2014/02/08

සීමා නැති වුනු වැලන්ටයින්ලා ...

“රාගයෙන් මරන්නට නොව ආදරයෙන් සමරන්නට ....“
ගබ්සාව කියන්නේ අද ලෝකය පුරාම විවිධ මතවාද වලට මුහුණ දෙන මාතෘකාවක් , මේ ලිපිය තුල මම ඒ මතවාද ගැන කතා කරන්නට යන්නේ නැහැ  ඒ  නමුත් ගබ්සාව ගැන සවිස්තර ලිපියක් මීට පෙර “සොඳුරු සුව අසපුව “ තුල පළ වුන නිසා , ඒ ලිපිය ඔබ කියවූයේ නැත්නම් මෙන්න ලිංක් එක ගිහින් කියවන්න ...

මෙන්න ලිංක් එක ... http://www.nursinglk.com/2012/06/106.html 

නමුත් ඔබ ගබ්සාව ගැන හිතන දේ ගැන වඩාත් හොඳින් හදවතට දන්වන්නට සමත් මේ වීඩියෝව නැරඹුවොත් , ගබ්සාවේ බොහෝ දෙනෙක් නොදකින අවස්ථාවක් හඳුනාගන්නට පුළුවන් වේවි .
 විනාඩි පහක් පුරා දිවෙන මේ වීඩියෝව , ඔබට සිතන්නට යමක් එක් කරාවි ...

කෙටි සටහනින් සමුගනිමි , දිගු  සටහනකින් හමුවන අපේකෂාවෙන් ..

16 comments:

  1. ගොඩක් ස්තුති ,, මං යාළුවො කීප දෙනෙක්ටත් ලින්ක් එක ලබාදුන්න .

    ReplyDelete
    Replies
    1. බෙහොම ස්තුතියි අපුර්වි ! .... බෙදා හදාගෙන සතුටු වෙන්න පුළුවන් හොඳම දේ දැනුම .... ඒ සතුටට එක්වීමම මට සතුටක් !

      Delete
  2. Replies
    1. ස්තුතියි මිතුර! ඔබේ මේ අකුරු ගැලපුම මට දිරියක් !

      Delete
  3. දෙලොවටම නැති විකාර ලියන ,නයි අරින නාඩගමක් විදියට අයාලේ ගිය සිංහල බ්ලොග් කලාව අර්ථවත් පැත්තකට ගෙන යන මෙවැනි බ්ලොග් අගය කිරීමට ලක් විය යුතුමයි.ලියන්න.අපව දැනුවත් කරන්න එසේම සංවාදශීලී වෙමු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මා සහෘදයාණනි , ඔබේ අගය කිරීම මට සතුටක් , ඔබේ සටහන මට දිරියක් , කාළයේ බාධාව මැඩගෙන හැකි තරම් ඔබ සමඟ එක්වන්නට , දොඩමළුවන්නට මා උත්සාහ ගන්නම් ....

      Delete
  4. අපූර්විගේ ඔත්තුවකට ආවේ..දිගටම එන්න වටින බ්ලොග් එකක්.වීඩියෝ එක බලලා ඉවර වුනාම මතක් වුනේ මේ හා සමානම නන්දා මාලනී මහත්මියගේ ‘දස මසක් මා කුස තුල හුන් පුතුනේ‘ සිංඳුව...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර! .... සංවේදී මිනිසුන්ට පමණක්ම දැනෙන මේ දසුන් පෙළට ඔබ ළං වු තරම ඔබේ සටහනින්ම මට දැනේ . ..

      Delete
  5. වටින පෝස්ට් එකක්. ඔමා තමයි පාර කිවුවෙ. දිගටම ලියන්න. ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මා මිතුරිය ! .... ඇයට තුති ඔබට පාර පෙන්නුවාට , ඔබට තුති මා දරිගැන්වූවාට ...!

      Delete
  6. මේ මෙහෙවර වෙනුවෙන් ස්තුතියි ඔබට. (ම්ම්ම්.. මේකෙ කමෙන්ට් සිස්ටම් එක වෙනස් කරපු එක නම් ලොකු දෙයක්.)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මා මිතුර ! .....හැමදාමත් වගේ ඇවිත් ඔබ ලබා දෙන අහස් මට හුඟක් වටිනවා ...

      Delete
  7. හ්ම්... අදයි මේ අහ ආවෙ... වටිනව සෑහෙන්න.. දෙයක් ඔලුවට වැටුණ... ස්තූතියි... දිගටම හරවත් දේම ඉදිරිපත් කරන්න

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තුතියි මා මිතුර ! .....ඉඩ ලද විටෙක නැවත එන්න ...

      Delete
  8. ඉතාමත් හරවත් ලිපි!! තව තව ලියන්න. ඔබගේ හෝම් පේජ් එකේ ෆලෝවර්ස් ගැජට්ටුව සොයා ගන්න බැරිවුනා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර ! මේ පිටුවේ පහලට වන්නට අදාල ගැජට්ටුව තිබෙනවා ,
      ඔෆබ් පැමිණීම සතුටක්

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)