා යන සීනී , එකපාරට සෛල ඇතුලට රිංගන්නේ නැහැ , රිංගන්න බැහැ , දොර වහලයි තියෙන්නේ . ඔන්න මේ වෙලාවට තමයි “ඉන්සියුලින් “ කියන හෝමෝනය මැදිහත් කාරයා වෙන්නේ . එයා , ඇවිත් සෛලයේ දොර ඇරළා , අර සීනී ටික සෛලය ඇතුලට රිංගවනවා . දැන් වැඩේ හරි ..සෛලයට ඕන කරන කෑම බීම ලැබෙන නිසා බොහොම නීරෝගිව සෛලයේ වැඩ කටයුතු කෙරෙනවා .මේ තමයි සාමාන්‍ය නිරෝගී තත්ත්වය .
පිංතූරය - www.heartstudy.ca |
කෙසේ වෙතත් තව දුරටත් මේ පිළිබඳ පර්යේෂණ කරන බවක් තමයි එම ජර්මණ් පර්යේෂක කණ්ඩායම පවසන්නේ , ඒ පර්යේෂණ කෙසේ වේදැයි අපට දැන් කියන්න් බැරි වුනත් , මේ වායු දුෂණයේ අහිතකර පල විපාක ඇති බව නම් හැමෝම දන්න දෙයක් .( හේතුව මේ වන විටත් , වායු දුෂණය මඟින් හෘද සහ පෙනහළු රෝග සහ පිළීකා සඳහා ලොකු බලපෑමක් කරන බවනම් හඳුනාගෙන අවසානයිනේ . )
එසේනම් හැමදාමත් වගේ අදත් ගෙනාවේ තවත් අවදානමක් ගැන දැනුවත් කිරීමක් විතරයි .මේ අවදානමෙන් ගැලවෙන්න කරන්න ඕන දේ ගැන හිතන්න ඔබව පුළුවන් , ඒත් මේ අවදානම් පරිසරයේ ඉන්න දරුවන්ගේ පෝෂණය , ආහාර රටාව සහ නිසි පමණ කය වෙහෙසෙන ක්‍රීඩාවට යොමු කිරීමේ වැදගත් කම ගැන වෙනදාට වඩා හිතන්න ඕන බව තමයි අවසානයේ කියන්නට ඇත්තේ . මොකද දියවැඩියාවට ඇති අවදානම සෑහෙන තරමකින් පාලනය කරගන්න ඒ පියවර මඟින් පුළුවන් වන නිසා .
එසේ නම් අදට ලිපිය අවසාන කරන්නයි සූදානම ….අවසානයේ පුංචි දැන්වීමක් ! …
“සයිබර් සෙවන www.cyberslk.net “ ..මේ මගේ අළුත්ම බ්ලොග් පිටුව “ “ ලියැවෙන්නේ පරිගණක තාක්ෂණය පිළිබඳව , විභාග කිහිපයක් ඉලක්ක කරමින් . වෙලාවක් තිබුණොත් ඇවිත් යන්න එන්න , ඔය දකුණු පැත්ෙත් උඩ ඉන්න බබාට තට්ටුවක් (ක්ලික් ඒකක්) දාලම බලන්න .
එසේනම් සමුගනිමි , සුව සතුට පිරි දිනයක් !
සරළ උදාහරනත් එක්ක ලියපු ලිපිය හරිම පැහැදිලියි . මේ රෝගයෙන් පිඩා විඳින අය කොච්චර ඉන්නවද . කුඩා ලමයි පවා මේ රෝගයෙන් පෙලෙනවා . හොඳ දැනුවත් කිරීමක් . ස්තූතියි .
ReplyDeleteස්තුතියි ගිම්හානි , හැමදාමත් වගේ “සොදුරු සුව අසුපුව වෙත පැමිණෙවාට , ඒ වගේම අදහස් දැක්වීමක් කරනවාට ...
Deleteඅනේ මන්දා අපිම අපිව මරාගන්න උපක්‍රම හදාගන්නවා. මේක යුද්දෙටත් වැඩිය භයානකයි වගේ. අනාගතේදී ජීවත් වෙන්න කැලයක් හොයාගන්න වෙයිද මන්දා. පරිසර දුෂණය ගැන කොච්චර කෑගැහුවත් කීයෙන් කීදෙනාද ඇත්තටම ඒ ගැන හිතන්නේ.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ඒක නම් ඇත්ත , අනාගතයේදි ලොකුම විනාශය වෙන්නේ “යුද්ධයට වඩා“ පරිසර විනාශයෙන් බව දැන් අපට පෙන්වනවා වගේ ..
Deleteස්තුතියි මිතුර !
ස්තුතියි මහේෂ්..මේ නම් අළුත් දෙයක්..පාර අයිනේ ජීවත් වෙන එක කොහොමත් භයානකයිනේ..!!
ReplyDeleteස්තුතියි රූ , ඔව් මේ පිළිබඳ පිළීගන්නා වාර්තාවක් එළිදැක්වුනෙත් පසුගිය නම වනදා .
Deleteසිවුමංසල කොළුගැටයා කියන බ්ෙලාග් එකේ තිබුනා චීනෙ ළමයි ඉන්නවාලු ජීවිත කාලෙටම එලියට පහලලියට බැහැලා ලෝකෙ දැකලා නැති..වායු දූෂණය නිසා...
ReplyDeleteවෙන්න පුළුවන් , පරිසර දූෂණ්‍ය ඒ තරමටම අපට මාරාන්තික තර්ජන කරන බව අප වටහා ගනිත්දි වෙන්න ඕන දේ වෙලා ඉවර වෙලා තියේද මන්ද ?
Deleteඅපිත් ඉන්නෙ පාරක් අයිනෙ. මාත් රෝගයට ගොදුරු වෙලා. ශබ්ද දූෂණය , හා දුම උපරිමෙන්ම අපිට බලපානවා. ගොඩාක් ස්තූතියි! මේ වටිනා අදහස් වලට.
ReplyDeleteස්තුතියි ඔෙබ් අදහස් දැක්වීමට ෙවනුෙන්
Deleteඅනේ මංදා අපි මොනව කෑවත් කොයි විදියට පරිස්සම් වුනත් දැන් තියෙන ලෙඩ රෝග වලින් බේරෙන්න බැරි හැටි.ඒ කොහොම වුණත් මේවා දැනගෙන ඉන්න එකත් එක අතකින් ලෙඩක් කල්තබා හඳුනා ගැනිමට හොඳයි.
ReplyDeleteඇත්තෙන්ම කරන්න ඕනම දෙයක් තමයි ලෙඩ රෝග ගැන පූර්ව දැනුමක් ලබා ගන්න එක . ස්තුතියි ඔබට ඔබේ පැමිණීම සතුටක්
Deleteගොඩක් දිග ලිපියකට වඩා මේ පුන්චි ලිපිය හරිම සරල විදියට ඉන්සියුලින් රෙසිස්ටන්ස් ගැන පැහැදිලි කරල තියෙනව. අර ඇනිමේශන් එක හරියටම වෙන දේ පෙන්නනව නේද? හරි වටිනව. අලුත් බ්ලොග් එකටත් යන්නම්.
ReplyDeleteස්තුතියි ඔබට ,
Delete