2016/04/25

2‍‍02) “දරුවා‍ වෙනුවෙන් ඔබට ප්‍රශ්න පත්තරයක්”

ඔබේ දරුවා , පෙර පාසල් වයසේ හෝ ආසන්න වයසක නම් මේ ප්‍රශ්න ගැන ටිකක් විමසන්න. (විමසීමේදී , එම වයසේ අනෙක් බහුතර දරුවන්ගේ ප්‍රමාණයට සාපේකෂව පමණක් සසඳන්න)  ඉන් වැඩි ප්‍රමාණයකට පිළිතුර “ඔව්නම් කළබල නොවී , යම් ගැටළුවක් වේදැයි තව දුරටත් විමසිලිමත් වන්න.



 1.දරුවා මුලින්ම කතා කරන්නට හුඟක් පමා වුනාද ?

2.තවමත් අකුරු සහ ශබ්ද තේරුම් ගැනීමට  දුර්වලද ?

3.පොතක් කියවීමේදී , නිතර පටලැවෙනවාද ?

4.වචන පිට කරන්නට  හුඟක් වෙලා ගන්නවාද ?

5.කියවන දේ දරුවාට තෙරෙන්නේ නැතිද ?

6.අක්ෂර වින්‍යාසය ගැන  මතකයක් නැති සේද ?

7.පැන්සල අල්ලන්නේ , ලියන්නේ ආසාමාන්‍ය ලෙසද?

8.ලියන අකුරු වයසේ තරමට පිළිවෙලක් නැත්ද ?

9.අදහසක් ලියා ගන්නට , කියාගන්නට අපහසුද ?

10.ඉලක්කම් , ලකුණු, දිසාවන් ගැන අවබෝධය දුර්වලද ?

11.දරුවා දන්නා වචන ප්‍රමාණය සාපේෂව අඩුද?

12.“විහිළු“, “උපහාස“ “අවවාද“ නොවැටහේද ?

13.කතා කරත්දී නිතරම “මැදට පනින්නෙක්“ ?

14.දැන් කියා දුන් කතාවක් නැවත කියන්නට නොහැකිද?

15.පෙර පාසල නිතර මග හරිනවාද?

16.නිතර කේන්තිය/ දුක මුසුව ඉන්නවාද?

17.නිතර වැටීම් තුවාල වීම් ඇති කරගන්නෙක්ද ?

18.එකම  සෙල්ලමකට පමණක් කැමැත්තෙන් සිටීද ?

19.අකුරු , ඉලක්කම් වල වල පැති මාරු කර ලියන්නෙක්ද ?

20.අඳින චිත්‍ර වයසේ තරමට වඩා දුර්වලද ? අපහැදිලිද ?

විශේෂ අධ්‍යාපන විබල්‍යතාව Special Learning Disabilities යනු ,
මුල් අවධියේදීම හඳුනාගෙන ඊට අදාල විශේෂිත අධ්‍යාපන ක්‍රමවේදයකට යොමු කිරීමෙන් ,
ලොවට වැඩක් ඇති යහපත් මිනිසෙක් බිහි කළ හැකි තත්ත්වයක් වුවත් ,
නිසි කළ එය මග හැරීම  දරුවාගේ ඉදිරි ජීවිතයටම බිඳවීමක් වනු ඇත.

ප්‍රශ්න පත්තරේට උත්තර ලියලා , තවත් ප්‍රශ්න ඇත්නම් කියවන්න මේ ලිපි . ලිපි අංක 74 , 175 , 177 , 179

http://www.nursinglk.com/2011/12/74.html
http://www.nursinglk.com/2015/10/175.html
http://www.nursinglk.com/2015/11/177.html
http://www.nursinglk.com/2015/11/179.html


පසුව එක් කළෙමි:

මේ කියවූ ලිපි වලින් සාකච්ඡා කළ තත්ත්වයනට බෙහෝ ආසන්න තවත් කාණ්ඩයක් තමයි Autism  Spectrum Disorders කියල කියන්නේ . ඒහිදීත් මුල් අවදියේදිම හඳුනාගෙන නිසි යොමු කිරීමක් කළ යුතු නිසා . මෙන්න මේ ලිංක් එක ඔස්සේ ගිහින් ඔටිසම් රෝග තත්ත්ව ගැනත් දැන ගන්න ආරාධනා කරනවා.
http://www.nursinglk.com/search/label/Autism%20Spectrum%20Disorders

අළුත් ලිපියකින් ඉක්මණින් හමුවෙමු.

26 comments:

  1. සමහර දෙමව්පියන් හිතන්නේ, මෙය පෝෂණ දුර්වලතා නිසා, හෙහ් හෙහ්, උපන් වෙලාවේ වැරැද්ද නිසා/ග්‍රහ අපල නිසා, සිදුවන බවයි. ඉතින් ළමයා තුළ දැඩි මානසික කම්පනයක් ඇතිකරන, තොවිල් පවිල්, යන්තර දැමිලි, බෝධි පූජා, ඔක්කොම කරනවා. දෙවැල්ල කෝවිල් ගානේ යනවා. ළමයා නොමරා මරනවා. සුදුසු වෛද්‍ය උපදෙස් යටතේ විශේෂ අධ්‍යාපන පුහුණු ගුරුවරයකුගේ හෝ එවැනි ආයතනයක සේවය ලබාගැනීම, පවුලේ නම්බුවට කැළලක් කියලයි හිතන්නේ. එහෙම හිතලා ළමයා ගෙදර හංගාගෙන ඉන්න අයත් තවම මේ රටේ ඉන්නවා. මෙන්න මේ 'පිස්සුව' තමා, ඉස්සෙල්ලාම හොඳ කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඔෙබ් කතාව හරියටම හරි. SLD වල ප්‍රධානම ගැටළු වෙන්නෙත් දෙමාපියන් විසින් ඒ තත්ත්වය පිළීබඳ “පිළිගන්නට ඇති නොකැමැත්ත“ . ඒ සඳහා මෙවන් ගැටළු පිළිබඳ දෙමාපියන්ගේ දැනුම සහ ආකල්ප වර්ධනය කරගත යුතුම වෙනවා.
      ස්තුතියි ඔබට !

      Delete
    2. vicharaka mahathage adahsata mamath ekanngayi.

      Delete
  2. හුටා.... ගස්ලබ්බටත් SLD වගේ.. හෙහ් හෙහ්
    දැණුමට අගෙයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බැඳපු අලුත ඔහොම තමයි බං. ටිකක් කල් යනකොට හරියයි. හැක්..

      Delete
    2. ස්තුතියි මිතුරනි !

      Delete
  3. අපේ ළමයත් පොඩි කාලෙ කතාකරන්න පරක්කු උනා. ඒකටනං තිබුණෙ වචන ඇහෙන එක අඩු වීමේ හේතුවක්. ස්පෙෂලිස්ට් කෙනෙක් චැනල් කළාම ඒ මනුස්සය බැන්නෙ නැති ටික විතරයි. හැක්..

    විචා කියල තියෙනකව වගේ සමහර දෙමවුපියො ඔය තත්ව වලදි පිස්සු විකාර වැඩ කරල ළමයගෙ මොළේ තවත් අවුල් කරන එක තමයි කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. දරුවෙක් මුලින්ම කතා කරන්න පමා වෙනවා නම් ඒ ගැන විමසිලිමත් වීම හුඟක් වටිනවා. (ඔබේ අත්දැකීමෙන් එය වඩාත් පැහැදිලි වෙනවා) නමුත් මේ කියන ගැටළුව හඳුනා ගැනිීමට එය පමණක්ම ප්‍රමාණවත් නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නාවලියේ වැඩි ප්‍රශ්න ගණනකට අත්තරය “ඔව්“ නම් ටිකක් සොයා බැලිය යුතු. නමුත් අපේ සමහර දෙමාපියන් , එවන් ගැටළු දැක්කත් “එළියට නොදා හංගාගෙන ඉදීම“ දරුවගේම අනාගතය විනාශ කරන බව ඔවුන් වටහා නොහැනීමයි ගැටළුව.ස්තුතිය මිතුර !

      Delete
  4. අපෙ එකාට ලබන මසෙට අවුරුද්දයි. ගෙදර කස්ටියගෙ කතා බහ නිසා කොල්ලා වචන සැට් එකක් අල්ලගෙන. එකම අවුල හැම සතාටම “බූවා“ කියන එක. බල්ලා බූවාය. පූසා පූවාය. කුරුල්ලා කූවාය.

    විටක සෑමා දුටු විටද බුවා යැයි පැවසීම කාලා ඉන්නට බැරි වැඩක්ය.

    ජය !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෑම් . කොමෙන්ට් එකේ හොඳම කෑල්ල “විටක සෑමා දුටු විටද බුවා යැයි පැවසීම කාලා ඉන්නට බැරි වැඩක්ය“ :D

      Delete
    2. සෑමා....කොල්ලා හොඳ බුවෙක් වෙයි ලොකු වුනාම :D

      Delete
    3. ඒකනම් ඇත්ත , ස්තුතියි අරුණ !

      Delete
    4. සැමා ගේ කොල්ලා මොනා වුනත් ඇත්ත කියන්න බය නැති රත්තරං කොල්ලෙක් වගේ...

      Delete
  5. මේක හරිම වටිනවා මහේෂ් අයියා මට හිතෙනවා මේ ආටිකල් ප්‍රින්ට් අවුට් අරන් බෙදා දෙන්න අපේ ක්ලිනික් වල ඒ තරම් මේවා සවිස්තරාත්මකයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අගය කිරීම වෙනුවෙන් , ඔබේ සත්කාර්යන් අතර සෞඛ්‍ය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම් එක් කොටසක් නිසා , එය සතුටින් ඔබ කරනා බව දන්නවා. ස්තුතියි නැවතත් !

      Delete
  6. vatina lipiyak.
    http://nelumyaya.com/?p=5699

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර , මෙය බෙදා ගන්නට එක්වූවාට

      Delete
  7. බොහොම වටිනා ලිපියක් ,

    මේ වගේ දේවල් බෙද්දා ගැනීම ඔබ කරන ලොකු සේවයක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහස වෙනුවෙන්! 

      Delete
  8. මේකටම යා වෙන තවත් කලින් අදුරගෙන ප්‍රතිකාර කලයුතු දෙයක් එක් කරන්න හිතුනා , ASD(Autism spectrum Disorder) , මේ දරුවොත් ඉහල තියන ප්‍රශ්න පත්තරේ එක්ක බලල කලින් අදුර ගතොත් බොහොම ලොකු ප්‍රශ්න වලින් ගලවගන්න පුළුවන, ලංකාවේ නම් ළමයෙක් ගේ වෙනස්කම් ගන්නේ ගන්නේම නැති තරන් , එක හරිම භයානකයි. පුළුවන් තරම් දැනුවත් කිරීම තමා මං හිතන්නේ කරනන තියෙන්නේ , මහේෂ්.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම වැදගත් මතක් කිරීමක්. ASD තත්තවයේ සිටින දරුවෙකුත් මේ බොහෝ ලක්ෂණ පෙන්වන්නට පුළුවන් , ඒ නිසා , ඔබේ කොමෙන්ටුවෙන් පසුව , ASD පිළිබඳ ලියූ ලිපිපෙලේ ලිංක් එකත් එතැනට එක් කළා , කියවන්නට කැමැත්තෙක්ට ඒ ගැනත් දැන ගෙන නිසි පියවර ගන්නට හැකිවේවි .

      ස්තුතියි ඔබට

      Delete
  9. ස්තුතියි මහේෂ් ලිපියට..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහස් දැක්වීම වෙනුවෙන් රූ

      Delete
  10. Burkitt Lymphoma රෝගය පිළිබදව වැඩි විස්තර දැන ගන්න කැමතියි. මගේ ලගම නංගි කෙනෙක්ගේ පුතාට මෙම රෝගය ඇති බව හදුනාගෙන තියෙනවා මේක සුව කරගන්න තියෙන අවස්ථා කොහොමද Stage 3 පිළිකාවක් තමයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මෙම රෝග තත්ත්වය සහ ඊට ආශ්‍රිත රෝග තතත්වයන් සහිත රෝගීන් සමඟ කටයුතු කළ මගේ වෘත්තීය අත්දැකීම් අනුව කිව හැක්කේ , “මුල් අවස්ථාවේ“මේ නිවැරදි ප්‍රතිකාරයට , විශේෂයෙන්ම පිළිකානාශක ඖෂධ ප්‍රතිකාරනිසි ලෙස නියමිත කාළය තුල ලබා ගත්තා නම් සුව වීමේ අවස්ථාවක් තිබෙනවා. මගේ හිතවත්ම ස්වාමීන් වහන්සේ නමක් මෙම තත්ත්වයට ඉතාම සමාන වසාග්‍රන්ථීමය රෝග තත්ත්වයෙන් සුය ලබා අද සතුටින් ශාසන සේවයේ යෙදෙනවා. නමුත් ගැටළුව මතුවන්නේ එය හඳුනාගන්නා අවස්ථාව වන විට පැතිර තිබෙන ප්‍රමණය අනුවයි. ඔබේ ගැටළුවේ සඳහන් ආකාරයට යම් පැතිරීමක් තිබෙන නිසා ඉක්මණින්ම ප්‍රතිකාරයට යොමු වුනොත් අඩුම තරමේ පාළනය කරගන්නටවත් උත්සාහ දරන්නට පුළුවන් වේවි. නමුත් අප ලද අත්දැකීම් අනුව මෙය කිව යුතුමයි , ඉතාමත් අසාධ්‍ය , සුව කරන්නට අපහසුයැයි හඳුන්වා දී තිබුණූ පිළීකා තත්ත්වයන්ටත් ප්‍රබල ප්‍රතිකාර මාලා කිහිපයකින් පසු , ප්‍රමාණවත් සුව තත්ත්වයක් ලද රෝගීන් ඉන්නවා.ඒ නිසා කළ යුතු හොදම දේ ඉක්මණින් “නිසි ප්‍රතිකාරයකට“ යොමු කරන එකයි. ස්තුතියි ඔබේ අදහසට . ඉඩක් ලැබුණු ගමන් මේ ගැන ලිපියක් එක් කරන්නම් .

      Delete
    2. ඔබගේ පිළිතුරට ස්තුතියි

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)