2011/07/09

29) සමුගනිමි මම ඔබෙන් ...තවත් එක් නිමාවකි ...පතමි සුබ උදාවක්...

 මෙම සටහන මගේ බ්ලොග් සටහනේ මූලික අරමුණු බිඳ නොදමනු ඇතියි විශ්වාස කරමි .. මෙම සටහනේ මූලික ඉලක්කය වනුයේ හෙට දිනයේ මගෙන්/අපෙන් වෙන්වන සිසු දරු පිරිසකි....නමුත් බ්ලොග් අවකාශයේ ඔබ සැමට මෙම සටහන විවෘතයි ..වෙසෙසින්ම මේ දරුවන්ට යම් උපදෙසක් දෙන්නට ඔබත් රිසිනම් ...


මගේ ආදරණීය දරුවනේ
මගේ ආදරණීය දරුවනේ ....හෙට දිනේ මමත් මගේ බිරිඳත් ඔබ සැමගෙන් වෙන් වුනත් ඔබ වෙනුවෙන් වූ අපගේ ආදරය,  ජිවිතය පුරාවට රැඳේවි ...මක් නිසාද යත් අපේ ජිවිතයේ හමුවූ සුන්දරතම මිනිසුන් අතර ඔබද එක් වැදගත්ම පිරිසකි... ..
ඔබෙන් ලද දේ 
මගේ අරමුණු කරා යත්දි ඔබ සැම මට මගේ බිරිඳට මෙන්ම මගේ පැටවුන්ටද දිරි දුන් අවස්ථා බොහෝමයි ...මගේ ජීවිතයම සතුටින් පිරී ඇත්තකි ,ඒ මගේ බිරිඳ , මගේ පැටවුන්ගේ සෙනෙහස , ආදරය මෙන්ම ඔබ සැමගෙන්ද ලද  ආදරයද නිසාවෙනි ..නමුදු විටෙක මම විඳවීමි .....වැටුනෙමි ...ඒත් ඒ හැම විට මගේ ආදර බිරිඳ සහ පැටවුන්ගෙන් යම් පෙළඹවීමක් ලැබුනේද ...ඔබ සැමගෙන්ද මම ඒ භාග්‍යය ලදිමි .... 
විටෙක මරණයේ ඡායාවන් මා ඉදිරියේ මැවී පෙනෙත්දි ..බිරිඳගේ සුරතේ උණුසුම මට දැනෙත්දී දැඩි සත්කාර ඒකකයේ දොරටුවෙන් බලා සිටිමින් ...මමත් නොදන්නා පුද පූජා කරමින් සෙත් පැතුවා ඔබ මට ...මගේ බිරිඳට සිදු කළ සැත්කමේ බරපතල තතත්වය නොහඳුනා ගත්තද ඒ හැමකෙකදී ඔබ කළ බෝධි පුජාව ...ඔබ කළ දේව මෙහෙය මට අපට නොපෙනෙන යහපත් බලපෑමක් කළ යුතුමයි ...
ගුරුවරයෙකුගේ සතුට
ආදර දුවේ පුතේ ගුරුවරයෙක් ලබන සතුට නම් තම සිසුවා යහමඟ යනු දැකීමයි ..තම සිසුවා යමක් උගනී යන හැඟිමයි ...ඒ සතුට අමිලය ..ඉතින් ඒ අමිල සතුට නොමසුරුව මට , අපට දුන් ඔබ අපේ ජීවිතයේ සොඳුරුතම පිරිසයි මා කිව යුතුමයි ... තවෙකක් කියමි ....ලොව කොතැන විසූවත් ඔබ මගේ සිසු දරුවෙක්ය ..ඉතින් හෙට දවසේ ඔබ ලබන ජය මගේ  , අපේ සතුටක් වන බවයි ඒ ..එතෙක් අප ඇස් දල්වා ඔබ ගැන බලා සිටිමු...
ජීවිතය සැලසුම් කර ගන්න 
දරුවනේ ඔබේ ජීවිතය සැලසුම් කර ගන්න , එය අයාලේ යන්නක් වුවොතින් හෙට දවසේ විඳවනුයේ ඔබ පමණක්ම නොවේ ...යථාර්තවාදී සිහිනයක් , ජීවන අරමුණක් ගොඩ නගා ගන්න සැලසුම් කරගන්න , එයට පැමිණෙන මාවත් කිහිපයක් ...එයට එන්න ඒ ඔස්සේ ඉදිරියට එන්න ...බාධා හමුවේවි ..කඳුලු එක් වේවි , ඒ බව දැනගෙනම ඉදිරියට යන්න ...හොඳින සිතට ගන්න .ඔබට , ඔබ සිටිය යුතු බව ...හඳුනාගන්න ඔබේ සැඟවුනු ශක්තිය ....පුබුදන්න ඒ ජීවන ශක්තිය ...එවිට ඔය කඳුළු වියලේවි ...කඳුලේ බර දරන්නට හැකි වේවි ...එන්න ඉදිරියට...මතකයේ තබා ගන්න හැම විටම සියල්ලම ඔබට අවැසි ලෙසින්ම සිදු නොවිය හැකි බව ...එතැනදී දිරි ගන්න යථාර්ථවාදී සිහිනයේ උණුසුමින් ...
ඔබේ සේවය ලොවට දෙන්න
ඔබට කරන්නට බොහෝ දේ ඇත...මිනිසෙක් වූ ඔබ ලොවට යහපත් යමක් කළ යුතුම යැයි මගේ හැඟීමයි ...එතැනදී මුදල , වැටුප , පරයමින් ඔබේ සේවය ලොවට දෙන්න ...එවිට ඔබ ලෝකයට ඕනෑ කරන පුද්ගලයෙක් වේවි ...එතැනයි ඔබේ වාසනාවයි ...මතක තබා ගන්න වටෙක ඔබටම ගැරහුම් ලැබේවි ..ඒත් නිවැරදිදේම කරන්න ..යම් දිනෙක ඔබට ගැරහූවන්ම ඔබට ගෞරව කරාවි ..
දැනගන්න ...හැම දේම
දැනගන්න ...හැම දේම දැනගන්න ..බතක් උයන හැටි ..පොතක් බඳින හැටි ...පිඩැලි කපන හැටි ..හැම දෙයක්ම හැකි තරමින් දැන ගන්න ... .ඒත් එක් දෙයක් පිළිබඳ විශිෂ්ඨයෙක් වෙන්න ..ඒ එක් දෙය වටා ඔබේ ජීවන වෘත්තිය ගොඩනගා ගන්න ..එතැනදීත් ඔබේ දන්නාකම් පෙන්වන්න ...නොකියවා පෙන්වන්න ..ඉදිරි මග පැහැදිලි වේවි ..හැමදාම ඉගෙන ගන්න ...නිමා කරන්නට එපා එය මියෙන තුරු ...පොත පත පමණක්ම නොවේ මිනිසා මෙන්ම සමාජයද හොඳ ඉගෙනුම් උපකාරකයන් යනු මගේ හැඟීමයි  .
ඉතිරි කරගන්න ...
ඉතිරි කරගන්න ...මුදල වටිනා නිසා යම් පමණක් ඉතිරි කරගන්න ..ලැබුණ සියල්ල දියකර හැරියහොත් ඔබට විඳින්නට වෙනවා මයි ...ඒත් ඒ මුදල පිරිසිදුව උපයන්න ...එවිටයි නිදහසේ නින්දට යන්නට හැකි වන්නේ ..ඔබ වැරදි අයුරින් යමක් කළේද ඔබ නිඳන විට හා යම් දිනෙක් ඔබ මියෙන විට එය සිහිවෙනවාමයි ...ඔබට සිතින් විඳින්නට වනවාමයි ....ඉතින් සැනසිල්ලේ නිදන්නට ..හිඳින්නට මියෙන්නට ඔබේ ජීවිතය සැලසුම් කර ගන්න ...
සිනහසෙන්න 
සිනහසෙන්න ..තවෙකෙක් සමඟ.... සොඳුරු සිනහවකින් ඔබේ වත සරසා ගන්න ...මෙපමණම ලස්සනට සිනහසෙන්නට හැක්කේ අපටම පමණි ..එ සොඳුරු හැකියාවෙන් ඔබේ ජීවිතය එළිය කරගන්න ...අඳුරු කරන නොසතුට , තරහව වැනි හැඟීම් හැකි තරමින් එළවා දමන්න ...ඔබට නිදහස දැනේවි ...
පරිස්සම් වන්න 
පරිස්සම් වන්න ...ඔබෙන් වදනක් , තීරණයක් පිටවන්නට පෙර හොඳින් නැවත සිතන්න ...වදනකට , තීරණයකට ඔබ නොදැනුවත්ව ඔබෙන් ඉවතට නොයන්නට දීමයි ඔබේ සතුටේ මග ... එත් වරදක්වූ තැන සමාවන්නට කියන්නට ...ඔබට යහපතක් වූ තැන බොහොම ස්තුතියි කියන්නට , ඔබේ ඉල්ලීමකදි කරුණාකරලා කියන්නට ඒ පරිස්සම නොවුනාට කමක් නැහැ ...

දරුවනේ දිරි ගන්න ජය ගන්න ...ඔබෙයි ජීවිතය ..



සුබ පතන්නේ ඔබට ....නිශාන්ත සමඟින් තරංගනී 

20 comments:

  1. ඔබ දෙපල ඇතුලු පවුලට සුවබර අනාගතයක් ප්‍රාර්ථනාකරනව....

    ReplyDelete
  2. හොඳ අවවාද ටිකක්නේ . කව්ද මේ ළමයි . මහේෂ් හොඳ ගුරුවරයෙක් වගේ

    ReplyDelete
  3. ස්තුතියි Chiran....මම ඉදිරියේදිත් මෙම බ්ලොග් සටහන තුල ජීවත් වෙන්නට හැකි හැම උත්සාහයක්ම ගන්නව ..මගේ සිසු සිසුවියන්ගෙන් සමුගත්තත් ..

    ReplyDelete
  4. @Bindi , ස්තුතියි ඔබට , ඔව් බින්දි ..මම ගාල්ල සමුපකාර හෙද විදුහලේ ( එය ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අනුග්‍රහයෙන් පැවැත්වෙන වෘත්තිය පුහුණු පාසලක් ) සම්බන්ධීකරණ නිලධාරි සහ දේශකයෙක් ලෙස 2007 සිට මේ දක්වා කටයුතු කළා මගේ හෙද රජකාරියට අමතරව ..ඔවුන් මගේ ජීවිතයේ එක් කොටසක් තරමටම බැඳුනා ...හෙට දිනයේ මට ඔවුන්ගෙන් සමුගන්නට වෙනවා මගේ ඊළඟ පියවර වෙනුවෙන් ..ඒත් මේ දරුවන්ගේ සොඳුරු හඬ , ඒ සෙනෙහෙස තවම හිතේ පිරිළ ..ටිකක් අමාරු සමුගැනීමක් ..හිත හදාගන්නත් ..මගේ යුතුකමක් ඉටු කරන්නත් තමයි මෙය ලීවේ ..මේ දරුවන්ගේ facebook එකට ඇවිත් බලන්න අපේ පොඩි එවුන්ගේ වැඩ
    http://www.facebook.com/cooperative.nts

    ReplyDelete
  5. ඔබගේ ලිපිය මා දෙනෙත් වලට කදුලක් ගෙනෙන්නට සමත් උනා.
    හරියට පියෙක් දරුවනට දෙන ඔවදන් වගේ .අපිටත් බොහෝ වැදගත් කරුණු ගොඩාක්.
    අද සමාජයේ බොහෝ ව්‍යසන වලට හේතුව මේ දරුවනට
    උපදෙස් දෙන්නට ,ඔවුන්ට ඔවුන්ගේ ප්‍රශ්න ගැන කතාකරන්නට කෙනෙකු නොමැති වීමයි. එහෙම උනානම් බොහෝ ප්‍රශ්න, සියදිවි නසාගැනීම් නොවෙන්න තිබුනා.
    ඔබ දෙපල රාජකරීමට්ටමෙන් ඈත්වී ගියත් ,මේ දරුවන් ඔබලා වැනි අයගේ සෙවනැල්ල අනිවාර්යෙන්ම ලබාගත යුතුයි මුලු ජීවිතේ පුරාවටම.

    ඔබ දෙපලටත් දරු දෙදෙනාටත් ඔබගේ සිසුකැලටද ජයෙන් ජය!!

    ReplyDelete
  6. @Gimhani :
    ඇත්තෙන්ම ..මම එකඟයි ඔබේ අදහසට ඉහළින්ම ...මට මේ වසර 5ක කාළය තුල දිවි නසා ගැනීම වැනි අවාසනාවන්ත තිරණයක හිටි දුවණියන් කිහිපදෙනෙක්ගේ ජීවිත නිවැරදි මගට ගන්නට ...යොමු කරන්නට වාසනාව ලැබුණා ...ඒ ඔවුන්ගේ ගැටළු හඳුනාගත් නිසා ...මගේ හිතට එක් අතකින් ලොකු ආඩම්බරයක් දැනෙනවා ඒ ගැන ...ඔබට ස්තුතියි ....

    ReplyDelete
  7. මට හිතෙනවා අයියා..ඔයා උපදේශනයට ඉතාම සුදුසු කෙනෙක් කියලා.
    ඔයාගේ ලිපිය පුරාවටම මම දැක්කේ Positive thinking කියන කාරනය.
    යහපත් ඔවදන් වගේම..හැබෑම.. මනස+උසස් පුද්ගලයෙගුගේ...මනුස්සකම පිරුණු හදවතකුත් මම ඔබෙන් දකිනවා.

    මට...කිසා ගෝතමිය විසින් සිදුහත් කුමරුට පැවසූ..නිබ්බුත පද..මතක් වෙනවා...ඔබ ගැන හිතුවාම.

    ඔබ වැන්නෙකු මෙලෙසින් හෝ ඇසුරට ලැබීම මා ලද භාග්‍යයක් ලෙස සලකමි.

    ReplyDelete
  8. ස්තුතියි නිල් අහස ..මේ මගේ දරුවන්ට දුන් අවසන් දේශනයයි ...මගේ ජිවිතය සොඳුරුබවෙන් පුරවන්නට ඔවුනුත් දායකවුනා ..ඉතින් ඒ අහිංසක දරු පැටව්න්ට දෙන්න මට වෙන යමක් තිබුනේ නැහැ...

    ReplyDelete
  9. i'm sorry my lovely sir i have not sinhala ponds then i must say as your student we miss you but every day we love very veal you too we cant forget you my father...........(sorry for my printing & grematical mistake)

    ReplyDelete
  10. It is Ok my dearest kid;You can download sinhala unicode with setdeco icon ...there is a icon right side of this page [puple colour icon named SETTDECO] ,, yes my kid you did very sensible function today ...I highly appreciate it ...thank you

    ReplyDelete
  11. dear sir i try to add SETTDECO but i have a problem sir, they instruction, must to past the code use the template tab but i cant found it sir please help me sir thank you

    ReplyDelete
  12. Dear kid ; Ok lets do it ...
    1. please go to this web site , it will instruct very clearly , how to install sinhala unicode

    http://www.siyabas.lk/sinhala_how_to_install.html

    ReplyDelete
  13. dear sir i feeling very sad i install this unicode but i cant understand my lap cant get sinhala. dont worry sir i'm really sorry for disterb you. but i try &try one day i can win that day i comment you in sinhala that is your advice. isent it sir?

    ReplyDelete
  14. Nice to hear you ; Yes you must try , ... If you install it , then press left ALT key and Left Shift , you can change your language ,If it is tamil , then repress left ALT+SHIFT , it is sure now Sinhala unicode starts ...Try it...

    ReplyDelete
  15. මට හරි සතුටුයි සර්. මම දිනුම්. ගොඩක් ස්තූතියි. හැමදාම මම මේක බලනවා ආසාවෙන්.

    ReplyDelete
  16. මට හරිම සතුටුයි දරුවෝ ...ඔයා බොහොම දක්ෂයෙක් ...දැන් සිංහල යුනිකෝඩ් භාවිත කරන්නත් දන්නවනේ

    ReplyDelete
  17. ඇත්තටම ඔවු තාත්තෙ මට දක්ෂ වෙන්න ඔබේ ශක්තිය ලැබුනා මට ඵ්ක හැමදාම ඕනා බුදුසරනයි

    ReplyDelete
  18. නදීශා , ඔව් දරුවෝ මගේ සතුටත් ඔයාල හැමෝටම සතුට දිරිය අනාගතය වෙනුවෙන් පොළඹවීමයි ස්තුතියි දුවේ ...

    ReplyDelete
  19. සර් යමක් කරගන්න පුලුවන් වෙත්දි සර් ව මතක් වෙනවා. සර් මගෙන් ඇහුවා මතකද දැන් සිංහල යුනිකෝඩ් පුලුවන්නේ කියලා. ඒ වෙත්දි මම අදහස් එව්වේ සිංහල key bored එක බල බලා හරිම අපහසුවෙන්. ඒත් සර් ඔබ දන්නවද? දැන් මට අහක බලාගෙනත් අදහස් ලියන්න පුලුවන් මම ඒකට හුගක් මහන්සි වුනා ඒත් දැන් හුගක් සතුටුයි ඒ සතුට අකුරැ කරන්න නොදනිමි.

    ReplyDelete
  20. නදීශා දුවේ , මම දන්නවා ඔබ දක්ෂයෙක් , ඉදිරියට එන්න , ජය නියතයි , දිරි ගන්න .

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)