“සුබ නත්තලක් මයික් , පවුලේ හැමෝටම සුබ අළුත් අවුරුද්දක් ! නම් අපි ලබන අවුරුද්දේ ආයෙ හමුවෙමුකෝ ! “ දවසේ වැඩ කටයුතු නිමා වෙන්න සුළු මොහොතක් තියල අපෙ සේවාලාභීයෙකුගේ පවුලේ අයගේ “නත්තල් සුබ පැතුම“ බාර ගත්තා. අද ඉක්මණට ගෙදර යන්න ඕන , මොකද පොඩ්ඩන්ට හෙට ඉස්කොළෙට තෑගි හොයන්න “සාප්පු චාරිකාවේ “ යන්න තියෙනවා.
2016/12/23
208) අඩුුවට රිදෙන්න පොඩ්ඩක් දාගන්න හැටි
“සුබ නත්තලක් මයික් , පවුලේ හැමෝටම සුබ අළුත් අවුරුද්දක් ! නම් අපි ලබන අවුරුද්දේ ආයෙ හමුවෙමුකෝ ! “ දවසේ වැඩ කටයුතු නිමා වෙන්න සුළු මොහොතක් තියල අපෙ සේවාලාභීයෙකුගේ පවුලේ අයගේ “නත්තල් සුබ පැතුම“ බාර ගත්තා. අද ඉක්මණට ගෙදර යන්න ඕන , මොකද පොඩ්ඩන්ට හෙට ඉස්කොළෙට තෑගි හොයන්න “සාප්පු චාරිකාවේ “ යන්න තියෙනවා.
ලිපි වර්ගය
Alcohol
2016/12/06
207) ආදර මුහුණු හලන්නා
කළකට පස්සේ ... මේ දවස් වල මේ පැත්තට “ටිකක්“ විතර සීතලයි , සෙල්සියස් වලින් කිව්වොත් සෘණ විස්සක් විතර ! (ඒක හොඳ ටික නේද ?) හුළඟත් එක්ක ඒ සීතල තව වැඩි වෙලා ඇඟට දැනෙන්නෙ සෘණ තිහක වගේ තිීව්ර සීතළක් . සීතල කියල රාජකාරියට නොයන්නයැ. ( නිදා ගන්න නම් නියම කාළෙ , දවසේ වැඩි වෙලාවක්ම අඳුරුයි , සීතලයි)
සීතල හුළඟ එක්ක එන හිම පොද පීරගෙන රාජකාරි ස්ථානයට එත්දි (මේ ගමන ගැන පොඩි ගණිත ගැටළුක් අහන්නම් අන්තිමට) උදේ නවය වුනත් , තවමත් කළුවරයි. උදාසන මූලික කටයුතු අවසන් කරල , ගියා පොඩි වටයක් හැමදාමත් වගේම අපේ සේවාලාභීන් ටික එක්ක පොඩි කතාබහකට. මුලින්ම ගියේ “එඩී“ හමුවෙන්න . වයසින් නම් මට වඩා අවුරුදු කිහිපයක් බාල , උස මහතින් නම් “යෝදයෙක්“ සිහිගන්වන මේ තරුණයා අපේ ආයතනයට පැමිණියේ සති කිහිපයකට ඉස්සර වෙලා.අවාසනාවන්ත රිය අනතුරකින් හිස සහ සුෂූම්නාවට වුනු හානි එක්ක “ ජීවිතයත් මරණයත්“ එක්ක සටහන් කළ ඔහු දැන් “ජීවිතය එක්ක තරඟ වදින්නට සුදානම්“ වෙනදවගේම පරිගණක ගත රෝද පුටුවෙ වාඩි වෙලා , වීදුරුවෙන් එළියේ තියෙන හිම , සුළඟට විසිරෙන ලස්සන බලාගෙන පුරුද්ද අදත් එහෙමමයි.

Special Learning Disabilities
2016/10/15
206) හැම මාසෙම අතගාන්ට කොල්ලන්ගේ කඩල ඇටේ
ස්වයං පියයුරු පරික්ෂාව කුමක්දැයි ඇහුවොත් , බොහෝ දෙනෙක් ඊට පිළීතුරු දේවි. මට මේ ප්‍රශ්නයෙන් අද ලිපිය පටන් ගන්නට හිතුනේ , මුහුණූපොතේ තිබෙන , සෞඛ්‍ය ගැටළු වලට වලට පිළීතුරු දෙන එක්තරා පිටුවක “ස්වයං පියයුරු පරික්ෂාව“ පිළිබඳ ඇසූ පැනයක් සහ ඊට ලබා දී තිබූ පිළිතුරු ගැන මතකයට නැගුණූ නිසාවෙන්.කොන්දේ කැක්කුමේ සිට පවුල් උපදේශනය මෙන්ම , නිදි පෙත්තේ සිට , පොස්ටිනෝ පෙත්ත දක්වා ප්‍රශ්න සහ පිළිතුරු(වැරදි තොරතුරු) තිබුණූ මේ පිටුව තුලින් ඇති වන අවදානම පිළිබඳව මා කතා නොකරත් , එහි අවදානමක් ඇති බව කිව යුතුමය.
![]() |
හරි තැනට නොගියොත් ජීවිතේ “වරදී“ |
( පිළිතුරු ලබා දී තිබූ පුද්ගලයන්ගේ වෛද්‍ය විද්‍යාත්මක දැනුම කෙතරම් පහළක වුවත් , ඒ පිළිතුරු ඉහළින් පිළිගත් සෑහෙන පිරිසක් සිටි බව පෙනුණී , ඒ ඔස්සේ ජීවිත කෙතරම් ගණනක් අවදානමට ලක්වීණ දැයි , ලක්වේදැයි නොදනිමි.
තමන්ට ඇති වන සෞඛ්‍යමය ගැටළු වලට පිිළිතුරු ලබා ගත හැකි සහ යුතු පිළිගත ක්‍රම තිබියදි , එම ප්රශ්නය අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයක මතට යොමු කිරීමෙන් ලැබෙන පිළිතුරු “ඉහ මුදුණින්“ පිළිගැනීම , විටෙක ජීවිතය මරණීය අවදානමකට ගෙනයනවා වන්නට පුළුවනි. එවන් අවස්ථාවක , රජයේ ප්‍රධාන සෞඛ්‍ය සභාවක පිළීගැනීම සහ ලියාපදිංචිය ඇති වෘත්තීය නිළධාරියෙක් ලබා දෙන පිළීතුරක් හැර අනෙක් මාකටින් දොස්තරලා දෙන අදහස් පිළීපැදීම “විටෙක මාරාන්තික“ වීමට ඉඩ අැති බව නොකියාම බැරිය , (නමුත් අද අපේ රට මාකට් දොස්තරලා , ටීවී මනෝ වෛද්‍යවරු , සියළු ලෙඩ සුව කරන ඉසි වරු පමණක් නොව , අළි ඔළුවක් ඇදි ගණ දෙය්යන් පවා විකුණන මැජික් කාරයන්ගේ දූපත් වී අැති බව නම් පෙනේ) එසේ ඔබට අන්තර්ජාලයේම පිළිතුරු අවශ්‍ය වේ නම් ජාත්‍යන්තරව වෛද්‍ය කෂේත්රය තුල පිළීගැනීමක් ඇති , http://www.who.int , http://www.mayoclinic.com , http://www.webmd.com ,http://www.cdc.gov/ https://www.nlm.nih.gov ඒ සඳහා යොදා ගන්නේ නම් අගනේය.අද දවසේ ගූගල් පරිවර්තකය ඇති නිසා ඉංගිරිසියෙන් ඇති මෙම පිටු කියවීමට ඇති බාධාව තරමක් අඩු කරගත හැකි බව හැඟේ.

Self Tests
2016/10/06
205) නොවිසඳෙන , විෂ දෙන “සැප ගුලි“
වස්සානය ඇරඹුනා විතරයි |
ලිපි වර්ගය
Date Rape
2016/09/25
204) බිඳෙන බබාලා නොබිඳින්නට
ලිපි වර්ගය
Child Mental Health
2016/05/15
203) වටිං ගොඩිං කතා කියන පිටිං ඉඩීමා

හැම සති අන්තයක වගේම මේ සති අන්තයෙත් ටිකක් ඈත ලස්සන පරිසරයකට ගියා. ගමන ටිකක් දුර උනත් , ඒ සුන්දරත්වය නම් ඉහළයි. කෙල්ලො දෙන්නටත් ඇති කියන්න දඟලන්න පුළුවන් තැනක්. ආපු වෙලාවේ ඉඳළ දැඟලිල්ල ,
“තාත්තී , මේ trail දිගේ යමුද ? ලස්සනයි වගේ පහළට යත්දි“ පොඩ්ඩි හරි කළබළේ .
“පොඩී , තවම ඔය පාර සුද්ද කරල හදල නැහැනේ , මොක්කු ඉන්නවද දන්නෑ “ අම්මගෙන් උත්තරේ ලැබුණ.
“අනේ අපි යමු කෝ, මං ඉස්සර වෙන්නම් ,නේද අක්කේ“
ලිපි වර්ගය
Pitting edema
2016/04/25
202) “දරුවා වෙනුවෙන් ඔබට ප්‍රශ්න පත්තරයක්”

ලිපි වර්ගය
Special Learning Disabilities
2016/04/12
සුබ නව වසරක් වේවා ඔබ සැමට !
මිනිස්කමේ ගුණ සුවඳ , සිත් පුරා උතුරා යන , සුව , සතුට , සාමය සපිරි සුබ නව වසරකට ආසිරි ඔබ සැමට !
- “සොඳුරු සුව අසපුව“ වෙනුවෙන් සුබ පැතුම් ගෙන අාවේ , මහේෂ් , මනෝජා , දිනිති සමඟින් මිතිලි
- “සොඳුරු සුව අසපුව“ වෙනුවෙන් සුබ පැතුම් ගෙන අාවේ , මහේෂ් , මනෝජා , දිනිති සමඟින් මිතිලි
2016/04/03
201) සැප ලබා සැප නසා ලබන්නේ සැපයක්ද ?
මේ ලිපියේ ටිකක් සංකීර්ණ සහ අපේ රටේ පසුබිමට අනුව ටිකක් ප්රසිද්ධීයේ සාකාච්ඡා කරන්නට නොපෙලඹෙන කරුණු කිහිපයක් , ඒ එක්කම ජීව විද්‍යාත්මක කරුණූ කිහිපයක් අන්තර්ගත වන්නට පුළුවන් නිසා හුඟක්ම පුංචිම දූ පුතාල මේ ලිපියට එක් නොකර ගන්නවා නම් හොඳයි , ඒත් අවුරුදු දහ හතරක පහලොවක පුතෙක් දුවෙක් මේක බැළුව කියල කිසිම වැරැදි දැනීමක් නොඑන්නට මේ සටහන කරන්නට උත්සාහ ගන්නවා , විශේෂයෙන්ම කියන්න ඕන , මේ ලිපිය තුල යම් ලිංගික කාරණා කිහිපයක් අන්තර්ගත වුනත් ඒ “සොඳුරු සුව අසපුවට“ ලාභ ජනප්‍රියත්වයක් ලබා ගන්නට නොවෙයි , අවශ්‍යම කාරණාවක් වන නිසයි.
ලිපි වර්ගය
Induced abortion
2016/03/30
200) කෙල්ලන්ට රිදවන ජීවිතේ බිඳවන PID
![]() |
සෙනසුරාදාට දවස ගෙවන්නට |
කමක් නැහැ , ජපානේ පැත්තට වෙන්න තිබෙන රටක රැකියාව කරන්න මේ “මල්ලි“ එක්ක කාළෙකින් කතා කරන්න ලැබුණෙත් නැහැනේ.
ගියා වයිබරේට , ඒ වෙනකොටත් ඇමතුම එනවා.
“හලෝ මහේෂ් අයියා , කොහොමද ? දැන් සීතලද ඔහෙට , මෙහේ නම් ගිණි රස්නෙයි අයියා“ කතාව පටන් ගත්තා ඔහුම.
“වරදක් නැහැ මල්ලි, පහුගිය දවස් වල නම් සීතලයි දැන් නම් ටිකක් සීතල අඩුයි , අද නමයක්ද කොහෙද ? ඔය පැත්තට ගිණී රස්නෙයි කිව්වේ? , මං හිතුවේ ඔය රටවලටත් දැන් සීතලඇති කියල “
“මොන රටද අයියා , මං දැන් ලංකාවේ මාස දෙකක් වෙනව ඇවිත් , මෙහේ ඉන්න බෑ අයිය , ගිණිගන්න වගේ “
ලිපි වර්ගය
Pelvic Inflammatory Diseases
2016/03/28
ස්තුතියි ඔබ සැමට !
සිංහල බ්ලොග් අවකාශය කියන්නෙ දැන් නම් සිරි ලංකාවේ අපට ඒ තරම්ම අළුත් දෙයක් නොවෙයි. මීට අවුරුදු පහකට විතර ඉස්සර “සොඳුරු සුව අසපුව“ ආරම්භ කළ කාළේ , එය “ටිකක්“ අළුත් දෙයක් වුනා. ඇත්තම කිව්වොත් , මේ බ්ලොග් පිටුව ආරම්භ කරන්නට පවා සිත් දුන්නේ, තවත් සිංහල බ්ලොග් සටහනක් , අහම්බෙන් කියවීමෙන් ලද සතුට සහ උනන්දුව නිසා. ඒ අහම්බෙන් මුලින්ම කියවන්න ලැබුණු සිංහල බ්ලොග් සටහන වුනේ “හැක්ක්රිශ් “ නමින් ලියවුනු සටහන , අද ඒ බ්ලොග් අඩවිය ටිකක් වෙනස් වෙලා. එතැනින් සිට ආ ,“සිංහල බ්ලොග් සටහනක්“ ලිවීමේ අවශ්‍යතාවට උල්පන්දම් දෙමින්ම , මා සේවය කළ පුහුණු ආයතනයෙන් සමුගන්නා කාළයත් ඇවිත් තිබුණා. මේ සිදුවීම් දෙක නිසාවෙන් , Nursing School යන නමින් මේ පිටුව ආරම්භ වෙන්නේ දෙදහස් එකොළහේ මැයි මාසේ.
2016/03/26
199) බෙල්ල වනල අත හොල්ලන Ticකා
පහුගිය සති දෙක තුනම ටිකක් කළබලකාරී වගේම , සෞඛ්‍ය පැත්තෙන් ගත්තත් කරදරකාරී දින කිහිපයක් වුනා. ශිත සෘතුවේ අවසානය සහ වස්සානය ආරම්භය අතර කාළ සීමාව තුල හැමදාමත් මතුවන වෛරස් ආසාදන , ශ්වනස ආසාදන මෙවරත් මතුවුනා මේ ප්‍රෙද්ශ වල . මෙවර කාළගුණයේ ඇති වෙනස්කම් නිසා දෝ ( ඒ කීවේ මේ සීත සෘතුව , වෙනද තරම් සීතල නැති , ටිකක් උණුසුම් සමයක් වුනා . වෙනද උශ්නත්වය සෙල්සියස් සෘණ තිහ , හතලිහ වගේ සීමාවේ දින ගණනක් රැඳිල තිබුණත් , මේ වසරේ සෘණ තිහෙන් පහලට ගියේ දින දෙකක් විතරමයි. වැටන හිම ප්‍රමාණය පවා වෙනදට වඩා අඩු බවයි වැඩිහිටියන්ගේ අදහස) වයිරස් ආසාදන වල ප්රබලතාවත් හුඟක් වැඩි වෙලා . මේ ගම් පළාත තුල පමණක්ම , හතර පස් දෙනෙක් මිය ගියා H1N1 ආසාදනය නිසා. තවමත් බොහෝ දෙනෙක් රෝගී තත්ත්වයෙන් පීඩා විදිනව. මෙ අතරේ ඔබ දන්න හඳුනන කෙනෙකුත් අප අතරින් වෙන් වුනා. මතකද මීට පෙර ලිපියක ( “ උත්තර දෙන මුත්තරා“- ලිපි අංක 186) තුල කතා කළා ‘ලිලි ආච්චි“ ගැන . ඇය අපෙන් වෙන්වුනා මීට සති දෙකකට පෙර , ඒ H1N1 වයිරසයේ බලපෑම නිසාවෙන්. අපේ පවුලෙත් ලොකු කෙළී හැරෙන්නට අනෙක් හැමෝම සති දෙකක් පුරා වයිරසයත් එක්ක සටන් කළා. දැන් නම් සුවයි. නමුත් වයිරසය ඇති කළ බලපෑමේ “සැර“ තවම දැනෙනව ඇඟට.
ලිපි වර්ගය
Tourette Syndrome
2016/03/06
තවත් එක් නිමාවකි ...පතමි සුබ උදාවක්.
උපුටා ගැනීම ආරම්භය - සොඳුරු සුව අසපුවේ 29 වන ලිපිය
මෙම ලිපිය මගේ බ්ලොග් සටහනේ මූලික අරමුණු බිඳ නොදමනු ඇතියි විශ්වාස කරමි .. මෙම සටහනේ මූලික ඉලක්කය වනුයේ හෙට දිනයේ මගෙන්/අපෙන් වෙන්වන සිසු දරු පිරිසකි....නමුත් බ්ලොග් අවකාශයේ ඔබ සැමට මෙම සටහන විවෘතයි ..වෙසෙසින්ම මේ දරුවන්ට යම් උපදෙසක් දෙන්නට ඔබත් රිසිනම් ...
2016/03/05
වචන දහසකට වඩා වටිනාකමක් ඇති තත්පර 43ක්
චවන දහසකින් , දේශන සිය ගණනකින්, සෞඛ්‍ය අධ්‍යාපන පත්‍රිකා දහස් ගණනකින් “දැනෙන්නට“ ලබා දිය නොහැකි “යමක්“ දැනෙන්නට ලබා දුන් මේ තත්ත්පර 43 සොඳුරු සුව අසපුව තුලට එක් කරන්නෙ , යම් සුන්දර දසුනක් ලෙසම පමණි. කිසිදු දේශපාලනික මතවාද පිළිබඳව මට අගයක් නැතත්, කොන් වෙමින් තිබු “සුන්දර ළමාවියක“ , එලෙස කොන්කළ යුතු දැයි නැවත විමසා , සිතන්නට මේ තත්ත්පර 43ම ප්‍රමාණවත්යැයි සිතමි , මනසක් , මිනිසත්බවක් පමණක්ම ඇත්නම්.
නොදැනුවත්කමේ අඳුරින් වැසුනු , තවත් අහිංසකයන් පිරිසක් , තම දරුවන් රැක ගන්නටයැ කියමින් , වරදක් නොකළ , වරදක් නැති මේ අහිංසක දරුවා පෙළන්නට තවත් උත්සාහ නොකරනු ඇතැයි අපේකෂා කළත් , මිනිසත්බව ලත් , අවස්ථාවාදීන්ගේ සිත් කෙසේ හැසිරෙත්දැයි කාට කිව හැකිවේද ?
මේ දරුවා වෙත සහ එම මව වෙත මිනිසුන් ලෙස ලොවට මුසුවිය හැකි , ආර්ථික , මානසික උපදේශනමය සහ සමාජීය උපකාරයන් නිසි සංවිධානය වූ ක්‍රමවේදයක් ඔස්සේ ඉදිරි දිනෙක ඇරඹෙනු ඇතැයි බලාපොරොත්තු වන්නේ, එවන් අවස්ථාවක් වෙනුවන් කළහැකි උපකාරයක් කරන්නට සිත් දරාගෙනයි.
මගේ දරුවන් සමඟ සිටිනා , අනෙක් දරුවන් කිනම් රෝග වලින් පෙළේදැයි මම නොදනිමි , ඒඩ්ස් , හෙපටයිටිස් බී හෝ ඊටත් වඩා දරුණු අවස්ථාවක් වුව ද මිතුරා , මිතුරාමය. එය පැතිරෙන ආකාරය , එයින් ආරක්ෂා විය යුතු ආකාරයන් පිළිබඳ දැනුවත් කරන්නට නිබඳ උත්සාහ කරමි ,එමඟින් “මිතුර දම පළුදු නොකර“ , තම සෞඛ්‍ය තත්ත්වයත් රැක ගෙන ළමාවිය සුන්දරත්වය විඳින්නට අවස්ථාව ලබා දීම , මා සතුටයි.
පසුගිය දින කිහිපය පුරා ,මේ දරුවා මුහුණ දෙන , මේ මව මුහුණ දෙන “දැරිය හැකි යැයි හිතාගන්නටත්“ නොහැකි වේදනාවන් පිළිබඳ පුවත් , ලිපි වලින් හිත පුරවා සිටි අවස්ථාවක , අමාත්‍ය රංජන රාමනායක මහතා මේ සඳහා මැදිහත්වූ ආකාරය පිළිබඳ වීඩියෝවේ , මා සිත් රැඳුනු තත්ත්පර හතලිස් තුන සොඳුරු සුව අසපුවට එක්කළේ කිසිදු දේශපාලන මතයක් නිසා නොව එය මට සංවේදීව දැනුනු නිසාවෙන් පමණි. ( වීඩියෝව ලබා ගත්තේ අන්තර්ජාලය ඔස්සේ , ස්තුතියි අදාල කැමරා ශිල්පියාටත් අදාල කණ්ඩායමටත්)
ස්තුතියි ඔබට , වෙනදා මෙන් තවත් ලිපියකින් ඉක්මණින්ම හමුවෙමු.
2016/02/29
198) මැකුවොත් හිරේ දමන “අපේ මිනිස්සු“
අද වෙන කිසිවක් නොකියා කතා දෙකක්ම කියන්න හිතුන .
පළමු කතාව :
![]() |
මැකුවොත් ...... |
ලිංගාශ්‍රිතව බෝවන රෝග පිළිබඳව පාඩමක් කියල දෙන ගුරුතුමා , පාඩම අතරේ වැදගත් වචන කළුලෑල්ලේ ලියනවා , “අවදානම , ආරක්ෂාව , ලිංගික , “ ....ඔය වගේ පාඩම කරන ගමන් පොඩි වචන ලියැවෙනවා . පාඩමේ අන්තිමට කළේ ඒඩ්ස් ගැන . ඔය ටික කරත්දි ඒඩ්ස් වල ප්‍රධාන වචන කිහිපයක් මෙන්න මෙහෙම ලියවුනා “ඒඩ්ස් මාරාන්තිකයි“ . පාඩම ඉවර වුනා . ටීචර් පන්තියෙන් යන්න ගියා . පන්ති නායිකාව ඉක්මණට ඇවිත් කළුලෑල්ල මැකුවා. ඊළඟ පීරියඩ් එකට ටීචර් කෙනෙක් නැති නිසා පන්ති නායිකාව ගියා ඔෆිස් කාමරේට ලොකු සර් හම්බවෙන්න . ඒ අතරේ පන්තියේ උන්නු කොල්ලො ටික ආයෙත් බෝඩ් එකේ ලියලා “ඒඩ්ස් මාරාන්තිකයි“ කියන කොටස . මොනිටර් නෝනා ආව , දැක්ක බෝඩ් එකේ ලියපු දේ . ගත්ත හුණූ කොට්ටේ මකාගෙන ගියා තරහින්ම . ඒක මකල ගිහින් වාඩි වෙන්න වුනේ නැහැ , මෙන්න තව කොල්ලෙක් ආයෙත් “ඒඩ්ස් මාරාන්තිකයී“ ලොකුවටම ලියල . මොනිටර් කෙල්ලට තරහ ගියා , ගස්ස ගෙන ඇවිත් ආයෙත් මකල කොල්ලො රෑනට ටිකක් ඔරවලත් ගියා. ගියා කිව්වට යන්න වුනේ නැ, මේ කෙල්ලගෙ “මැකිල්ල“ටයි එරවිල්ලටයි එක්ක , වෙන කොල්ලෙක් ඇවිත් ආයෙත් මෙන්න මෙහෙම ලියල , “ඒඩ්ස් මාරාන්තිකයි , මැකුවොත් හිරේ “ . අන්තිම කෑල්ල ටිකක් තද පාටෙන්ම ලිව්වලු .
ලිපි වර්ගය
AIDS
2016/02/28
197) මුහුණුපොතෙන් ආ “ගල්කාරයා“

කෙසේ වෙතත් විවිධ අවස්ථාවන් වල ඒ මිතුර ගොනුවෙන් කිසිවෙක් ඉවත් කරන්නට වුනා වෙන්නත් , ඉදිරියේදි වෙන්නත් පුළුවන් ,නැත්නම් එවූ request එක අනුමත නොකළා වෙන්නත් පුළුවන්. නමුත් ඒ unfriend කිරීම හෝ request එක accept නොකිරීම , ජීවිතයේ පවතින මිතුරු දම් බිඳ දැමීමක් නොවන වග කියන්නටම ඕන. මක්නිසාද මුහුණූපොත යනු “ජීවිතය නොවන නිසා“ .
ලිපි වර්ගය
Hyperparathyroidism
2016/02/16
196) හද ගිණි නිවන්නාගේ අවදානම
ගැස්ට්‍රයිටිස් කියන්නෙ අද සමාජයේ , කැස්ස හෙම්බිරිස්සාව වගේම “පොදු දෙයක්“ වෙලා. ඒ නිසා හුඟ දෙනෙක් ඒ රෝග තත්ත්වය ගැන හොඳට දන්නවා. (නොදන්න කෙනෙක් ඉන්නවා නම් මෙන්න මෙතැනින් ගිහින් ගැස්ට්‍රයිටිස් ගැන කියවන්න පුළුවන්) .
මේ Gastritis සහ ඊටම සම්බන්ධ GERD උගුර- පපුව දැවිල්ල ඇතිවීම , ආමාශයික වෘණ (Gastric Ulcer) වගේ තත්ත්ව වලදි ප්‍රතිකාර සඳහා භාවිත කරන ඖෂධ අතර , අවස්ථා කිහිපයක් තිබෙනවා .
මේ Gastritis සහ ඊටම සම්බන්ධ GERD උගුර- පපුව දැවිල්ල ඇතිවීම , ආමාශයික වෘණ (Gastric Ulcer) වගේ තත්ත්ව වලදි ප්‍රතිකාර සඳහා භාවිත කරන ඖෂධ අතර , අවස්ථා කිහිපයක් තිබෙනවා .
- රෝග කාරකය බැක්ටිරියාවක් නම් (H.pylori) ඒ සඳහා ප්රතිජෛවක වර්ග
- ආමාශයේ පවතින දැඩි ආම්ලිකතාව පාලනයට , ප්රතිඅම්ල (Antacids)
- ආමාශයික යුෂයට එක්වන අම්ල ප්‍රමාණය අඩු කිරීමට යොදා ගන්න ප්රතිහිස්ටැමීන වර්ගයේ ඖෂධ (Antihistamines)
- ආමාශයික , අම්ල නිපදවීම අඩු කරනවන Proton Pump Inhibitors (PPI) ගණයෙ ඖෂධ
2016/02/14
පුද්ගලිකයි ( රහසිගතයි) - ආයෙත් ලියනවා “පුංචි හිතට“
![]() |
http://www.cyberslk.net/ |
ඒ වගේම ඔබේ පුංචි දුව , පුතා ලියන්න ආස නම් ,ලංකාවේ ඉපදුනු , ඉගෙන ගත්තු ඒත් දැන් ලංකාවෙන් අෑත රටක ඉන්න “අක්කල දෙන්නෙක් එක්ක කතා කරන්න“ , අදහස් හුවමාරු කරගන්න , එවන්න ඊමේලයක් dinithi.mithili@gmail.com ට , රට තොට ගැන ,ඉස්කොළ ගැන , විභාග ගැන වගේම තවත් පුංචි පුංචි සුන්දර දේ ඇති නොවැ ඒ පැටවුන්ටත් , ඉතින් ලියන්න දෙන්න . ඒ හැම දේකට බ්ලොග් එකේදි උත්තර දෙන්නට “දිනිතියි මිතිලියි“ සූදානමින්.

-- සුව සතුට පිරි දිනයක් ඔබ සැමට -- මම මහේෂ්
2016/02/09
195) තෙරපන විදිල්ල
තවත් අළුත් සතියක් . හැම සතියකම ලිපි කිහිපයක් පල කරන්නට දරන උත්සාහය තව දුරටත් පවත්වා ගන්නත් එක්ක අද තවත් ලිපියකට මුල පුරන්නයි උත්සාහය. හැබැයි ලිපියේ එහාට යන්නට ඉස්සර වෙලා කියන්නට ඕන , මේ ලිපියේ කියවෙන දේවල් කෙනෙක්ට අප්‍රසන්න වෙන්න පුළුවන්. ඒ නිසා “වින්දනයක්“ ලබන්න පමණක් හිතාගෙන ආව නම් මෙතැනින් එහාට කියවන එක ඒතරම්ම පලක් නැති වේවි .
එසේ නම් අද මාතෘකාව “වමනය“ .
“ඊඊඊඊයාාාාාා .... ඈෑෑෑෑයීීීයාාාාා“
එසේ නම් අද මාතෘකාව “වමනය“ .
“ඊඊඊඊයාාාාාා .... ඈෑෑෑෑයීීීයාාාාා“
![]() |
මේ Projectile vomiting වගේ |
ලිපි වර්ගය
Projectile Vomiting
2016/02/03
194) හැංගි හැංගි ලොකු වෙලා ලෙඩ දෙනවා “වම“
අද කතාවත් “හදවත“ ගැන . මේ දවස් වල වැඩියෙන්ම කතාවන , වැඩියෙන්ම “විකිණෙන“ දෙයක් නොවැ මේක. ඉතින් ඒ නිසාම මමත් අද පෝස්ට් එකට “හදවත“ම මාතෘකා කරගත්ත. ඒ වගේම ඔබ දන්නව “සොඳුරු සුව අසපුවෙන්“ වැඩි පුර දකින්නට ලැබෙන්නෙ ලෙඩ රෝග , බෙහෙත් හේත් ගැන කියලා . ඉතින් ඒ සම්මතය නොබිඳම අද අපි කතා කරන්න හදනවා තවත් එක් හදවත් රෝග තත්ත්වයක් ගැන . ඒ තමයි Left Ventricular Hypertrophy කියන තත්ත්වය . මේ ලොකු කතාවට එන්නට ඉස්සර අප පොඩ්ඩක් හෘදයේ ක්‍රියාකාරීත්වය මතක් කරගනිමුද ?
ලිපි වර්ගය
Left Ventricle Hypertrophy,
හෘද රෝග
193) “ආදරයේ කෑළි තුනම“ පරිස්සමට රැකගන්නේ
තවත් දවස කිහිපයකින් “ඉතා වැදගත් දවසක්“ එනවා , මොකක්ද ඒ ?
කෙනෙක් කියාවි “නිදහස් දිනය “ ඒ වගේම ඊට වඩා සැලසුම් සහගත විශේෂ දිනය වෙන්නේ 14 දා වැලන්ටයින් දිනය . සංස්කෘතිය , සභ්‍යත්වය එක්ක පටලවටගන කොයි තරම් කෑ මොර දුන්නත් අද වෙනකොට “වැලන්ටයින් දිනය“ අපේ රටෙත් විකිණිලා ඉවරයි .
මේ සංකර යැයි සම්මත රටවල “වැලන්ටයින් දිනය “හරිම සුන්දර විදියට සමරත්දි , ඉන්දියාව, අපේ රට , වගේ හොඳ සංස්කෘතියක් තිබුණු රටවල් එය සමරන්නෙ ටිකක් “වෙනස් විදියකටද“ කියල හිතෙනවා. කෙසේ වෙතත් , මොකක්ද ඇත්තටම වැලන්ටයින් දිනය , එය මේ රට වල සමරන විදියට , හොඳ නරක වගේම ඊට වඩා වැදගත් ඔබ ලබන “ආදරේ“ ඇත්තටම “ආදරේද“ කියල චුට්ටක් හොයල බලන්නත් හොඳ දවසක් එය .
අන්න ඒ නිසා “වැලන්ටයින් දිනේට ඉස්සර වෙලා මෙන්න මේ ප්‍රශ්න හයට උත්තර දීල බලන්න . ලකුණු 6න් 6ම ගන්න අමාරුනම් , කියවන්න මේ ලිපි දෙක , ඊට පස්සේ ආයෙත් උත්සාහ කරල බලන්න .
(වැදගත් , මේ ලිපිය “වැලන්ටයින් දිනය “වෙනුවෙන් උනන්දුවන සහ පෙර සූදානම් වන පුංචි කෙල්ලන්ට කොල්ලන්ට වඩාත් යෝග්‍යයි )
(වැදගත් , මේ ලිපිය “වැලන්ටයින් දිනය “වෙනුවෙන් උනන්දුවන සහ පෙර සූදානම් වන පුංචි කෙල්ලන්ට කොල්ලන්ට වඩාත් යෝග්‍යයි )
2) වැලන්ටයින් දිනේ , දිනා ගන්න හැටි http://www.nursinglk.com/2014/02/blog-post_13.html
මේ ප්‍රශ්න පත්තරේ යාළුවොත් එක්ක බෙදා ගන්නවා නම් මුහුණු පොත ඔස්සේ , ක්ලික් කරන්න මෙතැන https://www.facebook.com/photo.php?fbid=1225536180793431&set=gm.944755808895133&type=3
මේ ප්‍රශ්න පත්තරේ යාළුවොත් එක්ක බෙදා ගන්නවා නම් මුහුණු පොත ඔස්සේ , ක්ලික් කරන්න මෙතැන https://www.facebook.com/photo.php?fbid=1225536180793431&set=gm.944755808895133&type=3
දිග ලිපියකින් හෙට හමුවන තුරු සුබ දිනයක් ඔබට !
![]() |
පිංතූරය උඩ ක්ලික් කළොත් පැහැදිලිව කියවන්නට පුළුවන් වේවි |
2016/02/01
192) සල්ලි දීලා ගෙන්න ගන්න - බෙහෙත් නැතිව මැරෙන්න වෙන MDR
දිනය : අද
ස්ථානය : රෝහල
හමුව : ඔබත් ඔබේ වෛද්‍යවරයාත්
හේතුව : රෝහල් ගතව සිටින ඔබේ දරුවා
“අද ආපු වාර්තා සියල්ලක් අනුව තහවුරු වෙනවා , ඔබේ දරුවාට තිබෙන්නෙ එක්තරා බැක්ටීරියා ආසාදනයක් , නමුත් මෙතෙක් අප ලබා දුන් කිසිම ඖෂධයකට රෝග තත්ත්තවය අඩු නොවූ නිසා කළ වැඩි දුර පරික්ෂණ වලින් පසුව අපට දන්වලා තිබෙනවා මේ බැක්ටීරියාවට පහර දෙන්නට කිසිම බෙහෙතක් නැති බව “
“ඒ කියන්නේ ?“
“ ඒ කියන්නෙ අපට මේ දරුවගේ රෝග තත්ත්වය සුව කරන්න නම් , ඇඟේ ඉන්න මෙම බැක්ටීරියාවන් විනාශ කරල දාන්න ඕන , නමුත් අප ගාව තියෙන ප්‍රබලම ඇන්ටිබයෝටික් එක දුන්නත් , එයිනුත් මෙම බැක්ටීරියාව විනාශ කරන්න බැහැ , ඒ කියන්නේ දරුවට මේ තියෙන රෝග තත්ත්වය සුව කිරීම ගැන බලාපොරොත්තු තබා ගන්න අමාරුයි “
“ඒ කියන්නෙ මේ කැස්ස , උණෙන් දරුවගේ ජීවිතේ වුනත් ....... ?“

2016/01/30
191) වැඩිහිටියන්ට සහ දෙමාපියන්ට වඩාත් සුදුසුයි
දරුවන් විවිධ අතවරයන්ට පත්වෙන එක අද සාමාන්‍ය දෙයක් වගේ වෙලා. පත්තරයක් බැලුවොත් එවන් “ප්රවෘත්ති“ එකක් දෙකක් වත් දකින්නට ලැබෙනවා . හුඟක් වෙලාවට මේ අතවරයට ලක්වන දරුවාට කරදර කරන්නේ දන්නා හඳුනන අය .
මෙවන් ආපදා වලින් තම දරුවා රැක ගන්නට දෙමාපියන්ට ඇති වගකීම ඉහළයි . මේ ආරක්ෂාවට අදාල සියල්ල පොලිසියෙන් ඉස්කෝලෙන් වෙනකම් ඉන්න එපා . ගන්න ඔබේ දරුව ඔබ ළඟට කියා දෙන්න මේ ගැන , මෙවන් අපහසුතා වලින් රැකෙන්නෙ කොහොමද කියන එක. එය දෙමාපියන් විදියට ඔබේ වගකීම .
- වැඩිහිටියන්ට දක්වන බය ,
- නැත්නම් ගුරුවරයාට , පූජකයට දක්වන ගෞරවය ,
- ඥාතියාට මිතුරට දක්වන ලෙංගතු බව වගේම
- වෙච්ච දේ දෙමාපියන්ට කියන්නට ඇති බිය නිසාත් මෙවන් අතවර බහුලව සිදු වෙනවා.
මෙවන් ආපදා වලින් තම දරුවා රැක ගන්නට දෙමාපියන්ට ඇති වගකීම ඉහළයි . මේ ආරක්ෂාවට අදාල සියල්ල පොලිසියෙන් ඉස්කෝලෙන් වෙනකම් ඉන්න එපා . ගන්න ඔබේ දරුව ඔබ ළඟට කියා දෙන්න මේ ගැන , මෙවන් අපහසුතා වලින් රැකෙන්නෙ කොහොමද කියන එක. එය දෙමාපියන් විදියට ඔබේ වගකීම .
ලිපි වර්ගය
child abuse,
කාළීන සමාජයීය කතාබහ
2016/01/28
190) කොට නැති ඉක්මණට , කට ඇද හිනාවක්
අද දවස නම් හරිම සුන්දරයි , පහුගිය දවස් ටිකේ තිබුණු සීතල අඩු වෙලා අද සෙල්සියස් 3ක් විතර , හෙටත් හතරක් වගේ වෙනවලු , ඇඟට හරිම සනීපයි. වහල වල වසා ගෙන තිබුණූ හිම දියවෙමින් හැම ගෙදරකම පොඩි වැස්සක් වගේ . පාර වල් නම් දිය වෙන හිම එක්ක මඩ වෙලා .
දිවා විවේකය අතරේ හිතුන පොඩ්ඩක් තැපැල් කන්තෝරුව පැත්තට ගොඩ වැදිලා එන්න. (ලංකාවෙදි ගෙදරටම ගෙනත් ලියුම් දුන්නට මේරට වල ඒ උදව්ව නැහැ . ලියුම් එන්නෙ අපේ තැපැල් පෙට්ටියට නිසා එතැනට ගිහින් අපේ ලියුම් , පාර්සල් ගන්නට ඕන.) සීත සෘතුවට උණුසුම් කබාය අත්‍යවශ්‍ය අංගයක් වුනත් අද නම් මොන කබාද ? “චිරි චිරි“ ගාන හිම මඩ (Slush) උඩින් රෝද යන්නෙ පුංචි කාළේ මඩ වගුරු වල නටපු හැටි මතක් කරමින් .

2016/01/25
189) සිල් නොබිඳ Kiss බෙදන ඊ-බා

ලිපි වර්ගය
ආසාදන,
ශ්වසන පද්ධතිය
2016/01/19
188) නිකං කරල සැපක් ගන්න “රස රහසක්“
“අනේ මන්ද මෙයා , දැන් මාස පහකුත් වෙන්න ආවනේ , තවම නෑනේ හොඳ ජොබ් එකක් සෙට් වුනේ “ ටිකක් දුර ඈතක ඉන්න මිතුරියක් මනෝජත් එක්ක දුරකථනයෙන් ,
“ඔයා වොලුන්ටියර් කරනවද ? “ මනෝජ අහපු පළමු ප්රශ්නය
“ නෑ අනේ කොලේජ් එකෙන් දුන්න පැය ගණනට වඩා කරන්න ගියේ නැහැ , අනෙක් ලේසිත් නැහැ අනේ වොලුන්ටියර් කරන්න තැනක් අල්ලගන්න එක“ අපේ මිතුරින් පිළිතුරු දෙනවා .
කතාව ටික ටික ඇදෙනවා , සාරාංශය නම් ටිකක් සංකීර්ණයි, ඇය වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ පාඨමාලාවක් කරනවා ලොකු අපේක්ෂාවක් මත , නමුත් තවමත් ඊට අදාල රැකියාවක් සොය ගන්නට බැරි වෙලා .

කාළීන සමාජයීය කතාබහ,
සාමාන්‍ය ලිපි
2016/01/18
187) රන් කිරට මුසුවන වස

පවුලේ කට්ටිය දාගෙන රිය පැදෙව්වා Hershel කියන පළාතට . ඩයිනෝසර්ල(Dolichorhynchops herschelensis) හිටි ප්‍රදේශයක් ලෙසින් හඳුනගෙන තිබෙන මේ කඳුවැටි මායිම හරිම ලස්සනයි. හැබැයි දරන්න බැරි සීතලයි . ලස්සනේ බැහැ ඒත් මෙහෙම ඉන්නයැ , බැස්ස කට්ටියම , වටේ ටිකක් ඇවිද්ද, කම්මුල් පිච්චෙන සීතලක් . විනාඩි දහයකට වඩා එළියේ ඉන්න නැතිව ඇති. ආයෙත් ඔක්කොමල නංවගෙන කඳු වටේ අරන් ගිහින් ගෙදර එත්දි හවස් වෙලා . ගෙදර ඇවිත් බලත්දි හැමෝගෙම කම්මුල් , තොල් පිච්චිලා .
![]() |
එදා ඩයිනෝසර්ලගේ ගමේ අද |
ලිපි වර්ගය
ගර්භනී තත්ත්ව ආශ්රිත
2016/01/14
186) උත්තර දෙන මුත්තරා
අද පොඩි අක්කල දෙන්නට වෙනදට වැඩිය සතුටුයි . මොකද ඊයෙ රෑ පටන් ගත්තු හිම වරුසාව තව නැවතිලා නැහැ . අනෙක තෙත් හිම wet snow , කවුරුත් වගේ ආසයි තෙත් හිම වලට . තාත්ත ගේ ඉස්සරහ පාත්වේ එක සුද්ද කරනකං අක්ක දෙන්න වාහන පනගන්වල , හිම අයින් කරල , අයිස් කඩල ඔක්කොම ටික ලේස්ති කරනවා. මට දැන් ටිකක් ලේසයි ලොකු “කෙල්ලො දෙන්නෙක්ම“ ඉන්න නිසා. (ගෙදර ඉන්න “ලොකුම කෙල්ල“ උදේ පාන්දරම වැඩට යන නිසා , මේ පොඩි කෙල්ලො දෙන්න එක්ක මේ යුද්දේ කරන්න වෙන්නේ මටම තමයි)
![]() |
ඩ්‍රයිවිං වලින් හොඳම ඩ්‍රයිවිං “වින්ටර් ඩ්‍රයිවිං“ |
කෙහොම හරි වෙලාවට ඔක්කොම කරල පාසල සහ සේවා ස්ථානය බලා යන ගමන පටන් ගත්ත.
“අද නියම දවස ඉවසීම පුරුදු කරන්න නේද තාත්තේ “ ලොක්කි , පොඩ්ඩි දිහා බලන ගමන් .
“ඒ මොකද ?“ පොඩ්ඩි පැන්න මැදට
“ඇයි වාහනේ යන්නේ අපට ඕන විදියටම නෙවිනේ , ඒ නිසා වෙනදට වැඩිය කල්පනාවෙන් යන්න ඕන “ අක්කගේ විස්තර කිරීම හරි , මේ ස්නෝ තට්ටුව උඩ “කිරි කිරි “ගාමින් කරකැවෙන රෝද , කියන දේ අහන්නේම නැහැ , ස්කේටිං කරනවා වගේ තමා , හැබැයි මම ආසම ඩ්‍රයිවිං , ස්නෝ ඩ්‍රයිවිං කිව්වොත් වැරදිම නැහැ.
ලිපි වර්ගය
මුත්‍රා ආසාදන,
මුත්‍රා ගල්,
විශේෂිත පරික්ෂණ
2016/01/12
185 ) රෑට රෑට ගන්න හිතෙන “ආස“ම පෙත්ත
![]() |
ලස්සන ...................winter එක (පිංතුරයwww.wookmark.com) |
සපත්තු , සීතල කබා , හිස් වැසුම් ඉවත් කරල සැහැල්ලු වුනා විතරයි . කාමරේට ඇතුළු වෙන්න වුනෙත් නැහැ ,
ලිපි වර්ගය
Pharmaceutical,
ඖෂධ
2016/01/11
184) හද බිඳන මග ළකුණූ
අද සදුදාවක් , ලොකු ලිපියක් කියවන්නේ නැතිව විනාඩි පහක විතර පොඩි ලිපියකින් ඔබේ ජීවිතය රැක ගැනීමට වැදගත් කරුණූ 10ක් මතක් කරගනිමු . බොහෝ විට මේ කාරණා ඔබ දන්නවත් ඇති , නමුත් නැවත නැවත මතක් කර ගත යුතු කරුණු කියල හිතෙන නිසා මෙන්න මේ විදියට කියන්නම් .
ලිපි වර්ගය
නොදකින අනතුරු,
හදවත් රෝග
2016/01/09
183) නින්ද නැති රැයේ - ඔබට හොරා ඔබ වෙත එන්නා
“ලොකූ .... ලොකූ ...වෙලාව හරි , සද්ද නැතිව නැගිටල යං , ලේස්ති වෙන්න “ , අද සෙනසුරාදා ලොකූගේ ඉස්කෝලේ බාස්කට්බෝල් ටූර්නමන්ට එක. නිවාඩු දවස කියලවත් නිදා ගන්නයෑ . උදේ හතයි පනහට ඇහැරෙනවා කියන්නේ .. විශේෂෙයෙන්ම මේ වින්ටර් එකේ , සැප තමා. ඊයේ පෙරේද ඉඳළ මනෝජටත් ටිකක් හෙම්බරිසාව වගේ නිසා අපි මේ ට්‍රයි කරන්නේ එයාව ඇහැර වන්නේ නැතිව ලොක්කිව ලේස්ති කරගන්න.
ලිපි වර්ගය
නොදකින අනතුරු,
ශ්වසන පද්ධතිය
2016/01/07
182) පාර තියා යන නැව් සමඟින් සුපර් ගොනා
“පැචී , අද ස්නෝ ගොඩයි , ඉක්මණට ලෑස්ති වෙමු , “ අම්ම හදල යන උදේ කෑම එක රත් කරලා , හොඳට පිළීයෙල කරල , නංගිට හරියන විදියට සූදානම් කරන අක්ක , ඇඳටම ගිහින් නඟාවත් කැඳවගෙන එන්නෙ බොහොම ආදර හුරතල් බස් කියවමින් . අක්කට ඒ වැඩ ටික කරන්න දීල පැත්තකට වෙලා නිව්ස් බල බල ඒ සහෝදර ආදරය දකින විඳින එක මට සතුටක් , මොකද මට නොලැබුණූ ඒ සුන්දරත්වය දකින එක වෙලාවකට හිත තෙත් කරන සුන්දර අත්දැකීමක් .
දෙන්න එක්ක කෑම එක රසවිඳින ගමන් , එළියේ ස්නෝ වැටෙන හැටි බලාගෙන ඉන්න එක පුරුද්දක්. ඇත්තටම ඒක ලස්සන දසුනක් ඇසට වගේම , හිතටත්.
“කවුද අම්මද , තාත්තද බබත් එක්කද “
“නෑ අද නං තාත්ත විතරයි වගේ , සිතල නිසා බබයි අම්මයි නිදි ඇති “ තේ කෝප්පේ වීදුරුවට තද කරගෙන පොඩ්ඩි කෑගහනව .
“හ්ම් අද අඩි පාරවල හැටියටනම් තාත්ත , අපරාදේ ඊයෙ අපට අමතක වුනා නේද එයාලට කෑම දාන්න , කමක් නැහැ පදුරේ කොළ තවම තියෙනව නේ “
මේ දවස් වල සීතලත් එක්ක අවට තියෙන ගොවිබිම් වල කන්න දෙයක් නැති නිසා රෑට රෑට ගෙවල් වලට එන අමුත්තො (ඇත්තටම හිතවත්තු) කට්ටියක් , ඒ මුවන් රෑනක් . කොයි තරම් මේ කට්ටිය හඳුනනවද කිවොත් , අඩි පාරවල් කියවල මුව පවුලේ අය හඳුනගන්න තරම් අපේ අක්කයි නංගියි දන්නව දැනටමත් .
ලිපි වර්ගය
Multi Drug Resistance,
බහු ඖෂධ ප්‍රතිරෝධය
2016/01/06
181) හද බදන හොටු හදන සාර්තන් !
ටිකක් සීතල දවසක් , ඊයේ Sundogs ලා දැකපු නිසා කවුරුත් අද දවස ටිකක් දරුණු දවසක් වේවි කියල බලාගෙන ඉන්නෙ , මොකද මේ කාළගුණ දෙපාර්තමේන්තුව , මාධ්‍යයට වඩා ගමේ වයසක වැඩිහිටියෝ “ටක්කෙටම“ කාළගුණේ කියනව .
ලිපි වර්ගය
Pharmaceutical,
ඖෂධ
2016/01/05
180) මැරෙන්න පෙර Pre-Mortem කර ගන්නේ

අළුත් අවුරද්දක් , තවමත් ලියැවෙන්නේ 2015 වුනත් ඇත්තටම 2016 , එක් වෙලාවකට හිතෙනවා කාළය හරිම ඉක්මන් දෝ කියලත් , පහුගිය වසර ගෙවුනේ “හරිම ඉක්මණට“ . ටොරොන්ටෝවේ ගත කළ කාළයට සමු දීලා සස්කචුවාන් පළාතට කිලෝමීටර් 3000ක් විතර දුර ගෙවාගෙන බඩු මුුට්ටුත් කද බැද ගෙන ආවේ හරියටම මීට අවුරුද්දකට ඉස්සර වෙලා , ඒ 2014 දෙසැම්බර් 25දා . අවුරුද්දකට පස්සේ වුනත් ඒ දවස මේ අද ඊයේ වගේ මතකයි.
ලිපි වර්ගය
කාළීන සමාජයීය කතාබහ,
සාමාන්‍ය ලිපි
Subscribe to:
Posts (Atom)