2011/06/04

8th Discussion - “බබාලා සිටින බබාලා“-Teenage pregnancy - දෙවන පියවර

ඔව් දැන් අපි “බබාලා සිටින බබාලා“ ගැන ඉතාමත් වැදගත් ඒ වගේම අපට දැනෙන ප්‍රශ්නය ගැන කතා කරමු , මම මේ හැම තැනදිම කතා කරමු කියල කියන්නේ, මෙම ලිපි සාකච්ඡාවකට මුල් පිරිවීමක් විය යුතුය යන මගේ සංකල්පයත් එක්ක , මොකද සාකච්ඡාවකින් තමයි අපේ දැනුම වර්ධනය කරගන්න පුලුවන් , ඒ වගේම චර්යාත්මක වෙනසකටත් (Attitudinal change ) මෙබදු සාකච්ඡාවන් වැදගත් වෙනවා, මොකද මෙබදු විෂයයන් විභාග වලට පාඩම් කිරීම විතරක්ම ප්‍රමාණවත් නැහැ , ප්‍රායෝගිකව ක්‍රියාත්මක වියයුතුයි නේද ?











දැන් අපි බලමු , Teenage pregnancy පිළිබද වෛද්‍ය විද්‍යාත්මක පසුබිම ,අපි ප්‍රායෝගික දකින ප්‍රධාන ගැටලුවක් තමයි දරුවෙක් මේ තත්ත්වයට පත්වුනාම , ඇය “එය සැගවීමට“ දරන උත්සාහය , එහිදි මිතුරන් මගින් ලැබෙන උපදෙස් වලට මුල් තැනක් ලැබෙන්නේ මෙබදු ගැටලුවක් ලාංකීය සමාජය තුල නිවසේදී දෙමාපියන් එක්ක කතා කරන්න තරම් හැකියාවක් තවමත් නැති නිසා , ඒ නිසා මිතුරන් ලබා දෙන උපදෙස් මත තම ගර්භනීත්වය “නැති කර ගැනීම සදහා“ පෙළඹෙනවා , අද සමාජයේ සාමාන්‍ය දෙයක් තරමටම පොදු වචනයක් වෙලා තියෙන "Abortion" එහෙම නැත්නම් “ගබ්සාව“ තමයි ඒ ක්‍රියාව , නමුත් අවාසනාවට “නීති විරෝධී ගබ්සාවන්ට Criminal abortion “ යොමු වෙන මෙම දරුවාගේ අනාගතය වගේම ජීවිතයත් අවදානමකට ලක් වෙනවා,   

අද අපි රෝහල් පරිසරය තුල මෙබදු අවදානම් වලට ගොදුරු වුනු “දරුවන්“ අපට මුණගැහෙනවා ,ඒ කියන්නේ මෙම මාතෘකාවත් හුදෙක් “විය හැකියාවක් “ නොවේ  , අපේ ලංකාවේ සිදුවන දෙයක් . ඒ වගේම වර්තමානයේ සමාජයේ තිබෙන පෙළඹවීම් ඔස්සේ අනාගතයෙදි “සමාජ පිළිකාවක්“ (Social cancer ) බවට පත්වීමේ අවදානම් ඇති තත්ත්වයක් බවයි මගේ හැගීම , 

ලංකාවේ මේතරම් නැතත් අවදානම ?
මේ දරුවාගේ ජීවිතයේ අවදානමට වගකිව යුත්තේ කවුද 
මීට වඩා වෙනස් වෛද්‍ය විද්‍යාත්මක කරුණු තියෙනවා , මොකද මේ දරුවගේ දේහය තවමත් “දරුවෙක් දරා ගැනීම සදහා “ සූදානම් නැහැ , සමහර හෝමෝන තවමත් නිසි ක්‍රියාකාරිත්වයක් නැහැ . ඒ වගේම දරුවාගේ පෝෂණ තත්ත්වයත් මෙම තත්ත්වයට සූදානම් නැහැ , මෙහි අවසානය හරිම අවාසනාවන්තයි , සමහර විට දරුවා බිහි කරන අවස්ථාවේ ඇය ජීවිත අවදානමකට ලක් වෙනවා , මිය යන්නත් පුලුවන් නිසි වෛද්‍ය අධික්ෂණයක් නොලැබුනොත් , ඒවිතරක් නොවෙයි , බිහිවෙන දරුවාත් අවදානමකට ලක්වෙනවා , අඩුබර හෝ අඩු විය දරුවන් (Preterm or Low birth weight) ලෙසට බිහිවන මෙම දරුවාගේ ජීවිතයත් අවදානමකට ලක් කෙරෙනවා,

දැන් මම හිතනව මෙම ගැටලුවේ ස්වභාවය ගැන අපි කතා කළ ඇති කියලා, දැන් අපි බලමු ඇයි මෙම තත්ත්වයට පත් වෙන්නේ සහ වලක්වා ගන්නේ කෙසේද කියලා?

මීළග ලිපියෙන් අපි නැවත හමුවෙමු ,.....

No comments:

Post a Comment

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)