2011/05/14

2nd Discussion - Therapeutic Communication - චිකිත්සීය සන්නිවේදනය - පළමු පියවර

අද අපි කතා කරමු සන්නිවේදනය ගැන , විශේෂයෙන්ම රෝහල් පරිසරයේදී සන්නිවේදනය භාවිත කරන විදියත් ,උපක්‍රමත් සන්නිවේදන හැකියාව කියන සම්පත නිසි අයුරින් ප්‍රයෝජනයට අරගෙන යහපත් සේවයක් ඉටු කරන්නේ කෙසේද කියන එකත් අද කතා කරමු.

මුලින්ම අපි බලමු සන්නිවේදනය යන්නෙහි අර්ථය ,Communication කියන පදයේ ආරම්භයට ගියොත් එහි අරුත “පොදු“  එහෙම නැතිනම් “දැනුවත්වීම“ වගේ අදහසක් , ඒ අනුව ගත්තොත් අපේ අදහස් , තොරතුරු , කැමති අකමැති දෑ වගේම හැගීම් වගේ දේවල් තවත් අය අතරේ බෙදාගෙන හැමෝම දැනුවත් වීම දළ අදහසක් විදියට ගන්න පුලුවන් . 

නමුත් අර්ථ දැක්වීමක් විදියට මේ විදියට මතක තියා ගන්න පුලුවන් “තොරතුරු , අදහස් හෝ හැගීම් හුවමාරු කර ගැනීමේ සහ සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලිය සන්නිවේදනයි“  the act or process of transmitting information (as about ideas,attitudes, emotions, or objective behavior 

සාර්ථකව අදහස් හුවමාරුවක් වන්නටනම් මොනවාද ඕන කරන්නේ , මුලින්ම මොකක් හරි අර්ථවත් අදහසක් , එහේම නැත්නම් පණිවිඩයක් තියෙන්නම එපායැ ඒකට අපි කියමු “පණිවිඩය“  , ඉංග්‍රීසියෙන් Message කියල  , දැන් මේ පණිවිඩය කාගේ ගාවද තියෙන්නේ අන්න එයාට අපි කියනව “පණිවිඩය යවන්නා, Sender කියල ,  දැන් මේ පණිවිඩය යවන්න ක්‍රමයක් ඕනනේ ,ඒක වාචික ,ලිඛිත හෝ මුද්‍රිත ක්‍රමයක් වැනි  ,එම ක්‍රමයට පණිවිඩය යැවීමේ මාධ්‍යය Media  කියල කියනව , දැන් මේ පණිවිඩය ගන්නේ කවුද ? එයා තමයි ග්‍රාහකයා Receiver , එයා පණිවිඩය අරගෙන නිකම්ම හිටයොත් , මේ පණිවිඩය නිවැරදිව ගියාද කියල පණිවිඩය යවපු කෙනා දන්නේ නැහැ , ඒ නිසා සන්නිවේදනය වඩාත් පලදායිවෙන්න නම් අර පණිවිඩය ගත්ත කෙනාගෙන් “පණිවිඩය ලැබුනු බව“ දැනුම් දීමක් වෙන්න ඕන , අපි එයට කියනව ප්‍රතිපෝෂණය Feedback  කියල , මේ තමයි ඵලදායි සන්නිවේදනයක් මුලික පියවර ,...

අපි මිළග දවසක කතා කරමු , මේ සන්නිවේදනය කියන වටිනා සම්පත නිවැරදිව පාවිච්චි කරන ආකාරය ,

 

No comments:

Post a Comment

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)