
2014/11/09
169) ඇගෙ හද පුරවන රිද්මය බිඳවන PPCM
කාළය වසර දෙදහස් හතේ විතර , ස්ථානය හෘද දැඩිසත්කාර එ්කකය , වෙලාව උදේ හයයි පනහට විතර , ...
“අයියේ .....මේ , සුනන්දනී , වයස තිස් දෙකයි , ඊයේ මහමෝදරින් ට්‍රන්සෆර් කළේ, ඊෆ් අඩුයි , පීපීසීඑම් වගේ කියල තමයි ඩොක්ටර් කීවේ , අද තවම මෙහෙදි සර් බැලුවේ නැහැ , බ්ලඩ් රිපෝර්ට්ස් දෙකක් එන්න තියෙනවා , මෙන්න ඔබ්සර්වේෂන් චාර්ට් කළා , ලැසික්ස් යනවා තවම . “

ලිපි වර්ගය
Coronary Heart Disease,
ගර්භනී තත්ත්ව ආශ්රිත,
හදවත් රෝග
2014/08/27
168) එබී බලන “එබෝලා“
![]() |
මෙන්න බලන් අපි අස්සෙ අම්ම ඉන්නෙ පිටිපස්සෙ |
දවස ... සෙනසුරාදාවක්
ප්‍රදේශය .... ගාල්ල , වක්වැල්ල පාර ..
හීරෝ හොන්ඩා යතුරු පැදියේ , හුළං පාර කපා ගෙන යන “ පුංචි පවුලක් “
ගමනාන්තය , ගාලු කොටුවේ , පරණ ලයිට් හවුස් එක ගාව “බිත්තර රොටි කඩේ “
ලිපි වර්ගය
Hepatitis B,
ආසාදන,
ඒඩ්ස්,
ජලභීතිකාව,
රුධිරය,
සාමාන්‍ය ලිපි
2014/08/22
167) ජීවිත රැක දෙන “අයිස් බකට්“

ලිපි වර්ගය
ALS,
ස්නායු ආශ්රිත රෝග
2014/08/19
166) හොර දොස්තරද ? හොඳ දොස්තරද ?
ලිපි වර්ගය
කාළීන සමාජයීය කතාබහ,
සාමාන්‍ය ලිපි
2014/08/15
තවම වයලින් ගහන රොජර් !
රෝජර් ෆ්‍රින්ච් වෘත්තීමය වයලීන වාදකයෙක් . නමුත් මෑත කාළයක පටන් ඔහුට වයලීනය නිසි ලෙස වාදනය කරගන්නට බැරිව යනවා . හේතුව අතේ ඇතිවූ අසාමාන්‍ය ගැස්මක්. මේ අසාමාන්‍ය ගැස්ම නිසා වයලීනය මත වයලීන අලුව ( bow එක ) ස්වර රටා අනුව නිවැරදි අයුරින් ගෙන යන්නට බැහැ. මෙය ඔහුගේ වෘත්තීය දිවියට කණකොකා හඬලන්නට පෙර මඟ සළකුණක් බව හඳුනාගත් ඔහු වෛද්‍ය පරික්ෂණ කිහිපයකට යොමු වෙනවා. මෙතැනදි කළ පරික්ෂණ වලදි හඳුනාගන්නෙ මොළයේ පතුලෙ වර්ධනය වන යම් ගෙඩියක් (Tumour) මඟින් නිකුත් කරන අසාමාන්‍ය විද්‍යුත් කම්පනයක් , ඔහුගේ අතේ ඇති ගැස්මට හේතු වන බව .
ලිපි වර්ගය
සාමාන්‍ය ලිපි
2014/08/14
165) හිස කළඹණ බඩලොකු වෙන Budd-Chiari
![]() |
සුන්දර Ball's falls ඇරඹුම |
පොඩ්ඩන්ට නිවාඩු නිසා අපට නිවාඩු නැතිම දවස් ටික (අළුත් පෝස්ට් එකක් පමාවට මේතක් එක හේතුවක්) , හැම සති අන්තයකම වගේ පහුගිය සෙනසුරාදාවක , Ball's falls වෙතට ගිය චාරිකාව නිමා කරන ගෙදර එන ගමන් .
ලිපි වර්ගය
Fatty liver,
Hepatitis B,
Liver disease,
උදරාබාධ,
සෙංගමාලය
2014/08/06
මේ වැඩේ වැරදියි. ඔබට අයිති නැති දෙයක් !
පෙර ලිපිය ලියා මාසයකට ආසන්න කාළයක් ගත වුනත් , තවත් ලිපියක් එක් කරන්නට අවසථාවන් ලැබුණත් , සුදානම් වුනත් එය මොහොතෙන් මොහොත කල් යවන්නට හිත පෙළඹවන්නට තරම් , මානසික පීඩාවක් ඇති කරවන්නට සමත් වූ , සිංහල බ්ලොග් පාඨකයෙකුගේ “සත්කාර්යය“ පිළිබඳවයි අද දවසේ කතාව.
2014/07/13
164) ඇගෙ හදවත බිඳ රිදවන බූවල්ලා
සෙනසුරාදා ... සතියේ හොදම දවස ! පොඩ්ඩන්ට “සමර් බ්රේක්“ එක නිසා දැන් ඉතින් හැමදාම සෙනසුරාදා වගේ . මොකද දවසේම පොඩි පොඩි යුද්ධ . ඒත් දැන් නම් සෙනසුරාදා විශේෂයි .
“ආ පොඩ්ඩි නැගිට්ටද ? එන්න ...එහෙම නම් තේ එක බීලා ඉන්න “ අම්ම සුපුරුදු පිළිගැනීමේ ප්‍රකාශය
“හ්ම් . තාත්තේ , අරක පබ්ලිෂ් කරලද ?“ තේ එකේ උගුරු දෙකක් විතර බීපු පොඩ්ඩි ආව කාමරේට
“නැහැ තව ටික වෙලාවක් යාවි ..එතකම් කෑම කාළ , අම්මට ටිකක් උදව් කරන්න උදේ කෑම හදන්න .“
උදේ දහයයි වෙලාව ...ගියා දෙරණ එෆ්එම් වෙබ් අඩවියට ...
“පොඩී හරි ,වීඩියෝ එක දාල .. එන්න අක්කත් නැගිට්ටවන්න “
ලිපි වර්ගය
Coronary Heart Disease,
හදවත් රෝග
2014/06/23
163) සුපර් ග්ලූ වලින් වහනා මොලේ ලෙඩේ
කතාව ගෙනාව “පින්කි“ ලෙඩ හොඳ වුනා පස්සේ :D |
“මට බෑ , මම දැන් වැඩක්“
“අනේ ....ඔයා මගේ හොඳ අක්කිනේ .....අනෙක ග්ලු ගන් එක ඔයාගෙනේ , අනේ මෙයාව හදල දෙන්නකෝ ....“
“කෝ ගේන්න , ඔයාගේ බෝනික්කිගේ සපත්තුවත් ගැලවිලා තියෙනව දැක්කා , ඒකත් අලවන්න බලමු‘‘
දෙන්නගේ කුටු කුටුව අහගෙන මමත් මගේ වැඩේ කරගෙන ගියා .
“තාත්තේ මේ , මේ පින්කි දැන් ලස්සනයි නේ “ පොඩ්ඩි බොනික්කේකුයි තව මොන මොනවදෝ අඩුම කුඩුම වගයක් ගෙනත් තිබ්බා මෙසේ උඩ .
දැන් ඉතින් මගේ වැඩේ කරල ඉවරයි ....
![]() |
ජීවිතේම රස කතාවක් කළ මගේ කතාකාරියෝ දෙන්නා |
“හ්ම් , කවුද කොන්ඩේ කරල් ගෙතුවේ අක්කද? ..“
“ඔව් , එයාගේ කොණ්ඩේ ගැලවිලා තිබුණේ , අපි දෙන්න සර්ජරි එකක් කළා “
“සර්ජරි එකක් ! මොකක්ද කළේ දෙන්න එක්ක‘‘
‘‘අපි දෙන්න මෙයාගේ කොණ්ඩේ තියෙන ලේයර් එක උස්සල , ඇතුලට ග්ලු ගන් එකෙන් , ග්ලූ ඇතුල කරල , ටිකෙන් ටික ඇලෙව්ව , දැන් මේ ....ඇද්දත් ගැලවෙන්නේ නෑ , “
පොඩ්ඩි බෝනික්කිගේ කොන්ඩ කරලකින් ඇදලම පෙන්නනව .
“හ්ම් වැඩේ නම් හොඳයි , දැන් අර ගත්තු බඩු ටික අස් කරලද අාවේ “
“අක්කි අස් කළා , මං උදව් කළා ....“ ...ආයෙත් බඩු මට්ටු ටික කරගහගෙන පොඩ්ඩි යන්න ගියා .
2014/06/09
හොල්මන් නැති හොල්මන් කතාව
භීන්නෝන්මාදය නැත්නම් Schizophrenia නමින් හැඳින්වෙන මානසික රෝගී තත්ත්වය ගැන සවිස්තර ඇතිව ලිපියක් සොඳුරු සුව අසපුවේ පළ වුනත් , නැවතත් ඒ ගැන මතකය අළුත් කරන්නට හිතුනේ CNN නාළිකාවේ ඇන්ඩර්සන් කූපර් ඇතුළු කණඩායම අද නිකුත් කළ මේ වීඩියෝව නිසාවෙන්.
සමහර විට අපේ උසුළු විසුළුවට ලක්වෙන , සමාජයේ අපවාදයට ලක්වෙන , භින්නෝන්මාද රෝගියෙක් කෙතරම් විඳවීමක් වේදැයි නැවත වටහා ගන්නට මේ වීඩියෝව උපකාර වේවි ඔබටත් .
වීඩියෝව බලන්න මෙන්න මෙතැනින්
නැත්නම් මෙන්න ලිංක් එක
http://cnn.com/video/data/2.0/video/us/2014/06/09/ac-dnt-schizophrenia-simulator.cnn.html
රෝගය ගැන කතා කළ ලිපියට http://www.nursinglk.com/2012/01/77.html
සමහර විට අපේ උසුළු විසුළුවට ලක්වෙන , සමාජයේ අපවාදයට ලක්වෙන , භින්නෝන්මාද රෝගියෙක් කෙතරම් විඳවීමක් වේදැයි නැවත වටහා ගන්නට මේ වීඩියෝව උපකාර වේවි ඔබටත් .
වීඩියෝව බලන්න මෙන්න මෙතැනින්
නැත්නම් මෙන්න ලිංක් එක
http://cnn.com/video/data/2.0/video/us/2014/06/09/ac-dnt-schizophrenia-simulator.cnn.html
රෝගය ගැන කතා කළ ලිපියට http://www.nursinglk.com/2012/01/77.html
2014/06/01
162) යවන්න පෙර සිතා බලනු ......Sexටින්
“ඔයා දන්නවද මේ ටයිටැනික් ගිලිල තියෙන්නෙ කැනඩා වල නෝර්ත් එකට වෙන්න , “
“ෂ් ..ෂ් ... කෑගහන්නේ නැතිව ඉන්නව අක්කී , මේක බලල ඉවර වෙලා ඒ ගැන කතා කරමු , .... නේද “ පොඩ්ඩි මා දිහා බැලුවේ මගෙන් සහයෝගයක් ලැබේවි කියල වගේ .
“මෙහෙම කරමු , දැන් බ්රේක් එකක් අරගෙන දෙන්න එක්ක හදපු කෑම ටිකක් කාල ඉමුනේ ? “ මනෝජගේ යෝජනාව , සම්මත කිරීම මගෙන් . නැවැත්තුවා චිත්තරපටිය මොහොතකට ,
“ෂ් ..ෂ් ... කෑගහන්නේ නැතිව ඉන්නව අක්කී , මේක බලල ඉවර වෙලා ඒ ගැන කතා කරමු , .... නේද “ පොඩ්ඩි මා දිහා බැලුවේ මගෙන් සහයෝගයක් ලැබේවි කියල වගේ .
“මෙහෙම කරමු , දැන් බ්රේක් එකක් අරගෙන දෙන්න එක්ක හදපු කෑම ටිකක් කාල ඉමුනේ ? “ මනෝජගේ යෝජනාව , සම්මත කිරීම මගෙන් . නැවැත්තුවා චිත්තරපටිය මොහොතකට ,
ලිපි වර්ගය
සාමාන්‍ය ලිපි
2014/05/29
ජීවිතේ කවියක් !
ආදරය , සෙනෙහස සහ රාගය කියන වචන වල හුඟක් අයට පටලැවිලා වගේ දැනෙන මේ කාළයේ අහන්නට ලැබෙන අවාසනාවන්ත ප්රවෘත්ති අතරේ , මේ හැමදෙයක්ම ගැනම මුසු වුනු සුන්දර ගීතයක නාද , නිර්මාණාත්මක දෘශ්‍ය සටහනක් බවට පත් කළ නිර්මාණශීලි කළාකරුවන්ගේ එකතුවකින් තැනුනු වීඩියෝවක් මේ .
අසන්න , විඳින්න , ආදරය , සෙනෙහසේ සුන්දරත්වය තවත් මානයකින් .
අසන්න , විඳින්න , ආදරය , සෙනෙහසේ සුන්දරත්වය තවත් මානයකින් .
2014/05/27
Happy Sri Lanka
අපේ රටේ සංචාරය කළ විදේශික කණ්ඩායම සහ ශ්‍රී ලාංකික කණ්ඩායම් කිහිපයක් විසින් කළ ලස්සන විඩියෝ කිහිපයක් . මේ දවස් වල බටහිර රටවල නම් ජනප්‍රියම ගීතයක් , මේ දෙකේම එකතු කළ සුන්දර නිර්මාණයක් බවට පත්වී තිබුණා . මහා ගැඹුරු ශාස්ත්‍රිය වර්ණනා නැතත් , සරළව සතුටින් විඳින්නට පුළුවන් නිර්මාණ කිහිපයක් . රසවිඳින්න ආරාධනා ඔබට .
මේ වීඩියෝ ටික ඔක්කෝම එකපාරට බලන්න ලැබුණේ http://ausnewslanka.com/ වෙබ් අඩවියෙන් .
මේ වීඩියෝ ටික ඔක්කෝම එකපාරට බලන්න ලැබුණේ http://ausnewslanka.com/ වෙබ් අඩවියෙන් .
2014/05/17
161) හැමදාමත් ලෙඩවෙන මේ සෞඛ්‍යය
දොස්තර මහත්වරු |
කොහොම වුනත් මේ ලෙඩේ ගැන කතා කරත්දි ටිකක් දේශපාලනමය මත වගේම , ජාතිමාමක , දේශප්‍රේමී නොවන , ඒත් යථාර්ථයේ පවතින කරුණු කිහිපයකුත් මුසු කරන්නට වෙනවාමයි . නමුත් මේ ලියන මමත් මේ තුවාලය තුලම කළක් සිටි අයෙක් නිසා , මේ ලියැවිල්ල සර්ව සාධාරණ එකක්ම වේයැයි මම කියන්න යන්නේ නැහැ , ඒත් අද මේ ඔඩුදුවපු තුවාලයෙන් බැහැරව සිටින නිසා , තරමක් දුරට හෝ සමබරව කතා කරන්න ලොකු උත්සාහයක් දරනවා , වැරදි ඇතොත් සමාවන්න , සමා වී පමණකින් නොනැවති , වැරදුනු තැනට ඔබේ අදහසින් නිවැරදි කරමින් යම් කතා බහක් ඇති වේ නම් එයය සතුට .
ලිපි වර්ගය
කාළීන සමාජයීය කතාබහ
2014/05/12
ස්තුතියි ඔබ සැමට
පිංතූරය ගත්තේ http://blog.ishafoundation.org/ |
2014/05/05
2014 සුදුසුකම් ලත් රැකියා ලැයිස්තුව
ඔබ කැනඩාවේ පදිංචියට එන්නට අපේක්ෂාවෙන් සිටින්නෙක් නම් මේ ආරංචිය ඔබට වැදගත් වේවි , 2014 වසරට අදාල සුදුසුකම් ලත් වෘත්තිය ලැයිස්තුව පසුගිය පළමු වනදා නිකුත් කළා.
එම අළුත් රැකියා ලැයිස්තුව තුල ඔබට අදාල රැකියාව ඇත්නම් , අළුත් ගමනක පළමු පියවර මෙය වන්නට පුළුවන් නිසා , මෙන්න මේ ලිංක් එක ඔස්සේ ඒ සියළු තොරතුරු ලබා ගන්නට පුළුවන් වේවි.
කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසන “වෙළෙන්දන්ගෙන්“ ආරක්ෂාවී , දැනුවත්ව , නිසි නීති අනුකූලව ඔබේ අපේකෂාව ඉටු කරගන්නට , මේ සංක්‍රමණික නීති රීති පිළිබඳව දැනුවත් විම වඩා වැදගත් නිසා , කැනඩාවට සංක්‍රමණය වීමට අදාල සියළු නීති රීති , අළුත් වෙනස්කම් ගැන www.cic.gc.ca වෙත යොමුවී දැන ගැනීම මේ අරමුණේ සිටිනවා නම් ඔබට වැදගත් වේවි .
සමුගනිමි , සුව සතුට පතමින්
2014/04/30
160) වටේ නසන හිත සනසන ප්‍රීති කැසිල්ල
![]() |
වැස්ස ළඟ අව්ව |
කාළෙකට පස්සේ ඇඟට පොඩි රස්නයක් දැනෙන දවස් ටිකක්. මෙතුවක් දවසක් කළබල නැතිව හිටි කුරුළු කිරිල්ලියන් දැන් සිංදු කියන්න පටන් අරන් . ආසාවට දකින්න නැතිව හිටි ලේනුන් ටික ආයෙත් ගස් වලින් බිමට බැහැල “බෝල් රූම් ඩාන්ස්“ දාන්නට පටන් අරගෙන , හැංගිලා හිටපු ඉර දැන්නම් වලාකුළු අස්සෙන් සැරින් සැරේ එබිලා බලල හිනාවක් දානවා . පොළවත් ටික ටික උණුසුම් වීගෙන එන මේ වස්සාන කාළය හැම තැනම අළුත් වෙනසක් ගෙනත් .
ලිපි වර්ගය
සමේ රෝග
2014/04/16
උණුසුම් වැළඳගැනීමක සතුට
මේ ලෝකය පුරා මිනිසත්කමේ සතුට උතුරවන්නට සමත් වූ Free Hugs Campaign නම් වූ සුන්දර නිර්මාණයේ වීඩියෝවක් , විනාඩු තුනක් තුල දිව යන මේ දසුන් පෙළ ඔබේ සිතට දෙන සතුට , වැය වූ මෙගාබයිට් ගණනට වඩා වටිනාබව ඔබටම වැටහේවි .
මේ ගැන සම්පුර්ණ කතාව මෙන්න මේ ලිංක් එකෙන් බලන්න පුළුවන් .http://www.freehugscampaign.org/
මේවගේම සුන්දර වැඩසටහනක් තවත් දින කිහිපයකින් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදි පැවැත්වෙන බව ඔබ දන්නවා ඇති නොදන්නවා නම් මෙන්න මේ ලිංක් එක ඔස්සේ ඒ ගැනත් තොරතුරු දැන ගන්නට දැන් ඔබට පුළුවන් .
http://cyberfestival.blogspot.ca/2014/04/blog-post.html
සමුගනිමි , නැවත හමුවන අපේකෂාවෙන් ! ඔබට සුව සතුට පිරි දිනයක් වේවා !
2014/04/12
2014/03/24
159) දඟ බබාට නොතලන්නයි හිමින් සැරේ ගොඩගන්නයි

“පුතේ අපි වෙන දවසක ගනිමු අද මා ගාව මේව ගන්න සල්ලි නෑ “ ...
“නෑ ! .මට අද මේක ඕනමයි “
ගෙදරට ඕන කරන අඩුම කුඩුම ටික ගන්න අතරේ අම්ම කෙනෙක්ගෙයි , පොඩි කොළු පැටියෙක්ගෙයි දෙබසක් කණට වැටුන .
පොඩි එකා මොකක්දෝ පෙට්ටියක් උස්සෙගන , බදාගෙන ඒක ඉල්ලනව , පේන විදියට සෙල්ලම් බඩුවක් , ..
“මම කිව්වනේ ! අද බැහැ . , වෙන දවසක තමයි ගන්න පුළුවන් . ඔයාට එන්න බැරි නම් ඉන්න මම යනවා “ අම්ම පොඩි සැරක් පෙන්නල ටික දුරකට ගියා .
පොඩි එකාගේ ලොකු යුද්දේ !
ලිපි වර්ගය
මානසික ගැටළු,
මානසික රෝග,
ළමා රෝග
2014/03/09
158) සැලෙන සිතුවම් - එමලිගේ තෑග්ග
ලිපි වර්ගය
චිත්‍රපට,
සාමාන්‍ය ලිපි
2014/03/03
157) මවක් වන්නට පෙරුම් පුරනා ඔබටමයි !
බලනවනං ෆිල්ම්! |
“නෑ නෑ ඒකට නෙවි Frozen ට තමා බෙස්ට් ෆිල්ම් එක !“
“ඒ වුනාට Gravity තමා හොඳම ! “
“එහෙනං ඇයි ඔයා අදත් Frozen බැලුවේ , ? “
දෙන්න එක්ක වාදේ , අද නිවාඩු දවස නිසා ටිකක් විවේක පාඩුවේ ඔස්කාර් සම්මාන උළෙල බලන්න හිතුවත් , ඒක ටිකක් අමාරුවෙයි වගේ මේ වාද විවාද එක්ක .
ලිපි වර්ගය
ගර්භනී තත්ත්ව ආශ්රිත
2014/02/24
මෙන්න දැන් ලැබුණු ඡන්ද ප්‍රතිපලයක් !
ලිපි වර්ගය
ඖෂධ අවභාවිතය,
ගර්භනී තත්ත්ව ආශ්රිත,
මානසික ගැටළු,
ළමා රෝග
2014/02/19
156) සැබෑ වෙනවා නම් හීනයක් . l !
අද තවත් මරණයක් ! ... නැහැ , සිය දිවි නසා ගැනීමක් ,
“ දැන් හැමදාමත් වගේ මාධ්‍යවල සිය දිවි නසා ගැනීම් ගැන සඳහන් වෙනව. එක්කෝ විශ්ව විද්‍යාලයක සිසුවෙක් නවක වදයට මුහුණ දෙන්න බැරිව , නැත්නම් තව කෙනෙක් ඔළුවෙ කැක්කුමක් දරා ගන්න බැරිව , තව කෙනෙක් අහිමි වූ පෙමක් නිසා , තවත අයෙක් කෙනෙක්ගේ තර්ජනයක් නිසා .... තව කෙනෙක් ...තවමත් සොයා නොගත් හේතුවක් නිසා .....ඔය විදියට නානාප්‍රකාර හේතු ඔස්සේ , තම ජීවිතය නිමා කරගන්නා පිරිස , නිමා කරගන්නට තැත් දරන පිරිස ක්‍රමයෙන් වැඩිවන වගක් පෙනෙන්නට ඇත්තේ . මේ සඳහා විවිධාකාර හේතු දුන්නත් , මේ සියල්ල තුල ඇති එක සත්‍යයක් තිබෙනවා , මානසික තත්ත්වයේ බිඳ වැටීම , සහ ඒ අවස්ථාවේ ඒ බිඳ වැටීම හඳුනාගන්නට , එයින් නැගිටින්නට අවශ්‍ය උපකාරය , සහය නොලැබීම කියන කාරණේ .
ගැටේ කපන්නට |
ලිපි වර්ගය
මානසික ගැටළු,
මානසික රෝග,
සාමාන්‍ය ලිපි
2014/02/13
155) වැලන්ටයින් දිනේ... අනා නොගෙන දිනා ගන්න හැටි
ඒ කියන්නේ ...................... හෙට පෙබරවාරි 14 .......... .. ඔව් තව විදියකින් කීවොත් “ආදරවන්තයින්ගේ දිනය “ .... මට මතක විදියට නම් මේ අළුත් දිනය අප අතරට ඇවිත් ජනප්‍රිය වෙලා අවුරුදු දහයක් විතර ඇති , නමුත් ඒ මෙහි ආරම්භය නොවෙයි , එහි මුල හොයා ගියොත් අපට යන්න වෙනවා ක්‍රිස්තු වර්ෂයෙන් 496 විතර ඈත අතීතයකට ( In 496 AD Pope Gelasius marked February 14th as a celebration in honor of his martyrdom.) ............ඔන්න දැන් මේක කියවන ඔබ බලාවි අදත් “මා.....ගලක් “ තමයි පෙරලන්න හදන්නේ කියල . බය වෙන්න එපා , ඔය අතීත කතා ගැන විමර්ශනය කරන්න යන්නේ නැහැ. කැමති කෙනෙක්ට මෙන්න මේ වීඩියෝව බලල , මේ නම ලැබෙන්නට හේතු වුනු ශාන්ත වැලන්ටයින් පියතුමා පිළිබඳව යමක් දැන ගත හැකි වේවි .
ලිපි වර්ගය
සාමාන්‍ය ලිපි
2014/02/12
154) කළට පෙර පරව යන මල් කැකුළු රැක ගන්න ..
“අනේ මන්ද මලී ....එයා අපට කියන එකක්යැ .....“ .....
“ඔව් අනේ ... හරිම මූසලයි දවසම ... එල්ලගෙන ඉන්න හැටි .....“ .......
“ඔය ඔක්කොම අරය බලනකං විතරයි ....ඊට පස්සේ මෙන්න වෙන ලෝකෙක ... අර කොල්ල අල්ලගන්න කරන මායං අපි නොදන්නවයැ ....“
----------------------
‘‘මෙලෝ රහක් නෑ බං ඌ ... කරන දේකුත් නෑ , බස්ස වගේ බලාගෙන ඉන්නවා ...කොල්ලෙක්නේ ....සෙට් වෙයන්කෝ වැඩකට ..... කොහෙද ...ඌට කියන්න ගියාම ! ...“
“නෑ මචං , උගේ වෙනසක් තියෙනවා බං ... හෝම් වර්ක් කරගෙන තිබුණෙත් නෑ ...මං හිතන්නේ අපේ පිනාටත් අහුවෙලා දෙහි කැපුව ....මූ කියන එකක්ය .. ගල් ආඳනේ ...“
ලිපි වර්ගය
මානසික රෝග,
සාමාන්‍ය ලිපි
2014/02/11
153) සිහිනයක් පමණක් නොවූ අතීතය ...
අද වෙනස්ම කතාවක් ....
කෙනෙක්ට අකුරක් , නිවැරදි යමක් උගන්වනවා කියන්නේ මුළු ආත්මයම සතුටින් පුරවන සුන්දර ආශ්වාදයක් , එයින් උගත් දරුවෙක් අපටත් ඉහළ තළයක ඉන්නවා දකින එක ඊටත් එහා ගිය කියා නිම කරන්නට බැරි සතුටක් ...මේ මට දැනෙන දේ ඔබටත් පොදු ඇතැයි මම හිතනවා ...
මේ ටික ලියන්න මතක් වුනේ ඊයේ මහ රෑ ෆේස්බුක් මාවත ඔස්සේ මා සොයා ආ , මගේ දරුවක් නිසා . මීට අවුරුදු විස්සකට විතර එහා දඟකාර හිනාවකින් හැම වෙලාවකම කම්මුල පුරවගෙන හිටි කොළු පැටියෙක් තවමත් ඒ හිනාව එහෙමමයි ...අද එයා ලොක්කෙක් ... දරු පවුලක් සමඟින් යහපත් ජීවිතයක් ගත කරනවා ..... මේ කොළුව මගේ ප්‍රොෆයිලය වෙත යොමු කරල තිබුණෙත් මගේම තවත් සිසු දැරිවියක් එයත් ලොකු ආයතනයක ලොක්කියෙක් :) ..සමහර විට දෙන්නම මේ ලිපිය බලාවිද දන්නේ නැහැ ... එහෙම වුනොත් එදා වගේම ගොඩාක් ආදරෙන් ස්තුති කරනවා ආයෙත් මාව මගේ සුන්දර අතීතයට අරන් ගියාට ...
මේ අතීත සැමරුමත් එක්ක මගේ මතකයට නැගුණු එක්තරා සිදුවීමක් , අද දවසේ කතා බහ වන දේකටත් සමාන්තර වගේ දැනුනු නිසා , මගේම වෙනත් බ්ලොග් සටහනකට ( කාළ වේලාව මද කම නිසා අළුත් ලිපියක් එක් නොකළ :) ...... ) ලියූ ලිපියක් ඒ ලෙසින්ම මෙහි සටහන් කරනවා ... ඒ සතුටට ඔබටත් එක්වන්නට ආරාධනා කරමින් ......
--------------------------------------------------
ලිපි වර්ගය
සාමාන්‍ය ලිපි
2014/02/10
152) බටේ නොදා ඇටේ ගිලින අපේ කාළේ තාක්ෂණේ ...
![]() |
පිංතූරය ගත්තේ fastercure.org වෙතින් |
“ අනේ මාමී අදත් මගේ ලේ ගන්නවද ? ..... ලොකු සර් කීවනේ අද ගෙදර යන්න පුළුවන් කියල ...“ ..
ලිපි වර්ගය
විශේෂිත පරික්ෂණ
2014/02/09
ආදරය සුවය විඳින වැලන්ටයින්ලා
අපි ඊයේ දවසේ ගබ්සාව සහ ඒ ඔස්සේ සිදුවන සංවේදී සිදුවීමක වීඩියෝවක් නැරඹුවා ඔබට මතක ඇති . අද කතාවත් ඊට ටිකක් විතර සම්බන්ධයි , නමුත් මේ ගබ්සාක් ගැන නොවෙයි , .......
බලන්න මේ වීඩියෝව , සත්‍ය කතාවක සටහනක් වූ මෙය ඔබේ හිතට යමක් කොඳුරාවි .......
සොඳුරු සුව අසපුවේ මීළඟ සටහන තවත් සුළු මොහොතකින් මේ අන්තර්ජාල අවකාශයට මුදා හැරෙන්නට පුළුවන් ... එතෙක් , මේ වීඩියෝවට වැය කරන ඔබේ අන්තර්ජාල දත්ත පරිමාවට වඩා වටිනා මිනිස්කමේ සතුටකට එකතු වන්නට ආරාධනා ...
බලන්න මේ වීඩියෝව , සත්‍ය කතාවක සටහනක් වූ මෙය ඔබේ හිතට යමක් කොඳුරාවි .......
සොඳුරු සුව අසපුවේ මීළඟ සටහන තවත් සුළු මොහොතකින් මේ අන්තර්ජාල අවකාශයට මුදා හැරෙන්නට පුළුවන් ... එතෙක් , මේ වීඩියෝවට වැය කරන ඔබේ අන්තර්ජාල දත්ත පරිමාවට වඩා වටිනා මිනිස්කමේ සතුටකට එකතු වන්නට ආරාධනා ...
ලිපි වර්ගය
චිත්‍රපට,
සාමාන්‍ය ලිපි
2014/02/08
සීමා නැති වුනු වැලන්ටයින්ලා ...
![]() |
“රාගයෙන් මරන්නට නොව ආදරයෙන් සමරන්නට ....“ |
මෙන්න ලිංක් එක ... http://www.nursinglk.com/2012/06/106.html
නමුත් ඔබ ගබ්සාව ගැන හිතන දේ ගැන වඩාත් හොඳින් හදවතට දන්වන්නට සමත් මේ වීඩියෝව නැරඹුවොත් , ගබ්සාවේ බොහෝ දෙනෙක් නොදකින අවස්ථාවක් හඳුනාගන්නට පුළුවන් වේවි .
විනාඩි පහක් පුරා දිවෙන මේ වීඩියෝව , ඔබට සිතන්නට යමක් එක් කරාවි ...
කෙටි සටහනින් සමුගනිමි , දිගු සටහනකින් හමුවන අපේකෂාවෙන් ..
ලිපි වර්ගය
ගබ්සාව,
චිත්‍රපට,
සාමාන්‍ය ලිපි
2014/01/17
151) නින්ද නොයන සියුමැලී ..කැන්දාගෙන කම්මැලී
අද කතා කරන්න යන මාතෘකාව ටිකක් සංකීර්ණයි , මට ඔබට විතරක් නොවෙයි මේ පිළිබඳව පර්යේෂණ කරන වෛද්‍ය පර්යේෂකයන්ට පවා තවමත් හරි හැටියටම කියා ගන්න අමාරු රෝග තත්ත්වයක් , ඇත්තම කීවොත් ලෙඩ මල්ලක් (syndrome) තමයි මේ “සුවිශේෂී කම්මැලිකම“ ...තද කම්මැලි කමක් , එදිනෙදා කරන්න ඕන වැඩ ටිකවත් කරගෙන යන්න බැරි තරම් , මහන්සි , වැටුනු තැනින් නැගිට ගන්න බැරි , ඇඟ පත තලල දාල වගේ රිදෙන මේ “භයානක ලෙඩේ“ කොයි තරම් භයානකද කියනවා නම් , ලෙඩේට නම් ගොඩයි , Myelgic Encephalomyelitis , Chronic Fatigue Immune Disfunction Syndrom , Chronig Fatigue Syndrome ...ඔය වගේ එකිනෙකට ආසන්න නම් ගණනාවකට හිමිකම් කියන මේ අසාමාන්‍යතාවය ගැනයි අද කතා කරන්නේ .
ලිපි වර්ගය
Chronic Fatigue Syndrome
2014/01/14
දිලෙන තරුණ තරු ....
රියලිටි වේදිකාවන් එක්ක , එස් එම් එස් බලහත්කාරයේ බලයෙන් “බලෙන් පුළුස්සා ගෙන“ සුළු මොහොතකට එළිය දෙන ගිණි දළු අතරේ , නියම ශ්‍රී ලාංකීය තරු කිහිපයක එකමුතු කමේ සුන්දරත්වය විඳගන්නට ලැබුණා මුහුණ පොත ඔස්සේ , ඒ තරු ගැන සටහනක් ලියන්නට තරම් මා සංගීත ඥාණයෙන් පොහොසත් නැතත් , මා සවනට දැනුනු , සරළ , මිහිර ඔබටත් විඳින්නට අවස්ථාව ලබා දෙමින් මේ කෙටි සටහන නිමා කරනවා , මෙවන් දක්ෂයින්ට නිසි ඉඩක් , හොඳ හෙටක් ලැබෙන්නේ නම් කොයි තරම් සුන්දරද ? .....ඒ මේ හැකියාව තවත් හදවත් දහස් ගණනකට නිර්+ඔසු සුවයක් ලබා දෙන නිසාවෙන් ..
මේ තරුණ දරුවන් වෙත , සංගීත ක්ෂේත්‍රෙය් දිගු ගමනකට සුබ පතමින් සමුගන්නවා ,
මේ ඔවුන් ගැයූ එක් ගීතයක් ...
මේ ඔවුන්ගේ ෆේස්බුක් පිටුව , https://www.facebook.com/whistlingbirdssl
මේන්න බ්ලොග් පිටුවත් ...
http://whistlingbirdssl.blogspot.ca/
මේ තරුණ දරුවන් වෙත , සංගීත ක්ෂේත්‍රෙය් දිගු ගමනකට සුබ පතමින් සමුගන්නවා ,
මේ ඔවුන් ගැයූ එක් ගීතයක් ...
මේන්න බ්ලොග් පිටුවත් ...
http://whistlingbirdssl.blogspot.ca/
ලිපි වර්ගය
චිත්‍රපට,
සාමාන්‍ය ලිපි
Subscribe to:
Posts (Atom)