2013/12/12

රජුට ලංව සුර අඟනුන් දකින්නා ...

වීරයෙක් වෙන්නේ කොහොමද ? .....

ඔබාමාට දකුණු පසින් සිටින්නේ “තම්ස්න්කා“
අයෙක් තමන් කළ සූර - වීර ක්‍රියාවලින් “වීරයෙක්“ බවට පත්වෙන්නෙ මරණයට පත්වුනාට පස්සේ , නමුත් බොහොම සුළු පිරිසක් තමන්ගේ ජීවිත කාළයේදිම “වීරයෙක්“ බවට පත්වෙනවා. ඒ අතරින් අන්තර්ජාතික වශයෙන්ම “වීරයෙක්“ බවට පත්වුනු පුද්ගලයෙක් “නෙල්සන් මැන්ඩෙලා “ කියන්නේ ... 


“තම්ස්න්කා“ යනු ?....


අද ලිපිය නෙල්සන් මැන්ඩෙලා ගැන නොවෙයි , ඔහුට අවසන් ගෞරව කරන්නට ආ රාජ්‍ය නායකයින් නැගි වේදිකාවේ  “භාෂා පරිවර්තකයෙක්“ ලෙස “රංගනයක යෙදුනු “තම්ස්න්කා“ ගැනයි , ඔහු අද ජාත්‍යන්තර ජනමාධ්‍ය යේ විතරක් නොවෙයි , ජාත්‍යන්තර දේශපාලන තලයේත් කතාබහට පත්වෙන අයෙක් , ජාත්‍යන්තර දේශපාලන කරළීයේ ඉහළ තලයේ නායකයන් , ආගමික නායකයන් කළ දේශන , සංඥාභාෂාවට පරිවර්තනය කරන බව පෙන්වූ ඔහු අද ලොව පුරා ප්‍රසිද්ධීයක් ලත් අයෙක් ...


නමුත් මේ සිදුවීම අතරේම , ඔහුගේ සංඥා භාෂාවේ වරදක් ඇති බව ඒ පිළිබඳව දැනුමැත්තන් හදුනාගත්තා , ප්‍රතිපලයක් විදියට මේ “භාෂා පරිවර්තකයා“ ගැන වැඩිදුර සොයන්නට අදාල බලධාරීන් ක්‍රියාත්මක වුනා , ප්‍රතිපලය .....

වරද මගේ නොව .... !

අද ඔහු ප්‍රකාශ කරනවා  , “තමන් සංඥා භාෂා පරිවර්තනය පිළිබඳ දැන සිටියත් , තමන් සික්සොෆ්‍රීනියා රෝගියෙක් බවත් , මෙම  අවස්ථාවේ රෝගයේ උත්සන්න අවස්ථාවකට පත්වූ නිසා , ඒ නිසා අදාල දේශන පරිවර්තනය කිරීමක් ගැන තමන්ට මතක නැති බවත් , මතක ඇත්තේ එම අවස්ථාවේ ඒ විශාල ක්‍රීඩාභූමිය තුලින් සුරංගනාවන් මතුවූ බවක් පමණි ....“ 

මේ සිදුවීම ගැන තවත් දැන ගන්න කැමැති නම් මෙන්න මේ ලිංක් දිගේ ගිහින් තවත් තොරතුරු දැන ගන්නට පුළුවන් .





අපේ තම්ස්න්කාවරු ...

නිමාව .... මේ කතාව එක්ක මෙහෙම දේකුත් හිතෙනවා ... මේ රජවරු ළඟට වෙලා , ලෝකයම රවට්ටන්න අවස්ථාව ලැබුණේ එක  “තම්සන්කා“ කෙනෙකුට විතරයි , ඒත් අපේ රජවරු ළඟට වෙලා , හැමෝම රවට්ටල “වීරයෝ“ බව හඟවන   , “තම්සන්කා“ වරු කීදෙනෙක් ඉන්නවද කියන එක ...සමහර විට ඒ අයත් මේ කියන රෝගයෙන් පෙළෙනවද දන්නේ නැහැ ...මොකද හැමෝටම අන්තිමට “I don’t remember any of this at all,” ඒ විතරද , ඒ අයගේ කතා අහගෙන ඉඳිත්දි හිතෙන්නේ “අපේ “තම්ස්න්කා“ලත් කතා කරන්නේ අර දැකපු සුර අංගනාවන්ටද කියල  ....


අවසන් කරන්නේ ....මේ ලිපිය තුල මානසික රෝගී බව අවතක්සේරුවකට ලක් කිරීමකට හෝ අපවාදයකට ලක් කිරීමක් නොකෙරෙන බව ඔබ හඳුනාගනීවි යැයි සිතනවා , අවශ්‍ය වුනේ මේ රෝග තත්ත්වය ගැන දැන ගන්නට කැමැති ඔබට අවස්ථාවක් ලබා දීමම පමණයි.
සමුගන්නම් , ආයු බෝ පතමින් ...

No comments:

Post a Comment

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)