2011/05/26

4th Discussion - Therapeutic Communication - චිකිත්සීය සන්නිවේදනය - අවසන් පියවර

අද අපි මෙම මාතෘකාවේ අවසන් , ඒ වගේම ප්‍රායෝගිකව වැදගත්ම කොටසට එනවා, ඒ තමයි චිකිත්සීය සන්නිවේදන උපක්‍රම , මෙම උපක්‍රම හදුනාගැනීම , හෙදියකට විතරක්ම නොවෙයි “සමාජ ජීවීන්“ වන අප හැමෝටම වැදගත් වෙනවා. අපි දැන් බලමු ඒ උපක්‍රම මොනවාද කියල කෙටියෙන් ...




THERAPEUTIC COMMUNICATION TECHNIQUES 
  1. Using silence - allows client to take control of the discussion, if he or she so desires 
    • රැක ගන්න ඔබේ නිහඩ බව ( අනෙක් සගයාට හෝ සේවය ලබන්නාට ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව දෙන්න , මෙහිදී ඔබේ තවත් දක්ෂතාවයක් තිබිය යුතු වෙනවා , ඒ තමයි active listing skill  , ඒ කියන්නේ සක්‍රිය සහ කැමැත්තෙන් ඔහුට / ඇයට  සවන් දීම)
  2. Accepting - conveys positive regard 
    • එක් වන්න ඒ අදහසට ( ප්‍රකාශ කරන්නාගේ අදහසට එක්ව ඔහු /ඇය දිරි ගන්වමින් දෙබස ඉදිරියට ගෙනියන්න )
  3. Giving recognition - acknowledging, indicating awareness
    • පිළිගන්න ඔහු වැදගත් ලෙස ( ඔබේ සාකච්ඡාව තුලදි ඔහු / ඇය ඇමතීමට  “ගෞරවාන්විත නම“ භාවිත කරන්න , පළමු හදුනාගැනීමක් නම් ඔබ ගැනත් හදන්වා දෙන්න , එතකොට අපි අතරේ විශ්වාසයක් ඇති වෙනවා )
  4. Giving broad openings - allows client to select the topic
    • පුලුල් පිළිතුරකට ඔහු නතු කර ගන්න ( ඔහුගෙන්/ ඇයගෙන් ප්‍රශ්න විමසීමේදී සවිස්තරාත්මක පිළිතුරු ගත හැකි ලෙස ප්‍රශ්න යොමු කරන්න .උදාහරණයක් “ඔයාට බඩේ අමාරුව අඩුයි  නේද ?“ කියල ඇහුවොත් , එක්කො “ඔව්“ නැත්නම් ,“ නැහැ, ඒක ඒතරම් පලදායී ප්‍රශ්නයක් නොවෙයි , එත් අපි මෙහෙම ඇහුවොත් “ අද කොහොමද ඔයාගේ බඩේ අපහසුව ? “ එතකොට ටිකක් විස්තර කරන්න වෙනවා  නේද .
  5. Making observations - verbalizing what is observed or perceived
    • යොමු කරන්න ඔබේ නෙත , ඔහුවෙත (දෙබස තුලදී හඩ විතරක් නොවෙයි , ප්‍රකාශකයාගේ හැගීම් , මුහුණේ ස්වභාවය , චර්යාවන් පිළිබද අවධානයෙන් ඉන්න, උදාහරණයක් , කෙනෙක් කතාකරන ගමන් මුහුණේ ස්වභාවය වරින් වර වෙනස් වෙනවා නම් ඔහු යම් අපහසුතාවයක ඇති , එය හදුනාගන්න ඒ සදහා හොදින් eye contacts පවත්වා ගන්න ,
  6. Encouraging description of perceptions - asking client to verbalize what is being perceive
    • දිරිගන්වන්න ඔහුගේ නිදහස් අදහසට
  7. Encouraging comparison - asking client to compare similarities and differences in ideas, experiences, or interpersonal relationships
    • සැසදීම මගින් විසදීමකට එන්න (සමහර තත්ත්ව පැහැදිලි කිරීමට , සැසදීම් උදාහරණ ගන්න ,“ ඔයාගේ පපුවෙ වේදනාව මොනවාගේද ? කරන්ට් එකක් වදිනව වගේද අඩුවකින් තද කරනව වගේ ද ? මේවගේ සැසදිම් වලින් වැදගත් තොරතුරු ලබා ගන්න පුලුවන්.
  8. Reflecting & Focusing- directs questions or feelings back to client so that they may be recognized and accepted and taking notice of a single idea or even a single word
    • වැදගත්ම  තැන හදුනා ගන්න (සාකච්ඡාවේ දී ඔබට හදුනාගත යුතු තොරතුර පිළිබද පුකාශවූ විටක නැවත වක්‍රාකාරව එම තොරතුර පිළිබද තවදුරටත් විස්තර ලබා ගන්න
ඉතින් මේ අපි කතා කළේ දිගු මාතෘකාවක් ගැන කෙටියෙන් , මම හිතනවා මේ සිංහල බ්ලොග් අතරේ මේ බ්ලොග් අඩවියත් ඔබට යම්  තරමක හෝ දැනුමක් දේවි කියල ,කොහොම වුනත් මේ පිළිබද ඔබේ අදහස් වගේ උදහස් බාර ගන්නත් මම සුදානම් , ඒ සියල්ල ඔබට ගෞරවය පුදමින් මම භාර ගෙන මෙය සාර්ථකව ඉදිරියට ගෙන යන්න උත්සාහ කරනවා , 


4 comments:

  1. මචං ලිපි ටික නම් විශිෂ්ටයි. මම ෙනාදන්න ෙද්වල් ෙගාඩක් ඉෙගන ගත්තා.
    මචං ලිපිය දිගටම ඔෙහාම දානවට වඩා, Read more button ඒකක් දාලා Page break ඒකක් දුන්ෙනාත් ෙහාදයි ෙන්ද.
    ඒතෙකාට බ්ෙලාග් ඒකට තවත් ෙහාද ෙපනුමක් ඒවි.

    ෙකාෙහාමවුනත් ලිපි ටික නම් මරු....දිගටම ලියන්න.

    ReplyDelete
  2. ඔබේ අදහසට ස්තුතියි ,

    ReplyDelete
  3. කාර්යාලයේ අසනීප කාරයෙක් ඉන්නව හෙටම ගිහින් ඔබ කිව් ආකාරයට අසන්ට ඕන ඔහුගේ අසනීප තත්වය
    ගැන.

    ReplyDelete
  4. ඔව් , අහන්න Open ended question එකක් විදියට , ලොකු උත්තරයක් ලැබේවි :-) , මම නම් මේ උපක්‍රම ප්‍රායෝගිකවම භාවිත කරනවා , සතුටුයි මෙම කරුණු පිළිබද දක්වන රසවත් උනන්දුවට ...

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)