2020/02/13

236) හෙට දවසේ අවදානමක්!

ඉදිරියේදී අපේ රටේ වියපත් ජනගහණය සීග්‍රව වැඩිවෙන බවක් හඳුනාගන්න ලැබෙනවා.ඒ තත්ත්වය මත අනාගතයේ ඩිමෙන්ෂියා, පාකින්සන් වැනි රෝග තත්ත්ව වල වැඩි වීමක් දකින්නට පුළුවන් වේවි. අන්න ඒ නිසා මේ රෝග තත්ත්වය ගැන දැන සිටීම වටිනවා. විශේෂයෙන්ම මේ වීඩියෝව බලන ඔබ අවුරුදු 20ත් පනහත් අතරේ කෙනෙක් නම් දවස් වසර දහයකට පස්සේ මෙම තත්ත්වයේ පෙළෙන කෙනෙක් සමඟ කටයුතු කරන්නට යම් අවස්ථාවක් තිබෙනවා. ඒ සමහර විට ඔබ දන්නා කෙනෙක් වෙන්න පුළුවන්, සමහර විට ඔබේම පවුලේ කෙනෙක් වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා මේ අවදානම ගැන දැනගෙන , පාළනය කළ හැකි අවදානම් අවස්ථා ගැන හිතා බලන්නත් , ඒ ඔස්සේ අවදානම යම් තරමකින් හෝ අවම කරගන්නට උත්සාහ කරන්න පුළුවන්. එහෙම නම් වීඩියෝව බලල, යම් අදහසක් ඇත්නම් සටහන් කරන්න, කැමතිනම් , සොඳුරු සුව අසපුවේ පහත ලිපියට ඇවිත් මේ ගැන තවත් තොරතුරු දැනගන්න. https://www.nursinglk.com/2012/08/112.html

No comments:

Post a Comment

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)