2013/04/20

131) අණ දෙන්නට පෙර වෙඩි තියලා - යුග දිවියේ අමරස බිඳිනා



A Swat team searches for suspect in Watertown, on 19 April 2013
http://www.bbc.co.uk/news/world/
අද දවසේම හැම චැනලයකම වගේ “ලොකු යුද්දයක්“ . බෝස්ටන් මැරතන් තරඟයට බෝම්බ එල්ල කරා යැයි සැක කෙරෙන සොහොයුරන් දෙදෙනා අල්ලා ගැනීම සඳහා එම ගම් පෙදෙස පුරා සන්නද්ධ ආරක්ෂක අංශ ගෙයින් ගෙට සෙවිල්ලක යෙදෙන ආකාරය , අති නවීන තාක්ෂණීක ගිණි අවි හසුරවිමින් “මෙහෙයුම “ කරන ආකාරය තමයි මේ සියළුම රූපවාහිනී චැනලයකම ප්‍රධාන මාතෘකාව වුනේ . ඒත් මේ සියල්ල දිහා බලාන ඉත්දි මතක් වුනේ අපේ හමුදා සෙබලුන් , ලෝකයේ දරුණුතම ත්‍රස්ත කණ්ඩායමක් එක්ක සටහන් කරත්දි , මේ තරම්ම නවීන තාක්ෂණය නැතිව කොයි තරම් කැප කිරීමක් කරන්න ඇත්ද කියලා .



ටීවි එකේ බලන්න දෙයකුත් නැති එකේ , පරිගණකය දිහාවට ඇහැ යොමු වුනේ අද නිවාඩු දවසේ යමක් කරන්නට හිතාගෙන . “සොඳුරු සුව අසපුව“ පිටුවේම සහෝදර පිටුවක් විදියට “ සුව විමසුම“ පිටුව ඇරඹුණේ මීට අවුරුද්දකට විතර ඉස්සර වෙලා , ඒ පාඨක මිතුරන්ගේ සමහර සෞඛ්‍ය ගැටළු වලට දන්න තරමින් උපදෙසක් දෙන්න , එහි යම් තරමක පල ලබා ගත් පරිසක් ඉන්න බව දැනෙත්දි සිතට එන්නේ සතුටක් . ඒත් තවමත් එම පිටුවට පළ වීමට අනුමත නොකළ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා , එසේ අනුමත නොකරන්නට හේතු වුනේ දිගින් දිගටම එකම ආකාරයේ ප්‍රශ්න නගා තිබිම සහ ප්‍රශ්න විමසා තිබූ ආකාරය එතරම් ප්‍රසන්න නොවූ නිසා , විශේෂයෙන්ම ප්‍රසිද්ධීයේ භාවිත නොකරන පද පවා භාවිත කර තිබූ නිසා එම ප්‍රශ්න , “සුව විමසුම“ පිටුවේ පළ වුනේ නැහැ . ඒ නිසාමද මන්ද පහුගිය දවසක කවුරුන්හෝ විමසා තිබුණා එම පිටුව update නොවනවාදැයි . ඒ ගැන කිව යුතු කාරණය වන්නේ  ඔබේ ප්‍රශ්නය සවිස්තරාත්මකව සහ සභ්‍ය පද යොදා ගනිමින් විමසුවා නම් අනිවාර්යයෙන්ම පිළිතුරු ලැබී ඇති , එසේ නොවුනු පැන සියල්ල තවමත් සුරැකිව තිබෙනවා අනුමත නොකළත් ....

අද මේ යුද්දේ අස්සේ මේ අනුමත නොකළ (moderation) ප්‍රශ්න ටික ආයෙත් බලන්නට හිතුනා  , ඒ ප්‍රශ්න වලින් 90%ක් විතරම එකම ආකාරයේ ගැටළු , ඒ අතරින් ප්‍රධානතම ගැටළුවක් ගැන අද කතා කරොත් හොඳයි කියල මට හිතුනේ ....මේ නිව්ස් වල පෙනෙන දර්ශණත් එක්ක ...ඒ කීවේ ...අණ දුන්නු ගමන් වෙඩි තියන්න බලාගෙන , තුවක්කුව එල්ල කරගෙන ඉන්න මේ සෙබලු තමයි මට අද මාතෘකව ගෙනත් දෙන්නේ ...හේතුව ප්‍රශ්න අහපු හුඟ දෙනෙක්ට ගැටළුවක් වෙලා තිබුණේ , Premature Ejection කියන ලිංගික ගැටළුව ..ඒ කියන්නේ “අණ දෙන්නට පෙර වෙඩි තියනා “ කියන කාරණේ ...දැනුමැත්තෝ තේරුම් ගනීවි කියල හිතෙනවා ...තේරුනේ නැතත් අපි දැන් ඒ ගැන කතා කරන්නට හදන නිසා කළබල නොවී හිමිහිට මේ ගැන කතා කරමු .

මේ මාතෘකාව ගැන කතා කරත්දි අපට , සමාජයේ වැඩි පුර ප්‍රසිද්ධීයේ කතා නොකරන , ඒත් අඳුරේ අතපත ගාන මාතෘකාවක් ගැන මුලින්ම කතා කරන්නට වෙනවා. ඒ තමයි ලිංගික සංසර්ගය Sexual intercourse කියන දේ . ලෝකයේ පැවැත්මට වැදගත්ම මේ කාරණාව ගැන පිට යන්නේ නැතිව හරි විදියට කතා කරන එක තමයි වැදගත් , ඒ නිසා අපි ටිකක් අවධානයෙන් මේ කතාවට එකතු වෙන්න බලමු . 

සාමාන්‍ය ව්‍යවහාරයට අනුව “ලිංගික තෘප්තිය හෝ ප්‍රජනනය හෝ එම කාරණා දෙකම අරමුණු කරමින් , පුරුෂයාගේ ශිෂ්ණය , කාන්තාවකගේ යෝනි මාර්ගය තුලට ඇතුළු කිරීම සහ ඒ සමඟින් ඇරඹෙන් කායික ක්‍රියාදාමය Sexual intercourse ලෙසින් හඳුන්වා දෙන්නට පුළුවන් , නීති වේදයට අනුව , තවත් විෂයන්ට අනුව අර්ථ දැක්වීමේ පද එහා මෙහා වෙන්න පුළුවන් වුනත් , සරළ සිදුවීම මෙයයි . 

වර්ගයාගේ පැවැත්ම අත්‍යවශ්‍යම වන මේ ශාරීරික කාර්යය නිසි ආකාරයෙන් සම්පුර්ණ වන්නට නම් ප්‍රධාන පියවර කිහිපයක් ඔස්සේ එය ගලා යා යුතු වෙනවා . මොනවද මේ කාරණා ...

1. පළමු කාරණය , පෙර සූදානම , ඒ කියන්නේ කන්න බොන්න ඉස්සර  වෙලා , එහෙම නැත්නම් විභාගයට ඉස්සර වෙලා සුදානම් වෙනවා වගේම ලිංගික එක්වීමකට ඉස්සර වෙලත් සුදානමක් තිබෙන්න ඕන , මේ සූදානම ලෙසින් විස්තර කරන්නේ fore play  කියන කාරණය , තවත් විදියකින් කීවෝත “පෙර සෙල්ලම“ .... ඒ කියන්නේ ලිංගිකව එක්වන්නට සුදානම් වන ඇය සහ ඔහු ඊට පෙර කරන සිප වැළඳ ගැනීම් , ස්පර්ශ කිරීම් , ඇතිල්ලීම් මේ සියල්ල හරිම වැදගත් ...මොකද මේ පෙර සෙල්ලම කාළයේ තමයි , දෙදෙනාගේම ශරීරවල ඇතුලත ලිංගික කාර්යයට සුදානම් වෙන්නේ , මොළයෙන් නිකුත් වන හෝමෝන වල බලපෑමෙන් ස්ත්‍රියගේ යෝනි මාර්ගය , ශිශ්ණයට පහසුවෙන් ඇතුළු වීමට හැකිවන ලෙසින් තෙත්ව ස්නේහනය වන්නේත් ඊට අදල ශ්‍රාවීන් නිශ්පාදනය වන්නේත් (ස්ත්‍රියගේ වගේම පුරුෂයාගේත්) , හෘද ස්ථන්දනය , ස්නායු සංවේදීත්ව ප්‍රබල වෙමින් තීව්‍ර අවස්ථාවකට මුහුණ දීමට දෙදෙනාගේම ශරීර සුදානම් වන්නේත් මේ කාළ සීමාවේදී , විශේෂයෙන්ම ස්ත්‍රියක ලිංගික කාර්යයේදි ලබන සුරතාන්ත අවස්ථා දෙකෙන් මූලික අවස්ථාව වන Clitoris orgasm තත්ත්වයට පත්වීමටත් . ඒ ඔස්සේ සාර්ථක ලිංගික එක්වීමක ආරම්භය ලබා ගැනීමටත් සුදුසු සමයක් විදියට මේ පුර්ව සූදානම් කාළය හඳුන්වා දෙන්නට පුළුවන් . මේ කාළ සීමාව නිසි ලෙසින් කටයුතු නොකළොත් සමහර විට ලිංගික ඒකවීම දෙදෙනාටම වේදනාකාරී (කායිකව වගේම මානසිකවත්) අත්දැකීමක් වන්නට ලොකු ඉඩක් තිබෙනවා . 

2.දෙවැන්න , නිසි ස්ථාපිතයකට යොමු වීම , දෙදෙනාගේ කැමැත්ත සහ පහසුව අනුව සුදුසු position එකක් තෝරා ගන්නට පුළුවන් , වැදගත්ම දේ එය දෙදෙනාගේම කැමැත්ත වන තරමට කෙරෙන කාර්යයේ තෘප්තිමත් බව වැඩි වේවි .

3. දැන් ඊළඟ වැදගත් දේ  , කාළය , ඒකියන්නේ මේ කටයුත්තට ගත වන කාළය පිළිබඳ අවධානය වැදගත් , foreplay නැත්නම් අපි පෙර කතා කළ පෙර සුදානම් වන කාළයෙන් පසුව පුර්ණ වශයෙන් ලිංගික කාර්යයේ  යෙදෙන සාමාන්‍ය කාළ සීමාව විනාඩි 3 - 13 විතර වෙන්න පුළුවන් කියන එක තමයි ස්වභාවික සහ  සාමාන්‍ය තත්ත්වය , නමුත් මෙය සම්මත සීමාවක් නොවන නිසා වෙනස්කම් පිළිබඳ අත්දැකීම් තිබෙන්නට පුළුවන් .

කෙසේ වෙතත් අද මගේ මාතෘකාවට අදාල කාරණ එන්නේ මෙන්න මෙතැනදි ,  ඒ කියන්නේ ශිශ්ණය යෝනි මාර්ගය තුලය ඇතුළු කිරීමත් සමඟ ඇති කෙරෙන තෙරපීම් , රිද්මයානුකූල බව , තීව්‍ර බව ප්‍රබල වෙමින්  ගමන් කරත්දි එක්තරා අවස්ථාවක පුරුෂ ප්‍රජනක පද්ධතිය විසින් ශුකාණ්‍ර සහිත මිශ්‍රණය යෝනි මාර්ගය තුලට මුදා හැරීම Ejaculation සිදු කරන අවස්ථාවට පත්වෙනවා , මේ අවස්ථා වේ ඇතිවන ත්‍රිව්‍ර ස්නායු සංවේදනයන් සහ මානසික සංතෘප්තිකර අවස්ථාවත් එක්ක එනම් පුරුෂ සුරතාන්තය ලෙසින් හැදින්වෙන අවස්ථාවත් එක්ක මේ මුදා හැරීම සිදුවෙනවා . මෙය එක්තරා reflex  එකක් ,  ඒ කියන්නේ හිතාමතා පාළනය කරන්නට අමාරු කෙටි කාළින සංසිද්ධියක් . ඔය ගින්දරකට අත වැදුනු ගමන් , අත විසි වෙලා වගේ ඉන් ඉවතට යන්නේ අපි හිතල නොවෙයිනේ අන්න ඒ වගේ reflex එකක් තමයි මේ . සාමාන්‍යෙයන් මේ Ejaculation (විසර්ජනය විම)  තත්ත්වයෙන් පස්සේ ශිශ්ණයේ තිබුණු දැඩි බව ක්‍රමයෙන් අඩුවෙන්නට පටන් ගන්නවා , ඒ සාමාන්‍ය ශාරීරික තත්ත්වය , අප අද කතා කරන Premature Ejaculation හෝ Rapid ejaculation කියල කියන්නේ සාමාන්‍ය අයුරින් ලිංගික ඒකවීමක දි Ejaculation    වන්නට බොහොම පෙර , මුල් අවස්ථාවෙදිම ශුක්‍රාණු මුදා හරිමින් ශිශ්ණය මෘදු නම්‍යශීලී තත්ත්වයට පත්වීමයි .ලෝකයේ 30-40%ක් පුරුෂයන් ප්‍රමාණයක් මේ තතත්වයෙන් පීඩි විඳින තරමට මෙය බහුල සිදුවීමක් බවයි සංඛ්‍යා ලේඛණ අනුව කියැවෙන්නේ .

2006 යුරෝපීය සංගමයේ ලිංගික සෞඛ්‍ය පිළිබඳ අධ්‍යයන වාර්තාවේ කියැවෙන පරිද්දෙන්  සාමාන්‍යෙයන් විනාඩි 7-10 අතරේ පැවතිය යුතු ශිශ්ණ - යෝනි තෙරපීම් අවසානයේ සිදුවිය යුතු මෙම Ejaculation එක , විනාඩි 1.8ක් හෝ ඊට අඩු කාළ සීමාවකදි සිදු වේනම් එය P.E. ලෙසින් හදුනවනවා . ඒත් මෙය සම්මත වූ අර්ථ දැක්වීමක් නොවෙයි , ඊට හේතුව අපට ඉදිරියේදි කතා කරන්නට පුළුවන්.

මේක ප්‍රශ්යක්ද ? ...මේකට උත්තරේ ඔව් කියන එක තමයි අවංකවම කියන්න පුළුවන් . හේතුව මේ විදියට P.E තත්ත්වයට පත්වීමත් එක්කම පුරුෂයා සෑහෙන මානසික පීඩනයකට පත්වෙනවා , ඒ මානසික පීඩාවම ඊළඟ දිනයේදිත් ඔහුට මෙම තත්ත්වයම ඇති කරන්න සමත් වෙන බවත් දැන ගැනීම වටිනවා . ඒ වගේම කාන්තාවත් තෘප්තිමත් වීම සහ ලිංගික බැඳීම කියන කාරණයට අදාලව බිඳ වැටීමකට ලක් වෙනවා . ඒ වගේම දරු පිළිසිඳ ගැනීමකට බාධාවක් ලෙසත් මෙය හේතු වෙන්නට පුළුවන් . ඒ නිසා මේක “ඕව ගැන අපි වැඩිය එලවන්නේ නෑ අනේ “ කියල හිත රවට්ට ගන්නේ නැතිව , නිවැරදි කරගත යුතු නිවැරදි කරගත හැකි ලිංගික සෞඛ්‍ය ගැටළුවක් ලෙසයි P.E දකින්නේ.

මේකට විය හැකි හේතු ගණනාවක් තිබෙනවා , ප්‍රධානම හේතුවක් විදියට දකින්නේ මානසික හේතු , ඒ කීවේ සංසර්ගයේ ඇතිවන සංවේදනයන් , එහි සීමාවන්  සහ තෙරපීම්  වල රිද්මයානුකූල බව පිළිබඳව පිළිබඳ නිසි වැටහීමක් නැති කම , ( විශේෂයෙන්ම තරුණයන් මේ තත්ත්වයට පත්වීමට ප්‍රධාන හේතුව මේ “නොදැනීම“ කියලයි හඳුනාගෙන තිබෙන්නේ) , ඒ වගේම කාංසාව Anxiety  , Depression වැනි මානසික තත්ත්වයත් මෙයට හේතු වන්නට පුළුවන් බවට වාද විවාද පවතිනවා . ඒ වගේම තයිරොයිඩ් ග්‍රන්ථීයේ ආබාධ තත්ත්ව වගේම ස්නායුගත රෝග තත්ත්ව නිසාත් සමහර විට දැන ගන්නා සමහර ඖෂධ වල බලපෑම නිසාත් P.E. තත්ත්වය ඇති වන්නට පුළුවන් .

ඇත්තටම P.E ද කියල දැන ගන්න හොඳම ක්‍රෙම් තමයි මේ තත්ත්වය යැයි සැකකල හැකි ආකාරයෙන් දිගින් දිගටම මේ අත්දැකීම විඳන්නට වෙනවා නම් , ( විශේෂයෙන්ම කියන්නට ඕන එක දවසක් මේ ලෙසින් කළබල වුනා කියල ඒ ගැන හිතමින් ඊළඟ දවසේ කළබල වෙන්න එපා කියන එක , එහෙම වුනොත් ඒකම ලෙඩක්! ) ඔබේ පවුලේ වෛද්‍යවරයා එක්ක මේ ගැන ටිකක් කතා කරන්න , ඔහු ඔබේ අත්දැකීම් සහ ඔබව පරික්ෂා කිරීම් සහ සමහර විට ඔබේ බිරිඳත් ඔබත් දෙදෙනා  එක්කම මේ ගැන කතා කරන්නට ඕනෑ වේවි . ඒ වගේම සැක සහිත අවස්ථාවක අනෙක්ත් පරික්ෂණ කරමින් මීට දායක වෙන වෙනත් හේතු ඇත්දැයි සොයා බලන්නට පුළුවන් , කෙසේ වෙතත් අවසානයේ මේ P.E. තත්ත්වයම යැයි නිගමනය වුනොත් ?....

කළබල වෙන්න එපා , ඔහු ඔබට උපදෙස් දේවී Ejaculation අවස්ථාවට එත්දි එය මඟ හරවා ගැනීමට කළ යුතු උපක්‍රම කිහිපයක් , මුලින්ම  මෙම ගැටළු මඟ හරවා ගන්නට ඔබට කළ හැකි සහ කළ යුතු දේ ගැන හොඳ උපදේශනයක් ලබා දෙන්නට පුළුවන් ( වැඩිදුර අවශ්‍ය නම් පවුල් උපදේශනය හෝ ලිංගික සෞඛ්‍ය උපදේශනය පිළිබඳ සුදුසුකම් ලත් අයෙක් ඊට සම්බන්ධකර ගන්නට පුළුවන්) ඒ අතරින් Squeeze method  කියල දේවි . ඒ කියන්නේ ලිංගික කාර්ය අතරේ , මේ උච්ච අවස්ථාවට පත්වන බව දැනුන විටම හෝ ඊට ආසන්නයේදි ශිශ්ණය පිටතට අරගෙන එහි ශිශ්ණ හිස , ශිශ්න කඳට සවිවන ස්ථානය තත්ත්පර කිහිපයක් තෙරපීමකට ලක්කරගෙන සිටීම කරන්නට පුළුවන් , මේ තත්ත්පර කිහිපය තුලදි ඇතිවන සුළු වේදනාවත් එක්ක ejaculation වීමට තිබුණු හැඟීම , පෙළබීම නැතිව යනවා , දැන් නැවතත් සාමාන්‍ය ලෙසින් ලිංගික කාර්යයේ යෙදෙන්නට අවස්ථාව ලැබෙනවා , මෙලෙසින් ශිෂ්ණය හුරු කිරීමක් කරන්නට පුළුවන් බව හැත්තෑ ගණන් වල සිට වෛද්‍යවරු හඳුනාගෙන තිබෙනවා . 

මීට අමතරව කොන්ඩමයක් භාවිත කිරීම , විශේෂයෙන්ම ස්ථානික නිර්වින්දක ආලේපන Local anesthetic cream  අඩංගු කොන්ඩම මෙහිදී සාර්ථක ප්‍රතිපල ලබා දෙන බව ඔබේ වෛද්‍යවරයාගෙන දැන ගන්නට පුළුවන් . එයත් අසාර්ථක වුනොත් මොළයේ රසායනික මත බලපෑම් කරමින් P.E. තත්ත්වය පාළනය කළ හැකි ඖෂධ නියම කරන්නටත් ඉඩ තිබෙනවා . ඒත් විශේෂයෙන්ම කියන්නට ඕන දේ , මේ විදියට පෙති ගිලින්න වෙන්නේ ඉතාමත් සීමිත පිරිසකට විතරයි , අත්දැකීම් ලැබීම , උපදේශනය , භෞථිත උපක්‍රම මඟින් මේ තත්ත්වය 100%ක්ම නිවැරදි කරගන්න පුළුවන්  වැඩි පිරිසකටම.

හොඳයි ..අපි මේ කතාවට ආවේ තුන්වන පියවරේදි නේ ..එහෙම නම්  හතර ....ඒක්‍රග්‍රතාවයක සිටීම ..ඒ කියන්නේ සාර්ථක ලිංගික බැඳීමක් සිදුවෙන්නට නම් ඒ ගැන අවධානයෙන් ඒ කටයුත්ත කෙරෙන්නට ඕන ...ඒ බැදීම වෙන අතරේ “ලයිට් බිල වැඩි වීම ගැන කතා කරන්න , හිතන්න ගියොත් “  , මේ කටයුත්ත දෙදෙනාටම තෘප්තියක් ගෙන දෙන්නේ නැහැ . ඒ නිසා දෙදෙනාටම සිතට , ගතට සුදුසු පරිසරයක , දෙදෙනාගෙම කැමැත්ත ඇතිව , මේ කාර්ය ගැනම දෙදෙනාගේම සිත ගත යොමුව තිබීම හුඟක් වැදගත් .

අවසානය ...විවේකය ...සාර්ථක ලිංගික කාර්යයකින් පසුව විවේකය හරිම වැදගත් , මොකද මේ වෙනකොට හෘදය , රැධිර සංසරණ පද්ධතිය හෝමෝන ...සියල්ල බොහොම කාර්ය බහුල වෙලා හිටපු අවස්ථාවක් ...දැන් ඒ සියල්ලටම සාමාන්‍ය වේගයට , තත්ත්වයට පත්වෙන්නට යම් කාළයක් දෙන්නට ඕන ..ඒ මොහොත ඇයගේ සහ ඔහුගේ හෘදයාගංම බැඳීම තව දුරටත් වැඩි කරවන ලෙංගතු කතා බහකින් , ස්පර්ශයකින් ගෙවා දමන්නට පුළුවන් නම් ඔබ දෙදෙනාම සාර්ථක ලිංගික ඒකවීමක සතුට ලබා ගත්තා වෙන්නට පුළුවන් ..

එහෙම නම් දැන් කතාව අවසානයට ඇවිත් ....අද කතාවට මුලික පාදක වුන ප්‍රශ්න යොමු කළ පාඨක මිතුරන්ට ස්තුති කරන්නට ඕනමයි , ඔවුන්ගේ ඒ පෙළඹවීම නොවන්නට මේ ලිපිය නොලියවෙන්න තිබුණු ඉඩ බොහොමයි .  ඒ නිසා Anonymous ලෙසින් ඒ පැන යොමු කළ ඔබටයි මේ ස්තුතියි . ඒ සියළු ප්‍රශ්න වලට මේ ලිපියේ පිළිතුරු ඇති නිසා නැවතත්  යොමු වන ඒ ප්‍රශ්න සීමා කරමින්  “සුව විමසුම“ ඒකාකාරී වීම වැලැක්වීමට මට වෙනම වෙහෙසක් ගත යුතු වෙතැයි සිතන්නේ නැහැ .
Police with guns drawn search for a suspect in Watertown, Massachusetts, on 19 April 2013
http://www.bbc.co.uk/news/world/

කෙසේ වෙතත් අද කතාවට මුල දෙන්නට හේතු වුනු රූපවාහිනි චැනලයේ දැන් අළුත් තොරතුරක් සටහන් වෙනවා ඒ .... Boston marathon 'bomber' captured ලෙසින් ... එහෙම නම් ඒ මෙහෙයුම අදට ඉවර ඇති ...ඒ විදියටම අද මගේ මේ ලිපියත් මෙතැකින් නිමා කරනවා . 

මෙතෙක් වේලා සොඳුරු සුව අසපුවත් සමඟ රැඳුනු ඔබට තුති  ,ඒ වගේම සොඳුරු සුව අසපුව පිළිබඳව කෙරෙන පාඨක ප්‍රතිචාර ලබා ගැනීම් තවමත් කෙරෙනවා , ඒ නිසා ඔබට ඒ සඳහා අවස්ථාවක් නොලැබුණේ නම් මෙතැන් සිට ඒ වෙනුවෙන් ඔබේ තත්ත්පර කිහිපය පුද කරන්නට තරම් ඔබ පරිත්‍යාගශීලී බව මම විශ්වාස කරමි ... ඒ සඳහා මේ පිටුවේ දකුණුපස ඉහළ ඇති “ඔබේ අදහස ලියන්නට“ කොටුව තුල ක්ලික් කරන්නට ඔබට ආරාධනා කරන අතරේ ....විදේශ රටකට යාගන්නට ඇත්නම් කියල හිතන අයෙකුට  විශේෂයෙන්ම කැනඩාවට එන්නට උත්සාහ කරන ඔබට වැදගත් වන තොරතුරු රැගත් “කැනඩාවට එන්නට මඟ“ ලිපි මාලාවට යොමුවන්නටත් ඔබට ආරාධනා කරමින් සමුගනිමි , සුව සතුට පිරි දිනයක් ඔබට හිමි වේවා යන පැතුමින් ! 


10 comments:

  1. ලිපියේ අන්තර්ගතය රසවත් වනවා සේම ඔබ මනාව එය වර්තමානය සමග රසවත්ව අමුණා තිබෙනවා. ස්තුතියි

    ReplyDelete
  2. විවාහක අවිවාහක සියලු දෙනාටම වැදගත් වන ලිපියක් .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම්හානි ,

      Delete
  3. මම අදමයි මේ පැත්තට ආවේ... ගොඩාක් වැදගත් ලිපි තියෙනව. මම තාම කියවමින් ඉන්නෙ....

    "සුව විමසුම" ගොඩාක් හොඳයි.. නමුත් කොමෙන්ට් විදියට දාන එක කියවන්න ටිකක් කම්මැලි වගේ..

    www.ask.fm වගේ එකක් පාවිච්චි කළොත් හොඳයි කියල හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහොම ස්තුතියි ඒ වගේම ඔබේ අදහසත් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්නම්.

      Delete
  4. අවාසනාවට අපි තාමත් මෙවන් දේවල් ආසියානු සංස්කෘතිය ඇතුලේ විවෘතව කතාබහ කරන්නේ නැහැ.විශේෂයෙන්ම මේ රටේ නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිවිම සමාජමය කාරනාවලදී බරපතල ගැටලුවක්.ඇතැම් විට පවුල් අවුල් වෙන්න ප්‍රධාන හේතුවක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම , අපේ සංස්කෘතික වටිනාකම් සහ විද්‍යාත්මක සහ සාමාන්‍ය ජීවිතයට බද්ධවන දැනුම ලබා ගැනීම කියන කාරනා පටලවා නොගැනීමට කාළයයි මේ , මට හිතෙන විදියට , ස්තුතියි ඔබට ඔබේ අදහස ඉහළින්ම අගය කරමි

      Delete
  5. aththatama wadagath lipiyak mata danaganna puluwanda apita periods hadena dawas pahu karaganna api monawada karanna ona. mata wadagath deyakata mage period date eka pahu karaganna ona man inne pita rataka mekata ganna monawa hari tablet 1k thiyenawada ane loku udawwak sir

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)