2013/12/10

වැළි මාළිගාවෙන් වළාකුලට නැගි සැක්ගේ කතාව

ඔහු ....... , Zach Sobiech අවුරුදු දහ අටක් තරුණ දරුවෙක් වුනා , පසුගිය මැයි මාසයේ දවසක .. සිනිඳු සුදු මුදු වළාකුළු අතරින් , ස්වර්ගයේ සුව විදින්නට නික්ම ගියදා ... ඔස්ටියෝසාකෝමා පිළිකාව නිසාවෙන් ජීවිත කාළය තවත් මාස පහකට සීමා වුනු තැන ,  තම ගත , සිත නැගි වේදනාවන් අපුරුතම ආකාරයෙන් දරා ගන්නට  කටයුතු කළේ , ඒ සුන්දර උත්සාහයේ ප්‍රතිපල කිහිපයක් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ , “ ජීවිතයේ සමහර ගැටළු වලදී , පිළීතුර ,  ඊට ශක්තිමත්ව මුහුණ දීම “ කියන එක නැවත නැවතත් මතක් කරන්නට , 


ශිෂ්‍යත්ව කඩඉමේ ළකුණක අඩුව  , මානසික “රෝගීන්‘‘ බවට පත්කරවන , සාපෙළ , උසස් පෙළ බිඳුණූ පමණින් ජීවිතය බිඳගන්නට තරම් වැටෙන , පෙම්වතා , පෙම්වතිය ඉවත ගිය පමණින් , “මරාගෙන මැරෙන්නට“ තනන ලෝකයට “සැක්ගේ“ කතාව , ඔහුගේ ගීතය සිහිලැල් සුවයක් , දිරියක් ලබා දේ නම් ......එය ඔහුගේ ආත්මයට සුවයක් ගෙන දේවි...

මේ ගීතය , මේ කතාව වෙනුවෙන්  , කිලෝ බයිට් , මෙගා බයිට් කිපයක් වැය කරාවි , ඒත් ඉන් ජීවිතයට දැනෙන දේ , මෙගා බයිට් වලින් මැන ගන්නට බැරි වෙන බව නම් සත්තයි ..

[මේ කාළ සීමාව තුල , සොඳුරු සුව අසපුවේ , සාමාන්‍ය රටාවේ ලිපියක් එකළස් කරන්නට තරම් විවේකයක් නොලද නිසාවෙන් , ඉදිරි දිනකදි නැවතත් සාමාන්‍ය ලෙසට සොඳුරු සුව අසපුව ලිපි පෙළ පන ගන්වන්නට උත්සාහය සිතේ දරා ගනිමින් , අදට සමුගන්නවා , ඔබට ආයු බෝ වේවා ... ]


මේ සැක් ගේ කතාව ...

මේ ඔහුගේ නිර්මාණයන් ..... රස [සුව] විඳන්න ..

වැළි මාළිගා ...


වළාකුළු ගීතය .. (ඔහුගේ නම් ලොව පුරා ගෙන ගිය , සුන්දර නිර්මාණය රසවිඳන්න ..)


ඔහුගේ එක් සිහිනයක් සැබෑවන දා ..


තවත් ඔහු ගැන දැන ගන්න ....සැක්ගේ නමින් ඇති පිළිකා පර්යේෂණ අරමුදල ...



No comments:

Post a Comment

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)