තත් තත් තත් තාර පැටියා ...පුතා මගේ තාර පැටිය .... |
“ආ මහේෂ් අය්යේ , කඩේ ගියාළු නේද ? ....අපි ආව අනේ අද ඩොක්ටර්ට පෙන්න ගන්න කියල , මාසෙකින් එන්න කිව්වනේ ..., “ ගෙට ගොඩ වෙන්නත් ඉස්සර නංගි කියාගෙන ගියා ..“ආ මහේෂ් අයිය , කොහොමද ? “ නංගිගේ මහත්තය පත්තරයක් බලන ගමන්ම මගේ දිහා බැලුව ..
“තාත්තේ , මේ බලන්න අපි ලස්සනට ඇඳ හැදුවා නංගිට ...“ හැමදාම සුන්දර කේලමක් කියාගෙන මගේ ගාවට එන පොඩ්ඩි අදත් පුරුද්ද අත්හැරියෙ නැහැ , “ෂා ලස්සනට ඇඳ හදල තියෙන්නේ , ලස්සන ෂීට් එකක් දාල ...වටේටම කොට්ට තියල ...“ මම එහෙම කියන කොට පොඩ්ඩිට හරි ආඩම්බරයි ...
කොහොම හරි මේ කෙළි පැටික්කි අපි ගාව තියල නංගියි මහත්තයයි කරාපිටියේ තියෙන පෞද්ගලික රෝහලකට ගියා , විශේෂඥ වෛද්‍යවරයෙක්ව හමුවන්නට , ඇයගේ සෞඛ්‍ය ගැටළුවකට ප්‍රතිකාර ගන්න ,
නංගි පැටික්කිට හරිම “ජොලි“ , අක්කල දෙන්න වට කරගෙන නටනවා , සිංදු කියනවා වැඩ ගොඩයි , අර පිළීවෙලට හඳපු ඇඳ , ඇඳ රෙදි කැලේ ..පුංචි එවුන්ගේ ලෝකෙනේ ...
මේ ඇඳ රෙද්ද එක්ක මට මතක් වුනා ඊළඟ post එකට ලියන්න මාතෘකාවක් , “ආර්තවය හෙවත් menstruation “ ගැන ලියන්න ඕන , මොකද මේ තත්ත්වයේ විවිධ ගැටළු , ප්‍රශ්න ඒ විතරක් නොවෙයි සමහර සාමාන්‍ය සිදුවීම් පවා මහා රෝග තත්ත්ව කියල කාන්තාවන් හුඟ දෙනෙක් බිය වෙලා ඉන්න බව මට ලැබෙන අදහස් වලින් මට දැනෙනවා , මෙම සටහන කියවන එක්තරා දියණියක් ( හෝ කාන්තාවක් ) මට කතා කරල කළ ඉල්ලීමත් මෙම මාතෘකාවට යන්නට හේතුවක් වුනා ,
මොකක්ද මේ menstruation කියන්නේ ? අදත් වෙනද වගේම ජීව විද්‍යාව පන්තියක් දාන්න වෙනවා , එනව නේද ඒ පාඩමට ? .....
කාන්තාවකගේ ප්‍රජනක පද්ධතිය හැදිල තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ ලෝකෙට දරු පැටියෙක් ලබා දෙන්න කීවොත් හරි කියලයි මට හිතෙන්නේ , මොකද වෙන මොන කාර්යය කළත් ( ඒ කිව්වේ හෝමෝන නිශ්පාදනය , සංසර්ගික ක්‍රියා intercourse ) පැටියෙක් හදා ගන්න , ඒ පැටියව රඳව ගන්න , එයාව පෝෂණය කරල ලෝකයට බිහි කරන්න මේ ප්‍රජනක පද්ධතියේ අවයව වෙන මහන්සිය ගැන හිතුවම හරිම පුදුමයි ,
දැන් අපි ටිකක් හොයල බලමු මේ අවයව සහ ඒවායේ කාර්යයන් මොනවන කියල , මොකද හැමදාමත් කියනවා වගේ “ලෙඩේ හොයා ගන්න නම් වැඩේ දැන ගෙන ඉන්න“ එපායැ නේද ?
ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය |
මේ පද්ධතිය ප්‍රධාන කොටස් හතරකින් හැදිලා තියෙනවා කියන්න පුළුවන් , ඒ තමයි පැටියෙක් හදන්න ඕන ස්ත්‍රී බීජය (ඩිම්බය - ovum) නිශ්පාදනය කරන , ඕන දවස වෙනකම් පරිස්සම් කරල තියා ගන්න ඩිම්බ කෝෂ Ovaries , කෙල්ලට අවුරුදු 12-14කි විතර වෙන කොට මාසෙකට සැරයක් , ඩිම්බ කෝෂ දෙක මාරුවෙන් මාරුවට , මේ ඩිම්බ සෛල අර “ඇඳ“ දිහාවට ඒ කිව්වේ ගර්භාෂය වෙතට මුදා හැරීමත් ඇරඹෙනවා , අනෙක් මෙයාල හෝමෝන නිශ්පාදනයට (ස්ත්‍රී ලක්ෂණ , තත්ත්ව සහ තවත් ජීව ක්‍රියා සදහා දායක වන රසායනිකයක් ) දායක වෙනවා ,
අනෙක් එක්කෙනා තමයි අර ඩිම්බ කෝෂ ෆැක්ටරියෙ හැදෙන ඩිම්බ සෛලය පරිස්සමින් අරගෙන යන්න තියෙන පාළම , අපි ඒකට කියනවා Fallopian tube ෆැලෝපියන් නාල කියල ,
ලෝකයේ වටිනාම සම්පත ...සතුට ..... |
අන්තිමයා Vagina , එයාගේ වැඩත් නරකම නැහැ , මොකද මෙයා තමයි අර මුලින් කී පුරුෂ සෛල මිලියන ගණනක පිහිනුම් තරඟයට අනුග්‍රාහකත්වය දක්වන්නේ , (ඔය ජීවිතයේ සුන්දරම පිහිණුම් තරඟය ගැන දැන ගන්න මෙතැනින් ගිහින් බලන්න ) , ඊට අමතරව ලිංගිකව එක්වීමේ ක්‍රියාවෙදිත් ප්‍රධාන අනුග්‍රාහකයා මෙයාමයි , අනෙක පැටිය පරිස්සමින් ලෝකෙට බිහි කරන මාර්ගයත් මේකමයි ,
ඔන්න දැං ඉතිං අපි ඒ පද්ධතිය ගැන අපිට දැනට ඕන ටික කතා කළා , අපි දැන් jump එකක් දාමු අපේ ප්‍රධාන මාතෘකාවටම ...ඔන්න අල්ල ගන්න ..පැන්නා.......
දැන් ආයෙත් අහමුකෝ මොකක්ද මේ menstruation කියලා ?...... අපි දැන් කිව්වනේද අර ගර්භාෂයේ ඇතුළෙ බිත්තියක් ගැන , පැටියට ගොඩාක්ම ආදරේ කරන , රැක බලාගන්න එක්කෙනා ,...අපේ ගැහැණු දරුවෙක්ගේ උපතේ ඉදළම මේ පටකය තියෙනවා , ඒත් අපේ දරුවා අවුරුදු 12 විතර වෙත්දි මේ පටකය වඩාත් සක්‍රිය වෙනවා , ඒ එක්කම ස්ත්‍රී ජන්මාණු සෛලය වන ඩිම්බ Ovum නිශ්පාදනය වෙලා ගර්භාෂයට මුදා හැරීමේ ක්‍රියාවත් ඇරඹෙනවා , මේ සඳහා බලපාන ඊස්ට්‍රජන් , ප්‍රොජෙස්ටරෝන් වගේ හෝමෝන ගණනාවක් එක්කම තවත් සාධක ගනනාවක් එක් වෙනවා ,
හරි කොහොම හරි මේ කෙල්ලට අවුරුදු 12 මෙයා සක්‍රිය වෙනව කිව්වනේ ....මම ඔය සක්‍රිය වෙනවා කිව්වේ දැන් එයා බලාගෙන ඉන්නේ එයාගේ ප්‍රධාන වගකීම ඉටු කරන්නේ කවදාද කියලා , ඒ කියන්නේ පැටියෙක් නිර්මාණය කිරීමේ කටයුත්ත, ඔන්න දැං ගර්භාෂ ඇතුළු බිත්තිය හොඳට හඳාගෙන , ඩිම්බ කෝෂ දීපු ඩිම්බ සෛලයත් පරිස්සමට තියාගෙන බලාගෙන ඉන්නවා sperm කෙනෙක් පීනගෙන ඇවිත් පැටියෙක් හදයි කියළ ,
කොයි තරම් ආසාවෙන් බලාගෙන ඉන්නවද කිව්වොත් එයා මාසයක් පුරාවට ගර්භාෂයට වෙලා බලාගෙන ඉන්නව “අනේ පැටියෙක් , අනේ පැටියෙක් “ කිය කියා ඒත් අර ඩිම්බ සෛලය නම් එහෙම බලාගෙන ඉන්න පුළුවන් දවස් දෙකක් විතරයි , ඊට පස්සේ අනේ එයා මැරිල යනවා , එත් endometrium එකනම් මාසෙ පුරාවටම මග බලාගෙන ඉන්නවා , බලාගෙන ඉඳලා මාසේ අවසානේ පැටියෙක් හැදුනේ නැත්නම් මොකද කරන්නේ , හරියට අපේ ගෙදර ආපු අර “නංගි බබාට“ අළුත් ෂීට් දාල ඇඳ හදල දුන්න වගේ , ගර්භාෂයත් කරන්නේ එයාගේ පරණ endometrium පටකය (ගර්භාෂයේ අභ්‍යන්තර ස්ථරය) ගලවල අයින් කරල (අර පරණ ෂිට් අයින් කළා වගේ ) , අළුත් පටක ස්ථරයක් හදා ගන්න එක , ඒ එක්කම ඔය ඇඳ හොඳට හදලා ඉවර වුනාට පස්සේ ඩිම්බ කෝෂයත් ආයෙත් ඩිම්බ සෛලයක් මුදා හරිනවා , එහෙම සූදානම් වන ඩිම්බ සෛලයත් ගර්භාෂයත් බලාගෙන ඉන්නව පැටියෙක් බලා හදා ගන්න , අපි හිතමු ඔන්න ශුක්‍රාණුවක් තරඟෙන් දිනල ovum එක්ක එකතුවෙලා අර චූටිම චූටි පැටියෙක් හැදුනා කියල , ඔන්න දැන් ඉතිං හරි ආඩම්බරයි endometrium ට එයා බොහොම පරිස්සමෙන් එයාගේ සුව පහසු ඇඳේ පරිස්සමින් පැටිය නිදි කරගන්නවා , ආයෙත් ඇඳ රෙදි ගලවන්න , අස්කරන්න යන්නේ නැහැ , බොහොම පරිස්සමින් , පිරිසිදුවට , උණුසුම , ආරක්ෂෘව දෙමින් මේ පැටියව මාස 9ක් විතර රැක බලා ගන්නේ මේ ආදරණීය endometrium ස්ථරය ...
කෝ ඉතිං ඒත් කිව්වේ නැහැනේ ආර්තවය කියන්නේ මොකක්ද කියල ....ඔව් ආර්තවය කියන්නේ අර විදියට දවස් 28ක් විතර බලාගෙන හිටපු ගර්භාෂ ඇතුළු බිත්තිය Endometrium , ඇඳ රෙදි අයින් කළා වගේ ගැලවිලා කැඩිලා දේහයෙන් ඉවත් වීමේ ක්‍රියාව , ඕකට සුද්ධ වීම කියල කියන්නේ ඔය නිසාද මන්ද , කොහොම වුනත් මේ පටක ස්ථරය කැඩිලා , රැධිරය සමඟ යෝනි මාර්ගයෙන් බැහැර වීම තමයි menstruation නැත්නම් ආර්තවය කියන්නේ , ඔය විදියට පරණ එක අයින් වුනාට පස්සේ ඉස්සෙල්ල කිවුව වගේ ආයෙත් අළුත් ස්ථරයක් හැදෙනවා , එයත් දින 28ක් විතර බලාගෙන ඉඳළා වැඩේ හරි ගියෙ නැත්නම් ගැලවිලා එළියට යනවා , ආර්තවය සිදුවෙනවා . අපි ඔහොම කිව්වට මේ වැඩේ හරිම සංකීර්ණ , එකකට එකක් බැදිච්ච වැලක් වගේ ක්‍රියාවලියක් , හොමෝන ගණනාවක් එක් වෙලා කරන සංකීර්ණ වැඩක් ,
එතකොට මොකක්ද වැඩිවිය පත් වුනා Puberty කියන්නේ ? අපි කිව්වනේ ගැහැණු දරුවෙක් අවුරුදු 12 විතර වෙනකොට මේ ගර්භාෂ අභ්‍යන්තර ස්ථරය එයාගේ මූලික කටයුත්තට ප්‍රමාණවත් තරමට සූදානම් වෙනවා , සක්‍රිය වෙනවා කියලා , ඔන්න ඔය විදියට සක්‍රිය වෙච්ච පටකය මාසයක් තිස්සේ බලන් ඉඳළ , වැඩෙක් වුනේ නැති තැන කැඩිළ දේහයෙන් පිටවන පළමු අවස්ථාව තමයි ඔය වැඩිවිය පත් වුනා කියන්නේ , menache, සාමාන්‍යෙයන් අවුරුදු 12 විතර මේ ක්‍රියාව ආරම්භ වෙන්න ඕන වුනත් සමහර අවස්ථාවල අවුරුදු 9-10 වගේ වයස් වලදිත් වෙන්නට ඉඩක් තිබෙනවා , එතැනදි දරුවගේ වර්ධනය ගැන සැලකිල්ලෙන් ඉන්න , ඒ වගේම අවුරුදු 16ක් විතර යනකම්ම “වැඩිවිය පැමිණුනේ නැත්නම්“ Primary amenorrhoea මේ තත්ත්වය ගැන ප්‍රමාද කරන්නේ නැතිව නිසි වෛද්‍ය උපදෙසක් ගන්න , හුඟක් වෙලාවට දරුවාගේ හෝමෝන මට්ටම් පිළිබඳ පරීක්ෂණ කිහිපයක් කරාවි මෙයට හේතුව හඳුනාගැනීමේදි .
ඒ කියන්නේ “ලිංගිකව පරිනත වූ “ මේ කෙල්ල , අම්ම කෙනෙක් වෙන්න මූලික හැකියාව තියෙන කෙනෙක් , ඒ කියන්නේ යම් හේතුවක් නිසා මේ දැරිවිගේ ගර්භාෂයට sperm කෙනෙක් පීනල ආවොත් ගර්භාෂය සූදානම් අවස්ථාවක , ඩිම්බ සෛලයක් බලාගෙන ඉන්න විටෙක , එයාට අම්ම කෙනෙක් වෙන්න පුළුවන් , ඒත් මේ වයස අම්ම කෙනෙක් වෙන්න තරම් සුදුසු නැහැ කියන එකයි වෛද්‍ය මතය , මොකද අවුරුදු 12 කියන්නේ ගෙදර පොඩි කෙළීනේ , තාම පැටික්කී ....(මේ වයසේදී ගර්භණී විමේ අනතුර ගැන කියවන්න ) කොහාම වුනත් මේ අවස්ථාව හොදම වයස මේ දුවණියට මේ තත්ත්වය ගැන යම් තරමක දැනුමක් ලබා දෙන්න , විය හැකි අනතුරු , ආරක්ෂාවන විදිය , වෙනස්කමක් ගැන කතා කළ යුතු අය ගැන , මොකද මේ වයස හරිම කුතුහලකාරී , පෙරළිකාරී වයසක් ඒ වගේම කල්ලි හැදෙන වයසක් , වැරදිලාවත් වැරැද්දකට යොමු වුනොත් අවාසනාවන්ත ඉරණමකට යොමු වෙන්නත් බැරි නැහැ , ඒ නිසා විශේයෙන්ම මව මේ දැනුවත් කිරීම කරනවානම් හරිම වැදගත් , පාසලක ගුරුතුමියකටත් බොහොම දැනුවත් සහ වැදගත් විදියට නිවාඩුවේ ඉඳළ එන මේ “අළුත් කෙල්ලට “ යමක් කියල දෙන්න පුළුවන් නේද ?
දන්නවද මගේ මිත්‍රයෙක්ගේ බිරිඳක් මට පහුගිය දවසක කියනවා “අනේ අපේ දුවට තාම දවස් අටයි , ඒවුනාට එයා puberty වුනානේ , දැන් මොකද කරන්නේ කියලා , මොකද වෙලා තියෙන්නේ , මේ කෙළි පැටික්කි හමුබවෙලා දවස් 2-3 අතරෙදි vagina තුලින් රැධිරය ස්වල්පයක් බැහැරය ඇවිත් , මේක දැකපු නැන්දම්මා හොඳටම කළබල වෙලා , මහ කළබලයක් , ඉතින් මට සිද්ධ වුනා ඇයට මේ තත්ත්වය ගැන ටිකක් කියල දෙන්න , ඇත්තටම මොකක්ද මේ තත්ත්වය , අපි මේකට කියන්නේ Pseudo menstruation කියලා මෙතැනදි සිද්ධ වෙන්නේ මේකයි , එය කෙළි පැටික්කි අම්මගේ ගර්භාෂයේ ඉන්න කම් , අම්මගේ හෝමෝන වල යම් බලපෑමක් චූටි පැටියටත් තියෙනවා , ඉතින් පැටියා බිහිවෙලා අම්මගේ ඇඟෙන් අයින් කළ ගමන් අර හෝමෝන ප්‍රමාණයන් ඉක්මණින් වෙනස් වෙනවා , ඒකේ ප්‍රතිපලයක් විදියට තමයි මේ විදියට ලේ චුට්ටක් සමහරවිට mucus චුට්ටක් පිටවෙන්න පුළුවන් වෙනනේ , කළබල වෙන්න එපා දරුවව පිරිසිදු කරල ආදරෙන් උණුහුමින් තුරුළු කරගෙන ඉන්න , වෙන මුකුත් කරන් යන්න එපා , පැටික්කිට අවුරුදු 12ක් විතර වෙත්දි සාමාන්‍ය විදියටම වැඩිවිය පත් වේවි , එදාට ඔය කරන උත්සවයක් , මඟුලක් හරි මොකක් හරි කර ගන්න ,
මේ ආර්තව ක්‍රියාවලියේ සාමාන්‍ය තත්ත්වය දින 28කට වරක් මේ පටක බිඳ වැටීම , රැධීරයට පිටවීම දින 5ක් විතර තියේවි , හැබැයි ඉතින් ආර්තවය ආරම්භවෙලා මුල් අවධියෙදි සමහර දරුවන්ගේ මේ ක්‍රියාව පිළිවෙලක් නැහැ වගේ දැනෙනවා , එක මාසෙකට දින 28කින් , ඔන්න ඊළඟ මාසේ දින 20න් ,ඊළඟට ආයෙත් දින 29න් , කළබල වෙන්න එපා , තාම මේ කෙළීගේ හෝමෝන හරියටම පිළිවෙලකට ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන නැහැ , ටික ටික හරියාවි , හැබැයි අවුරුදු 20-22 වෙලත් තාම අක්‍රමවත් නම් වඩාත් හොඳයි වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ගන්න එක , බය වෙන්න එපා , බොහෝවිට නිවැරදි වේවි , එත් සමහර රෝග තත්ත්ව සහ හෝමෝන ගැටළු වලදිත් මේ විදියට ආර්තවය අක්‍රමවත් වෙන්න පුළුවන් , ඔය විදියටම ආර්තවය නිමාවෙන්න ඒ කිව්වේ ආර්තවහරණය menopause කිට්ටු වුනාමත් මේ වගේ අක්‍රමවත් වීම් සිදුවීම ස්වභාවිකයි.
අපි දැන් කතා කරමු , මේ ආශ්‍රිතව තියෙන ප්‍රධාන ගැටළු කිහිපයක් ගැන , මුලින්ම අපි කතා කරමු ආර්තවය සිදු නොවීම ගැන Amenorrhea කියලයි වෛද්‍යවිද්‍යාත්මකව මේ තත්ත්වය හඳුන්වන්නේ , මෙහි ආකාර දෙකක් තියෙනවා , ඔබ දැනටමත් එකක් ගැන දන්නවා , මොකක්ද ඒ ,.........බලන්නකො මේ ලිපියේ මීට ඉස්සර වෙලා මේ වචනේ තිබුනද කියලා , ඔව් ...Primary amenorrhea , ඒ කිව්වේ ගැහැණු දරුවෙක් වයස අවුරුදු 16 වන තුරුත් වැඩිවියට පත් නොවීම , menache නොවීම , මේතත්වය ගැන කතා කළ නිසා දැන් එන්නම් secondary amenorrhea ගැන , මෙතැනදි වෙන්නෙ සාමාන්‍යෙයන් ආර්තවය සිදුවෙමින් තිබූ කාන්තාවකගේ එම ක්‍රියාව වාර තුනක් හෝ වැඩි ගනනක් සිදු නොවීම , සාමාන්‍යයෙන් ගර්භණීත්වයේදි මෙය සාමාන්‍ය දෙයක් , ඒත් ගර්භණී නොවුනු කාන්තාවකට මෙම තත්ත්වය ඇති වෙනවා නම් අනිවාර්යයෙන්ම ඖෂධීය ප්‍රතිකාරයකට යන්න වේවි , ඒ සඳහා ඔබේ වෛද්‍යවරයාගේ , හැකිනම් නාරිවෙද විශේෂඥ වෛද්‍යවරයෙක් Gynecologist මුන ගැහෙන්න , ප්‍රමාද නොකරනවා නම් හොඳයි , මොකද මේ ක්‍රියාවලිය සහ දරු පිළිසිඳ ගැනීම අතර ලොකු සබඳතාවක් තියෙන නිසා සෙල්ලං කර කර ඉන්න එපා , ! මේතත්ත්වය තිබෙන අයට දැනේවි කොන්ඩෙ ගැලවිලා යනවා වැඩියි වගේ , ඇස්වල ඔළුවේ කැක්කුමක් දිගමට තියෙන්නත් පුළුවන් , ටිකක් බලන්න පියයුරු වල නිපල දිහාව , සමහර විට කිරිපාටට දියරයක් පිටවෙන්නත් ඉඩ තියෙනවා ,
හැබැයි ඔබ උපත් පාලන පෙති , O.C.P , මානසික ප්‍රතිකාර ඖෂධ හෝ සමහර අධිරැධිර පීඩනයට දෙන ඖෂධ වලටත් මේ තත්ත්වය තාවකාළිකව මතු වෙන්න පුළුවන් , ඒ වගේම ඔබ හුඟක් තරබාරු නම් P.C.O.S වගේ රෝගයකින් පෙළෙනවානම් (මේ ගැන දැන ගන්න එන්න ) මේ තත්ත්වය ඇති වෙන්න ඉඩ තියෙනවා , ඒ වගේම හැම ලෙඩේටම එන පවුල් සම්බන්දෙ මෙතැනදිත් එනවා , ඒ කියන්නේ මවට හරි සහෝදරියකට හරි මේ තත්ත්වය තිබුණා නම් ඔබටත් පොඩි අවදානමක් තිබෙනවා , ඒ වගේම ඔබ ඉතා තදින් ක්‍රිඩා පුහුණු වීම් වල යෙදෙනවානම් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් , ඔන්න දැන් මං කිව්වද සෙල්ලං කරන්න එපා කියලා , නැහැ , සෙල්ලං කරන්න , මේ වගේ ප්‍රශ්නයක් ආවොත් දොස්තර මහත්තය හම්බවෙන්න , බෙහෙතක් ගන්න , එච්චරයි , හැබැයි නිසි ප්‍රතිකාරයක් නොගත්තොත් දරුවෙක් ලැබීමේ වටිනා අවස්ථාව , සම්පත ඔබට නැති වෙන්නත් ඉඩ තියෙනවා , ඒ නිසා ප්‍රමාද කරන්න ලැජ්ජවෙවී ඉන්න එපා , ලෙඩේ ගැන ඔබේ වෛද්‍යවරයා එක්ක කතා කරන්න ,
මේ වගේම තවත් තත්ත්වයක් තමයි dysmenorrhea කියන්නේ , මේක ගැන කතා කරන කොටත් සමහර කාන්තාවන්ට රිදේවි , මොකද මේ තත්ත්වය අතශ්ය වේදනාකාරිය , mensuration තියෙන දවස් ටිකේ පුදුම දුකක් විඳින්නේ , මුලිකව අපි මුලින් කී ආර්තව ක්රියාවේ ලොකු වැඩේ ඇතුළේ සිදුවන යම් රසායනික ප්‍රතික්‍රියා කිහිපයක් බලපෑම නිසයි මේක වෙන්නේ , හරිම වේදනාකාරී muscle cramps ඇති වෙනවා , විශේෂයෙන් වැඩිවිය පත්වෙලා මුල් මාස හය හත අතරේ ඇතිවීමේ අවදානම වැඩියි , ජීවිතේට ලොකු කරදරයක් නොකරතත් වේදනාව හුඟක් වැඩිනම් ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවුනාම ඔහු ඔබට සුදුසු යම් වේදනා නාශක වර්ගයක් ඔබට ලබා දේවි , එයින් ප්‍රශ්නේ මඟ හැරගන්න පුළුවන් , ඒත් ඔබ ටිකක් වියපත් නම් , මේ තද කැක්කුමත් එක්කම ආර්තව රැධිර වහනය ඉත වැඩි නම් , දින ගනන වැඩිනම් සමහර විට ඔබට Endometriosis කියල ගර්භාෂ ඇතුළු බිත්තිය අසාමාන්‍ය විදියට ඝණවීමේ තත්ත්වයක් වෙන්න පුළුවන් , ඒතැනදිත් මේ අධික වේදනාව ඇති වෙනවා , මේ අවස්ථාව අනිවාර්යයෙන්ම නිසි ප්‍රතිකාරයක් ලබන්නටම ඕන කරන වෙලාවක් , ඒවගේම ඔබට ගර්භාෂය ආශ්රිත වෙනත් රෝගයක් තිබේද කියල හොයන්න හොඳ ලක්ෂණයක් තමයි මේ අධික වේදනාව .
අනෙක් තත්ත්වය තමයි Menorrhagia කියන්නේ , මේක නම් අනතුරුදායක තත්ත්යක් , මෙතැනදි වෙන්නේ ආර්තව චක්‍රය දින ගණනින් නිවැරදි වුනත් හුඟක් ලේ යන එක , සමහර අවස්ථාවල රැධිර වහනය වන දින ගණනත් දින හතක් දහයක් විතර වෙන්න පුළුවන් , අවුරුදු 30ට වැඩි කාන්තාවන්ට වැඩි අවස්ථාවක් තියෙන මේ තත්ත්වයේදීත් නිවැරදි ප්‍රතිකාරයක් සඳහා යොමු වෙන්නම ඕන , නැත්නම් ඔබේ ඇඟේ ලේ අඩුවෙලා නිරක්තිය Anaemea වගේ තත්ත්වයක් වුනත් ඇති වන්නට පුළුවන් ,
දැන් නං ඇති කියල හිතෙනවා , අනෙක මේක එච්චර කතා කරන්න ආස කරන තත්ත්වෙකුත් නොවෙයිනේ ,
අවසානයේ මේ තත්තවය ගැන කියන්න ඕන පොදු කරුණූ කිහිපයක් තියෙනවා , මුලින්ම කාන්තාවක් විදියට මේ තත්ත්වයට මුහුණ දිය යුතු බව වටහා ගන්න , හැම menstruation එකකටම පෙර එන පූර්ව ලක්ෂණ සමූහය pre menstrual syndrome තත්ත්වයේ ගැටළු හඳුනගන්න , ටිකක් තරහ යන ගතිය , නොසන්සුන් ස්වභාවය , mood ගහගෙන ඉන්න එක , ඇඟපත රිදෙන එක ,කකුල් වල , බඩේ , පියයුරු වල පොඩි වේදනාවක් එන එක වගේ ලක්ෂණ ගණනාවක් මේ pre menstrual syndrome එක්ක තියෙනවා , ඉතින් ඒ තත්ත්වය තේරුම් ගන්න ,
විශේෂයෙන්ම අපේ පිරිමි පාර්ශවයත් (විවාහක හෝ පෙම්වතුන් ) , ඔය දවස් වල ඇයට පොඩ්ඩක් තරහ ගියොත් , අනේ කළබල කරන්න එපා , ඇය ඉන්නේ හරිම වේදනාකාරී අතදැකීමක , උදව් කරන්න ඇයට , දෙන්න ආදරය ඇයට ,හිත රිද්දන්න එපා , මේ වෙලාවට හුඟක් දුක හිතෙනවා හේතුව මේ තත්ත්වයේ එක් ලක්ෂණයක් තමයි තාවකාළික අවපීඩන තත්ත්වයක් ඇතිවීම .
ඒවගේම මෙවැනි රෝග තත්ත්වයක් හරි සාමාන්‍ය කටයුතු කරගන්න බැරි තරමටම ගැටළුකාරී ස්වභාවයක් හරි තිබේ නම් ඔබේ වෛද්‍යවරයා හමු වන්න , කියන්න ඔබේ ගැටළුව , හුඟක් වෙලාවට අපි දකින දෙයක් තමයි මේ වගේ ප්‍රශ්න “ලැජ්ජාවත් එක්ක කතා කරන්න බැරි නිසා (ඔවුන් කියන විදියට) “ නිසි වෛද්‍ය උපදෙසකට යොමු නොවීම නිසා ලොකු අනතුරු වලට පත් වීම , මේක ලැජ්ජ වෙන්න දෙයක් නෙවි , මෙයත් උණ හෙම්බිරිසාව කැස්ස වගේම කියන්න පුළුවන් ගැටළුවක් , නිවැරදිව ප්‍රතිකාරයක් නොගත්තොත් නම් ලැජ්ජ වෙන්නත් පුළුවන් ....
එහෙම නම් අදට නවතිනවා , අද මගේ sleeping day එක , ඒ කියන්නේ ඊයේ රාත්‍රී සේවා මුරය කළ නිසා අද විවේකයක් තියෙනවා , එහෙනම් මම දැන් යනවා ටිකක් නිදා ගන්න , ....ඒත් සැපට නිදා ගන්න බැරිවෙයි වගේ ලොකු දුව Barbie cartoon එකක බැහැල රස විඳිනවා , මොකද එයාගේ වාර විභාගේ ඉවරයි ...
ඔන්න දැං ඉතිං අපි ඒ පද්ධතිය ගැන අපිට දැනට ඕන ටික කතා කළා , අපි දැන් jump එකක් දාමු අපේ ප්‍රධාන මාතෘකාවටම ...ඔන්න අල්ල ගන්න ..පැන්නා.......
දැන් ආයෙත් අහමුකෝ මොකක්ද මේ menstruation කියලා ?...... අපි දැන් කිව්වනේද අර ගර්භාෂයේ ඇතුළෙ බිත්තියක් ගැන , පැටියට ගොඩාක්ම ආදරේ කරන , රැක බලාගන්න එක්කෙනා ,...අපේ ගැහැණු දරුවෙක්ගේ උපතේ ඉදළම මේ පටකය තියෙනවා , ඒත් අපේ දරුවා අවුරුදු 12 විතර වෙත්දි මේ පටකය වඩාත් සක්‍රිය වෙනවා , ඒ එක්කම ස්ත්‍රී ජන්මාණු සෛලය වන ඩිම්බ Ovum නිශ්පාදනය වෙලා ගර්භාෂයට මුදා හැරීමේ ක්‍රියාවත් ඇරඹෙනවා , මේ සඳහා බලපාන ඊස්ට්‍රජන් , ප්‍රොජෙස්ටරෝන් වගේ හෝමෝන ගණනාවක් එක්කම තවත් සාධක ගනනාවක් එක් වෙනවා ,
ඔව් ..අද තරඟයෙන් දිනන්නේ .. |
කොයි තරම් ආසාවෙන් බලාගෙන ඉන්නවද කිව්වොත් එයා මාසයක් පුරාවට ගර්භාෂයට වෙලා බලාගෙන ඉන්නව “අනේ පැටියෙක් , අනේ පැටියෙක් “ කිය කියා ඒත් අර ඩිම්බ සෛලය නම් එහෙම බලාගෙන ඉන්න පුළුවන් දවස් දෙකක් විතරයි , ඊට පස්සේ අනේ එයා මැරිල යනවා , එත් endometrium එකනම් මාසෙ පුරාවටම මග බලාගෙන ඉන්නවා , බලාගෙන ඉඳලා මාසේ අවසානේ පැටියෙක් හැදුනේ නැත්නම් මොකද කරන්නේ , හරියට අපේ ගෙදර ආපු අර “නංගි බබාට“ අළුත් ෂීට් දාල ඇඳ හදල දුන්න වගේ , ගර්භාෂයත් කරන්නේ එයාගේ පරණ endometrium පටකය (ගර්භාෂයේ අභ්‍යන්තර ස්ථරය) ගලවල අයින් කරල (අර පරණ ෂිට් අයින් කළා වගේ ) , අළුත් පටක ස්ථරයක් හදා ගන්න එක , ඒ එක්කම ඔය ඇඳ හොඳට හදලා ඉවර වුනාට පස්සේ ඩිම්බ කෝෂයත් ආයෙත් ඩිම්බ සෛලයක් මුදා හරිනවා , එහෙම සූදානම් වන ඩිම්බ සෛලයත් ගර්භාෂයත් බලාගෙන ඉන්නව පැටියෙක් බලා හදා ගන්න , අපි හිතමු ඔන්න ශුක්‍රාණුවක් තරඟෙන් දිනල ovum එක්ක එකතුවෙලා අර චූටිම චූටි පැටියෙක් හැදුනා කියල , ඔන්න දැන් ඉතිං හරි ආඩම්බරයි endometrium ට එයා බොහොම පරිස්සමෙන් එයාගේ සුව පහසු ඇඳේ පරිස්සමින් පැටිය නිදි කරගන්නවා , ආයෙත් ඇඳ රෙදි ගලවන්න , අස්කරන්න යන්නේ නැහැ , බොහොම පරිස්සමින් , පිරිසිදුවට , උණුසුම , ආරක්ෂෘව දෙමින් මේ පැටියව මාස 9ක් විතර රැක බලා ගන්නේ මේ ආදරණීය endometrium ස්ථරය ...
ගර්භාෂයේ මාසෙකට වෙන දේවල් |
ඔව් ඔයා දැන් ලොකු ළමයෙක් ...... |
අළුත් කෙල්ලට යමක් කියල දෙන්න |
චූටි පැටික්කිගේ ආදරේ .... |
මේ ආර්තව ක්‍රියාවලියේ සාමාන්‍ය තත්ත්වය දින 28කට වරක් මේ පටක බිඳ වැටීම , රැධීරයට පිටවීම දින 5ක් විතර තියේවි , හැබැයි ඉතින් ආර්තවය ආරම්භවෙලා මුල් අවධියෙදි සමහර දරුවන්ගේ මේ ක්‍රියාව පිළිවෙලක් නැහැ වගේ දැනෙනවා , එක මාසෙකට දින 28කින් , ඔන්න ඊළඟ මාසේ දින 20න් ,ඊළඟට ආයෙත් දින 29න් , කළබල වෙන්න එපා , තාම මේ කෙළීගේ හෝමෝන හරියටම පිළිවෙලකට ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන නැහැ , ටික ටික හරියාවි , හැබැයි අවුරුදු 20-22 වෙලත් තාම අක්‍රමවත් නම් වඩාත් හොඳයි වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ගන්න එක , බය වෙන්න එපා , බොහෝවිට නිවැරදි වේවි , එත් සමහර රෝග තත්ත්ව සහ හෝමෝන ගැටළු වලදිත් මේ විදියට ආර්තවය අක්‍රමවත් වෙන්න පුළුවන් , ඔය විදියටම ආර්තවය නිමාවෙන්න ඒ කිව්වේ ආර්තවහරණය menopause කිට්ටු වුනාමත් මේ වගේ අක්‍රමවත් වීම් සිදුවීම ස්වභාවිකයි.
දැන් ඉතිං ප්‍රමාද වෙන්න එපා .. |
හැබැයි ඔබ උපත් පාලන පෙති , O.C.P , මානසික ප්‍රතිකාර ඖෂධ හෝ සමහර අධිරැධිර පීඩනයට දෙන ඖෂධ වලටත් මේ තත්ත්වය තාවකාළිකව මතු වෙන්න පුළුවන් , ඒ වගේම ඔබ හුඟක් තරබාරු නම් P.C.O.S වගේ රෝගයකින් පෙළෙනවානම් (මේ ගැන දැන ගන්න එන්න ) මේ තත්ත්වය ඇති වෙන්න ඉඩ තියෙනවා , ඒ වගේම හැම ලෙඩේටම එන පවුල් සම්බන්දෙ මෙතැනදිත් එනවා , ඒ කියන්නේ මවට හරි සහෝදරියකට හරි මේ තත්ත්වය තිබුණා නම් ඔබටත් පොඩි අවදානමක් තිබෙනවා , ඒ වගේම ඔබ ඉතා තදින් ක්‍රිඩා පුහුණු වීම් වල යෙදෙනවානම් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් , ඔන්න දැන් මං කිව්වද සෙල්ලං කරන්න එපා කියලා , නැහැ , සෙල්ලං කරන්න , මේ වගේ ප්‍රශ්නයක් ආවොත් දොස්තර මහත්තය හම්බවෙන්න , බෙහෙතක් ගන්න , එච්චරයි , හැබැයි නිසි ප්‍රතිකාරයක් නොගත්තොත් දරුවෙක් ලැබීමේ වටිනා අවස්ථාව , සම්පත ඔබට නැති වෙන්නත් ඉඩ තියෙනවා , ඒ නිසා ප්‍රමාද කරන්න ලැජ්ජවෙවී ඉන්න එපා , ලෙඩේ ගැන ඔබේ වෛද්‍යවරයා එක්ක කතා කරන්න ,
වේද .....නාව ...නාව නං හොඳයි |
මේ වගේම තවත් තත්ත්වයක් තමයි dysmenorrhea කියන්නේ , මේක ගැන කතා කරන කොටත් සමහර කාන්තාවන්ට රිදේවි , මොකද මේ තත්ත්වය අතශ්ය වේදනාකාරිය , mensuration තියෙන දවස් ටිකේ පුදුම දුකක් විඳින්නේ , මුලිකව අපි මුලින් කී ආර්තව ක්රියාවේ ලොකු වැඩේ ඇතුළේ සිදුවන යම් රසායනික ප්‍රතික්‍රියා කිහිපයක් බලපෑම නිසයි මේක වෙන්නේ , හරිම වේදනාකාරී muscle cramps ඇති වෙනවා , විශේෂයෙන් වැඩිවිය පත්වෙලා මුල් මාස හය හත අතරේ ඇතිවීමේ අවදානම වැඩියි , ජීවිතේට ලොකු කරදරයක් නොකරතත් වේදනාව හුඟක් වැඩිනම් ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවුනාම ඔහු ඔබට සුදුසු යම් වේදනා නාශක වර්ගයක් ඔබට ලබා දේවි , එයින් ප්‍රශ්නේ මඟ හැරගන්න පුළුවන් , ඒත් ඔබ ටිකක් වියපත් නම් , මේ තද කැක්කුමත් එක්කම ආර්තව රැධිර වහනය ඉත වැඩි නම් , දින ගනන වැඩිනම් සමහර විට ඔබට Endometriosis කියල ගර්භාෂ ඇතුළු බිත්තිය අසාමාන්‍ය විදියට ඝණවීමේ තත්ත්වයක් වෙන්න පුළුවන් , ඒතැනදිත් මේ අධික වේදනාව ඇති වෙනවා , මේ අවස්ථාව අනිවාර්යයෙන්ම නිසි ප්‍රතිකාරයක් ලබන්නටම ඕන කරන වෙලාවක් , ඒවගේම ඔබට ගර්භාෂය ආශ්රිත වෙනත් රෝගයක් තිබේද කියල හොයන්න හොඳ ලක්ෂණයක් තමයි මේ අධික වේදනාව .
අනෙක් තත්ත්වය තමයි Menorrhagia කියන්නේ , මේක නම් අනතුරුදායක තත්ත්යක් , මෙතැනදි වෙන්නේ ආර්තව චක්‍රය දින ගණනින් නිවැරදි වුනත් හුඟක් ලේ යන එක , සමහර අවස්ථාවල රැධිර වහනය වන දින ගණනත් දින හතක් දහයක් විතර වෙන්න පුළුවන් , අවුරුදු 30ට වැඩි කාන්තාවන්ට වැඩි අවස්ථාවක් තියෙන මේ තත්ත්වයේදීත් නිවැරදි ප්‍රතිකාරයක් සඳහා යොමු වෙන්නම ඕන , නැත්නම් ඔබේ ඇඟේ ලේ අඩුවෙලා නිරක්තිය Anaemea වගේ තත්ත්වයක් වුනත් ඇති වන්නට පුළුවන් ,
දැන් නං ඇති කියල හිතෙනවා , අනෙක මේක එච්චර කතා කරන්න ආස කරන තත්ත්වෙකුත් නොවෙයිනේ ,
අවසානයේ මේ තත්තවය ගැන කියන්න ඕන පොදු කරුණූ කිහිපයක් තියෙනවා , මුලින්ම කාන්තාවක් විදියට මේ තත්ත්වයට මුහුණ දිය යුතු බව වටහා ගන්න , හැම menstruation එකකටම පෙර එන පූර්ව ලක්ෂණ සමූහය pre menstrual syndrome තත්ත්වයේ ගැටළු හඳුනගන්න , ටිකක් තරහ යන ගතිය , නොසන්සුන් ස්වභාවය , mood ගහගෙන ඉන්න එක , ඇඟපත රිදෙන එක ,කකුල් වල , බඩේ , පියයුරු වල පොඩි වේදනාවක් එන එක වගේ ලක්ෂණ ගණනාවක් මේ pre menstrual syndrome එක්ක තියෙනවා , ඉතින් ඒ තත්ත්වය තේරුම් ගන්න ,
වෙනදටත් වඩා ආදරය දෙන්න .... |
ඒවගේම මෙවැනි රෝග තත්ත්වයක් හරි සාමාන්‍ය කටයුතු කරගන්න බැරි තරමටම ගැටළුකාරී ස්වභාවයක් හරි තිබේ නම් ඔබේ වෛද්‍යවරයා හමු වන්න , කියන්න ඔබේ ගැටළුව , හුඟක් වෙලාවට අපි දකින දෙයක් තමයි මේ වගේ ප්‍රශ්න “ලැජ්ජාවත් එක්ක කතා කරන්න බැරි නිසා (ඔවුන් කියන විදියට) “ නිසි වෛද්‍ය උපදෙසකට යොමු නොවීම නිසා ලොකු අනතුරු වලට පත් වීම , මේක ලැජ්ජ වෙන්න දෙයක් නෙවි , මෙයත් උණ හෙම්බිරිසාව කැස්ස වගේම කියන්න පුළුවන් ගැටළුවක් , නිවැරදිව ප්‍රතිකාරයක් නොගත්තොත් නම් ලැජ්ජ වෙන්නත් පුළුවන් ....
එහෙම නම් අදට නවතිනවා , අද මගේ sleeping day එක , ඒ කියන්නේ ඊයේ රාත්‍රී සේවා මුරය කළ නිසා අද විවේකයක් තියෙනවා , එහෙනම් මම දැන් යනවා ටිකක් නිදා ගන්න , ....ඒත් සැපට නිදා ගන්න බැරිවෙයි වගේ ලොකු දුව Barbie cartoon එකක බැහැල රස විඳිනවා , මොකද එයාගේ වාර විභාගේ ඉවරයි ...
අද කාලයේ බොහෝ දරුවන් ඉතා කුඩා කාලයේදීම , ඒ කියන්නේ අවුරුදු 7-8 වයසේදීම මල්වර වීමේ ප්‍රවණතාවය වැඩි නේද?
ReplyDeleteමෙයට ප්‍රධාන හේතුව මා සිතන්නේ අපේ ආහාර රටාවයි.
කුඩා දියනියන් සිටින මව්වරුන් ඔවුන්ට කුකුලු මස් දීමෙන් වැලකී සිටිනවා සුදුසු කාලයට පෙර මල්වර වේ යයි බියෙන්.
වටිනා කරුණු කීපයක් දැනගත්තා.
බොහෝම ස්තුතියි ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් කැපකරනවාට.
ගොඩක් වටින ලිපියක් අයියේ. අම්මෝ මම නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා මේ ලිපියෙන්. මේවා ඉතින් දෙමව්පියන්ගෙන් කියලා අහගන්න යෑ. :)
ReplyDeleteමට ප්‍රශ්නයක් තියෙනවා.
කෝමද අන්නාසි ගැට, ගහල අල වගේ දේවල් කාපුවාම කළලයට හානි වෙන්නේ. තව එකක් !!!
මොකද්ද ඇඟේ සුද යනවා කියලා කියන්නේ ?
අගනා ලිපියක්, දිගටම ලියමු.
ReplyDeleteඑතකොට පොස්ටිනෝර් 2 වලින් කරන්නෙ මොකද්ද . . . .??? IUD කියන්නෙ මොකද්ද ???
ReplyDeleteපිළිතුරු දෙන්නට ප්‍රමාද වුනාට ඔබ සැමගෙන් සමාව ඉල්ලා සිටිනවා , පොඩි rest එකක් ගත්ත ...හරි දැන් බලමු ප්‍රශ්න ටික .....
ReplyDeleteGimhani,
ReplyDeleteඔව් ගිම්හානි , මෙය වර්තමානයේ හඳුනාගත් විශේෂ සිදුවීමක් , precocious puberty ලෙසින් හදුන්වන මේ සඳහා පාරිසරික සාධක ගණනාවක් බලපාන බව සොයාගෙන තිබෙනවා , එහි එක් අවස්ථාවක් විදියට factory-bred animals ඒ කියන්නේ ගොවිපල වල බලෙන් “වගා කරන“ සතුන්ගේ මස් සහ සත්ව ආහාර භාවිතයත් සැලකෙනවා , එයට හේතුව විදියට පර්යේෂකයින් පවසන්නේ එහිදි සතුන්ගේ බර වැඩි කිරීමට , බලෙන් ලොකු කිරීමට භාවිත කරන විවිධ කෘතිම හෝමෝන මිශ්‍ර ආහාර බවත් හදුනාගෙන තිබෙනවා ,
මධුරංග ,
ReplyDeleteබොහොම ස්තුතියි එක්වුනාට , ඔය අන්නාසි ගැට පිළිබඳ ඔය විදියේ මතයක් තිබෙනවා , විශේෂයෙන්ම අන්නාසි වල ලපටි අවස්ථාව , නමුත් එය 100% ක් නිවැරදි දැයි යන්න පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක් පිළිබඳ තොරතුරක් මා සතුව නැහැ , නමුත් එහි අඩංගු ප්‍රෝටීන ජීරක එන්සයිම ගර්භාෂ බිත්ති මත යම් බලපැමක් කරන බව සොයාගෙන තිබෙනවා , නමුත් චීනය , ඉන්දුනීසියාව වැනි රට වල ග්‍රාමීය වශයෙන් පිළිනොගත් ක්‍රමයක් ලෙස තවමත් මෙය භාවිත වෙනවා ,
සුදයාම හෙවත් leucorrhoea ගැන මුලිකව කියන්න තියෙන්නේ එය බොහෝ විට සාමාන්‍ය තත්ත්වයක් , හරියට හොටු ටිකක් බෙරෙනවා වගේම යම් ප්‍රෝටීනමය ස්‍රාවයක් පිටවීමක් සිදුවනවා vagina තුලින් , ඒ සමඟ රැඳුනු විෂබීජ , අපද්‍රව්‍ය බාහිරයට පිට වන නිසා එක්තරා ආකාරයකින් එය වැදගත් ක්‍රියාවක් , ඒ වගේම එම පද්ධතියේ යම් වෙනස් කරමක් සිදුවූ මුල් අවස්ථාවෙත් මේ වගේ පිට වීමක් වෙන්න පුළුවන් , සාමාන්‍යෙයන් මෙම ස්රාවය ගඳක් වර්ණයක් නැහැ , කළ යුත්තේ ඒ අවස්ථාවේ ශාරීරික පවිත්‍රතාව සහ අදින ඇඟළුම් පිරිසිදුව ඇඳීම , නමුත් ඒ ස්රාවයන් ගඳක් , කහ පැහැ වර්ණයක් සහිත නම් මෙය ටිකක් අසාමාන්‍යයි , ඒ අවස්ථාවේ නම් ප්රතිකරයක් සඳහා යොමු වීමයි සුදුසු ,
බුද්ධික කසුන් ,
ReplyDeleteබොහොම ස්තුතියි කසුන් ඔබේ දිරි ගැන්විම වෙනුවෙන් ,ඔව් ලියන්නම් , කියවන්න , දැනුම ගන්න , බෙදා දෙන්න
ගෑනු කට්ටියට ඇග උනුකරවා යෑම කියලා කියන්නෙත් මේ ලෙඩේටමද කියලා දැන ගන්න කැමතියි !!!
ReplyDeleteඕනයා,
ReplyDeleteස්තුතියි මල්ලී , postinor 2 වලින් කෙරෙන්නේ හදිසි ගැබ් ගැනීම් වලක්වන එක emergency contraceptive pill , එහි හෝමෝන අධීසාන්ද්රණයක් අඩංගුයි , අනාරක්ෂිත ලිංගික එක්විමක් සිදුවී හැකි ඉක්මණින් මෙම ඖෂධය ගත් යුතුයි , එයින අනවශ්‍ය හදිසි ගැබ් ගැනීමක වැලැක්වීමේ 95%ක හැකියාවක් පවතින බව සොයාගෙන තිබෙනවා ,
I.U.D intrauterine device කියන්නේ ගැබ් ගැනීම් වැලැක්වීම සඳහා කාන්තාවගේ ගර්භාෂය තුල රඳවන හොමොන අඩංගු හෝ නැති උපකරණ වර්ගයක් ...
මධුරංග,
ReplyDeleteමල්ලී මේ වචන ගැන නම් ඇත්තටම මගේ දැනුම අඩුයි , මොකද බටහිර වෛද්‍ය විද්‍යාවේ “ඇග උනුකරවා යෑම “ වැනි තත්ත්වයක් හඳුනාගන්නේම නැහැ , එත් මගේ දැනුමේ හැටියට සුද යාමටම , සාමාන්‍යෙයන් භාවිත කරන පදයක් තමයි මේ , මට හිතෙනවා මේ ගැන වැඩි දුර අපිට අහගන්න පුළුවන් හොඳම සම්පත මහවෙදනා , අපි දවසක් මේ ගැන අහල දැන ගනිමු ,
ඔබේ කාර්යය සැබවින්ම ප්‍රශංසනීයයී!කාලෝචිතයි!
ReplyDeleteඔබේ ලිපි කියවන විට මට සිහිපත්වන්නේ සරල සිංහලයෙන්, බටහිර වෛද්‍ය විද්‍යාත්මක දැනුම පොදු ජනතාව අතරට ගෙන යාමට පුරෝගාමි ශ්‍රේෂ්ටයෙකු වූ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතා යි.
ඔබගේ කාර්යය සදහා තව තවත් ධෛර්යය ලැබේවා!
රත්නායක ,
ReplyDeleteබොහොම ස්තුතියි ඔබේ දිරිගැන්විමට ,
මා අසා තියනවා මේ මාසික සිදුවීමේදී සමහර අයට
ReplyDeleteවිශාල වෙදනාවක් දැනෙනවා.මුලු ගෙදෙරම දැනගන්නවා මේ කාරනාව. නමුත් මා අසා තියනවා විවාහ උනාට පසු බොහෝ විට මේ දැඩි වේදනාව අඩු වෙනවාලු. ඒකට හේතු පැහැදිලි කරන්න පුලුවන්ද???
ස්තූතියි...
Gimhani ,
ReplyDeleteස්තුතියි
මෙතැනදීත් සිදවන්නේ හෝමෝන ක්‍රියාව විධිමත් විමක්,
චුට්ටක් විතර සැර කරලා ‘දැන් මම බැන්නද? නෑ‘ කියලා ඔබ කියපු හැටි මතක් වෙනවා පියාණනි. ඔබට මේ වටිනා සේවාව කරන්න අපේ ශක්තියත් ලැබේවා කියලා අපේ හෙද විදුහල වෙනුවෙන් මම පතනවා!
ReplyDeleteනදීශා දුවේ ඔයාට ගොඩාක් ස්තුතියි මේ සමඟ එක්වනවාට ...ලැබෙන දැනුම තවත් වැඩි කරගෙන තවත් අයට බෙදන්න , ලැබෙන සතුට නිමක් නැහැ දුවේ ....
ReplyDeleteඔබතුමා සදහන් කරලා තිබුන "ඔය දවස් වල ඇයට පොඩ්ඩක් තරහ ගියොත් , අනේ කළබල කරන්න එපා" කියලා.
ReplyDeleteමට හරියටම රට මතක නැහැ, එක් රටක උසාවිවල කාන්තාවක් යම් වරදකට වරදකරු වුනොත් ඒ කාන්තාව එම වරද සිදුකරන අවසථාවේදී ඔය කියන අපහසු දවස්වල සිටි බව ඔප්පු වුනොත් දඩුවම යම් ප්‍රමාණයකින් ලිහිල් කරනවාලු
ඒකෙන්ම තේරෙනවා නේද මේ සිදුවීම ගැහැනියකට කොච්චර බලපානවද කියලා.
All in one
ReplyDeleteබෙහොම ස්තුතියි මෙම ලිපි තවත් වර්ණවත් කලාට
I'm expecting to marry soon and I would be delighted if you could share some knowledge on the ovulation process and how to try to have babies according to it. please I highly appreciate your work.
ReplyDeleteAnonymous
ReplyDeletethank you ;
Yes , I will write about ovulation process within few days according to the planned topics .
ස්තූතී වටිනා ලිපියක්....මේ ගෙනත් දැන ගන්න කැමෙතී.....ස්වයන් වින්දනය බෙල හීනතාවයට සහ වන්ද බවයට බලපනවද? පුවත් පතක ඉරුන කොටසකින් අහුල ගත්තෙමි....අත්ත නැත්ත මොකක්ද?
ReplyDeleteGonta ,
ReplyDeleteවෛද්‍ය විද්‍යාත්මක මතය අනුව ස්වයං වින්දනය යනු මහ භයානක අපරාධයක් හෝ ශරීරය දුර්වල කරන ක්‍රියාවක් නොවේ , එයින් බෙලහීනතාවය හෝ වඳභාවය ඇති කරතැයි විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නැහැ , නමුත් ලිංගික අවයව තුලට විවධ දෑ ඇතුළු කර ගැනීමෙන් වින්දනය ලැබීම නම් අනතුරුදායක විය හැකි අතර රෝග කාරකයන් ඇතුළු වීම මගින් විවිධ රෝග P.I.D ඇතිවිය හැකි අතර එවායේ අතුරු පල ලෙස ඔබ කියන යම් ගැටළු ඇතිවිය හැකියි ... ස්තුතියි
ස්තුතියි
ReplyDeleteස්තුතියි
ReplyDeleteඔය කියන ස්වයන් වින්දනය පිරිමි පර්ශවයගේ වද බවයටත් බලපනවද?
ReplyDeleteස්තූතී....
වෛද්‍ය විද්‍යාත්මක මතය අනුව ස්වයං වින්දනය යනු මහ භයානක අපරාධයක් හෝ ශරීරය දුර්වල කරන ක්‍රියාවක් නොවේ , එයින් බෙලහීනතාවය හෝ වඳභාවය ඇති කරතැයි විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නැහැ
ReplyDeleteසර්....මට අවු 22...නමුත් මට තවමත් මගේ menstruation නිසි පිලිවෙලට සිදු වන්නේ නෑහෑ...මෙයට හේතුව කුමක් විය හෑකිද?එය මගේ ජීවිතයට ගෑටලුවක් වේවිද?
ReplyDelete-Anonymous ,
ReplyDeleteමෙය තරමක අසාමාන්‍ය තත්ත්වයක් , ඒත් අනවශ්යව බිය වන්නට ඕන නැහැ , මොකද මේ තත්ත්වයන්ට ඕන කරන ඖෂධ බොහොම පහසුවෙන් ගන්නට පුළුවන් , වඩාත් හොඳයි නාරිවේදී විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවී උපදෙස් ගැනීම .
ස්තුතියි ..
postinor 2 tablat eka ගැනීමෙන් menstruation එක ඉක්මන් වෙනවද ?
ReplyDeleteMama lipi deka thunak kiyeuwa........ Godak danuma gaththa... Me lipiyath ela.......... Aluth dewal danagaththa.. Digatama karagena ynna..... Wish u all the best.......
ReplyDeleteසර් මගේ වයස අවු 23යි මගේ මාසික ඔසප් වීම හරිම අක්‍රමවත් සමහර දාට දින 25න් වෙනවා සමහර වෙලාවට දින 40කට විතර පස්සෙත් වෙනවා මෙයට බලපාන හේතු මොනවාද? මම ටිකක් තරබාරු කෙනෙක්.
ReplyDeleteSir,mata wayasa aurudu 23I.mage osap chakraya dan masa 3_4ka edan hariyata wenne na.doctor kiwwa hormone nisa ahema wenawa kiyala.samahara masa wala harima poddai pita wenne.ane mata udau krnna
ReplyDeletePostinor 2 පැය 12න් ලබා ගත යුතු දෙවෙනි පෙත්ත ප්‍රමාද වෙලා ඒ කියන්නෙ පලමු පෙත්ත ගත් පසු දෙවෙනි පෙත්ත පැය 24කින් පසුව ලබා ගැනීම නිසා ඖෂධයේ ක්‍රියාකාරිත්වය වෙනස් වනවාද?
ReplyDeletehoda lipi pelak ....
ReplyDeleteExcellent
ReplyDeleteOba thumagen danagena hitiye nati godak dewal danagtta mama.oba thumata godaaaak pin.
ReplyDeleteEthatama obathuma itha adaraneeya lesa mema lipiya pala karala thiyenawa. Me lipiya ithamath wedagath. Bohoma sthuthi obathumata.
ReplyDelete