2016/03/28

ස්තුතියි ඔබ සැමට !

සිංහල බ්ලොග් අවකාශය කියන්නෙ දැන් නම් සිරි ලංකාවේ අපට ඒ තරම්ම අළුත් දෙයක් නොවෙයි. මීට අවුරුදු පහකට විතර ඉස්සර “සොඳුරු සුව  අසපුව“ ආරම්භ කළ කාළේ , එය “ටිකක්“ අළුත් දෙයක් වුනා. ඇත්තම  කිව්වොත් , මේ බ්ලොග් පිටුව ආරම්භ කරන්නට පවා සිත් දුන්නේ, තවත් සිංහල බ්ලොග් සටහනක් , අහම්බෙන් කියවීමෙන් ලද සතුට සහ උනන්දුව නිසා. ඒ අහම්බෙන් මුලින්ම කියවන්න ලැබුණු සිංහල බ්ලොග්  සටහන වුනේ “හැක්ක්‍රිශ් “ නමින් ලියවුනු  සටහන , අද ඒ බ්ලොග් අඩවිය ටිකක් වෙනස් වෙලා. එතැනින් සිට ආ ,“සිංහල බ්ලොග් සටහනක්“ ලිවීමේ  අවශ්‍යතාවට උල්පන්දම් දෙමින්ම , මා සේවය කළ පුහුණු ආයතනයෙන් සමුගන්නා කාළයත් ඇවිත් තිබුණා. මේ සිදුවීම් දෙක නිසාවෙන් , Nursing School යන නමින් මේ පිටුව ආරම්භ වෙන්නේ දෙදහස් එකොළහේ මැයි මාසේ. 


මුල්ම අරමුණ වුනේ හෙදකම ආශ්‍රිත නව දැනුම , බෙදා දීම වුනත් එය ක්‍රමයෙන් ඊට වඩා ටිකක් එහාට ගිය මාතෘකා අතරට යත්දි , බ්ලොගයේ නමත් “සොඳුරු සුව අසපුව“ ලෙසින් වෙනස් කරන්නට හිතුනා. ඒ වෙනස් වීම අද දක්වා “සෞඛ්‍යයට “ අදාල ලිපි දෙසීයකට ආසන්න ප්‍රමාණයක් ඔස්සේ අන්තර්ජාලයේ සිංහල බසින් රැඳවුනා. ඒතරම් විනෝදාත්මක , දේශපාලනමය රස  , නවකතා හෝ යෞව්වනයන් පෙළඹෙන ලිපි මාතෘකා නොතිබුණත් ( අපේ සිංහල බ්ලොග් පරිශ්‍රය තුල එවන් රසවත් බ්ලොග් සෑහෙන ප්‍රමානයක් තිබෙන බව සතුටින් කියන්නට ඕන. ඒවන් “විවිධ රස “ නිසාමයි මෙවන් “ස්වේච්ඡා මාධ්‍යයක්“ දිගින් දිගටපවතින්නේ)  සෑහෙන පිරිසක් මේ ලිපි වලට ආ ගිය බව දකින්නට පුළුවන්. බොහෝ වෙලාවට “මාගල් වගේ “ ලිපි නිසා ඇවිත් නොකියවා හැරී ගිය සෑහෙන පිරිසකුත් ඇති. 


කෙසේ වෙතත් ආ මග , අවස්ථා දෙකකදි යම් සම්මානයන්ට හිමිකම් කියන්නට “සොඳුරු සුව අසපුවට“ හැකි වුනා. පළමු වැන්න දෙදහස් දොළහේ මාර්තු මාසයේ “රාජකීය විද්‍යාලයේ සිංහල භාෂා සහ සාහිත්‍ය ඒකකය සංවිධානය කළ , “අසෙනිය කුසුම 2012“ දී  හොඳම අධ්‍යාපනික බ්ලොග් අඩවිය බවට පත්වුනා.ඉන් කළකට පසුව පසුගිය දා “නෙළුම්යාය“ විසින් සංවිධානය කළ “නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙලෙදි “විද්‍යාව සහ තාක්ෂණික අංශයෙන් දෙවන තැන“ දිනා තිබුණා. එම වැඩසටහනේ තොරතුරු මෙතැනින් බලන්නට පුළුවන් .   මෙවන් දිරි ගැන්වීම සතුටක් , ඒ වගේම දිරියක් තවත් ඉදිරියට ලියන්නට. 


මෙවන් කටයුත්තක් සංවිධානය කළ , ඒ සඳහා වෙහෙසුනු සැමට මගේ ස්තුතියි . ඒ හුදෙක් “සොඳුරු සුව අසපුවට“ ස්ථානයක් ලැබුණු නිසා නොව , ලොව  කොහේවත් නැති , සිරි ලංකාවම පමණක්ම  පදනම කරගත් “සිංහල බ්ලොග් මාධ්‍යෙය් “ උන්නතිය වෙනුවෙන් සහ මේ පිළිබඳ නොදත් මිනිසුන් අතරට “සිංහල බ්ලොග්“ යන මාධ්‍යය හඳුන්වා දෙන්නට දරන උත්සාහය වෙනුවෙන්. අවාසනාවකට මෙන් මේ සත්කාර්යය  වෙනුවෙන් වෙහෙසුනු , දරදිය ඇද්ද බොහෝ දෙනෙක් මා  පුද්ගලිකව නොහඳුනන නිසා , පුද්ගලිකව ස්තුතියි පළ කිරීමට නොහැකිවීම පිළිබඳ සමාවන්න. ඇත්තෙනම් මෙපමණ කළක් බ්ලොග් ලිව්වත් , ඒ ඔස්සේ පුද්ගලිකව හඳුනගෙන ඇත්තේ අතැඟිළ වලටත් වඩා අඩු පිරිසක් වුවත් , සොඳුරු සුව අසපුව මෙතෙක් පැමිණියේ මෙන්ම , ඉදිරියට එන්නෙද ඔබ සැමගේ සහෘද  සහයෝගයන් නිසාවෙනි. විශේෂයෙන්ම බොහෝ බ්ලෝග් රචකයන් මෙන්ම මාද මේ ලිපි ලිවීමෙන් ලබන්නේ “හිතේ සතුටක්“ පමණක් වන නිසා , ආර්ථිකය මතම රැඳෙන මෙවන් සමාජයක , “හිතේ සතුට අගයන“ ඔබවන් මිතුරු පිරිසක් සිටීමම සතුටකි.එසේ නම් අද ලිපිය හුදෙක් , හිත පිරි සතුටින් කරනා “ස්තුතියක්“පමණි. “ලෙඩගැන “ලිපියකින් නැවන හමුවන තුරු සමුගන්නම් .ඔබ  සැමගේ ජීවිත  සුවෙන් සතුටින් පිරේවා! ඒ මගේ පැතුමයි.

33 comments:

  1. වටිනා බ්ලොගකට වටිනා තැනක්.
    සුභපැතුම් ඔබට..
    ඇත්තටම ඔබගේ ලිපි ඉතා කදිමයි වගේම ප්‍රයෝජනවත්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ---------------------------------------------------


      දුෂණය පවුල්වාදය තුරන්කර ශ්‍රි ලංකාව ලෝකයේ දියුණු රටක් බවට පත්කල ජනවාරි 8 විප්ලවයේ පෙරගමන් කරුවෙකු වන ප්‍රවීන ලේඛක "මාතලං" ප්‍රියන්ත හේවගේ මැතිදුන් බ්ලොග් සම්මාන උළලේ නිසි ඇගයීමකට ලක් නොකිරීම පිළිබද අපගේ බලවත් කණස්සල්ල...!


      "මාතලං" ලේඛකයාණෙනි අතිගරු රනිල් වික්‍රමසිංහ අගමැතිදුන් , ජනාධිපතිතුමා ඇතුලු ප්‍රගතිශීලී ජනතාව ඔබ සමගයි...!


      ------------------------------------

      Delete
    2. @ ගස් ලබ්බ - ස්තුතියි මිතුර ඔබේ අගැයීම වෙනුවෙන්.
      @ AnonymousMarch 29 - ස්තුතියි ඔබේ අදහස් දැක්වීම වෙනුවෙන්

      Delete
  2. Wish you all the best and keep on best..

    ReplyDelete
  3. සුභ පැතුම් මහේෂ්..ඔබගේ වටිනා ලිපි බොහොමයක් වැදගත් සමාර සේවාවක් ඉටුකරනවා..ගොඩක් පිං...

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහොම ස්තුතියි මේ දිරි ගැන්වීම් වෙනුවෙන්!

      Delete
  4. ඔබට සුභ පැතුම්............. මේ ජයග්‍රහණයට ඔබට ලැබිය යුත්තක් තමයි.... මේ අඩවිය ඉතා වටිනා එකක්... දිගට ම ලියමු... ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර , ඔව් අපි ලියමු තවත් !

      Delete
  5. ඔබට සුභ පැතුම්......

    ReplyDelete
  6. ඔබට හදපිරි සුභ පැතුම්.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර ඔබටත් !

      Delete
  7. දිගටම හරවත් ලිපි ලියන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තුතියි විචාරක මහත්මයි , මේ දිරි ගැන්වීම් හුඟක් වටිනවා .

      Delete
  8. උණුසුම් සුභ පැතුම්! ඔබව හඳුනාගන්න ලැබීම සතුටක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර , එසේම ඔබවත් හඳුනාගන්නට ලැබීම මා ලද භාග්‍යයක්.

      Delete
  9. උණුසුම් සුබ පැතුම් මහේෂ් ලැබුණ සම්මානෙට.
    ඇත්තටම ඔබේ ලිපි වලින් හොඳ දැනුමක් සරලව ලබාගන්න පුලුවන්. ඒ නිසා මේ ඇගයීම වැදගත් බවයි මගේ හැඟීම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න , ලැබුණා නම් යමක් එහි ගෞරවය ඔබවන් දිරි ගන්වන්නන්ටත් එය හිමියි.

      Delete
  10. උණුසුම් සුභ පැතුම් !

    ReplyDelete
  11. සොඳුරු සුව අසපුවේ ජයග්‍රහණයට උණුසුම් සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර , මට මතක විදියට ඔබ පෙර කළ ඉල්ලීමකට අනුව මෙන්න මේ ලිපිය ලිව්වා , කියවන්නට ඔබට අවස්ථාවක් ලැබුණාදෝයි නොදනිමි .(http://www.nursinglk.com/2016/02/197.html)

      Delete
  12. මම දැනුයි කියෙව්ව්.
    මොකක්හරි හේතුවකට මට ඒ ලිපිය මග ඇරිලා.
    ඔන්න මම ප්‍රශ්නෙකුත්ග් අහලා කමෙන්ට් එකක් දැම්මා..

    මගේ ඉල්ලීම ඉෂ්ට කිරීම ගැන ස්තුතිය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට , උත්තරෙත් ලබා දීල ඇති එතැනම :D

      Delete
  13. මම ඔබේ ලිපි කියවන්නේ 2010 ඉඳලා.. ෆේස් බුක් එකේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකට ඇඩ් කරගත්තා ඒ කාලෙම සොඳුරු සුව අසපුව කියවන්නම. මෑතක ලිස්ට් එකෙන් හැලිලා ඉන්නවා දැකලා තමයි ආයෙම එකතු කර ගත්තේ.. ඔබේ කැපවීමට හා consistency (සිංහල වචනේ මතක් වෙන්නේ නෑ) එකට සම්මානයක් වෙනම දෙන්න වටිනවා. ජය!

    ReplyDelete
    Replies
    1. 2012 ඉඳලා කියලා වෙනස් වෙන්නොනේ.. :)

      Delete
    2. ස්තුතියි මිතුර ! ඔබවන් සහෘදයන්ගේ දිරි ගැන්වීම් නිසාමයි සොඳුරු සුව අසපුව මෙතෙක් දුර ආවේ . සතුටක් නැවත ඔබව මුහුණුපොතෙක් දකින්නට ලැබුණාට .

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)