2020/02/10

අවදානමට සූදානම් ද?

මේ වෙත්දි කළ සංඛ්‍යා ලේඛණ දත්ත අනුව අපේ රටේ සෞඛ්‍ය තත්ත්වයේ ඉහළයාම නිසා , අනාගතයේ වැඩිහිටි ජනගහනය , සීග්‍ර වැඩිවීමක් විය හැකි බවට හදුනාගෙන තිබෙනවා. 

විශේෂයෙන් 2030 වෙත්දි ඒ කියන්නෙ තවත් අවුරුදු දහයකදි වයස 65ට වැඩි ජනප්‍රතිශතය 15.4%ක් දක්වා ඉහළයනව. ඒ කියන්නේ වැඩිවීම ආරම්භ වෙනවා. මෙතැනදි ගැටළුව වෙන්නේ , මේ ඉහළ වයස් සීමාවල ජනප්‍රතිශතය ඉහළයාමත් එක්ක, Dementia , වැනි රෝග තත්ත්ව වැඩිවීමේ අවදානමක් ඇති වෙනවා. හෘද රෝගයක්  වගේ නොවෙයි , ඩිමෙන්ෂීයාවෙදි ලබා දිය යුතු සෞඛ්‍ය පහසුකම් , සමාජයීය පහසුකම් ටිකක් සංකීර්ණයි, අන්න ඒ වෙනුවෙන් අපේ රටේ බලධාරින් සූදානම් දැයි දන්නේ නැහැ, 

කෙසේ වෙතත් අපි මේ රෝග තත්ත්ව ගැන දැනුවත් වෙමු, මොකද තරුණ ඔබටත් මේ අනාගයට මුහුණ දෙන්න වෙන්නේ. ඒ නිසා අවදානමට සූදානම් වීම වටිවි. මීළඟ වීඩියෝවක මේ ගැන වඩා විස්තර සහිතව කතා කරන්නට සූදානම් බව කියන්නටයි මේ උත්සාහය. ඔබේ අදහස් , යෝජනා මට වටී ,



2 comments:

  1. මමත් මේ රෝග තත්වයන් ගැන ටිකක් බයෙන් තමා ඉන්නේ. වයසත් වැඩි වේගෙන යනවනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් අපි හැමෝම මේ ගැන දැනගෙන ඉන්න එකනම් වටිනවා, ස්තුතියි

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)