2011/07/03

26)මල් වගේ මළ වල බිහිසුණු කතාව - ඔබ දැන ගත යුතුම දේ

මගේ දඬුමොනර රාජයා....
අද ඉරිදා , අදත් night shift ...දවසම නිදහස් ...උදේම ගියා මගේ දඬු මොනරේ හදා ගන්න ...දක්ෂ , එහෙත් ජීවිතේ සැලසුමක් , අරමුණක් නැති නිසා හැමදාමත් එක තැන ඉන්න ..යතුරු පැදි කාර්මික ශිල්පියෙක්ගේ ගෙදරටම...“ ආ මහත්තය උදෙන්ම ...“ කබ කඩ කඩ එළියට  ආව “බයික් චූටි“ (නම හරියට නොදනිතත් බයික් චූටි කිව්වම ඕන කෙනෙක් දන්නවා)  , “මොකද ඊයේ වුනේ මම හවස ආව , කොහෙද ගියා කිව්ව් , ගෙදර කට්ටිය දන්නෙත් නැහැ ...“ .....“සර් ඊයේ යාළුවෙකුට සෙට් වුනා සර් ...එනකොට ටිකක් අමාරුයි ..ආ ගමන් නිදා ගත්ත .., තාම නිකං කරකැවෙනවා වගේ ...“ චූටිය ඔළුව කහ කහ කියෝනවා ...

මෙන්න Colon එකයි rectum එකයි 
“සඳ සඳ වගේ තරු තරු වගේ මල් මල් වගේ අපි අපි වගේ ....“ කසුන් කල්හාරගේ සුන්දර ගීතයක් චූටියගේ ගෙදර පැත්තෙන් ඇහෙනවා ...මම අසුනකට හොඳට බර දිලා , අහගෙන හිටිය ...අද පරපුරේ ඉන්න ගායකයින් යැයි කියා ගන්නා පිරිස අතරේ “නියම ගායකයෙක් ...නියම පිරිමි කඩහඬක් ...සුන්දර රිද්මයක් “  අහගෙන ඉන්න ආසම ගිතයක් ..


“මොකද මහත්තය උනේ ..හෙඩ් ලයිට් අප්ෂෙට් කිව්ව නේද .....බලමු කොයිල් එක ...“ චූටිය මගේ දඬු මොනරගේ පිල් එක එක පරිස්සමින් ගලවනවා ...ඒ අතරේ මට ආයෙත් මතක් වුනා “මල් මල් වගේ .......“ ...මට මේක මෙහෙම කියවුනා ....“මල මල් වගේ .....“ , ඒ එක්කම මතක් වුනා අද දවසේ ඉන්න “නිහඬ මාරයෙක් Silent killer ගැන එයාට අපි කියන්නේ Colorectal cancer නැත්නම් මහාන්ත්‍රය ආශ්‍රිත පිළිකා කියලා ...මේකේ අවදානම මේකයි ..අන්තිම වෙනකම් හඳුනගන්න අමාරුයි නිසි ලෙස දැනුවත්ව නොහිටියොත් ....ඒ වගේම ප්‍රමාද වුනොත් අතිශ්‍යය වේදනාකාරී , අප්‍රසන්න අත්දැකීම් බහුල ප්‍රමාද වුනොත් ඉක්මණ් මරණය ලබා දෙන අවාසනාවන්ත තත්ත්වයක් මේක...


දැන් අපි කතා කරමු , ටිකක් විස්තර සහිතවම ,  අපි මුලින්ම දැන ගන්න එපායැ Colon කියන්නේ කොහේද කියා නේද ..Colon කියන්නේ මහාන්ත්‍රය එහෙම නැත්නම් මහ වඩවැල ..ඒකෙන් තමයි අපේ ආහාර දිරවුවට පස්සේ එහි තියෙන වැඩි පුර වතුර උරා ගෙන “මළපහ“ බාහිර නිකුත් කරන්නට පුළුවන් තත්ත්වයට සූදානම් කරල දෙන්නේ ...ඒ වගේම එහි අවසාන කොටස වන Rectum හි තමයි අපිට වෙලාව එනකම් “මළපහ “ ගබඩා කරගෙන ඉන්නේ ...(ඒ නිසා මෙම Colon cancer සහ Rectum cancer  එකට යන තත්ත්ව දෙකක් , ඒ  නිසා අපි කියමු Colorectal cancer කියලා) , දන්නවද ?, මෙයා තමයි ලෝකයේ තුන් වැන්නා (කාන්තාවන්ට අදාලව හතර වැන්නා ) , මොකකින්ද? ...මරණය ඇති කරන පිළිකා රෝග තත්ත්ව වලින් ...


ඔන්න ඔය මහ බඩවැල් ප්‍රදේශයේ යම් තැනක ඇති වෙන පාළනය කරන්නට බැරි , ප්‍රයෝජනයක් නැති , අසාමාන්‍ය සෛල වර්ධනයක් තමයි Colorectal Cancer  කියන්නේ ...පිළිකා ඒකකය තුල මගේ සේවා කාළයේ  රෝගීන් විශාල සංඛ්‍යාවක් මුණ ගැහුණ මේ තත්ත්වයෙන් පීඩා විඳින ...


ලස්සන මල...නැහැ මේ වඩවැලේ Polyps 
(පිළිකා ගැන තවත් ලිපියක් මෙතැනින් (පියයුරු පිළිකාව)) අසාමාන්‍ය වර්ධනයක් කිව්ව ගමන් බය වෙන්න එපා ..හුඟක් වෙලාවට මේ මහබඩවැල ඇතුලේ පොඩි ගෙඩි විශේෂයක් තියෙනවා ...පරම්පරාවෙන් එන ...ඒවට අපි කියන්නේ Polyps කියලා ...මේව අහිංසක හෙවත් පිළිකාමය නොවන benign polyps කියලයි නම් කරන්නේ ..හැබැයි දැනගන්න මේ අහිංසකයෝ යම් දවසක , විශේෂයෙන්ම වියපත් විමත් එක්ක , පිළිකාවක් බවට පත්වීමේ අවදානමක් තිබෙනවා .. ඒ නිසා අපට කියන්න පුළුවන් මේ පිළිකාවත් පරම්පරාවෙන් ගමන් කිරිමේ හැකියාවක් තියෙන බව . කොහොම වුනත් ඔබට අර මුලින් කී ගැටිති polyps සහිත මහාන්ත්‍රයක් නම් තිබෙන්නේ පරිස්සම් උනොත් හොඳයි...ඔබත් වරින්වර බඩේ අමාරු , ගුද මාර්ගයෙන් ලේ පිටවිම , වරින් වර ඇති වන අජීර්ණ තත්ත්ව හෝ මළපහවීමේ රටාව වෙනස් විම නිසා වෛද්‍ය ප්‍රතිකාර ලබන්නෙක් නම් පොඩ්ඩක් බලන්න ඔබේ ප්‍රතිකාර සටහන් පත Diagnosis card , එහි මෙන්න මේ විදයට සටහන් වෙලා තියේද බලන්න adenomatous polyposis syndromes කියන නම ලියවිලා තිබෙනවාද කියලා ...ඔන්න බය වෙන්න ..නැහැ පරිස්සම් වෙන්න ....


“ඔබ මා නොවන තුරු .මා ඔබ නොවන තුරු ...ඔබ ඔබමවෙයි මම මමම වෙයි ...සඳ...“  සුන්දර ගීතය තවමත් ඇහෙනවා ...


කන්න කන්න...අළුත් පළතුරු ...
දැන් අපි කතා කරමු මේ නිහඬ මාරයා අපි ගාවට ගෙන්න ගන්න සාධක මොනවාද කියලා , ප්‍රධානතම සාධකය තමයි අර මුලින් කී විදියේ ගැටිති පැවතීම , ඒ වගේම කාළයක් තිස්සේ පවතින බඩේ අමාරු (අපි බඩේ අමාරු ගනන් ගන්නවයැ නේද ?) , අජීර්ණ තත්ත්ව (Ulcerative colitis , Crohn colitis ලෙස නම් කරනවා) , එහෙම නැතිනම් පවුලේ ළඟම අයෙකුට ආහාර මාර්ග පිළිකාවක් තිබුණානම් එයත් අවදානම් සාධකයක් , ඒ වගේම තමන්ට වෙනත් පිළිකා තත්ත්වයක් තිබුණානම් ඒ අයටත් Colorecral cancer ඇති වෙන්නට පුළුවන් . 


දැන් කෑම ගැන ...ආහාරයේ තන්තු අඩු , මේදය වැඩි ආහාර රටාවක් දිගු කාළිනව පවත්වාගෙන ආවා නම් අවදානම ඉහළයි ..හැබැයි පළතුරු වැඩියෙන් පරිභෝජනය කිරීමෙන් මෙම පිළිකා අවදානම අඩුවන බව හඳුනාගෙන තිබෙනවා .....ඔන්න තරබාරු අයට විශේෂ පණිවිඩයක් ඔබ මෙම රෝගයටත් අවදානම් කාණ්ඩයේ ....එ වගේම සිගරට් දුම බොන(Active smoker) මහත්තුරුනුත් , එයාලගේ දුම නොමිලේ බොන (Passive smokers)  නෝනලත් ,බබාලත්   දැන ගන්න ...ඔය දුමෙන් ඔබේ මහාන්ත්‍රයේ පිළිකාවක් පැන නඟින්නට ඉඩ තියෙනවා 




බඩ කැක්කුමයි.....
පොඩි එකාටත් දුම් පොවනවෝ ...
දැන් අපි බලමුකො මේ මහාන්ත්‍රික පිළිකාවේ ලක්ෂණ මොනවාද කියලා ...මේ හුඟක් හුඟක් ලක්ෂණ රැඳි තිබෙන්නේ මලපහ , මලපහ රටාව එක්ක .... හුඟ දෙනෙක් රෝහලට එනවා ගුද මාර්ගයෙන් ලේ යාම නිසා ..“මට මහත්තයෝ අර්ශස් තියෙන්නේ අවුරුදු ගාණක ඉඳලා ...“ කියාගෙන ඔය විදියට කියාගෙන ආවත් එහි ඇත්තම තත්ත්වය මෙම පිළිකාව වෙන්න පුළුවන් ...ඒ කියන්නේ ගුද මාර්ගයෙන් ලේ පිටවීමක් තියෙනවා නම් , විශේෂයෙන්ම වේදනාවක් නැතිව ....අර්ශස් කිය කියා බල බල ඉන්න එපා ...පුළුවන් ඉක්මණට රජයේ රෝහලකට ගිහින් ඒ ඇත්තම අර්ශස් තත්ත්වයම දැයි තහවුරු කර ගන්න ...ඒ එක්කම ඇඟේ අප්‍රාණික බව , කම්මැලි කමක් වෙනද නැති මහන්සියක් වගේ දැනෙනවද ? ඔන්න තවත් ලක්ෂණයක් , මීට අමතරව ආහාර අරුචිය , ආහාර ගත්තාම වමනේ යන්න එන ස්වභාවය , වගේ තත්ත්ව තියෙනවා නම් අර අවදානමට තව ලකුණු එක්තු කර ගන්න ,  වරින් වර අස්වාභාවික විදියට බඩේ තද කැක්කුම් ඇතිවීම , තවත් ඔයාට දැනේනවා නම් බලා ගෙන ඉත්දි කෙට්ටු වෙනවා වගේ ,
කෙට්ටුම වෙලා නේ


ඒකියන්නේ මාස 2ක් 3ක් ඇතුලත ඉක්මණට සාධාරණ හේතුවක් නැතිවම කෙට්ටු වෙනවා නම් ...තව ලකුණක් දාගන්න ...දැන් එමු අර මල ..මල් වගේ කතාවට ...මේ රෝග තත්ත්වයේදි මලපහ කෙරෙන වාර ගණන , ස්වභාවය හරි ඉක්මණට වෙනස් වෙනවා ...මළපහ කරල ආවට පස්සෙ ආයෙත් “යන්න වගේ“ දැනෙනවා , ඒ විතරද පිට කරන මලපහ හරියට රිබන් පටියක් වගේ ..පටු පැතලි ස්වභාවයක් ගන්නත් පුළුවන් ...ඒ පීත්ත පටිය  උඩ මලක් තියල වගේ අර පැතලි මළපහ මත “රතු පාටට“ ලේ ගුලියක් තිබුණොත් ...


අනේ දැන් ඉතින් මල ..මල් වගේ කිය කියා ඉන්නෙ නැතිව ඉක්මණටම රෝහලට යන්න ..යන ගමන් පුළුවන් නම් පිරිසිදු කටලොකු පොඩි බෝතලේකට අර මලපහ ටිකක් , (පුළුවන් නම් එහි උඩ කොටසෙන් )  අරගෙන යන්න , හැකියාවක් තියෙනවා නම් ඔය ලැබ් එකකින් Stool Full report කියන “සම්පූර්ණ මළ පරික්ෂාවක් “ කරගෙනම යන්න , එතකොට ප්‍රතිකාර කටයුතු වලට ඉක්මණ් වගේම පහසුවක් ....
මෙන්න පිළිකාවක් බොනවෝ......

දැන් ඔබේ වෛද්‍යවරයා යම් පරීක්ෂණ කිහිපයක්  සිදු කරලා , විශේෂිත X ray එකක් ගන්නට උපදෙස් දේවි , අපි ඒකට කියන්නේ barium enema කියලා ...තවත් විශේෂීත පරීක්ෂණයක් විදියට ගුද මාර්ගයට කැමරාවක් සහිත කඩා බටයක් ඇතුළු කරලා ඒ ප්‍රදේශය පියවි ඇසින් බැලීමක් කරාවි අපි එම  පරීක්ෂණයට අපි කියන්නේ Colonoscopy හෝ  Sigmoidoscopy කියලා ...(මේ පරීක්ෂණ දෙකක්) ..තවදුරටත් අවශ්‍ය නම් CT abdomen scan එකකුත් කරාවි ...බය වෙන්න එපා රජයේ රෝහලකදි මේ සියල්ලම නොමිලේ කරගන්න පුළුවන් ..සමහර විට   CEA (carcinoembyonic antigen) රුධිර පරීක්ෂණය විතරක් ඔබට පෞද්ගලික රසායනාගාරයකින් කරගන්නට වේවි 


දැන් ප්‍රතිකාරය ,ඔබට මෙම තත්ත්වය තිබේ යැයි හඳුනාගත්තොත්  බොහෝවිට ඔබට ශල්‍යකර්මයක් කරන්නට වැඩි ඉඩක් තියෙනවා ...එමගින් එම පිළිකා කොටස කපලා ඉවත් කරවි ..එත් සමහර විට ඔබේ ගුද මාර්ගය තාවකාළිකාව හරි ස්ථිරව හරි වසා දමන්නටත් සිදු වෙන්න ඉඩ තියෙනවා ...දැන් ඔබ බලයි එතකොට කොහොමද ......ඔව් ඉන්න කියනකම් ..ඒ විදියේ ශල්‍යකර්මයක් සිදු වුනොත් මහාන්ත්‍ර යේ නරක් වූ කොටස කපල දාල හොඳ කොටස ඔබේ උදර බිත්තයේ තනන සිදුරකට බද්ධ කරාවි Colostomy දැන් මලපහ කරන්නට වෙන්නේ ඔන්න ඔය කොලොස්ටොමිය මගින් ඒකට සවි කරපු බෑග් එකක් ඇතුලට , තව එකක් මේ වගේ තත්ත්වයක් පිළිබඳව හඳුනගත්තොත් එම ශල්‍යකර්මය “පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක්ටම“ Onco-surgeon  කියලා කරවගන්න බලන්න .


පිළිකානාශක ඖෂධ ප්‍රතිකාරය 
ඒ තරම් තැනකට ගියත් නොගියත් ඔබට පිළිකානාශක ඖෂධ Chemotherapy ලබා දේවි ..ටිකක් අප්‍රසන්න අත්දැකිම දෙන්නට ඉඩ තියෙන ( වමනය , තට්ටේ පැදීම , කටේ දිවේ තුවාල ඇතිවිම වගේ සහ තවත් ) ඒත් අත්‍යවශ්‍යම ප්‍රතිකාරයක් . මතක තියා ගන්න මෙම ප්‍රතිකාරය වාර කිහිපයක් කරගන්නට වෙනවා හොඳ ප්‍රතිපලයක් ලබා ගන්නට නම් , ඒ අතර කාළයේ සැහෙන විදියට පරිස්සමින් ජීවිතේ ගත කරන්නත් ඕන ..


මේ ප්‍රතිකාරත් එක්කම ඔබට කරන්ට් අල්ලටත් අවශ්‍ය බව වෛද්‍යවරයා පවසාවි ..බය වෙන්න එපා ඔබට කරන්ට් වද්දනවා නොවෙයි ...යම් විකිරණයක් ඔබේ ආබාධිත ප්‍රදේශයට ඇතුළු කරලා එය සුළු “පිළිස්සීමක්“ තමයි කරන්නේ ...ඉහත ප්‍රතිකාර එක්ක බැළුවම වේදනාව අවම ක්‍රමයක් ...හැබැයි හොඳට මතක තියා ගන්න ඕන මේ දෙවන සහ තෙවන ප්‍රතිකාර ක්‍රම දෙකේදිම (ඖෂධ සහ විකිරණ) ඇඟේ ලේ අඩු වෙන්න පුළුවන් ..එතකොට ඇඟේ පතේ අමාරු , උණ , හම යට කළු ලප ,තොල් කට තුවාල වීම වගේ ඇති වුනොත් ඉක්මණට ඔබේ වෛද්‍යවරයාට දන්වන්න ..ඒ තමයි මේ ප්‍රතිකාර වල අහිතකර පැති ...


පරිස්සම් වෙන්න අනේ....
දැන් දැනගත්තනේ හැදුනොත් මොකද කරන්නේ කියලා ...දැන් අපි අන්තිමට බලමු මේ තත්ත්වය ඇති වීම වලක්වා ගන්නේ කොහොමද කියලා ..මුලින්ම කරන්න ඕන දේ තමයි අපි මීට පෙර කිව්ව අවදානම් සාධක හැකි තරම් ඉවත් කරගන්න එක ...ඒ කිව්වේ ආහාර රටාව නිවැරදි කරගෙන(තන්තු , පළතුරු වැඩිකරා තෙල් අඩු කරගන්න )  , දුම්පානය නවත්වලා , අලස  ජීවන රටාවෙන් මිදිල ටිකක් සක්‍රිය ජීවන රටාවකට හුරු වෙන්න , මෙම තත්ත්වය ගැන හොඳට දැන ගන්න , අවදානයෙන් ඉන්න ...


විශේෂයෙන්ම ඔබේ මළපහ රටාව සහ ස්වභාවය ගැන අනෙක් ඔබේ වසය අවුරුදු පනහට වැඩිනම් වාර්ෂිකව මළ පරික්ෂණයක් Fecal occult blood  කරවගෙන වෛද්‍යවරයාට පෙන්වන්න ...අවුරුද 5කට වතාවක් වත් අර උපකරණය ඇතුළු කරල කරන Sigmoidoscopy පරීක්ෂණයක් කරවා ගන්න ..මේවායින් පුළුවන් පිළිකාවේ මූලික අවස්ථාවම හඳුනාගන්න ...ඒ එක්කම Barium enema එකකුත් කරගන්න ...හැබැයි ඔබට අර මුලින්කී කාළින බඩේ අමාරු (Ulcerative colitis , Crohn colitis ,Polyps ) වගේ තත්ත්ව තිබුණානම් හෝ ඔබේ පවුලේ කෙනෙක්ම (ලේ ඥාතියෙක්ට) මෙම රෝගය තිබුණානම් අවුරුදු හතලිහ වෙනකම් ගනන් හද හද ඉන්න එපා , ඊට පෙර මෙම පරීක්ෂණ කර ගන්න (අඩුම තරමේ අවුරුදු 40 ඉඳලවත් ) 


දැන් දැන ගත්තනේ , ඉතින් මේ වෙලාවේ ඉඳලා කළබල වෙන්න එපා ..අවදානයෙන් ඉන්න ..මේ නිහඬ මාරයාට ඔබේ ජීවිතයේ ඉඩ ගන්නට දෙන්න එපා...


“හරි මහත්තය ...ස්ටාර්ට කරල බලන්න ....දැන් හෙඩ් ලයිට් වෙඩි වගේ ඇති  .....“ , මම මගේ භාවනාවෙන් මිදුනා , ඇත්තටම කිව්ව වගේමයි , මගේ යතුරු පැදියෙ තිබුණු දෝෂ්‍ය සම්පුර්ණයෙන් නිරාකරණය වෙලා ...ඒත් මේ තරම් දක්ෂතා තියෙන මේ මනුස්සයගේ “දෝෂය“ කවදා විසදේවිද ?  




අහන්න ආසයි නම් අර සිංදුව ඔබට ගන්නට පුළුවන් මෙන්න මෙතැනින් 

13 comments:

  1. වැදගත් ලිපියක්.බොහෝම ස්තුතියි...

    ReplyDelete
  2. ස්තුතියි ඔබට , ඔබේ එක් වදනක් මා තවත් ලිපියක් වෙත පෙළඹවිමකි ..

    ReplyDelete
  3. හොද ලිපියක් . නොදන්නා කරුණු ගොඩාක් දැනගත්තා.
    මෙවැනි රෝග ලක්ෂණ ඇති රෝගියෙක් හමු උනොත් දැනුවත් කරන්නම්....
    ස්තුතියි ඔබට.

    ReplyDelete
  4. ස්තුතියි ගිම්හානි ...හැමදාමත් සක්‍රියව මේ ලිපි අධ්‍යයනය කිරිම වෙනුවෙන්

    ReplyDelete
  5. ස්තුතියි.බොහෝම වැදගත් ලිපියක්.

    ReplyDelete
  6. ගොඩක් වැදගත් ලිපියක්
    Thank you Uncle

    ReplyDelete
  7. ස්තුතියි ඔබේ දිරි ගැන්විමට දිල්-රූ

    ReplyDelete
  8. ස්තුතියි පිනිඳු පුතේ ...

    ReplyDelete
  9. කිව්ව විදිහටම...ඔන්න මම ආවා.

    අවසන් ලිපිය තමයි..තාම කියෙව්වේ.
    ඇත්තටම හරිම වැදගත් තැනකටයි ආවේ කියලා හිතුනා..මේ ලිපිය කියෙව්වම.

    හොයා ගෙන ඇවිත්..මෙහෙට එන්න පාර පෙන්නුවට ...ස්තුතියි..අයියා.

    ReplyDelete
  10. ස්තුතියි මල්ලි ...ඔබ වැනි සක්‍රිය තරුණයින් තුලට නිසි දැනුම ,හුරුව සහ දක්ෂතාවය කාවැද්දවිය හැකිනම් , ඒ සඳහා ඔබ සැම කැමැත්තේ නම් රටේ ඉදිරි යහපතේ ඇරඹුම එතැනමයි ...

    ස්තුතියි මල්ලී ..මේ දැනුම ඔබේ මිතුරන්ටත් බෙදා දෙන්න ...එවිට ඔබට ලැබෙන පරිපුන් බව ඔබේ ජිවිතයම එළිය කරාවි ...

    ReplyDelete
  11. matath poop with blodd giya,man baye inne me post eka dkkama,,1st time blod dkkama mehema serch krala balddi me post dkke,baye ba mta thiyenne okada kiyla,heta doc kenek gwta ynwa,ane ambo mta opration krnna bayai appa, ;( :( mona karumekta mehma awda mnda

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉන්න කළබල නොවී :) ....මේ මෙහෙම එකපාරක් වුනා කියල කළබල වෙන්න එපා , මළපහ වල ස්වභාවය අනුව , තදි බවින් වැඩි නම් , වියළි නම් සමහර විටක මෙහෙම වෙන්න ඉඩ තිබෙනවා . anul fisture කියන ගුද මාර්ගයේ ඇති වන පැළීම් හේතුවක් වෙන්න පුළුව් මෙයට , නමුත් දිගින් දිගිටම මෙහෙම තිබෙනවා නම් සොය බලවා ගන්න් එක වටිනවා , නමුත් ඒ කළබල නොවී , නමුත් සැළකිල්ලෙන් .... තවත් ඔබට යම්ක් දැන ගන්නට ඕනෑ නම් මුහුණුපොතේ සොඳුරු සුව අසපුව පිටුව හරහා පණිවිඩයක් දාන්න .. මම පුළුවන් ඉක්මණින් උත්තර දෙන්නම් .
      ස්තුතියි

      Delete
  12. Obathuma ge lipiya thiyena widiyatama mage thaththa that colon cancer thibuna eya cancer hospital eken beheth Kala eth eya nethi una. .. .. cancer ekata dunna beheth walin eyage kidney narak wela thaththa nethi une... ehema wenawa... Watina lipiyak obathuma ta hodai pin

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)