 |
http://www.cyberslk.net/ |
දෙදහස් එකොළහේ ජුනි මාසේ සිංහලෙන් බ්ලොග් ලියන්න ගනිත්දි මගේ කෙල්ලො දෙන්නට වයස අවුරුදු නමයයි , හතයි . එදා පටන් ගත්තු ලියවිල්ල , පුංචි කතා , කවි ලියමින් සතුටක් ලබන්නට ඔවුන් පුරුදු වෙලා හිටියා. දිගටම ලියූවත් , පහුගිය අවුරුදු දෙකක විතර වරින් වර සිදුවුනු වෙනස් කම්එක්ක ලිවිල්ල ටිකක් අතෑරල තිබුණත් , ( ඒ කාළෙ පුරා වරින් වර
The RainDrops Channel තුලට වීඩියෝවන් කළත් https://www.youtube.com/user/THERaindropsChannel) මෙන්න ආයෙත් ලියන්න පටන් අරගෙන . ආයෙත් “පුංචි හිතට දැනෙන දේ“ , සිංහල බ්ලොග් පිටුවට ලිපි එකතු වෙනවා . හැබැයි එදාට වඩා තරමක් වෙනස් ඇති , වයස , රට , වගේම භාෂාමය වෙනස්කම් සහ අත්දැකීම් රැසකටත් මුහුණූ දුන් ඔවුන්ගේ ලිපි කියවන්නට ඔබ කැමති නම්
http://www.cyberslk.net/ ලිංක් එක ඔස්සේ ඇවිත් (නැත්නම් ඔය උඩ තියෙන ‘‘පුංචි හිතට“ කියන ටැබ් එක ක්ලික් කරලා) කියවන්නට , පුංචි වචනයකින් සතුට බෙදා ගන්නට " ,ඔවුන් දිරිමත් කරන්නට ඔබට පුළුවන් .
ඒ වගේම ඔබේ පුංචි දුව , පුතා ලියන්න ආස නම් ,ලංකාවේ ඉපදුනු , ඉගෙන ගත්තු ඒත් දැන් ලංකාවෙන් අෑත රටක ඉන්න “අක්කල දෙන්නෙක් එක්ක කතා කරන්න“ , අදහස් හුවමාරු කරගන්න , එවන්න ඊමේලයක් dinithi.mithili@gmail.com ට , රට තොට ගැන ,ඉස්කොළ ගැන , විභාග ගැන වගේම තවත් පුංචි පුංචි සුන්දර දේ ඇති නොවැ ඒ පැටවුන්ටත් , ඉතින් ලියන්න දෙන්න . ඒ හැම දේකට බ්ලොග් එකේදි උත්තර දෙන්නට “දිනිතියි මිතිලියි“ සූදානමින්.

මීටම සම්බන්ධව , කැනඩාවට එන්නට පෙරුම් පුරන ඔබට දැන ගත යුතු යම් තරමක් තොරතුරු
“කැනඩාවට එන්නට මග“ http://sincanada.blogspot.ca/ පිටුවේ සටහන් කළා මීට කළකට පෙර . නමුත් දැන ගත යුතු තවත් දේ ඇත්නම් , දන්නා දේ කතා කරන්නටත් , දැනටම කැනඩාවට එන්නට සූදානමින් ඉන්න ඔබට දැන ගන්නට ඇත්නම් යමක් , ඊට සහයෝගයක් දෙන්නටත් මම සූදානම් . ඒ සඳහා ස්කයිප් තාක්ෂණය ඔස්සේ (සොදුරු සුව අසපුව පිටුවේ වම් පහළ කෙළවර ඊට මග ඇති) සති අන්තය තුල මා අමතන්නට ඔබට පුළුවන්. නමුත් මේ සහයෝගයක් කීවේ මා ලද අත්දැකීම් මත යම් උපදෙස් සහ තොරතුරු ලබා දීමක් පමණක් බව කියන්නටම ඕන . මක් නිසාද මීට පෙර අවස්ථා කිහිපයකදී “ඊට වඩා උපකාර“ කරන්නට ගොස් හිත් රිදවා ගත් අවස්ථා තිබෙන නිසාවෙනි. විශේෂයෙන්ම කියන්නට අවශ්‍යයි මෙය , ඒ , මේ සියල්ල කරන්නෙ අපට නොමිලේ ඉගෙන ගන්නට මුදල් දුන් “සිරි ලංකාවේ “ තවත් අයෙකුට කරන සහයෝගයක් ලෙස පමණි , ප්‍රතිඋපකාරය ලෙස “මනුස්සකම පිරි සිනහවක්“ පමණක්ම ප්‍රමාණවත් බව කියනු කැමැත්තෙමි.(මේ නිසා මෙම අවශ්‍යතාව වෙනුවෙන් මගේ මුහුණු පොත වෙත requests සහ Messages එවමින් අමනාප නොවනු ඇතැයි හිතනවා )
-- සුව සතුට පිරි දිනයක් ඔබ සැමට -- මම මහේෂ්