2016/10/15

206) හැම මාසෙම අතගාන්ට කොල්ලන්ගේ කඩල ඇටේ

ස්වයං පියයුරු පරික්ෂාව කුමක්දැයි ඇහුවොත් , බොහෝ දෙනෙක් ඊට පිළීතුරු දේවි. මට මේ ප්‍රශ්නයෙන් අද ලිපිය පටන් ගන්නට හිතුනේ , මුහුණූපොතේ තිබෙන , සෞඛ්‍ය ගැටළු වලට වලට පිළීතුරු දෙන එක්තරා පිටුවක “ස්වයං පියයුරු පරික්ෂාව“ පිළිබඳ ඇසූ පැනයක් සහ ඊට ලබා දී තිබූ පිළිතුරු  ගැන මතකයට නැගුණූ නිසාවෙන්.කොන්දේ කැක්කුමේ සිට පවුල් උපදේශනය මෙන්ම , නිදි පෙත්තේ සිට , පොස්ටිනෝ පෙත්ත දක්වා ප්‍රශ්න සහ පිළිතුරු(වැරදි තොරතුරු)  තිබුණූ මේ පිටුව තුලින් ඇති වන  අවදානම පිළිබඳව මා කතා නොකරත් , එහි අවදානමක් ඇති බව කිව යුතුමය.
හරි තැනට නොගියොත් ජීවිතේ  “වරදී“

( පිළිතුරු ලබා දී තිබූ පුද්ගලයන්ගේ වෛද්‍ය විද්‍යාත්මක දැනුම කෙතරම් පහළක වුවත්  , ඒ පිළිතුරු ඉහළින් පිළිගත් සෑහෙන පිරිසක් සිටි බව පෙනුණී , ඒ ඔස්සේ ජීවිත කෙතරම් ගණනක් අවදානමට ලක්වීණ දැයි , ලක්වේදැයි නොදනිමි.

තමන්ට ඇති වන සෞඛ්‍යමය ගැටළු වලට පිිළිතුරු ලබා ගත හැකි සහ යුතු පිළිගත ක්‍රම තිබියදි , එම  ප්‍රශ්නය අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයක මතට යොමු කිරීමෙන් ලැබෙන පිළිතුරු “ඉහ මුදුණින්“ පිළිගැනීම , විටෙක ජීවිතය මරණීය අවදානමකට ගෙනයනවා වන්නට පුළුවනි. එවන් අවස්ථාවක , රජයේ  ප්‍රධාන සෞඛ්‍ය සභාවක පිළීගැනීම සහ ලියාපදිංචිය ඇති වෘත්තීය නිළධාරියෙක්  ලබා දෙන පිළීතුරක් හැර අනෙක් මාකටින් දොස්තරලා දෙන අදහස් පිළීපැදීම “විටෙක මාරාන්තික“ වීමට ඉඩ අැති බව නොකියාම බැරිය , (නමුත් අද අපේ රට මාකට් දොස්තරලා , ටීවී මනෝ වෛද්‍යවරු  , සියළු ලෙඩ සුව කරන ඉසි වරු පමණක් නොව , අළි ඔළුවක් ඇදි ගණ දෙය්යන් පවා විකුණන මැජික් කාරයන්ගේ දූපත් වී අැති බව නම් පෙනේ) එසේ ඔබට අන්තර්ජාලයේම පිළිතුරු අවශ්‍ය වේ නම් ජාත්‍යන්තරව වෛද්‍ය කෂේත්‍රය තුල පිළීගැනීමක් ඇති , http://www.who.int , http://www.mayoclinic.com , http://www.webmd.com ,http://www.cdc.gov/ https://www.nlm.nih.gov  ඒ සඳහා යොදා ගන්නේ නම් අගනේය.අද දවසේ ගූගල් පරිවර්තකය ඇති නිසා ඉංගිරිසියෙන් ඇති මෙම පිටු කියවීමට ඇති බාධාව තරමක් අඩු කරගත හැකි බව හැඟේ.

2016/10/06

205) නොවිසඳෙන , විෂ දෙන “සැප ගුලි“


වස්සානය ඇරඹුනා විතරයි 
ගිම්හානය නිමා වෙලා ටික දවසයි ගියේ , තවම ගස් කොළ පාට වෙනස් කරමින් වස්සානයේ අසිරි විඳින්නට ගත්තා විතරයි , කිසිවෙක් නොහිතූ මොහොතක මුළු පළාතම වසා ගෙන හිම වරුසාවක් වැටිලා , කොහොම වුනත් , මේ අනපේකෂීත වෙනස සමහර අයෙකුට සතුටක්, ඒ සතුටු වන අය අතරේ  අපේ ගෙදරත් දෙන්නක්ම ඉන්නවා. මේ විදියට අනපේකෂිත මොහොතක සිදුවන සමහර සිදුවීම් කෙනෙකුට සතුටක් ගෙනාවත් , කෙනෙක් ලොකු කනස්සල්ලකට පත් කරන්න පුළුවන්, හරියට මේ පළාත්වල ඉන්න ගොවියන් වගේ. මාස ගණනක් පෙරුම්පුරල මහන්සිවෙලා පලදාව නෙලාගන්න මොහොතක් තියල වැටුන මේ හිම කුණාටුව නිසා බොහෝ ගොවියන් ඉන්නේ කණගාටුවෙන්.