2014/02/13

155) වැලන්ටයින් දිනේ... අනා නොගෙන දිනා ගන්න හැටි

අද පෙබරවාරි 13 , 

ඒ කියන්නේ ...................... හෙට පෙබරවාරි 14 .......... .. ඔව් තව විදියකින් කීවොත් “ආදරවන්තයින්ගේ දිනය “ .... මට මතක විදියට නම් මේ අළුත් දිනය අප අතරට ඇවිත් ජනප්‍රිය වෙලා අවුරුදු දහයක් විතර ඇති , නමුත් ඒ මෙහි ආරම්භය නොවෙයි , එහි මුල හොයා ගියොත් අපට යන්න වෙනවා ක්‍රිස්තු වර්ෂයෙන් 496 විතර ඈත අතීතයකට ( In 496 AD Pope Gelasius marked February 14th as a celebration in honor of his martyrdom.)  ............ඔන්න දැන් මේක කියවන ඔබ බලාවි අදත් “මා.....ගලක් “ තමයි පෙරලන්න හදන්නේ කියල . බය වෙන්න එපා , ඔය අතීත කතා ගැන විමර්ශනය කරන්න යන්නේ නැහැ.  කැමති කෙනෙක්ට මෙන්න මේ වීඩියෝව බලල , මේ නම ලැබෙන්නට හේතු වුනු ශාන්ත වැලන්ටයින් පියතුමා පිළිබඳව යමක් දැන ගත හැකි වේවි .




කාගෙද , කාටද , කොයිබටද මේ දවස ? 


පිංතූරය ගත්තේ flyingroses.com
මේ දවස මොකක්ද .... වැලන්ටයින් දිනයද ? .... ආදරවන්තයින්ගේ දිනයද ? .... නැත්නම් අදාරවන්තයින් “විකිණෙන දිනයක්ද? ...“ .... නැත්නම් ආදරය සහ රාගය කියන දේ අතර තිබෙන අනුපාතයන් බිඳගන්නා දිනයක්ද කියන එක රටින් රටට , පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වන කරුණක් . ඒත් අපේ රටේ නම් මාධ්‍ය මඟින් , වෙළෙන්දන් මඟින් එයට වෙනස් අරුතක් දෙන්නට කටයුතු කර තිබන බව දැනෙනවා  , පිළිගන්නට වෙනවා.  කෙසේ වුනත් මම කැමතිය මේ දිනය නිකම්ම “වැලාගේ දිනයක් “ නොකර , ...ශාන්ත වැලන්ටයින්  දිනය“ විදියට  නම් කරගන්නට . 


ඇත්තම නම ?

දැන් කොහොමද “ආදරවන්තයින්ගේ දිනය “ , “ශාන්ත වැලන්ටයින් දිනය“ කියල නම් කරනවා කීව ගමන් (මොකද දැන් අපේ දැන උගත් සමාජය මේ දවස දකින්නේ “වලත්තයින්ගේ දවස“ විදියටනේ) , ටිකක් කළබල වෙන අයත් ඇති , මොකද එතන පොඩි බාධාවක් වගේ දැනෙන නිසා . 
කොහොම හරි කමක් නැහැ , දැන් ප්‍රශ්නේ .. “ඇත්තටම මෙහෙම දවසක් ඕනද ? ....“ ....මගේ උත්තරය “ශාන්ත වැලන්ටයින් දිනයක්“ තිබීම වටිනවා , ඒ උන්වහන්සේ කළ සත්කාර්යය අගය කරමින් , ස්මරණය කරන්නට  , උන්වහන්සේ උපේකෂා කළ “මිනිස් ආදරයේ සුවඳින්“ ඒ දවස පුරවා ලන්නට ... දැන් අපේ සාරධර්ම පුරවා ගත් , ඒ වගේම “ ඒ සාරධර්මානුකූලවම දිවි ගෙවන “  අය ටිකක් විතර කෝප වේවි . අපට මොකටද අනුන්ගේ දේවල් ? ... මේව අපේ සාරධර්ම , සංස්කෘතිය  විනාශ කරන දේවල් ..... තව තව ....



අපට මෙහෙම දිනයක් ඕනමද ?

මගේ අදහස නම් “අපට වැලන්ටයින් දිනයක් “ එපෝ , ඒක අපට විනාශ කරනෝ කියමින් කෑගහන්න දෙයක් නැහැ , අන්තගාමි වෙන්න අවශය නැහැ , මෙහෙම දවසක් තිබෙන එක හොඳයි , ඒ වගේම විශේෂයෙන්ම අපි තනි නොවුනු ගෝත්‍රික සමාජයක් නොවන නිසා ලෝකය පිළිගන්නා දේ අපේ රටටත් එනවා , එය වලක්වන්නට අමාරුයි , එක එක දේශපාලනකරුවන් , අන්තවාදි ආගම්කරුවන් ( සියළුම ආගම් වටල අදාලවයි  මේ කීවේ) , මොනවා කීවත් ඇත්ත එය ....

 ( අපි වයසට යන බව දැන දැනත් “උපන් දිනය සමරනවා“ , ඒ දවසට හිතට අමුතු හැඟීමක් ඇවිත් ප්‍රබෝධයක් ලැබෙනවා , මේක දැනුම් තේරුම් ඇති වයසේ ඉඳළ මිය යන්න දින කිහිපයක් තිබෙන කෙනෙක් දක්වාම පොදු සාධකයක් .)
 අන්න ඒ වගේ “ශාන්ත වැලන්ටයින් දිනය“ , තම තමන් අතරේ ඇති බැඳීම එකිනෙකාට හෘදයාගමව දැනේනට  , එකිනෙකාගේ ජීවිත වලට “යහපත් උත්තේජනයක් “ ලබා දෙන්නට භාවිත කරනවා නම් එය වටිනවා , 

හැබැයි ඒකට කාමරයක් ඇතුළු තනිවෙන්න ඕන නැහැ , “ආදර කෝච්චිවල යන්න“ ඕන නැහැ , රාත්‍රි සමාජ ශාලාවක , තමන්ගේ පෙම්වතියගේ ඇඟ පුරා චොකලට් දියරක් ගාල , දිවෙන් ලෙවකන තරඟ ක්‍රීඩා කරන්නට ඕනවෙන්නේ නැහැ ( මේ කීවේ ඔබ ඔය ඉන්න නගරයේම , නැත්නම් පැය දෙක තුනක දුරක තිබෙන සිරි ලංකාවේ ප්‍රධාන නගරයක වෙනදේ) ලෝකේ පුරාම පිළිගත් , “ශාන්ත වැලන්ටයින් දිනය“ , එහි නියම අරුත පවත්වාගනිමින්  පැවතුනාට කිසිම වරදක් නැහැ, ඒ කීවේ ආදරය කියන සුන්දර මිනිස් සුවඳේ වටිනාකමින් ,


වරද කාගෙද ? 

 නමුත් ඒ දිනය “ගඳ ගස්සවන්නේ“ “ශාන්ත වැලන්ටයින්තුමා“ නෙවෙයි , අපේ සමාජයේම පිරිසක් , එතැන තිබිය  යුතු දිදුළන “ආදරය“ කියන වචනය , “රාගය“ කියන පදයෙන් වසා ලන්නේ අපේම අය . එහෙම වසා ලන්න , පෙම්වතුන්ට බල කරන්නේ අපේම අය , වෙන රටකින් ඇවිත් කියන්නේ නැහැ පෙබරවාරි 14 දා  හැම පෙම්වතුන් යුවලක්ම , තමන්ගේ “රාගික හැඟීම්“ ක්‍රියාවට නගල , කායික තෘප්තියක් ලබා ගන්න කියල (මෙහෙම කීවේ වැලන්ටයින් දිනය කීව ගමන් අපේ බහුතරයක් හිතේ මතුවෙන පොදු හැඟීම මේ වගේ නිසා , ඔය නිසාම තමයි අප වරද්දගෙන තිබෙන්නේ සහ කළබල වෙලා තිබෙන්නේ )  . 


ලෝකය මේ දවස විඳින හැටි . ...

ඔක්කොටම කාඩ් 

ඇත්තම කීවොත් , මේ වගේ රටවල “ශාන්ත වැලන්ටයින් දිනය“ හරිම සුන්දර දිනයක් , වැඩියෙන්ම සතුටු වෙන්නේ “පුංචි පැටවු“ , දැන් දවස් ගණනාවක ඉඳන් යාළුවන්ට කාඩ් හදන්නේ ,  පවුලේ අයට කාඩ් හදන්නේ  , ලස්සන පිංතූර එකතු කරලා , පාට කරලා සුන්දර විදියට එය විඳිනව ඔවුන් , ඔය අතරේ , තරුණ තරුණියන් “වැලන්ටයින් කාඩ්“ , චොකලට් ,රෝස මල් සොයමින් යන අතරේ  මිල මුදල් ඇති අය තම පෙම්වතියට ලස්සන ආභරණයක්  සමහර විටෙක අළුතින්ම  වෙළඳ 
අපේ දෙන්නත් සූදානම මේ දිනය සමරන්න ...
පලට ආපු කාර් එකක් , මිලදී ගන්න සූදානම . හෙට දවස පැටවු ටික අතින් හදපු වැලන්ටයින් කාඩ් ගොඩ පන්තියේ යාළුවෝ අතරේ හුවමාරු කරගන්න අතරේ , තරුණ තරුණියෝ , හවස්යාමේ විවෘත ලස්සන අවන්හලකට ගොඩවෙලා සුන්දර හෝරාවක් ගත කරනවා , රෑ කෑමක එකට ගන්නවා  , නැත්නම් පිරිස ගීතයකට සුන්දර රංගනයක යෙදෙනවා . වියපත් අය , තෑගි බෙදා ගන්න අතරේ ,  දූ දරුවන් එක්ක , නැත්නම් තම මිතුරු , මිතුරියන් එක්ක රෑ කෑම වේලකට එකතු වෙනවා . ..... මම වෙනසක් දකිනවා ,  මේ රටවල පෙබරවාරි 14 දිනය හුඟ දෙනෙක්ගේ සිත්වලට සතුට , උණුසුම ගේන දවසක්  , කඳුලක් දකින්නට ලැබුණොත් ඒ  , විශ්‍රාම සුවයෙන් ඉන්න මවක් , තමන්ගේ මිය ගිය සැමියා වෙනුවෙන් නගන කඳුළක් ඒ. 

(දැන් සමහර විට , මේ කියවන කෙනෙක්ට හිතෙන්න පුළුවන් , කවුරුත් ඔහොම තමයි රට රටවලට ගියාම , ලොකුකම ...ඒ රටවල් තමයි හොඳ ..අපේ රට හොඳ නැහැ කියල .... “ මම මෙතැනදි පුළුවන් තරම් මධ්‍යස්ථ වෙන්න උත්සාහ කරනවා ,මොකද මම අපේ රටේ ඉඳිත්දි “කළබළකාරි නව යොවන්වියේ දරුවන් එක්ක“ කාළයක් කටයුතු කළ නිසා , මේ රටේදිත් ඊට සම වයස් වල පිරිසක් සමඟ ගත කරන  නිසා , පැති දෙක සසඳන්න ටිකක් පුළුවන් , අනෙක් මමත් ඔය වගේම එක් කෙනෙක්ගේ ආදරයේ බැඳීමක් ඔස්සේ ඇවිත් , තුන් දෙනෙක්ගෙම ආදරයට ලක්වෙමින් ඉන්න  කෙනෙක් :)  

හැබැයි ඉතින් මේ සැසඳීමෙදි ආදරය සහ රාගය , නැත්නම් ලිංගිකත්ව පිළිබඳ මේ රටවල තිබෙන්නේ දැනුවත් විවෘතභාවයක් , අපේ රටේ බහුතරයක් තරුණ පිරිස අතරේ තිබෙන්නේ ඒ දැනුවත් විවෘතභාවයද කියල ප්‍රශ්නයක් හිතට නැගෙනවා . සුව විමසුම වෙත යොමු වී ඇති තවමත් පල නොකළ ප්‍රශ්න කියවත්දි මට ඇති වෙන්නෙ දුකක් , මේ තරම් තරුණ දරුවන්ගේ “ලිංගික සෞඛ්‍යය දැනුම ගැන“  )

එදාට මෙහෙමයි ...

හරි දැන් අපි එදාට මොකද කරන්න  ඕන ? .... 

තමන්ගේ හිතේ තිබෙන ආදරය ලස්සන කවියකට , නිසදැසකට ගොනු කරල ලියන්න “මනුස්සකමේ සුවඳ පිරි ආදර හසුනක්“ , මුදලක් ඇත්නම් ගන්න කාඩ් පතක්  , රෝස මලක් , හමුවන්න ඔහු / ඇය , එකිනෙකාගෙ ගරුත්වය බිඳනොයන  තැනකදි ,..... තෙපලන්න ආදරේ ඇරඹුමේ ඉඳන් අද වෙන කම් ක ළකී දෑ ,.......... රංඩු වුනු තරහ වුනු ලස්සන අතීතය ...හෙට දවසේ යුග ජීවිතයේ සැලසුම් , .....කොයිතරම් සුන්දර දේ ඇත්ද ? ..... රාගයේ සීමාව දැනගෙන මේ සතුට විඳන්න (කම්මුල පෙති මතට හාදුවක් දෙන්න ආදරයෙන් .. ඔබේ හිතේ උණුසුම දැනෙන ලෙසින්ම)  , .............. ඉන් එහා යනවා නම් දෙදෙනාගේ ගරුත්වයට ගරු කරන්නට හුරුවන්න , ආදරයේ නාමයෙන් “අපරාධකරුවෙක්“ නොවන්නට හිතේ තබා ගන්න , ඒ සේරටම වඩා ඒ සීමාවෙන් පිට යනවා නම් හරි දේ දැනගෙන යන්න (මේ ටිකත් කීවේ ගලන ගඟ නවත්වනවාට වඩා , එය සරු කෙතකට දියවර දෙන සම්පතක් කරගත යුතුය යන හැඟිමෙන්)  ... මතක තබා ගත යුතුම දේ මේ සුන්දර සතුටින්ම ඊළඟ “ශාන්ත වැලන්ටයින් දිනයේදිත් “ අපි හමුවිය යුතු බව .. සුන්දර ආදරවන්තයෙක් වන්තියක් ලෙස , මොකද හොඳ පෙම්වතෙක් , පෙම්වතියක් කියන්නෙත් එක්තරා විදිය “ශාන්තුවරබවක්“ ... එහෙම නැතිව “ඇනල පැනල“ යන අපරාධකාරයෙක් නොවෙයි.

දැන් පෙම්වතුන් නොවූ අය මොකද කරන්නේ , ..... ඔබ පෙම්වතෙක් , පෙම්වතියෙක් නොවුනත් , ඔබට ආදරය  කරන , ඔබ  ආදරය කරන අයෙක් මේ ලොකේ ඉන්නවා  , අන්න ඒ අය සමඟින් මේ සුන්දර දවස ගත කරන්න , එකිනෙකා ඇති ආදරය සෙනෙහස වැඩිදියුණු වෙන විදියට ,  එය ශාන්ත වැලනටයින්තුමා වෙත කෙරෙන ස්මරණීය ගෞරවයක් . 


එහෙම නම් අද ලිපියේ නිමාව , හිතය නැගුනු , දැනෙන දේ ලීවා මිසක , පර්යේෂණ සටහනක් කළා නොවෙයි , ඒ නිසා කෙනෙක් මෙය පිළීගනිත්දි , තවෙකෙක් “පිළිනොගන්නට“ ඉඩ තිබෙනවා , එය සත්‍යයක් , මම ඒ සත්‍යයට නිරන්තයෙන් ගරු කරන නිසා ඔබේ අදහසත් මෙයට එක්වනවාට සතුටුයි , ඒ මට වඩා අපට ඉන් යමක් ලබා ගත හැකි නිසා .... එසේ නම් සමුගනිමි සුව සතුට පිරි දිනයක පතමින් .

යන්න ඉස්සර වෙලා මෙන්න මේ ලිපිටිකත් බලල ( මේ ලිපි විවිධ ආකාරයෙන් වැදගත් වේවි . , දැනුවත් වෙන්නට )  , චිත්තරපටියත් බලලලම යන්නකෝ ..


31) ආදරේ ගැන රසම රස රහසක් - Love & lust (lost නොවෙන්නට)





87) කාන්තා දිනය හා ස්ත්‍රී දූෂණය





116) සොඳුරු හමුව බිඳ දමනා හොඳම ක්‍රමේ (උපත් පාලන ක්‍රම ගැන)





68) ඉල්ලන්නට ලැජ්ජ හිතුන ..නොගත්තොතින් වැඩ වරදින පෙත්ත ..



සීමා නැති වුනු වැලන්ටයින්ලා ... චිත්තරපටිය 





සත්‍ය සිදුවීමක කාටූනමය පෙළදැක්ම ... ආදරේ කියන්නේ ...

ලංකාවේ තවත් සුන්දර “ආදරණියයන්ගේ “ ඇත්තම කතාවකට මෙතැනින් යන්න පුළුවන් http://sinhala.adaderana.lk/news.php?mode=head&nid=2906

6 comments:

  1. වැලන්ටයින් ගැන ගොඩක් විස්තර දැනගත්තා. මේ තියෙන්නේ මම ඒ ගැන අද ලියපු කවිය...

    වැලන්ටයින් මහතා වෙත ඉතා ආදරයෙනි......

    අවුරැද්දට සැරයක් එන වැලන්ටයින් පුතේ
    උඹ ගැන මට බොහොම දුකක් කකියනවා හිතේ
    අපෙ අම්මලා උඹෙ නමවත් අහල තිබුනෙ නැතේ
    මුදළාලිලා කරකවනවා ආලය හැම අතේ

    කුඹුර කොටා ගෙට එන කළ ගොවි රජු හැම දිනේ
    පිළිගත්තා ගෙවිළිය විත් වෙනසක් නෑ අනේ
    ඔහු අත මල් කළඹ නැතත් ප්‍රේමය ඉති රැනේ
    වැලන්ටයින් හැම දිනයෙම ගෙපැලේ රජ වුනේ

    මුහුඳු ගිහිං එන සැමියා මාළු කූරි ගෙනා
    පිලී ගඳක් තිබුනට එහි ආලය පැති රැනා
    වැලන්ටයින් මල් නැතුවට ඇඹෙණිය සැනැ සුනා
    දෙන්නා එක්ක උයං කාලා එක තුරැලට උනා

    වැලන්ටයින් මහත්තයෝ නුඹ නාවට මෙහේ
    සැබෑ හදේ පෙම් හැඟුමන් හැමදාමත් ගැහේ
    මුලා වෙලා ඇයි නගින්නේ මුදළාලිගෙ ගහේ
    තවමත් නම් පරක්කු නෑ යන්න නුඹට සහේ


    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතිය නිර්මාණශීලි අදහසට .!

      Delete
  2. හි හි නියමයි දෙපාරක් බැලුවා.. වීඩියෝ ,, හොද විස්තරයක් ස්තුති ඔයාට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අපුර්වි ...

      Delete
  3. මම ඉතින් ආදරයට හැමදාමත් ආදරය කරන කෙනෙක්නේ . මට ඉතින් හැමදාම වැලන්ටයින් .:D
    …ස්තූතියි රසවත් විස්තරයට . චන්දනගෙ කවි ටිකත් හරි අපූරුයි .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම්හානි , නැවතත් සොඳුරු සුව අසපුව වෙත පැමිණීයාට ...

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)