2011/06/27

23rd Discussion-උස්සා ගෙන පස්ස කිමදැයි විඳවනුනේ - Heel Spur Syndrome

වයලීනය ...සුන්දර රිද්මය...
 ඊයේ හවස ලොකු දුව වයලීන් පන්තියට එක්කගෙන ගියා වෙනත් කිසිදු විෂයක් වෙත අමතර පන්ති නොගියත් වයලීනයටත් , පිහිනීමටත් අමතර කාළය වැය කරන්නේ , ඒවෙනුවෙන් ඇති “අති උනන්දුව“ නිසාමයි.. ඒ කෙසේ වෙතත්  මේ වයලීන් පන්තිය තියෙන්නේ සෞන්දර්යයේ රස විඳින්නට විඳින්නට කියාපු තැනක ... මීපාවල කියන සුන්දර ගම්මානයේ කුඹුරු , තේ වතු කිහිපයකට වටවූ “පරණ මහ ගෙදරක“ ..., මුදලට ඉස්සරවෙලා “හරියට ශිල්ප දෙන්න “ වෙහෙසෙන ඒ ගුරුතුමිය ගැන මේ වචන ටික නොකීවානම් මගේ හිතට හරි නැහැ ..




කුඹුරු මැදින් ....සිනා සෙමින්...


පන්තිය ඉවර වුනා පහට ...ලොකූත් නංවගෙන අපි දැන් එනව ...කුඹුරු යායක් මැදින් ..පහුගිය දවස් වල වැහැපු නිසා සමහර තැන් වතුරෙන් යටවෙලා ...පාර අයිනේ තිබුණු .. ගොයම් ගස් පාරට නැමිල අපිත් එක්ක හිනා වෙලා අතවැනුව ... “අද නියමයි නේ තාත්තී “ ලොක්කීට නම් සතුට ඉහවහා ගිහින් ....සීතල සුළං , ලස්සන පරිසරය , කුරුළු හඬ ..ඒ විතරද හොඳට නාගන්න මඩත් තියෙනවානේ ... 


 “අන්න තාත්තී fashion  show එකක් හිමීට යන්කෝ“ ...අපේ “ලොකු අක්ක “ මගේ පැත්තට හැරිල කුටු කුටු ගානව ...ඇත්තමයි කොරවක්කෝ හතර පස් දෙනෙක් එක පේළියට ....හරි පිළවෙලට රටාවකට දිග් අඩි තිය තිය ..“පෙළපාලියක් යනවා , කෑම හොයාගෙන “  ...හරිම ලස්සන දර්ශනයක් ....හරියට අර කළු ඇඳ ගත්තු බැලේ නර්තන ශිල්පිනියෝ ටිකක් වගේ ...

ලස්සන(ද ?) පා 
ඒ ගැන දැකපු මට මතක් වුනේ නම් අපේ ගෙවල් ගාව ඉඳල office යන කාන්තාවන් කිහිප දෙනෙක් ...ඔය වගේම තමයි ..High Heels දාල බඩු මල්ලකුත් එල්ලගෙන යනවා ...අපිට හැමදාමත් හමු වෙන ඒ අය මතක් වුනාට මට හිතුනා කතා කරන එක හොඳයි කියල high Heels සහිත සපත්තු භාවිතය ගැන .... දැන් ඉතින් මගේ ...නැහැ .. අපේ “සොඳුරු සුව අසපුව“ කියවන , සාමාජිකාවන් අද මාත් එක්ක ටිකක් තරහින් කතා කරාවිද දන්නැහැ (හුඟක් තරහ ගන්න එපා ..heart එකට හොඳ මදි ) ...ඒත් මේකත් (Heel Spur Syndrome)අද දවසේ සෞඛ්‍ය ගැටළුවක් ලෙසින් හඳුනාගෙන තිබෙනවා ...

අපි මුලින්ම අහමු ඇයි මේ high heels සහිත  පාවහන් දාන්නේ කියල ....කෙනෙක් කියාවි  , “ඒක ඉතින් මෝස්තරයක් නේ ...“ , “ අද ඒවගේ fashion  නැතිව බැහැනේ " , එතකොට හරී ලස්සනයිනේ , ...සමහර විට ,ඒක මටහරි පහසුයි නේ “ කියලත් කියන්න ඉඩ තියෙනවා ....


ලස්...සනයි ..තව චූට්ටක් ඔළුව ඇල කරන්නකෝ...
ඒත් ඩෙස්මන්ඩ් මොරිස් කියන මානවවිද්‍යාඥයා කියන විදියට නම් ඔය උස් සපත්තු දාන්නේ තමන්ගේ ලිංගික සංඥා පෙන්වන්නළු ...ඒ කිව්වේ ..අපි සෘජු කයක් ඇති දෙපා මිනිසුන් කියන තත්ත්වයට ඉස්සර වෙලා හිටි ‘වානර“ අවධි වලදි ...එම ස්ත්‍රී සතුන් තමන් ලිංගික වශයෙන් සක්‍රිය සහ සූදානම් බව එම පිරිමි පාර්ශවයට කීවේ ඇයගේ පශ්චාත් ප්‍රදේශය , නිතඹ ලොකු කරලා අර්ධ ගෝලාකාර ස්වරූපයක් අරගෙන , වේගවත්ව චලනය කරලා සහ ඒවා වර්ණවත් කරලා ...දෙහිවල සත්ව උද්‍යායනයේදි අදටත් “ගෙලඩා බැබුන් හෝ එබඳු වානර විශේෂ “ නිරීක්ෂණය කළ හැකිනම් සමහර අවස්ථාවල එම නිතඹවල් රෝස , රතු පැහැයෙන් බබලනවා ....ඒ අර රහස කියන්න ... 


ඉන්න.....මං රෙඩී........
දැන් තව ටිකක් තරහ ගියාද දන්නැහැ ....ලෙඩේ ගැන කියන්නැතිව කොහෙද ඉන්න වැඳිරියෙක් ගැන කියවනව කියල ... නැහැ මෙහෙමයි ....අද වානර ලක්ෂණයේ නෂ්ඨාවශේෂයක් විදියට තමයි ඔය අඩි උස සපත්තු පැලඳීම ගැන මුලින් කී මානව විද්‍යාඥයා විග්‍රහ කරන්නේ ...මොකද දන්නවද අඩි උස සපත්තු දැම්මම නිතඹ පේෂි Gluteal muscle හැකිළීමෙන් එම ප්‍රදේහය අර්ධ ගෝලාකාර ස්වරූපයක් ගන්නවා , ඒ වගේම වැඩි චලන දිශාවකුත් ඇති කරනවා..ඒක ලිංගික සංඥාවක් විදියටත් පෙන්වා දෙන්නේ .....එමෙන්ම අද දව ෙස් කරන   පර් ෙය්ෂණ වලිනුත් හදුනාගෙන තිබෙනවා ඒ සමහර සාධක .විශේෂයෙන්ම ප්‍රතිවිරුද්ධ ලිංගියන් ආකර්ශණය , තරහ ගන්න එපා ..මම කීවේ නැහැනේ එය වරදක් ලෙසට ..එම ස්ත්‍රී පුරුෂ ආකර්ශණය කියන සුන්දර බැඳීම නොවන්නට අද “මිනිස්සු කියන ජාතිය “ සිටියිද ? ...කොහොම වුනත් මේ ආකර්ශනය හරි ....පෙළඹවිම හැරි දෙන්න ගිහින් කාන්තා ඔබ සිදු කරගන්නා අනතුරක් ගැනයි මේ කතාව ...   ...ඒවගේම මෙන්න හොඳ ආරංචියකුත් ඉතාලි ජාතික වශේෂඥයෙක් කළ නවතම පර්යේෂණයකින් (Dr. Maria Angela Cerruto )සොයාගෙන තිබෙනවා ,සපත්තුවේ යම් උසක් (අඟල් 2ක හෝ අඩු) පැවතීම ඇයගේ සාර්ථක ලිංගික ජීවිතයකට වැදගත් කියලා 



අපි ඇවිදින (හැටි විතරක් .....!)


නිවැරදිව පාදය තබන්න 
දැන් මේ කතාවට ඉස්සර වෙලා අපි අපේ කකුළ ගැන ටිකක් බලල ඉමු ... පාදය හැදිල අස්ථි bones  , පේෂි muscles ,  තවත් උපකාරක පටක(Tendons) එක් වෙලා ...ඒ එක්කම සන්ධි Joints කිහිපයකුත්  ..අනෙක් විශේෂත්වය තමයි ..මොනවා කරත් “අපේ බර“  අන්තිමට දරන්නේ මේ කකුල නේ....(එච්චර වටින කකුලට අපේ තිබෙන සෞඛ්‍යානුකූල අවධානය කොහොමද ? ....) 


ඉතින් මේ තරම් “වැදගත් කකුල“  හැදිල තියෙන්නේ අපේ බර පහසුවෙන් පොලොවට යොමු කරන්නට , දරා ගන්නට , ඇවිදින්නට , දුවන්න ...ඒ සඳහා පාදය නිවැරදිව  පොළවට ස්ඵර්ශවීම හරිම වැදගත් ...  ඒ වගේම දිවීම , ඇවිදීම වගේ අවස්ථාවලත් නිවැරදිව පාදයේ නැමීම , ස්ඵර්ශවීම් පවත්වාගත යුතුමයි .. නිවැරදිව මේ චලනයන් පවත්වා ගන්න වනම් වැඩි වේලාවක් පාදයේ වැඩි ප්‍රදේශයක් පොළොව සමඟ ගැටෙනවා ...මේක හරි වැදගත් මොකද ඔබේ බර කිලො 60ක් නම් නිකම් හිටගෙන හිටියත් කිලෝ 30ක බර දරන්නේ මේ එක පාදයක් ....ඇවිදින විට ...පොළවේ ආනතිය අනුව මේ විදියට පාදයට දැනෙන බර වැඩි වෙනවා ...දන්නවනේ කන්දක් නගින කොට කොහොමද කියලා ....සිරීපා වන්දනාවට ගිය බැතිමතෙක් නම් ඔබ කියන්න ඕන නැහැනේ මේ විස්තර කිරීම ....



දේහයේ බර යොමු වන අයුරු
ලාබයි ..වැඩි වෙනකොට වාඩිවෙනවා..
ඒ ලෙස නිවැරදිව පාදය පොළොවේ වදින විට එම බර දරා ගන්න  පේෂි muscles , tendons (පේෂියක් අස්ථියකට ගැට ගසන ශක්තිමත් පටකය) , සන්ධි වගේ තැන් වලට දැනෙන පීඩනය අඩුයි ...පසුකාළීන ගැටළුත් අඩුයි ...දැන් අපි බලමු High heels සහිත සපත්තු දැම්මම මොකද වෙන්නේ කියලා , පළමු දේ තමයි අර දේහයේ බර නිසි ලෙස පොළොවට යොමු නොවිම ...ඒ වගේම එම බර මගින් ඇති කරන පීඩනය පාද වල සන්ධි වලට වැඩි වශයෙන් ඇති කිරීම ...එපමණක් නොවෙයි ....එය කොඳු ඇට පෙළටත් පීඩනයක් ඇති කරනවා ...පතුලේ උස අඟලක් නම් පිඩනය 22%කින් වැඩි වෙනවා ..උස අඟල් දෙකක් නම් පීඩනය 57%කින් වැඩිවෙනවා ... අඟල් 3ක් වුනොත් 76%ක් විතර කොහොමද උස...(නැහැ නැහැ වේදනාව) .....මොකද ඒ අවස්ථාවේ පාදයේ ඉතා කුඩා වපසරියක් තමයි මේ බර පොළොවට යෙදීම සිදු කරන්නේ ...හේතුව අඩිය උස්වීම නිසා පාදය පිහිටන ආනතිය ...හරියට කන්දක නඟිනව වාගේ තමයි , 
එයාට හැඩ...මට ලෙඩ

   ප්‍රථිපලය මොකක්ද , අපි අර මුලින්ම කියපු පාදයේ පේෂි , ශක්තිමත් පටක සන්ධි වේදනාවට පත් වෙන එක , ඉරෙන එක  ..ඉන් ප්‍රධානතම අවස්ථාවක් තමයි plantar fascitis කියල කියන්නේ , අතිශ්‍ය වේදනාකාරී ඒ වගේම කාළයක් විඳවන්න වෙන රෝග ගණනාවක් ඒ  මිශ්‍රණයටම කියන නම තමයි (Heel Spur Syndrome)  ඒ විතරක් නොවෙයි දිගු කාළිනව මෙලෙස පාවහන් පැලඳීම නිසා අපේ පාදයේ ප්‍රධානතම පේශියක් වන calf muscles ත් Achilles tendons  කියන විළුඹේ තියෙන ශක්තිමත්ම පටකයත් කෙටි වෙලා දුර්වල වෙනවා ... එහි අවාසනාවන්තම බලපෑම ඇතිවන්නේ වියපත් වීමත් එක්ක ...Osteoporosis තත්ත්වයේදී මෙය 
ලස්සනයි..ඌයි ...
ඉතා අවසනාවන්ත ගැටළු ඇති කරනවා , ඒවගේම Osteoarthritis සහ Joint degenerative conditions කියන සන්ධි දුර්වල කරන තත්ත්වයත් ඇති කරනවා  


වැඩි බර ඇදලා ඉරෙන තැන
දැන් අපි කතා කරමු මේ අපිම හදා ගන්න අවාසනාවන්ත එහෙත් වලක්වා ගත හැකි Heel Spur Syndrome තත්ත්වය ගැන ..මේකෙදි සිද්ධ වෙන්නේ අර විදියට බර වැඩි පුර දැරීම නිසා ඉරෙන , ඇදෙන plantar fascia කියන ශක්තිමත් පටකය ...කාළයක් තිස්සේ කරදර විඳිම නිසා ඝණ බවට පත්වීම එහෙම ඝණ වෙලා පතුලේ තවත් ඇටයක් වගේ හැදෙනවා ....මේ තත්ත්වයට ආවාම හරිම වේදනාකාරීයි , පාදය පොළවේ තියන්නවත් බැරි තරම් ...පතුල ඇතුලේ ගලක් ඇණෙනව වගේ තමයි දැනෙන්නේ , විශේෂයෙන්ම ඒ වේදනාව වැඩියි නින්දෙන් අවිදිවෙලා උදේට පොළොවෙ පය ගහපු ගමන් ...විවේක ගන්න කොට කකුල් දෙක ටිකක් ඔසවගෙන වාඩි වෙලා ඉන්නකොට වේදනාව අඩුයි ...හැබැයි තාවකාළිකයි ...

මේ තත්ත්වයට ප්‍රධාන සාධකයක් තමයි අපි කතා කළ නුසුදුසු මට්ටමේ high heels භාවිත කිරීම ..ඊට අමතරව අධික තරබාරුව  , වෘත්තීය අනතරු , ඒ වගේම වැරදි ඉරියව් භාවිත කිරීමත් හේතු .... 

මේ තත්ත්වය  රෝග ලක්ෂණ වලින්ම වෛද්‍යවරයාට හඳුනගන්නට පුළුවන් ...දැන් ඉතින් විඳවන්නේ නැතිව රබර් සෙරෙප්පු දෙකක් දාගෙන යන්නකො දොස්තර මහත්තය හම්බවෙන්න ....සමහර විට X ray  එකකුත් කරාවි ..හැබැයි වේදනාව අඩු කරගන්න පුළුවන් ඒ විළුඹට අයිස් ටිකක් තියාගෙන හිටියම (හැබැයි ඉතින් සැපේ අයිස් දියවෙනකම් විතරයි ) ..

දැන් ඔබට වේදනානාශක කිහිපයක් ගන්නට කියාවි ....හැබැයි ඔබට ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් ඉක්මණට ඒ බව වෛද්‍යවරයාට කියන්න ...මොකද සමහර විට මේ වේදනානාශක වලිනුත් ගැස්ට්‍රයිටිස් වැඩි කරනවා ...ඒ වගේම ව්‍යායාම ටිකකු ත් කියල දේවි ..ගෙදර ඇවිත් කරන්නම ඕන ...මේ මොනවා කළත් බොහො වෙලාවට ලැබෙන්නේ තාවකාලික සහනයක් ..එත් ඉතින් ඇතිනේ ...වේදනාවේ හැටියට සමහර විට අවුරුද්දක් හෝ කිහිපයක් ප්‍රතිකාර ගන්න වේවි යම් තරමක හෝ සුවයක් ලබන්නට .... 

දැන් මම කිව්වද high heels දාන්නම එපා කියල ..නැහැ ...එය ඔබේ ලස්සන වැඩි කරනවා යැයි හැඟේ නම් අවශ්‍ය අවස්ථාවල විතරක් භාවිත කරන්න ..මංගල උත්සවයකට ...විශේෂ රැස්වීමකට ..එහෙම නැතිව කඩේ යන්නයි ...ට්‍රිප් යන්නයි ඔක්කොටම මේක භාවිත කරන්න එපා ..

මූණ වගේම රැක ගන්න
ගන්නවානම් සපත්තු ගන්න යන්න හවස් කාළෙට ..මොකද ඒ වෙලාවට ඔබේ පාදය තරමක් ලොකු වෙලා තියෙන්නේ ...එහෙම සපත්තුව තෝරා ගත්තොත් “ගන්නකොට නියමයි දැන් අනේ සපත්තුව තදයි“ කියල අඬන්න ඕන නැහැ. 

High heels ගන්නවනම් උස සෙන්ටිමීටර් 3නට වඩා අඩු සපත්තු තෝර ගන්න ..දැන් මැනල බලන්න දැන් ඔබ පැළඳගෙන ඉන්න සපත්තුවේ  heel එකේ උස සෙන්ටිමීටර් කියද කියලා ....ඒ වගේම සපත්තුවයි ඇඟිලියි අතරේ පුංචි ඉඩක් තියෙන විදියට එය තෝර ගන්න . ..ඒ වගේම මෘදු පතුලක් තියෙන එකක් තෝරා ගන්නවා නම් හුඟක් හොඳයි ...

අපි මෙහෙමයි exercise කරන්නේ
කොහොම වුනත් ඔය අඩි උස සපත්තු දාගෙන ගිහින් වාඩි වෙත්දි පාද එක මත එක හරස්වෙන විදියට තියා ගන්න එපා ..එතකොට පාදයේ පහල පෙදෙසට ලේ ගමනාගමනයට බාධා වෙලා තවත් කරදරයකට පත් වෙනවා ...

හොඳට මතක තිය ගන්න මේවගේ උත්සව අවස්ථාවකට ගමනකට ඔබ ගියා නම් ගෙදර ඇවිත් පාද වලට ව්‍යායාමයක් කරන්න ..පාදය..විළුඹ ටිකක් කරකවන්න ...ඇඟිලි දිග හැරල විහිදුවන්න ...දනහිස් කිහිප වරක් නවා දිග හරින්න...මෙන්න කරන විදිය ..... exercise  කරල මහන්සිනේ ...එහෙම නම් අපි කතාව නතර කරමු ...ආයේ දවසක් හමු වෙන්න එන්නම් ...පරිස්සමින් කකුළ තියල යන්න.... 



  

12 comments:

  1. ඔන්න අපේ ලලනාවන්ට කියාපු ලිපිය.
    හරිම වේදනකාරීලු මේ අවස්තාවට පත් උනාම.
    මේ රෝගයට එන්නතක් දෙනවා නේද අවසානයේ.
    ස්තූති ඔබතුමාට .

    ReplyDelete
  2. හ්ම් ...එන්නතක් නම් දෙනවා ..තාවකාළික විසදුමක් විදියට ..හැබැයි ඒක අර අපි දවසක් කතා කළ ප්‍රෙඩ්නිසොලෝන් කාණ්ඩයේ ...එන්න වැඩි වාර ගණනක් ගන්න සිදුවුනොත් අහිතකර බැලපැම් ගණනාවක් ඇති කරන්න පුළුවන් ....

    ReplyDelete
  3. මගේ යෙහෙලියකට මේ එන්නත් දෙනවා. ඔබතුමාට කියන්න පුලුවන්ද එහි අතුරු විපාක?

    ReplyDelete
  4. වැඩි වාර ගණනක් ගන්න වුනොත් දියවැඩියාව වගේම ඇස් අන්ධ කළ හැකි glaucoma තත්ත්වයත් ඇති විය හැකිය ...තවත් ලෙඩ ගොඩකට අවදානම් ..හැබැයි නියමිත පරීක්ෂණ කරමින් වෛද්‍ය උපදෙස් මත ලබා ගත්තාට කමක් නැහැ ....

    ReplyDelete
  5. අප දැක තියෙනෙවා අද පාසල් ලමයින් ගෙනයන පොත් බෑගය
    ඔවුනට වඩා කීප ගුණයක් විශාලයි. ඉතින් මේ අධික බර කොඳුඇට පෙලටත් පාද වලටත් බලපානවා නේද?

    ReplyDelete
  6. ඇත්තටම ....ඔව් ...ඒ ගැනත් ඉදිරියෙදි කතා කරමු

    ReplyDelete
  7. ඔබේ ලිපි එන්න එන්නම සාහිත්‍ය රසයෙනුත් වැඩි වෙන බව කියන්නම ඕන. අපොයි මෙහෙ කෙල්ලෝ නම් අඩියක් විතර උඩින් ඇවිදින්නේ. කොරවක්කුම තමයි මට මතක් වෙන්නේ. දැන් කකුල පෙරලෙයි කියල හිතෙනවා දැක්කම . හොඳ ලිපියක්

    ReplyDelete
  8. ස්තුතියි ඔබේ අදහසට ...ඔව් මම යම් උත්සාහයක් දරනවා තරමක් වෙනස් , (නීරස) වුවත් හැකිතරම් සරළව ඉදිරිපත් කරන්න

    ReplyDelete
  9. Appreciate your efforts put into this blog. Keep up the good work!

    ReplyDelete
  10. -Anonymous ,
    Thank you for your comment.

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)