2011/06/05

9th Discussion - අඩුවිය ගැබ් ගැනීම් හෙවත් “බබාලා සිටින බබාලා“-Teenage pregnancy - අවසන් පියවර

සුන්දර යොවුන්විය
 අපේ මාතෘකාවේ අවසන් අදියර ,  දැන් අපි මේ අනතුරට හේතු හොයල බලමු ,  අපි හදුනාගන්න ප්‍රධාන හේතු විදියට ;
  1. කුතුහලය සහ බලපෑම්
      • මෙහිදී අප දන්නා දෙයක් තමයි මේ වයසෙදි තමයි දරුවාගේ කායික වෙනස්විම් බොහොමයක් සිදු වන්නේ , ගැහැණු දරුවකුගේ ආර්තව චක්‍රය සක්‍රිය වීම , පිරිමි දරුවකුගේ ලිංගික අවයව වල විවිධ වෙනස්වීම් සිදුවිම , මේ තත්ත්වයේදී දරුවන් තම සම කණ්ඩායම් එක්ක තම තමන්ගේ අත්දැකීම් බෙදා ගන්නවා, ඒක වැදගත් , ඒත් ඒ කුතුහලය වැරදි දිශාවකට යාමට අද සමාජයේ පෙළඹවීම් බොහොමයි , ඉතින් නිවැරදි දැනුමක් නැති මේ දරු පැටවුන්ට තම කුතුහලය විසදා ගැනීමට නිවැරදි දැනුවත් කිරිමක් නොවීමත් මෙයට හේතුවක් , විශේෂයෙන්ම මෙහිදී “මම“ වැදගත් භූමිකාවක් ඉටු කළ යුතු යැයි මම හිතනව , එසේ නොවන අවස්ථාවක දරුවාට “නැවත නිවැරදි කළ නොහැකි වරදක් “ සිදුවිමට ඉඩ වැඩියි
  2. ප්‍රජනක සෞඛ්‍ය පිළිබද නිවැරදි දැනුමක් නොමැතිකම ,
      • අද ප්‍රජනක සෞඛ්‍ය කියන වචනය පවා රහසේ කිව යුතුය වගේ අදහසක් තවමත් අපි අතරේ තියෙනවා නේද ? ඒකම තමයි අනතුරෙහි මුල , මගේ පෞද්ගලික මතය වයස අවුරුදු 10-12 විතර වෙනකොට දෙමාපියන් විසින් තම දරුවන්ට , විශේෂයෙන්ම දූවරුන්ට , පුංචි පුංචි දැනුවත් කිරීම් කළ යුතුයි , තමන්ගේ දේහයේ ඉදිරියේදී විය හැකි වෙනස්කම් , ඒවා “විය යුතු දේ“ බව  වගේම , තමන්ගේ ආරක්ෂාව පිළිබද , විශේෂයෙන්ම පාසල් වෑන් එකේ දී , අමතර පංතියේදි සිදුවිය හැකි අනතුරු සහ පෙළඹවීම් පිළිබදව දැනුවත් කිරීම වැදගත්, 
      • විධිමත් අධ්‍යාපනයේදී , පාසලේදී විද්‍යාව විෂයට මෙය ඇතුලත් වුනත් ප්‍රායෝගිකව අපි දකින ප්‍රශ්නයක් තමයි , මෙම විෂය ප්‍රමාණවත් තරමින් නොකරන බව , යන්තම් “සිලබස් එක කවර් කරන්න“ පමණක් සිදු කරන බව, ඒ වගේම මෙම විෂයෙදි ලිංගික පද්ධති ගැන විතරක් කතා කරල මදි , පිළිසිද ගැනීමක් ඇති වෙන විදිය , එය වලක්වා ගැනීමේ උපත්පාලන ක්‍රම Contraceptives , පිලිබදවත් දැනුවත් කළ යුතු වෙනවා , ඒ වගේම දරුවන් අතර තියෙන මත , සැක විමසමින් ඒවැ නිවැරදි කිරීමත් පාසල තුලදි කෙරේනම් එය හරිම වැදගත් ,  
  3. දැනුම අඩුකම 
      • මෙම තත්ත්වය විශේෂයෙන්ම අපිට දකින්නට ලැබෙන්නේ දුෂ්කර ප්‍රදේශවලදි , අපි දකිනවා ඒ තත්ත්වය , දුෂ්කර ගම්මාන ආශ්‍රිතව අඩුවිය ගැබ් ගැනීම් වලට ලක්වූ දරුවන් රෝහල් ගතවීමේදී , මේ තත්ත්වයේදී එම සමාජ පරිසරයන්ම එම අනතුරු වලට පෙළඹවිම් කරන බව අපට දැනෙනවා,
  4. පවුල් රැකවරණය අහිමි වීම 
      • ‍මේ කාළයක් තිස්සේ මාධ්‍ය වලින් පෙන්වාදීපූ කාරණයක් , මව් විදේශ ගත වීම නිසා විද වැටෙන පවුල් තුල සිටින දරුවන් විවිධ පුද්ගලයන්ගේ බලපෑම් නිසා මෙන්ම “අහිමි ආදරය“ සොයන්නට යාම නිසාත් මෙම අනතුරට ලක් වෙනවා , අද ඒ තත්ත්වය වර්ධනය වෙන බවක් අපට දැනෙන්නේ,
  5. සමාජ සිරිත් 
      • මෙම තත්ත්වය අපේ රටේ දක්නට නැතත් සමහර රටවල දැනුම අඩු සමාජ සංස්කෘතීන් තුල අඩු විය විවාහයන් සිදු කෙරෙනවා එහිදීත් මෙම ගැටලුව ඇති වනවා,
දැන් අපි කතා කරමු මෙය වලක්වා ගන්නේ කෙසේද කියලා ,

මෙහිදී පාසල් වයසේදීම නිසි ප්‍රජනක දැනුමක් විශේෂයෙන්ම උපත්පාලන උපක්‍රම පිළිබද දැනුම සහිතවම ලබා දීම වැදගත් , මෙහිදි දෙමාපියන්ගේ වගකීම ඉහළයි , 

ඒ වගේම තරුණ දරුවන් වෙත “ආදර බැදිමක සුන්දර බව“ සහ “ලිංගික ගොදුරක් වීමේ ප්‍රවණතාව “ පිළිබද වක්‍රානුකූලව අවබෝධයක් ලබා දිය යුතු අතරේ ඒ පිළිබද තම නිවසේදී පවුලේ වැඩිහිටියන් සමග (විශේෂයෙන් මව සමග)  කතා කළ හැකි පරිසරයක් ඇති කළ යුතු වෙනවා , “යොවුන් ආදරයක් දැක්ක තැන විසකුරු සර්පයෙක්ගේ චරිතයට පත් නොවී ආදරණීය මවක් පියෙක් විදියට ඔබේ දරුවට ලංවෙන්න , එමගින් ඔබේ දරුවා අනතුරු ගණනාවකින් බේරා ගන්න ඔබට පුලුවන් , 

ඒ වගේම අනාරක්ෂිත පරිසරයන් සහ පෙළඹවීම් හදුනාගන්න ඇය දැනුවත් කරන්න , උදාහරණයක් විදියට විවිධ මත් ද්‍රව්‍ය වලට වගේම විවිධ සමාජ රැළි වලට Social trends සිදුවිය හැකි ඇබ්බැහිවීම් ගැන අවධානයෙන් ඉන්න , 

පාසල් පරිසරය තුල “උපදේශන සේවාවන්“ පවත්වාගැනීම වැදගත් , උදහරණය “යොවුන් ලැබැදි උපදේශන සේවාව“ වගේ නමකින් , තරුණ දරුවන්ට තම ගැටලු විශ්වාසයෙන් කතා කළ හැකි , නිවැරදිව උපදේශයනය ලබා දිය හැකි පරිසරයක් ගොඩනැගීට අද දවසේ අවශ්‍යතාවයක් වෙනවා,

මේ ලිපිය මෙතෙකින් නිමා කරන්නටයි සුදානම , තරමක් දිගුවැඩි ලිපියක් වුනා නම් සමාවෙන්න , අපි කතා  කළ යුතු දේ විස්තරාත්මකව කතා කරන්නයි මම උත්සාහ  කළේ . 

ඔබ සැමගෙන් මම කාරුණික ඉල්ලීමක් කරනවා ඒ , මේ ලිපිය ගැන ඔබේ අදහස දක්වන්න ,ඒ වගේම මේ මාතෘකාවට එක් වෙන්න , මම ඔබගේ අදහසට හැම විටම ගරු කරනවා......තවත් ලිපියකින් හෙටත් හමුවෙමු...





3 comments:

  1. ඉතා වටිනා ලිපි පෙලක්!!!
    මීට කලින් ආව මතකයක් නම් නෑ මේ පැත්තට
    ඒත් අද ඔබේලිපි සියල්ලම පාහේ කියෙව්ව..
    හරිම වැදගත්
    කමෙන්ට් නොකරන එක ගැන නොහිතා ලියන්න..
    මටත් හිතෙන්නෙ දරුවෙක්ට පොඩි කාලෙ ඉදලම ලිංගික අධ්‍යාපනය අවශ්‍යයි.. අපේ අම්මලගෙ කාලෙ වගේ නෙවෙයි අපි අපේ ළමා විය පහු කළේ.. අපි වගේ නෙවෙයි අපේ ළමයි ඒ අවධිය පහු කරන්නෙ.. අපිටත් වඩා අපේ දරුවන්ව මාධ්‍ය හා විවිධාකාර නොමග යවන සුලු දේට විවෘත වෙලා.. ඉතින් අපි හරි දේ කියා නොදුන්නොත් ඔවුන් අයාලේ...
    මෙය දෙමාපියන් විවෘතව දරුවන් සමග කතා කළයුතු සහ පාසල් අධ්‍යාපනයෙදි මීට වඩා තැනක් ලැබිය යුතු විෂයයක් යන්නයි මගේ පෞද්ගලික මතය නම්
    ස්තූතියි!!!

    ReplyDelete
  2. ස්තුතියි ඔබට ....ඔබේ මතය ගෞරවයෙන් පිළීගන්නා අතරේ එයට ගරු කරමින් එය සමාජගත කිරිමට ප්‍රජාව දැනුවත් කිරීමට දායක වන්න.....

    ReplyDelete
  3. මේ මාතෘකාව ගැන මේ විදියට ලිපි ඉදිරිපත් කරන එක කොච්චර හොඳද. අපිටත් පාසල් යන කාලෙදි නොලැබුණු ඒ අධ්‍යාපනය තමයි ඔබේ මේ ලිපි වලින් ලබාගන්න උත්සාහ කරන්නේ. දිගටම ලියන්න.
    ස්තූතියි...!!!

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)