2011/12/12

71) කලිසමෙන් අල්ලන රහස් ලෙඩේ ...

අපේ රටේ හඬ සම්පතක් ...
අද හවස training session එක නිසා උදේ වරුවම ගෙදර ...පොඩ්ඩො දෙන්නත් ඉස්කෝලේ ගිහින් , මනෝජ Driver's Handbook පොත බැහැලම කියවනවා ..මම අන්තර්ජාලය තුල ටිකක් එහෙ මෙහෙ ගිහින් “හොඳ සිංදු“ ටිකක් අහනවා ... “මල් සුවඳට බඹරු එනවා ..බඹර නදට නෙත් වැහෙනවා....“ අමරසිරි පීරිස්ගේ ලස්සන සිංදුවක් ... හඩ , පද , තනුව වගේම රූප රචනයත් මට හිතුන විදියට ලස්සනයි ..සරළයි ...බොහොම සැහැල්ලුවෙන් ගීතය රස වින්ද ...
ඒ රූප රාමුවක තියෙනවා ඇඳුම් තෝරන සිදුවීමක් ..මට මතක් වුනා අපිට තව ජැකට් කීපයක් ගන්න තියෙනවා , අද හොඳ දවස ඒකට ...



මේ දවස් ටිකේ පාඩම් පොත 
“අද අපි wallmart යමු ඔයාට ජැකට් එකක් ගන්නත් ඕනනේ ..., අනෙක පොඩීගේ presentation එකට බඩු ටිකත් හොයාගෙන එමු ....“ ...බොහොම අමාරුවෙන් මනෝජ , පොතෙන් ගලවගෙන අපි ගියා කියමුකෝ wallmart ..ඒ තමයි අපේ ගෙවල කිට්ටුවම තියෙන , හැම දෙයක්ම වගේ ගන්න පුළුවන් shopping complex එක ...

“බලමු අද කොහොමද ගනන් කියලා ...“ මනෝජ හැමදාම වගේ flyer එක කියවනවා ..ඕකෙන් තමා අද දවසේ බඩු වල මිල ගණනන් ... මිල අඩු කළ විස්තර වගේ ඔක්කොම හොයා ගන්නේ ..ඊට  පස්සේ අපි ඇතුලේ පොඩි රවුමක් දාල ගෙදරට ඕන කරන අඩුම කුඩුම ටිකකුත් දාගෙන ගියා ඇඳුම් ගන්න ....එක ඒක ජාතියේ ඇඳුම් ...අත දරුවගේ ඉඳළ හැමෝටම ...හැබැයි මිල නම් ඉතින් ඉහලයි ...ලංකාවේ රුපියල් තුන් සීයට විතර ගන්න පුළුවන් T-Shirts වල මිල ඩොලර් 18ක් විතර .(රුපියල් 2000ක් විතර ටැක්ස් එක්කම .. , ලැබෙන වැටුපට සාපේක්ෂව බැළුවම කෑම බීම , වාහන  පරිගණක , ඉන්ධන හැමදේම ලංකාවේ මිලට වඩා අඩුයි ...ඒත් ඇඳුම් නම් ...!!!!)

මේං අපේ කඩේ ....
“මහේෂ් ..මේ කළිසම හොඳයි නේද , පාටත් හොඳයි ...material එකත් හොඳයි වගේ ...ගමුද ?...“ හැමදාමත් වගේ මනෝජ , එයාට ඇඳුම් ගන්න එක පැත්තක දාල අපිට ඇඳුම් තෝරන්න පටන් ගත්ත ...“ හ්ම් දෙන්න බලන්න ...හරි ඔයා හොඳ ජැකට් එකක් හොයා ගන්නකෝ , මම මේක බලන්නම් ...“ හිත රිද්දන්න බැරි නිසා අතට ගත්ත මිසක මට ඇඳුම් ගන්න අවශ්‍යතාවයක් තිබුණෙම නැහැ ...  ...අම්මෝ..මේක අඳින්නනම් , මං වගේ දෙන්නෙක්ට බහින්න වේවි ...,“ ...

“හ්ම් ...ඇත්තමයි මං ඒ ,ඕක අඳිනකෙනාට නං sure එකට fatty ලිවර් ඇති ...“ .....
ඇඳුම් ගොඩක් ගේන්න ..
කොහොම හරි බොහොම අමාරුවෙන් ඒ කළිසමෙන් ගැලවිලා , ජැකට් එක විතරක් අරගෙන ආව ...ඒකත් වැඩිය ගණන් නැහැ ...රුපියල් වලින් නම් නමදාහක් විතර ...(මෙහෙම කිව්වේ මෙහේ එන්න අදහසක් තියෙන අය ඉන්නව නම් බොරුවට වැඩක් නැති දේවල් , ඉලෙක්ට්‍රොනික් බඩු , කොම්පියුර් උස්සන් එන්න එපා .ඒ හැම දේම ලාබෙට ගන්න පුළුවන් , ඒ ටිකෙත් ඇඳුම් ටිකක් ගේනන ..හැබැයි පොඩ්ඩන්ට ගන්නව නම් ටිකක් ලොකුවට ඇඳුම් අරගෙන එන්න , මොකද මෙහෙදි පොඩිවුන් හරි ඉක්මණට ලොකු වෙනවා ...)

දැන් හිතා ගන්න පුළුවන්ද අද මගේ කතාවේ මාතෘකාව ....පුළුවන් නම් හොයන්න ...

ඔව් fatty liver ...ඒ තමයි අද මට මේ සටහන ලියන්න උල්පන්දම් දෙන “චවන දෙක“...

අපි හුඟ දෙනෙක් දන්නව Liver එහෙම නැත්නම් “අක්මාව“ කියන්නේ අපේ ජීවිතය පවත්වා ගන්නට අතවශ්‍යම ඉන්ද්‍රියයක් , අනෙක අපි නිසා “හරියට දුක් විඳින ඉන්ද්‍රියයක්“ ..මොකද දන්නවද , අපි කන ... බොන සැර ජාති වල විස නසන්න සෑහෙන මහන්සියක් ගන්නවා මෙයා ...අපි ඒ ක්‍රියාවට කියන්නේ Detoxification කියලා ..ඉතින් සැර ජාති වැඩි වැඩිය ගන්න මේයාට කරන්න වෙන වැඩ රාජකාරිත් වැඩි වෙනවා ...සීමාවට වඩා වැඩ කරන්න ගියාම මෙයාටත් “තරහ යනවා“ , “වැඩ නවත්වනවා  ....නැත්නම් මෙයා මැරෙන්නත් , ඒ කිව්වේ අක්‍රියවෙන්නත් Liver failure පුළුවන් ...මේ සර ජාති කිව්වේ , මත්පැන් , ඖෂධ වර්ග , ආහාර වල තියෙන කෘතිම රසායනිකයන් ඔය හැමෝම ..අපි හැමෝම දන්න ලෙඩක් තියෙනවා නේ සිරෝසිස් කියලා ...අර.... කාළයක් තිස්සේ සැපට “බීපු  ,බේබද්දන්ට අන්තිමට හැදෙන , බඩ ඉදිමිලා , උඩිනුයි , යටිනුයි ලේ යන ලෙඩේ ..“ ඔන්න ඕක හැදෙන්නෙත් අක්මාව දුර්වල වුනාම , එහි පටක විනාශ වුනාම ...

තෙල් කෑල්ල ...... 
සැර වැඩිද මන්ද ලිව්ව ... ඔය කිව් කාරණාවටට අමතරව අක්මාව අපිට ගොඩාක් උදව් කරනවා , ඒ ඔක්කොම කියන්න ගියොත් මේක Anatomy පාඩමක් වගේ වේවි ..ඒනිසා මගේ කතාවට වැදගත් කරුණු වලට එන්නම් , අපේ ඇඟේ මේද ...එහෙම නැත්නම් තෙල් ගබඩා කිරීම සම්බන්ධව ලොකු වැඩ කොටසක් මෙයා කරනවා , අපි ගන්න ආහාර වල තියෙන මේදය ජීරණයට , අවශ්‍ය ප්‍රමාණයන් ගබඩා කරන්නට මෙයාට පුළුවන් ..හැබැයි අපි දේහයට අවශ්‍ය ප්‍රමාණයට වඩා තෙල් කනවා නම් අක්මාවේ සෛල වල ඇතුලේ වැඩිපුරත් මේදය තැන්පත් වෙනවා ..මීට අමතරව අපේ උදර බිත්තියෙත් , සම යටත් හුඟක් මේදය තැන්පත් වෙනවා , ඒ නිසානේ ඔය තරබාරුවත් එක්ක බඩ ඇවිත් “මස් බේරෙන“ හැඩයක් එන්නේ ...

අපරාදේ ලිවර් එක  නරක් කරගන්නේ 
මේ විදියට අක්මාව  , අපි කන කෑම වලින් එන මේදයෙන් එහෙම නැත්නම් අපේ ඇඟ ඇතුලෙම හදන fat වලින් 10%කට වඩා පිරුනොත් , ඒ අවස්ථාව තමයි Fatty liver (Non Alcoholic Fatty Liver Disease) කියල නම් කරන්නේ , මේ අවස්ථාව තවමත් එතරම් කරදරයක් නැති වෙන්න පුළුවන් , ඒත් Fatty liver අවස්ථාවේ , අක්මාවේ සෛල ඉදිමිලා ප්‍රදාහයට පත්වන අවස්ථාවට ආවම  ,(ඔය තත්ත්වය වෛද්‍යවිද්‍යාවේ නම් කරන්නේ Non-Alcoholic Steatohepatitis කියලා , මෙතන Non-Alcoholic කිවේ , ප්‍රධාන සාධකය ඇල්කොහොල් නොවන නිසා , හැබැයි ඉතින් Alcohol ප්‍රධාන සාධකය වන අයට මේ තත්ත්වය ඉක්මණින් සහ වඩාත් දරුණූවට ඇති වෙන්න පුළුවන් .) මේ අවස්ථාව ගණන් නොගෙන හිටියොත් අක්මාවේ සෛල විනාශ වෙලා Scarring එහෙම නැත්නම් කබොලු වගේ ඝණ ස්ථර හැදිලා .ආයෙත් නිවැරදි කරගන්නට බැරි තරම් ලොකු හානියක් වෙන්න පුළුවන්( Alcoholic Liver Disease),  මේ තත්ත්වය නම් මත්පැන් නොබිව්වත් එන්න පුළුවන් වගේම ලෝකයේ ජනගහණයෙන් 5% ක් විතර මේ තත්තවයෙන් පෙළෙනවාලු ,(හඳුනාගෙන සහ නොගෙන)  ,හිතන්න අපේ ඇගේ තියෙන වැදගත්ම ඉන්ද්‍රියය දුර්වල වුනාම අපිට මොකද වෙන්නේ ...අපේ ජීවිතයත් ටිකෙන් ටික අවදානමකට යනව නේද ? ..

ඉතින් අපි දැන ගන්නේ කොහොමද අපිට Fatty liver අවස්ථාව තියෙනවද නැත්ද කියල ...? ඇත්තටම මේක ලොකු ප්‍රශ්නයක් , විශේෂයෙන්ම අපේ වගේ නියමිත කාළයකට වතාවක් වෛද්‍යවරයෙක් ලවා තමන්ගේ සාමාන්‍ය දේහ පරීක්ෂාවක් නොකරගන්නා රටවල ඉන්නා අයට , මොකද අපි පුරුදු වෙලා ඉන්නේ ලෙඩ උනාම “දොස්තර මහත්තය ගාවට යන්නනේ ...ඒත් නිසි වයසට නිසි කළට පුර්ව වෛද්‍ය පරීක්ෂණ Regular general body checkups කරන්නවා නම් මේවා හඳුනගන්න පුළුවන් . එතැනදි ඔබේ සාමාන්‍ය දේහ පරික්ෂාව කරන විට හදුනගන්න වෙනස්කම් එක්ක , Ultra Sound Scanning එකක් කළොත් පළමු හදුනාගැනීම මෙයින් කරන්න පුළුවන් , ඊට අමතරව අක්මාවේ ක්‍රියාකාරීත්වය මනින S.G.OT.  , S.G.P.T , Serum Albunim/Billirubiin වගේ රැධිර පරික්ෂණත් ඊට දායක කරගන්නට පුළුවන් , තවත් ස්ථිර කරගන්න නම් අක්මාව ඇතුලට පුංචි කටුවක් ඇතුළු කරලා ඉන් පටක කෑල්ලක් අරගෙන Liver Biopsy එය අන්වීක්ෂයෙන් බැලුවාම ඇත්තම තත්වේ කියන්න පුළුවන් .(හැබැයි මේ තරම් සංකීර්ණ පරීක්ෂණ වලට යන්නේ නැති තරම් )

 මේකට හේතුව N.A.F.L.D නමින් කෙටියෙන් හදුන්වන මේ තත්ත්වය උග්‍ර අතට හැරෙනකම්ම අපිට වෙනසක් , රෝග ලක්ෂණයක් නොපෙන්වන තරම් . මීට අදාල ලක්ෂණ නේවන අවස්ථාවට එනකොට වැඩේ ටිකක් ඔඩු දුවල වෙන්න පුළුවන් , (එත් බය වෙන්න එපා , මේ තත්ත්වය මුල් අවස්ථාවන් නිසි ප්‍රතිකාර සහ ජීවන රටා වෙනස් කිරීම් මගින් නැවත නිවැරදි කර ගන්නට පුළුවන් )

අනෙක මේ තත්තවයේදි එන ලක්ෂණ අපිට ඉතින් නිකුනුත් එනවා වගේ .ඒ කිව්වේ ඇගේ පතේ අමාරු ගතියක් , බඩේ ඉහල ප්‍රෙද්ශයේ (දකුණු පැත්තට වන්නට)  පොඩි රිදුමක් ඒ එක්කම කොන්දෙ කැක්කුමක් ,  මාසයක් දෙකක් ඇතුලත හේතුවක් නැතිව ඉක්මනින් කෙට්ටුවන ස්වභාවයක් ..සමහර විට සමේ පාට ටිකක් කහපාටට හුරු වෙන්නත් පුළුවන් ...අනේ ඉතින් ඕව හදුනගන්න තරම් ලක්ෂණද නේද ? ... ඒත් නිවැරදි අවස්ථාවේ හඳුනනොගත්තොත් .......????????

වැදගත්ම දේ මේකයි , අපි හුඟ දෙනෙක් හිතන් ඉන්නවානේ නරක් වෙන්නේ “අරක්කු බිව්වොත් විතරයි“ කියලා , හැබැයි මේතැනදි ඒ කතාව ටිකක් වෙනස් වෙනවා , මීළඟට කියන කරුණු ඔබ ගාව තියෙනවා නම් ඔබ මත්පැන් පානය කළත් නොකළත් මේ N.A.F.L.D කියන තත්ත්වයට යම් අවදානමක් තියෙනවා , (ඔන්න සැර බීම ජාති “කටේවත් තියන“ මහත්තයලා , නෝනලාට ගෙම්බර් දාන්න එපා , නෝනගේ “අධික තරබාරුව“ මේකට හේතුවක් තමයි , ඒත් මහත්තයගේ සැර බීම වලින් වෙන අක්මා හානිය නිවැරදි කරන්නට බැරි සහ ඉක්මණින්ම අවදානමට පත්වන තත්ත්වයක් ...

මෙන්න ඒ අවදානම් සාධක ..මුලින්ම මේ කිව්ව වගේ අධීක තරබාරුව ...ඒ කිව්වේ ඔබ B.M.I. අගයේ 35-50 අතර නම් ගාන වැඩි වෙන්න වැඩි වෙන්න අවදානමත් වැඩි වෙනවා .(දැන් ඉතින් අපි දන්න B.M.I එකක් නෑ කියන්න එපා , අපි මේ ගැන කතා කරල තියෙනවා මීට පෙර ...ඔන්න දැන් ගාන හදල බලන්න මෙන්න මෙහෙම ...ඔයාගේ බර කිලෝග්‍රෑම් වලින් අරගෙන ඒක බෙදන්න ඔයාගේ උස මීටර් අගයෙන් ...ලැබෙන උත්තරේ ආයෙත් උසට අදාල මීටර් අගයෙන්ම බෙදන්න ...ඔන්න ඔය ලැබෙන අගය තමයි B.M.I අගය කියන්නේ , ඔය අගය 23 කිට්ටුව තියෙනව නම් හොඳයි , ඉන් වැඩි වෙන්න ලෙඩත් වැඩි වෙන්න අවදානම් ...)

Size එක හොඳ ද ?
ඔය ගණන් හද හද ඉන්න බැරි නම් තව ක්‍රමයක් කියන්නම් ඔබේ අවදානම හඳුනගන්න , දිග මනින ටේප් පටියක් අරගෙන ඔබේ උදරයේ වට ප්‍රමාණය මනින්න ..කාන්තාවකගේ මේ අගය අඟල් 40ට වැඩි නම් , පිරිමියෙක්ගේ මේ අගය අඟල් 35ට වැඩි නම් පරිස්සම් වෙන එක හොඳයි ...ඒනිසා ඊළඟට කලිසම් ගන්න ගියාමවත් බලන්න අවදානම්ද කියල ..(මුදල් ගැන විතරක් නෙවි , සෞඛ්‍ය අවදානමත් ඔය දවසට හොයා ගන්න පුළුවන් )

වැඩි පුර කෑම වගේම මන්දපෝෂණය (ප්‍රෝටීන මන්ද පෝෂණය) වගේ තත්ත්ව වලදින් මේක ඇති වෙන්න පුළුවන් , මොකද එතකොට අක්මාව ඇතුලෙම වැඩිපුර මේද පටක හැදෙන්න පටගන්න නිසා , ඒ වගේම තරබාරැව අඩු කරන්න කියල operation කරගත්ත අයත් අවදානම් ...තවත් දෙයක් ඔබට මතකද අපි කතා කළා Hepatitis B ගැන ..අන්න ඒ වගේ තත්ත්ව (කාළීන hepatitis තත්ත්ව) ඇති අයත් මේ අවදානමේ ඉන්නේ ..ඒ වගේම දියවැඩියාව , රුධිරයේ කොලෙස්ටරෝල් අධික විම (Hyperlipideamia ) වගේම අධිරුධිර පිඩනය ඇත අයත් මේ තත්ත්වය ගැන ටිකක් හොඳින් දැනගෙන සිටීමත් , පරිස්සම් වීමත් වැදගත් .

මේකටත් හරියටම ටක්කෙටම කියල බෙහෙතක් නැහැ ..වෛද්‍යවරයා මේ තත්ත්වය හඳුනාගත් ගමන් ඔබට දෙන්නේ බෙහෙත් නොවෙයි , උපදෙස් මාලාවක් ...රෝග තත්තවේ ගැන , අවදානම ගැන  , කන බොන විදිය පාළනය කරන්න ඕන හැටි මත්පැන් වල අවදානම , තෙල් කෑම සීමා කරන හැටි , ආහාරයේ තන්තු ප්‍රමාණය වැඩි කරන හැටි , දවසකට ව්‍යායාම කරන්න ඕන ප්‍රමාණය , ඒ හැම දේකින්ම තමන්ගේ දේහ බර නිසි ලෙස අඩු කරගෙන හොඳ B.M.I.අගයක් ලබා ගන්න හැටි ඔන්න ඔය වගේ දේ කියල දේවි , ඊට අනුව ඔබේ ජීවන රටාවේ යම් වෙනස්කම් කිහිපයක් කරගන්නත් වේවි , ඔව් ඒ දෙන උපදෙස් වලට අනුව , ඔබේ ජීවන රටා හදා ගන්න ,  විශේෂයෙන්ම ඔබේ බර වැඩි නම් ඉන් 9%ක් නිවැරදිව ක්‍රමයෙන් අඩු කරගත්තොත් fatty liver තත්ත්වය තිබුණත් එයින් ලොකු හානියක් වෙන්නට ඉඩ නොදී සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්නට පුළුවන් .

මීට අමතරව ඔබේ “ඉදිමුණු අක්මාවට“ යම් සහනයක් දෙන්න ඖෂධ වර්ග කිහිපයකුත් දෙන්න පුළුවන් , ඒ වගේම ඇඟ ඇතුලේ කොලෙස්ටරෝල් නිශ්පාදනය වන ප්‍රමාණය පාලනය කරන්න vastatin කියන නමෙන් අවසන් වන ඖෂධ යම් කාළ සීමාවක් ගන්නත් වේවි ..හොඳට මතක තියා ගන්න මේ ඖෂධය ගන්න ඕන රෑට ...දවල්ට ගත්තට නියම පලය ලැබෙන්නේ නැහැ. ඒ එක්කම වරින් වර සායනයට එන්නට නියම කරාවි , පෙඩා නිවාඩුවක් දාල හරි යන්න , මොකද එහෙම නොවුනොත් , මේ අතපසුවීම ඔබේ ජීවිතේ වන අවසන් අතපසුවීම වෙන්නත් බරි නැති නිසා ...

අනේ පරිස්සම් වෙන්න ...ඔබේ ජීවිතේ “හුඟක් වටිනවා ....“


එහෙම නම් ඔන්න අදත් මගේ කතාව මෙයින් අවසානයි ...අසා සිටි නැහැ නැහැ කියවු ඔබ සැම යමක් හිතට ගත්තා නම් සහ අරගෙන “ඔන්න ඔහේ ඉන්නන් වාලේ නොඉඳ“ තමන්ගේ නිරෝගී බව රැක ගන්න යමක් කරන්න උත්සාහ කරනවා නම් .............ආයුබෝ ....ආවඩා .....ආයුබෝ වේවා ....අපි ගියා එහෙනම් ...

22 comments:

  1. හප්පට සිරි ඉඳල හිටල ගහන රෙඩ් වයින් වීදුරුවත් නවත්තන්න හිතුන මේ පොස්ට් එක කියවල...

    ReplyDelete
  2. කෑමෙන්නම් හොදටම පරිස්සම් වෙනවා. ස්ථුලබාවය බොහෝ ලෙඩ වලට මුල . ලෙඩ වෙලා දුක් විඳින්නනම් බෑ . පාලනයක් ඈතුව කෑම බීම ගන්නවා .
    …හොඳ ලිපියක් .

    ReplyDelete
  3. තවම තත්වය බරපතල නොවේ යයි සිතමි , කෙසේ වෙතත් ගනන් සාදා බැලිය යුතුය . ලබාදුන් තොරතුරු වලට ස්තුතියි .

    ReplyDelete
  4. ආවඩා ආයුබෝ වේවා! සොදුරු සුව අසපුවටම ගැලපෙන පාඨය මේක.

    ReplyDelete
  5. වැදගත් ලිපියක්..මම ද මුලින්ම කමෙන්ට් කලේ....?

    ReplyDelete
  6. *******ඔබ සැමගේ පැමිණීමම සතුටකි ***********
    -Observer ,
    මේකයි කතාව ...ඔය රෙඩ් වයින් වල (විශේෂයෙන් Spanish Red Vine හදන්න red grapes භාවිත කරනවා ..ඒවායේ පොත්තේ තියෙන resveratrol කියන antioxidant නිසා )යම් යහපතක් වන බව හඳුනාගෙන තියෙනවා ..ඒ නිසා මෙහෙම අනතුරක් ගැන හඳුනගෙන නැත්නම් , අදාල පරීක්ෂණ සාමාන්‍යයි නම් කළබල වෙන්න එපා , හැබැයි රෙඩ් වයින් ගන්න ඕන දවසකට මිලිග්‍රෑම් 5-30ක් විතර, වැඩි පුර ගත්තොත් අරගෙන ගමේ “සුදුව“ ගැහුව වගේම තමයි ...ස්තුතියි පැමිණියාට

    -Gimhani ,
    ඇත්ත කතාව ..තරබාරුවත් එක්ක “ලෙඩ“ පාරුවක් එනවා ...ස්තුතියි අදහස් දැක්වූවාට.

    - sameera ,
    ස්තුතියි සමීර ..හැබැයි කල්දාන්න එපා ගණන් හදන්න ..

    -රාජ් ,
    ගරු කරමි ඔබේ අදහසට ....

    -එදිරි,
    ස්තුතියි , මං හිතන්නේ ටිකක් පමා වෙලා වගේ ...

    ReplyDelete
  7. අය්යා කොලෙස්ටෙරෝල් 209ක් කියන්නෙ ගොඩක් වැඩිද?

    ReplyDelete
  8. කපීකේකිDecember 13, 2011 at 8:11 AM

    අය්යා ටෝටල් කොලෙස්ටෙරෝල් 209mg/dl තියනව නම් ඒක වැඩිද?

    මගෙ S.G.P.T 22.00 U/L තියෙන්නෙ.ඒකෙන් කියන්නෙ මොකද්ද?

    ReplyDelete
  9. me leden mage aiya meruna masa 6kat issara. lede hoyagena awurudu 5 witara hitiya. hriyata duk winda. legiya wathura gaththa baden. doc kiwwe non alcoholic cirrhosis kiyala eya alchol gatha kenek newei. obathumage me lipiyata godak pin

    ReplyDelete
  10. එහෙමවත් මහත් වෙන්න බැලුවා, කොහෙද ?

    ReplyDelete
  11. සමාවෙන්න ඔබේ ලිපි කියවන්න බැරි වීම ගැන. ඊසාන දිග මෝසම සමග ඉතා කාර්‍යය බහුල වුනා රෝහල. මේ දැනුම බෙදා ගැනීමේ කාර් යයට බොහෝ ස්තූතියි. මේවා බොහෝ ජනයා අතරට පත් කිරීම සඳහා පත්තර වලත් පළ කරනවානම් බොහෝ අගෙයි කියා මට හිතෙනවා.

    ReplyDelete
  12. *****පිළිතුරු දෙන්න පමා වූවාට සමාවන්න ....දැනුයි ගෙදර ආවේ ...
    -Anonymous ,
    -කපීකේකි ,
    Total Cholesterol 209mg/dl කියන්නේ ටිකක් වැඩි අගයක් .. හැබැයි නරක තත්ත්වෙටම වැඩි නැහැ ...පුළුවන් තරම් උත්සාහ ගන්න 200න් පහල අගයක තියා ගන්න ...මේ ගැන විස්තරාත්මක ලිපියක් “මගේ ආදර කොලෙස්ටරෝල් “ කියන මගේ ලිපියේ ඇති කියවල තව දැන ගන්න , ස්තුතියි ....

    -Anonymous,
    ඔව් Non Alcoholic අයටත් එන්න පුළුවන් ත්ත්තවය තමයි මේ ..ඒකනේ Non Alcoholic Fatty Liver Disease කියන්නේ ...ස්තුතියි

    -Loku John ,
    මෙහෙමයි උසේ හැටියට මහත් වෙන්න ඒ මහත තියා ගන්න උත්සාහ කරන්න ..අනේ පිංසිද්ධ වෙයි “තරබාරැවෙන්න Obese වෙන්න නම් එපා ..මොකද තරබාරැව ලෙඩ පාරැවනේ .....ස්තුතියි

    ReplyDelete
  13. -AnithKona ,
    බොහොම ස්තුතියි ඔබට ..ඔව් ඔබ හදවතින්ම රෝගීන්ගේ සුවය වෙනුවෙන් කැපවන බව මට දැනෙනවා ...වැඩ රාජකාරි අස්සේ මෙහෙම හරි එන එක කොයි තරම් දෙයක්ද ? අනෙක ඔබ වගේ කෙනෙක් ...මාත් හොරෙන් වගේ ඔබේ ලිපි කියවල ආයෙ එනවා මිසක හුඟ වෙලාවට comment එකක් ලියන්න වෙන්නෙත් නැති තරම් ... ඒ අතින් මම ඔබව ඉහළින්ම අගය කරනවා ..

    ඇත්තටම ඔබේ අදහසට මම ගරු කරනවා , ඒත් අපි වගේ අයට ඊට ඇති අවස්ථා විරලයි ...අනෙක තියෙන අවස්ථා සොයාගන්න වෙහෙසෙන්න වෙලාවක් නැති තරම්නේ ...අපි බලමු මේ විදියට යම් පිරිසක් දැනුවත් කරන්න ...මේ අතරේ යම් හැකියාවක් ඇත්තෙක් සිටියෝත් මේ ලිපි , ඒ වගේම ඔබේ ලිපි ..පුවත් පතක පලකරාවි ...අපි හිතේ සතුටට හැමදාම ලියමු ..ස්තුතියි

    ReplyDelete
  14. වටිනා පෝස්ටුවකි.. ස්තුතී..

    ReplyDelete
  15. -sAm (සෑම්) ,
    ඔබේ පැමිණීම ම මට සතුටකි ...ස්තුතියි

    ReplyDelete
  16. මට පොඩ්ඩක් ටැපලුනාද මන්දා ඒකයි ආයෙත් අහන්නෙ..අපි වෛද්‍ය පරීක්ෂනයකට යොමු වෙන්න ඕනි මොන අවස්ථාවෙද?
    රෝග ලක්ෂන මතුවෙද්දි පරක්කු වැඩිද?

    ReplyDelete
  17. -රූ....,
    ඔව් පැටලැවිල්ලක් නෙවි ඔබ හොඳ ප්‍රශ්නයක් අහල තියෙන්නේ ...අපි වෛද්‍යපරීක්ෂණ සඳහා යොමු වන අවස්ථා කිහිපයක් තියෙනවා , ඒ රෝග ලක්ෂණ මතුවුනාම ඊට අදාල රෝග තත්ත්වය මොකක්ද කියල තහවුරු කරගන්න , අනෙක යම් පුර්ව ලක්ෂණ හඳුනගන්න , තවත් නිශ්චිත කාළයකට වතාවක් තම සෞඛ්‍ය තත්ත්වය අගැයුම් කරගන්නට ..ඊට අමතරව යම් පර්යේෂණාත්මක කටයුතු වලට ..ඉතින් මේ රෝගයට අදාලව නම් හොඳම දේ තමයි සාමාන්‍යෙයන් අවුරුදු 30 විතර වුනාම , ඒ එක්කම අර කියන සාධක (තරබාරුව වගේ ) තියේ නම් සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණයක් කරවා ගන්න එක ..ඔබ නිවැරදිව Health check up කරගන්නා කෙනෙක් නම් රෝග ලක්ෂණ මතු වෙන්න ඉස්සර පුර්ව අස්ථාවන් හඳුනාගන්න පුළුවන් ..අවසාන අවස්ථාව රෝග ලක්ෂණ මතුවූ අවස්ථාව ...එතැනදි වඩා වැදගත් දේ තමයි කල් ඇර ඇර ඉන්නේ නැතිව ඉක්මණින් “නිසි ප්‍රතිකාර සහ පරීක්ෂණ “ සඳහා යොමුවෙන එක ..මොකද ප්‍රමාද වෙන්න වෙන්න ෆැක්ටරිය දුර්වල වෙන්න පුළුවන් ..ඔබේ මේ පැනය මට තවත් ලිපියකට මුල පුරන්නට හේතු වූ බව කියන්නේ සතුටින් ..එන්න ඒ ලිපියත් කියවන්න ..ස්තුතියි

    ReplyDelete
  18. ශ...සිංහල බ්ලොග් ලෝකෙට වෙද මහත්මයෙක්, දොස්තර නෝන කෙනෙක්, ජ්‍යෝතිෂ දෙන්නෙක්. දැන් දොස්තර මහත්මයෙකුත්.

    ReplyDelete
  19. කමෙන්ට් නොදැම්මට හැමදාම වගේ කියවන ලිපි පෙළක්
    මමත් හැමදාම වගේ ඉස්පිරිතාල ගානේ කාරක ගහන නිසා මේ වගේ දේවල් ගැන අවධානයෙන් ඉන්නේ
    මටත් කලින් ඔය මොකක්ද ප්‍රොෆයිල් එකක වැඩි බවක් තිබ්බා
    ඒකට හේතුව බිම වෙන්න ඕනේ, දැන්නම් බොනඒවා මෙහේ නැති නිසා අවුලක් නැතුව ඇති
    ආපහු බොඩි චෙකප් එකක් දාල බලන්න ඕනේ කොයිකටත්

    ReplyDelete
  20. -Observer ,
    සතුටුයි ඔබේ නැවත පැමණීම ගැන ...අනේ මම දොස්තර මහත්තයෙක් නම් නෙවියි , ලංකාවෙදි නම් හෙද නිලධාරියෙක් , මෙහෙදි නම් , “ආයෙත් ඉස්කෝලෙ යන “ ශිෂ්‍යෙයක් ....කොහොම වුනත් අපි සොඳුරු සුව අසපුවත් සිංහල බ්ලොග් බ්ලොග් කළාවත් එක්ක එකතුවෙලා අපේ මිනිසුන්ට යම්ක කරමු නේද ?

    -ලොකු පුතා ,
    කොමෙන්ට් නොදැම්මට කමක් නැහැ , මටත් ඕනැ මේ තොරතුරු පුළුවන් තරම් බෙදා දෙන්න , එතැනදි ඔබ මෙය කියවන එකම මට සතුටක් , ඒ වගේම ඔබේ සංවේදිබවට ගරු කරනවා ...ස්තුතියි

    ReplyDelete
  21. හ්ම්ම් අදයි මේ පැත්තට ආවේ. හොද ලිපියක්..

    ReplyDelete
  22. මගෙ මල්ලිත් මම හිතන්නෙ මේ වෙද්දි ඔය කියපු තත්වෙට හෝ ඊටත් එහාට ගිය තත්වෙකට මූනදීල ඉන්න ඕනෙ. . මිනිහ උදේ නැගිටපු වෙලාවෙ ඉඳල රෑ නිදාගන්න යනකං දවස පුරාම බොනව . . ඊට අමතරව නිදාගන්නෙ ඇඳ යටිං අරක්කු බෝතලයක් තියාගෙන . . එලිවෙද්දි ඒකත් බීල ඉවර කරනව "නින්දෙං"ම

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)