බිරිදත් දරුවො දෙන්නත් බොහොම ගෞරවයෙන් මල් පහන් සූදානම් කරත්දි මම ඒ පරිසරයේ “නිස්කලංක සුවය“ හුදකළාවම අත්විදිනව , කියන්න බැරි තරම් සිතට සුවයක් , සිසිලසක් දැනෙනවා..
(ආදර දුවේ පුතේ තරුණ වයසෙදි සමහර දරුවන් ටිකක් රැඩිකල් විදියට හිතනව , ආගම , දේශපාලනය , ආදර .. ගැන, ඒත් බෝධියක සෙවනේ හිදිත්දි ,එහෙම නැත්නම් අල්තාරය ඉදිරියේ යාඥා කරත්දි එහෙම නැත්නම් පල්ලියේ සලාතය කරත්දි දැනෙන සිත් සුවය ජීවිතයට විදින්න ඕන , මොකද ඔබේ ජීවිත හරිම කළබලකාරීයි , එයට මොහොතක හරි සැනසුමක් , සිහිලක් දෙන්න පුලුවන් මේ පරිසරයෙදි)
(ආදර දුවේ පුතේ තරුණ වයසෙදි සමහර දරුවන් ටිකක් රැඩිකල් විදියට හිතනව , ආගම , දේශපාලනය , ආදර .. ගැන, ඒත් බෝධියක සෙවනේ හිදිත්දි ,එහෙම නැත්නම් අල්තාරය ඉදිරියේ යාඥා කරත්දි එහෙම නැත්නම් පල්ලියේ සලාතය කරත්දි දැනෙන සිත් සුවය ජීවිතයට විදින්න ඕන , මොකද ඔබේ ජීවිත හරිම කළබලකාරීයි , එයට මොහොතක හරි සැනසුමක් , සිහිලක් දෙන්න පුලුවන් මේ පරිසරයෙදි)
මල් පහන් පූජා කරපු බිරිදත් දරුවනුත් ලස්සන , හිතට සුවයක් දැනෙන රිද්මයකට ගාථා කියනවා , දවස පුරාම තිබුණු හිතේ බර සැහැල්ලු වෙලා යනව වගේ දැනෙනවා.....
සියලු කටයුතු වෙලා ආයෙත් ගෙදර එත්දි , ලොකු දුව මගෙන් අහනව “තාත්තා දැන් කීවතාවක් Clutch කළාද “ .... කියල , “අනේ මන්ද දුවේ , කීපාරක්ද කියල මතක නෑ , කොහොම උනත් එක පාරකට වැඩියි නේද ? , “ ......... මම ටිකක් කල්පනා කළා.... ඇත්තටම මම Clutch කළා ද කියලවත් “විශේෂ මතකයක්, නැහැ, ඒ එක්කම මට මතක් වුනා , අපේ තරුණ දරුවන්ට කියල දෙන්න ඕන කරන සංකල්පයක් ගැන ...ඒ තමයි “දැන ගැනීම“ පිළිබද සංකල්පය....
අද අපේ දරුවන් පාසල් අධ්‍යාපනයෙන් සුලු පිරිසක් පසු විශ්ව විද්‍යාලයට , තවත් පිරිසක් වෘත්තිය පුහුණු ආයතන වලට යනව , මොකටද අනාගතයට මුහුණ දෙන්න අවශ්‍ය වෘත්තිය මග Occupational pathway හදා ගන්න. ඊට පස්සේ පත්තර වල තියෙන දැන්විම් බල බල Application දානව , එත් බොහොමයක “පළපුරුද්ද“ ඉල්ලනව නේද ? හරිම වදයක් , මොකද පළපුරුද්ද තියෙන වනම් මෙහෙම ඉන්නවයැ නේද දරුවනේ , ....කොහොමින් කොහොම හරි Job එකක් ලැබුනා කියමු ....මුලින්ම හරිම සන්තෝසයි ...සතියක් දෙකක් යන කොට දැනෙනව පඩි මදි , බෝනස් මදි , වැඩ වැඩිය වගේ කියල....තාම Probation period....
දරුවනේ දැන් ඇත්තටම මොකද ඔබ කරන්න ඕන , ආ රැකියාව ගැන ඉගෙන ගන්න , “දන්නා බව නොදැනෙන තුරු ඉගෙන ගන්න“ එදාට ඔබට සුදුසු තනතුරට නිතරගයෙන් යන්න පුලුවන්...
මොකක්ද මේ “දන්නා බව නොදැනීම“ කියන්නේ , ආදර දරුවනේ අපි ඉගැනීමේදී ප්‍රධාන පියවර 4ක් හරහා ගමන් කරනව , ඒ තමයි ,
- නොදන්නා බව නොදැනිම,
- මතක් කරල බලන්නනො ඔබේ පුංචි කාළේ , කොයි තරම් නම් වාහන drive කරනවද , “බ්රූම් ,බ්රූම්......“ එදා අපි හිතුවෙ වාහනයක් Drive කරන එක සුලු දෙයක් කියල , හරියට අපේ සෙල්ලම් කාර් වගේම...ඒ මොකද දරුවට දැනෙනනේ නැහැ තමත් නොදන්නා බව
- නොදන්නා බව දැනීම
- හරි කොහොම හරි අර දරුව වයස අවුරුදු 15ක් විතර වුනා කියමු , ගෙරදට මාමල ආව මෝටර් බයික් එකකින් , ...පුංචි එකාට හරි ආසයි ඒක පදින්න , මාමෙ මට බයික් එක දෙන්නකො , මට පදින්න පුලුවන් ...හිතට හයිය අරගෙන අපිත් කිව්ව මතකද ?....එත් වාහනේ Start කරල Clutch කරන කොටම වාහනේ නවතිනව , හරිම අමාරුයි , එදාට දරුව දැනෙනවා මේක හිතපු තරම්ම ලේසි නැහැ , ටිකක් ඉගෙන ගන්න වෙනව වගේ කියල , ඒ කියන්නේ දැන් දරුව දන්නවා තමන් නොදන්නා බව....
- දන්නා බව දැනීම
- දැන් අර දරුව තව ටිකක් ලොකුයි , ආසාව නිසා යන්තම් Licence ගන්න වයස වුනා විතරයි යනව driving school , දැන් ඉතින් Instructor කියන කියන විදයට Gear , clutch පාවිච්චි කරනවා , දත් මිටි කාගෙන , searing wheel එකේ එල්ලී ගෙන ටිකක් බයෙන් බයෙන් Driving කරනවා , දැන් හිතල මතල තමයි Gear change කරන්නේ , හරීම පරිස්සමින් වෙලා...වට ටිකක් හිතේ බරකුත් එක්ක , ඒ කියන්නේ දැන් දන්නවා තමන් driving කරන්න දන්න බව ,
- දන්නා බව නොදැනීම
- කාළයක් , වසර කිහිපයක් driving කරන කොට මේ දරුවා හොදින් රිය පදවනවා , අවශ්‍ය වෙලාවට gear change කරනව , හොදට clutch balance කරනව , කරනව නෙවෙයි එයා නොදැනුවත්වම අවස්ථාවට අනුකූලව කෙරෙනවා , හරිම සැහැල්ලුවෙන් රිය පදවගෙන යනව... දැන් ඔහු හොද රියදුරෙක් , හොදින් පදවනවා , ඒත් එයා “දන්නා බව ඇගට දැනෙන්නේ නැහැ, “ මොකද ඒක ඒතරම් විශේෂ නැහැ , සාමාන්‍ය දෙයක් වෙලා .....
දන්නා බව දැනීම
|
දන්නා බව නොදැනීම
|
දරුවනේ කතාවේ මුලින්ම මම කිව්වනේද මගේ දුව මගෙන් අහපු ප්‍රශ්නයක් ගැන , ....ඒකත් එක්ක මේ කරුණු හිතන්න...
ආදරණිය දුවේ , පුතේ ඔබ වෘත්තීයකට පුහුණුවෙත්දි හැකි තරම් උත්සාහ ගන්න , එම විෂයෙහි , වෘත්තියෙහි Skills හැකි තරම් වැඩි කරගන්න , ඔබ මොහොතක් හිතල බලන්න , දක්ෂ කාර්මිකයන් , ඉංජිනේරුවන් ,වෛද්‍යවරුන් තම විෂයට අදාල ගැටලුවකදි ඉක්මණින්ම නිවැරදි තීරණ ගන්නව , ක්‍රියාත්මක කරනවා, ඒ කොහොමද ...ඒ අය නිවැදිව පුහුණු වෙලා skills ඇති කරගෙන තියෙනවා....කොයි තරම්ම හැකියාවක් තියෙනවාද කිව්වොත් තමන් “ඒ ගැන හිතුවද කියලවත් දැනෙන්නේ නැහැ, “....
ඉතින් අමාරුවෙන් ඔබට ලැබෙන රැකියාවේ මුල් කාළයේ උපරිම වෙහෙසෙන්න ...වෘත්තියට අදාල ක්‍රියාකාරකම් වලට එකවෙන්න , එතැනදි O.T එක ගැන Basic salary ගැන හිතනවට වඩා තමන්ගේ Skills වැඩි කර ගැනිම ගැන උනන්දු වෙන්න...ටික කළකදි “ඔබ දන්නා බව නොදැනෙන තරමට“ ඔබේ Skills දියුණු වේවි .....දැන් සුදුසු කාළයයි ....වෘත්තිය ගමන් මගේ පියවරක් ඉදිරියට තබන්නට .......
ආදර දුවේ , පුතේ ...........
දිරි ගන්න .........
සැකසෙන්න....
ජය ගන්න .. ජිවිතය
මුලින්ම අවංකවම කියනවා මේ ලිපිය මතක හිටිනම හොද ලිපියක්. දෙවැන්න තමයි ගාල්ලේ බටගන්විල මතක්කරත් එක්කම කාලයකට ඉස්සර සුපුරුදු පලාතක් මතක් වුනා. මමත් ගාල්ලේ ඉපදුන වගේම ජීවිතයේ මුල් අවධිය සියළුම දේවල් ගාල්ලින් ඉෂ්ඨසිද්ද කරගත් අයෙක්. ඉදිරියේදිත් හමුවෙමු...
ReplyDeleteහරිම සතුටුයි ඔබ හදුනාගන්නට ලැබීම පිලිබදව , ඔවි අපි මේ බ්ලොග් සම්පත භාවිත කරමින් වැදගත් ඒවගේම සුන්දර යමක් සිදු කරමු ,
ReplyDeleteඔබතුමා බටගන්විල කීවාම මට මතක් උනාකුඩ කාලයේ
ReplyDeleteබටගන්විල නෑන්ද කෙනෙක් සිටිය. නිවාඩු කාලෙකෙ අපි සෙට් එක
එහේ ගියා.
ගෙදර පිටුපස විශාල හබරල ගාලකුත්
එහි කෙලවර ගලා බසින කුඩා දිය පාරකුත් තිබුනා.
අපි එකේ බෑහලා මුලු දවසම නෑටුවා.
ලස්සන මාලු පෑටව් එහෙට මෙහෙට පීන පීන හිටිය.
අපි ඈන්දන් හිටපු ගව්මෙන් උන්ව අල්ලා පොඩි පොලිතීන් බෑග්
වලට දාගත්තා.ගොඩාක් සතුටු උන දවසක් ....
දෑන්නම් ඒ පලාත ගොඩාක් නාගරීකරනය වෙලා ඈති.
ඔව් , දැනු තරමක් නාගරික බවක් තිබුණත් , මේ බෝධය ලග සිටිත්දි ඒ නාගරික ඝෝෂාව නොදැනෙන තරම් ....
ReplyDeleteස්තුතියි ඔබට ...
ඔබතුමාගේ මෙම ලිපිය හරීම වැදගත්. මමත් මා කරණ රැකියාවේ skills වැඩි කර ගන්න නිහතමානිව උත්සහ කරන හැමවිටම එහිම සේවය කරන ජේෂ්ටයින් විසින් මාගේ හැකියාවන්ට වක්‍රව පහර දෙනවා. මගේ රැකියාව නැති කරන්න පුථ්වන් හැම දෙහක්ම කරනවා මම කිසිම විටෙක ඔවුන් ඉක්මවා යන්නට උත්සහ දරන්නේ නැ. මේ හේතුව නිසා මා ඉන්නේ මහත් අසහනයෙන්. කරුණාකර පිළිතුරක් බලාපෝරොතතු වෙමි. ස්තූතියි. ඔඉට ..............
ReplyDeleteAnonymous,
ReplyDeleteමේ තත්ත්වය බොහෝවිට අපේ රටේ පොදු දෙයක් වෙලා , මෙතැනදි හොඳම ක්‍රමය තමයි සාර්ථක පසුබැසීමක්(දියුණුවේ එක් මගකි මේ සාර්ථක පසුබැසීම) සහිතව ඔබේ අරමුණට යන එක , ඒ කියන්නේ ගැටුම් අඩුම කරගෙන , ජේෂඨයන්ගේ උපදෙස් අවවාද පිළිගෙන , ඔබට රිදවන අවවාද පවා පිළිගන්නා බව පෙන්වමින් , නමුත්
ඔබේ අරමුණ කරා යන්න , ඔවුන්ට දැඩිව නොහැඟෙනසේ තමන්ගේ skills දියුණු කර ගන්න .
බොහොම වැදගත් ලිපියක්. තව පුංචි දෙයක් කියන්ට ඕනි. අපි කිසියම් දෙයක් ඉගෙන ගන්ට අරං ටික දිනකින් අපිට දැනෙනවා අපි දැන් දන්නවා කියලා. ඒත් ඒ අපිට දැනෙන්ට පටං ගත්තා විතරයි කියලා තේරෙන්නේ තවත් ටිකක් ඒ ශිල්පය ප්‍රගුණ කළාම. තව තවත් ඒ ශිල්පය ප්‍රගුණ කරණකොට තේරෙනවා මේ ශිල්පය ඉගෙන ගෙන ඉවර කරන්න බැරි තරම් ලොකු පරාසයක තියෙන්නේ, අපට භාවිතා කරන්න අවශ්‍ය වෙන ටික විතරක් දැන ගත්තාම ඇති කියලා.
ReplyDeleteඅනෙක් කාරණය රැකියාවක් කරද්දී ආයතනය තමන්ට මොන විදිහට සැලකුවත් කරණ දේ අවංකව කිරීමෙන් තමන්ගේ හැකියාව තමන්ටත් නොදැනීම වර්ධනය වෙනවා. ඒ නිසා ආයතනය හොඳ නැත්නම් වෙන ආයතනයක් හොයා ගන්න. ඒත් ආයතනයේ වැඩ කරණකම් අවංකව වැඩ කරන්න.
ඕක තමයි මගේ තියරිය. සමහර විට ඇනෝ ටත් හරියයි.
ස්තුතියි මිතුර , ඔබේ සරු අදහස ලිපිය තවත් සාරවත් කළා .
Delete