2021/01/01

245) කොට බෙල්ලයි ගෙරවිල්ලයි හරි අවදානම්

ලැබූ නව වසර වාසනාවන්ත කරගන්නට ඔබ සැමට හැකිවේවා කියල අද ලිපිය පටන් ගන්න ඉස්සර වෙලාම ප්‍රාර්ථනා කරනවා. අද පළමු වෙනිදනේ , ඊයේ


දෙසැම්බර් 31 කියන්නේ ඉතින් පාටිම තමා නේද? වැඩ කරන තැන පාටි, යාළුවන්ගේ පාටි .. පාටි පාටි පාටි … 

කෙහෙන් කොහොම හරි ඔය පාටි වලට ඉඳළා ගෙදර ඇවිත් නිදා‍ගනිත්ම , ළඟ ඉන්න කෙනාගේ කණ පැලෙන්න ගොරවන කෙනෙක් නම් මේ කෙටි විස්තරය ඔබට වැදගත් වේවි.

ඔබ, නින්දේදී අධීක හඬක් දෙමින් ගොරවනවා නම්, නින්දෙන් ඇහැරෙත්දි උගුර හොඳටම වේලිලා, රිදෙන බවක් දැනෙනවා නම්, නින්දෙදි හුස්ම හිර වෙලා , එහෙම නැත්නම් හේතුවක් නැතිව කැස්සක් වගේ ඇතිවෙමින් වරින් වර නින්දෙන් ඇහැරෙන බවක් දැනෙනවා නම් , නැත්නම් ඔබත් එක්ක සයනයේ ඉන්න කෙනා කියනවා නම්, නින්දෙන් අවදිවෙලා දවසේ වැඩ කරත්දි හැමදාම වගේ කියන්න බැරි , හේතුවක් නොදන්න ඇ‍ගේපතේ අමාරු, ඔළුවේ කැක්කුම් ,නිදිබර බවක් කෙටියෙන්ම කිව්වොත් දවස කිසි ෆීට් එකක් නෑ වගේ දැනෙනවා නම් , ටිකක් හොයල බලන්න ඔබත් Sleep Apnea තත්ත්වයෙන් පෙළෙනවා දැයි.

මේ අවදානම හුඟක් වැඩියි තරබාරු, වයස 40ට වැඩි , බෙල්ල ටිකක් වැඩිපුර මහත පිරිමි අයට. එහෙම කිව්වට ඕනම කෙනෙක්ට ඇති වෙන්න පුළුවන්, හඳුනාගැනීම ප්‍රමාද වෙන , නැත්නම් නොසලකා හරින තත්ත්වයක් මේක.

නොසලකා හැරීම හෝ හඳුනානොගැනීම තුල වෙන්න පුළුවන් අවදානම් විදියට අධිරුධිර පීඩනය , දියවැඩියාව, විශාදය වගේ මානසික රෝග, ඒ විතරක් නොවෙයි, හෘදයාබාධ වගේම අංශබාගය ‍වගේ අවදානමුත් තිබෙනවා. ඒ නිසා අර මුලින් කී ලක්ෂණ හෝ සැක කළ හැකි ලක්ෂණ තිබේ නම් ඔබේ වෛද්‍යවරයා හමුවෙලා උපදෙසක් ගන්න.

කෙහොම වුනත්, ඔබ තරබාරු නම් වෛද්‍යවරයා හෝ සෞඛ්‍ය වෘත්තිකයෙන් ඔබේ උස-බර මැනල හඳුනාගැනීමකින්, නැත්නම් BMI අනුව ඔබ “තරබාරු” යි හඳුනාගෙන ඇත්නම් බර අඩු කරගැනීමට තටයුතු කිරීමත්, නිදාගන්නා ස්ථාපිය වෙනස් කරමින් උත්සාහ කිරීමත් කරන්නට පුළුවන්. ඊට අමතරව නින්දට පෙර මත්පැන් හෝ දුම්වැටි ගන්නට පුරුදු වෙලා ඉන්නවා නම් එම වේලාවන් වෙනස් කර උත්සාහ කරන්නත් පුළුවන්. මේ උත්සාහයන් අතරේ, ඔබේ සෞඛ්‍ය වෘත්තිකයාගෙන් ලැබන උපදෙස් අනුගමනය කර මේ ගෙරවිල්ලෙන් බේරිලා මතුවිය හැකි කරදර වලින් බේරෙන්න බලන්න.

2 comments:

  1. මගේ බිරිඳ තරබාරු නැහැ. නමුත් ගොරවන ප්‍රශ්නයක් තියනවා. හොඳට තදට නින්ද යනවා. Sleep Apnea එකක් නැහැ. තදට නින්ද යන තරමට ගොරවනවා වැඩියි. අනික කොපමණ සිතල වුනත් ජනේලේ අරිනන් ඕනේ නිදා ගන්න. මොකද හිතන්නේ මහේෂ්

    ReplyDelete
    Replies
    1. නින්ද අතර ගෙරවීමක් වුවත් , පෙර කී ගැටළු නැත්නම් එය සාමාන්‍ය තත්ත්වයක් වෙන්න පුළුවන්, නමුත් හුඟක් වෙලාවට Sleep apnea හඳුනාගැනීම මග හැරෙන නිසා, සැකයක් ඇත්නම් Sleep study එකකින් හරියටම දැන ගන්න පුළුවන්  , අදාල තත්ත්වය හෝ ඊට ආසන්න තත්ත්වයක් ඇත්දැයි. ස්තුතියි ඔබට!

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)