2012/01/03

75) කොන හිරිවට්ටන.....ලඳ අත රිද්දන.. . උමඟ පටුවිම ....

දැනුත් minus ......
ඊයේ රාත්‍රි සේවා මුරය අවසන් කරල ...ගෙදර එන්න බස් නැවතුමට යන්න හිතාගෙන කළුවරේම එළියට ආව ...උදේ හතයි කාළයි. ...ඒත් ලංකාවේදි රැ පහමාරට වගේ කළුවර ...අද නම් වෙනදට වඩා සීතළයි ...weather forecast එකේ හැටියට නම් සෙල්සියස් සෘණ 14 විතර ....wind chill factor එකත් එක්ක සෘණ විසි දෙකක් විතර ඇති ...(ඒ කිව්වේ හමාගෙන යන හුඟළ ඇඟට වැදීමත් එක්ක හමට දැනෙන සීතල ප්‍රමාණය , මේ ලියන වෙලාවේ සෘණ 19 ) .....කොහොම වුනත් බස් එකට නැග්ගට පස්සේ නම් ලිප ගාව ඉන්නව වගේ තමයි , හොඳට උණුහුම් ...මොකද බස් එකේ Heaters දාල උපරිමේටම ....ගෙරද ආව ...තේ එකක් බීව ..වෙනද වගේ නෙවි ටිකක් ඇඟට අපහසුවක් ..පිටයි බෙල්ලයි හිර වෙලා වගේ රිදෙනවා ...හැරෙන්න නම් ඇඟෙන්ම හැරෙන්න ඕන හරිම අමාරුයි ...


“මොකද ....ඇඟට අමාරුවක් තියෙනවද ? ...මූණත් වෙනස් ..? ...“ ....අන්තර්ජාලේ සැර සරමින් කොයිතරම් නොපෙන්න ඉන්න උත්සාහ කළත් මගේ බිරිඳගෙන් නම් ගැලවිල්ලක් නෑ වගේ ...“පොඩ්ඩක් බෙල්ල රිදෙනවා .. muscle pain එකක් වගේ ..., “ ...“කෝ බලන්න ...., අපි එහෙනම් හොඳට තවල ........creamටිකක් ගාමු ...“ මනෝජා බෙහෙත් වට්ටෝරුව දිග ඇරියා ..දැන් ඉතින් මං අකමැතිම ප්‍රතිකාරයට මුහුන දෙන්න එපායැ .....
ටිකක් අමාරු උනාට හොඳට තවල වේදනානාශක ක්‍රීම් ටිකක් ගෑවම කැක්කුම අඩුවෙනවා වගේ ...“හ්ම් ..දැන් නං ටිකක් අඩු වේගෙන යනව වගේ ..බොහොම පිං ....“ ....මනෝජා වෙනද වගේම “පොඩි හිනාවක් දාල උදේ කෑම හදන්නට ගියා ...මේ වේදනාවත් එක්ක මට මතක් වුනේ ....බෙල්ලේ කැක්කුම ගැන ලියන්න නෙවි ...මේ වගේ ...ඇත්තටම මීට වඩා වේදනාකාරී ..කල් යන ..අතේ කැක්කුමක් ගැන ලියන්න...විශේෂයෙන් මේ “අතේ කැක්කුම කාන්තාවන්ට බහුළයි ..“ ....

මොකක්ද මේ විශේෂ අත්රුදාව ...අපි මේ තත්ත්වය වෛද්‍ය විද්‍යාත්මකව හදුන්වන්නේ Carpal Tunnel Syndrome කියලා ..ඒ වුනාට හුඟක් ප්‍රසිද්ධ කෙටි නම ..C.T.S...

මේ ලෙඩේ ගැන කියන්න ඉස්සර වෙලා පොඩි Anatomy පාඩමක් කරන්න තියෙනවා ...(වෙනමම Anatomy පන්තියකුත් දැම්මා ..කැමැත්තෝ පැමිණෙත්වා .මෙන්න .link එක .http://nursingdocs.blogspot.com/.) ..

මේ ගැටළුවෙදි කරදර වෙන්නේ අත නිසා අපි අතේ ස්නායු ගමන ගැනයි කතා කරන්නේ ....ලොකු කතාවටක නොගිහින් රෑප සටහනකින්ම විස්තර කරමුකෝ ..මේ රූප සටහනේ පෙන්වන්නේ අතට ස්නායු සපයන හැටි ..පේනවද ප්‍රධාන ස්නායු තුනක් (කහ පාටට පේන) තමයි අතේ පහළ කොටසේ සංවේදනයට මූලිකව වගකියන්නේ ...ඒ Ulnar nerve , Median nerve , සහ මහපට ඇඟිල්ල පැත්තෙ හැංඟිලා ඉන්න Radial nerve ... ඒ එක්කම පේනවාද ඔය මැද ස්නායුව Medial nerve එක ..එයාට සේලයක් දාල තියෙනවා ...ඇත්තටම ඒක බොහොම වැදගත් ආරක්ෂකයෙක් ..ඒ පටකයට කියන්නනේ Carpal tunnel කියලා ..ඒක ඇතුලෙන් තමයි අර කිව්ව අතේ වැදගත්ම ස්නායුව ආරක්ෂිතව යන්නේ ..කොහොම වුනත් මේ ස්නායුවට යන්න වෙන්නේ මේ Carpal tunnel උමඟෙ පොඩි ඉඩක් තුලින් තමයි .....අපි මෙහෙම හිතමු ..යම් හේතුවක් නිසා මේ පාළමේ හිල ...නැත්නම් ගමන් මාර්ගය පටුවුනොත් මොකද වෙන්නේ ....වෙන්නේ medial nerve එක තෙරපෙනවා ..ප්‍රතිපලේ ...මොලේට පණිවිඩයක් යනවා medial ට වගකියන ප්‍රෙද්ශයේ කරදරයක් කියලා .., ඒක්කම අදාල ප්‍රෙද්ශය අපිට ඕන විදියට නවන්න  හරවන්න අමාරු වෙනවා ...ඒ කියන්නේ අතේ අල්ල ..පළමු (මහපට ඇඟිල්ල ) දෙවැනි තුන්වැනි ඇඟිලි වල කරදරයක් විදියට ..ඒ කියන්නේ මේ කිව්ව ප්‍රෙද්ශයේ වේදනාවක් , හිරි ගතියක් එක්ක අපිට ඕන විදියට නවන්න දිග හරින්න බැරි වෙන්න වගේ දැනෙන්නත් පුළුවන් ,ඇඟිලි නවල මොකක් හරි අල්ලන්න ගියාම තරු පනින වේදනාවක් එනවා ..ඊට පස්සේ ඇඟිළි දිග අරින්න ගියාම ...! ..ඒක ඊට හපන් ..අනිත් අතින් අල්ලල තමයි අර ඇඟිළි ටික දිග ඇරගන්න වෙන්නේ .....සමහර වෙලාවට අතේ තියෙන බෑග් එක දන්නෙම නැතිව බිම වැටිලා ..(ඔන්න මට වගේ බස් එක් නින්ද ගියාම නෙවි ) .ඔන්න ඔය වගේ අවස්ථාවට පත්වුනාම අපි කියනවා Carpal tunnel syndrome හැදිලා කියල ...

මේ විදියට කාර්පල් ටනල් එක අවහිර වෙන්න පුළුවන් සාධක ගණනාවක් තියෙනව , ඒ අතරින් මැණික් කටුව හරිය වැඩි වාර ගණනක් නැමෙන දිග හැරෙන කාර්යයක , රැකියාවක යෙදෙන කෙනෙක්ට මේ අවස්ථාව වැඩි බව සොයාගෙන තියෙනවා ..උදාහරණයක් විදියට පරිගණකය යතුරු ලියන්නන් ..Computer typists , ලියන්නන් ...රියදුරන් , සන්නාලියන් මේ අතර ප්‍රධානයි ..ඒ වගේම දැඩි කම්පනයක් Vibrator ඇතිවන උපකරණ භාවිත කරන රැකියාවන් (උදාහරණයක් මහා මාර්ග වල නඩත්තු කටයුතු කරන්නන් ) ලොකු අවදානමක ඉන්නේ  , ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ අයට කම්පනය අවශෝෂණය වන අතුවැසුම් ලබා දිය යුතු බව ජාත්‍යන්තර වෘත්තීය සෞඛ්‍ය ආයතන Occupational Health මගින් දැනුම් දීල තියෙනවා , (අනේ ඒත් ගාලු පාර දිගේ කොළඹට යනකොට ඔය එක අත්වැසුමක්වත් නැතිව Vibrators භාවිත කරමින් පාර කඩන කම්කරු මහතුන් කීදෙනෙක් දකින්න පුළුවන්ද ? ) හැබැයි අපේ කාන්තාවන්ට ලොකුම ප්‍රශ්නයක් වෙන්නේ පොල් මිරිකන්න ගියාම තමයි ..මොකද පොල් මිරිකල ඉවර වුනාම අතේ ඇඟිලි දිග අරින්න වෙන්නේ අනිත් අතින් තමයි ..(දැන් ඉතිං පොල් මිරිකන එකක්යැ ...)

සාමාන්‍යෙයන් වයස අවුරුදු 30-60 අතරේ මේ තත්ත්වය මතුවෙන්න පුළුවන් , ඉහත කී රැකියාව අයට වැඩි අවස්ථාවක් තිබුණත් එසේ නොවන , ඒත් දියවැඩියාව , තරුබාරුව ,අධිරුධීර පීඩනය , තයිරොයිඩ් ආබාධ ..එක්කම අස්ථි වල බිඳීම් හෝ රෝග තත්ත්ව තියෙන අයටත් ...ආර්තවහරණය ආශ්‍රිතවත් මේ රෝග තත්ත්වය මතුවෙන්න පුළුවන් ...ගර්භණීත්වය රෝගයක් නොවුනත් ඒ අවස්ථාවෙත් C.T.S. මතු වෙන්නට පුළුවන් ..

තට්ටුව දාන තැන 
තමන්ටත් මේ තත්ත්වෙද කියල සැක නම් පොඩි test දෙකක් කියල දෙන්නම් එතකොට තමන්ටත් C.T.S  ද කියලා ගෙදරදිම හොයාගන්න පුළුවන් ..මුල්ම ටෙස්ට් එක ..අත උඩු අතට හරවලා ..අර medial nerve එක තියෙන හරියට මේ රෑපෙ තියෙන හරියට ...ඇඟිල්ලෙන් පොඩි තට්ටුවක් දාන්න ..ඔයාට C.T.S තියෙනවා නම් එකපාරට කරන්ට් වැදුන වගේ තද වේදනාවක් අතට , අතේ ඇඟිළි වලට ඇති වෙනවා ...දැන් පොඩි සැකයක් එනවා ...

නැමෙන්න ඕන මෙහෙමයි ..
අනිත් පරික්ෂණේ තමයි අත මැණික් කටුවෙන් පහලට හොඳට නමාගෙන විනාඩියක් ඉන්න ..ඔහොම ඉන්නකොට අර වේදනාව තදින් වැඩි වෙනවා නම් ...දැන් ඉතින් හිත හදාගෙන ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න යන එක තමා වඩාත් හොඳ ....

පරිස්සමට ...
එවිට ඔබේ පවුලේ වෛද්‍යවරයා යම් වේදනානාශක වගේ දේකින් ඔබේ වේදනාව තරමක් අඩු කරල සහනයක් ගෙන දෙන්න කටයුතු කරනවා , ඒ එක්කම අත් තැවීම මඟින් යම් සහනයක් ගන්න පුළුවන් බව කියාවි ..ඒ උපක්‍රම මඟින් තාවකාළිකව සහනයක් ගන්න පුළුවන් ..ඒ එක්කම ඔබට වෙළඳපළෙන් අරගෙන අතට පළඳින්නට Splint එකක් ගන්නත් පුළුවන් . ..මේ මඟින් ටික කාළෙකට වේදනාව අඩු වුනත් ආයෙත් මතුවෙන්න පුළුවන් ..එතැනදි සමහර විට ඔබට රජයේ රෝහලකට යොමු කරලා . අතේ ස්නායු ක්‍රියාකාරීත්වය ගැන nerve conduction වගේ පරීක්ෂණ , Xray , E.M.G. වගේ පරික්ෂණ කරලා ශල්‍යකර්මයක් සඳහා යොමු කරන්න ඉඩ තියෙනවා ..දැන් ඉතින් බය වෙන්න එපා ..මේක මහා ලොකු operation එකක් නෙවි ..එක දවසකින් කරගන්න පුළුවන් , සුළු සැත්කමක් (“සුළු“  කිව්වේ හිරිවට්ටල කරන්න පුළුවන් එකක් ) ...සති දෙකක් අතරෙදි  මැහුම් කප්පවා ගත්තම කරදරේ ඉවරයි ......ඉවරයි කිව්වට ..ඉවරම නැතිවෙන්නත් පුළුවන් ..ඒකට බලපාන්නේ කොයි තරම් කාළයක් මේ විදියට C.T.S වලින් පෙලුනද කියන එකයි ,  ස්නායුවට මොනවගේ බලපෑමක් වෙලාද කියන එකයි මගින් ..නමුත් පොදුවෙ ගත්තම සාර්ථකයි කියන්න පුළුවන් ...කොහොම වුනත් වඩාත්ම වැදගත් දේ මේ ලක්ෂණ මතු වුනා නම් ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාරයක් ගන්න එක ..

අතේ පරිස්සමට 
මේ ප්‍රතිකාර වගේම ඔබේ රැකියාවේ , භාවිත කරන උපකරණ වල යම් වෙනස්කම් කර ගන්න එකත් වැදගත් , උදාහරණයක් විදියට ඔබේ පරිගණකයේ යතුරු පුවරුව , වැදගත්ම දේ නිදාගන්න ගියාම “අත උඩ නිදාගන්න“ නම් එපා ....එහෙම වුනොත් කරදරේ වැඩි වෙයි ...

නින්ද ගැන කිව්ව වගේම  ..මටත් දැන් හොඳටම නිදි මතයි ..අද නිවාඩු නිසා සැපට , සී...තලට නිදාගන්න පුළුවන් .............................ඒව කොහෙද අපේ චන්ඩි දෙන්නට මේ දවස් ටික නිවාඩුයිනේ .....

10 comments:

  1. මේ තත්වය ඇති බොහෝ අය මම දන්නවා . බොහෝ විට හැදෙන්නෙ කාන්තාවන්ට තමයි . මාත් පරිඝනක අංශයේ රැකියාවක් කරන නිසා මටත් මේ ලිපිය ගොඩාක් වැදගත්.
    බොහොම ස්තූතියි ..

    ReplyDelete
  2. මට තාම ඕක හැදුනෙ නෑ..ඒත් ඇස් අමාරුවක් නම් තියෙනවා...

    ReplyDelete
  3. මමත් මේ දවස්වල ඔය වේදනාවෙන් පෙළෙනවා. හේතුව නිවාඩුවට ගිහින් කාලෙකට පස්සේ ගෙවත්තේ වැඩ කරලා. දැන් ටික ටික අඩුවේගෙන යනවා. මොනවා කරන්නද මට අත උඩින් ඔලුව තියා නොගත්තොත් නින්ද යන්නේ නැහැනේ !

    ReplyDelete
  4. හෙඩිම දැක්කම මං හිතුවේ අනාගතයට අවැසි දෙයක් වත් කියලා දෙන්න හදනවද මංදා කියලා :)

    ReplyDelete
  5. -Gimhani,
    පැමිණිම සතුටක් ...මේ ගැන දැනුවත්ව රාජකාරි කළොත් විය හැකි කරදරයකින් ගැලවෙන්නට පුළුවන් ..

    -amila chathuranga,
    ඇස් අමාරුව ගැනත් ඉදිරියේදි කතා කරමු ..දැනට මේ ගැන දැන ගන්නකෝ ..ස්තුතියි .

    -සරත් ලංකාප්‍රිය ,
    කොහොම වුනත් මේ ලක්ෂණ මතුවෙලා නම් නිදා ගන්න ස්ථාපිතය ...නිදා ගන්න විදිය වෙනසක් කරගත්තොත් තමා හොඳ ..ස්තුතියි ඔබටත් ..පැමීණීම සතුටක් ...

    -Sabith,
    කෝකටත් ඉතින් අතත් පරිස්සම් කරගන්න එපායැ නේද සබිත් ...ස්තුතියි

    ReplyDelete
  6. ගොඩක් වැදගත් ලිපියක් වෛද්‍යතුමා,
    බොහෝ දෙනෙකුට මේ ප්‍රශ්නය තියනවා පරිගණක භාවිතය නිසා..
    මේ තත්වයට කරන සැත්කමෙන් මොකක්ද කරන්නේ කියලත් කියන්න පුළුවන්ද?

    ReplyDelete
  7. -රූ.... ,
    ස්තුතියි ඔබේ පැමිණීමට ...මුලින්ම පුංචි නිවැරදි කිරීමක් කරන්නට ඕන ..මොකද මම වෛද්‍යවරයෙක් නොවන බව ..මම ලියාපදිංචි හෙද නිලධාරිවරයෙක් Registered Nurse පමණයි ..
    ඔව් මේ සැත්කමේ දි කරන්නේ ..අර Median nerve එක උඩින් යන පාලම කපල එතන තෙරපුම අඩුකරන එක ...එතකොට මේ වේදනාව අඩු වෙනවා ..

    ස්තුතියි ඔබට

    ReplyDelete
  8. අපි කරන රස්සාව අනුව අත පරිස්සම් කරගෙන ඉන්න එක ගොඩක් වටින බව මේ ලිපිය කියෙව්වම තේරුම් ගන්න පුලුවන්.
    අපේ රස්සාවේ හැටියට අපිට විඳින්න වෙන තව ප්‍රශ්න තියෙනවා.
    උදා -: Dry eyes වගේ ඒවා

    ඒව ගැනත් ඉදිරියේදි ලියනවා නම් කෘතඥ වෙමි.

    ReplyDelete
  9. හික් හික් හෙඩිම දැක්කම හිතුවෙ වෙන එකක් අප්පා

    ReplyDelete
  10. -මධුරංග,
    ඔව් මල්ලී ඉදිරියෙදි ඒ ගැනත් කතා කරමු ...ස්තුතියි

    -ඕනයා,
    එහෙනම් සබිත්ට උන වැඩේම උනා ඕන මල්ලිටත් ...ස්තුතියි

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)